බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් | Page 2 | සිළුමිණ

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්

ඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
අද දින සිට ඉදිරි දින කීපයේ දී උතුරු අක්ෂාංශ 060 ත් 160 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 830-960 අතර මධ්‍යම, ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං සහ තද වැසි ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් මෙම මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
 
මේ හේතුවෙන් මෙම මුහුදු කලාපයේ සැප්තැම්බර් 19 දින සිට 22 දින දක්වා යාත්‍රා කිරීමෙන් වැළකී සිටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාව වෙත දැනුම් දී ඇති අතර මේවන විටත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුුතු වල යෙදෙමින් සිටින යාත්‍රා හැකි ඉක්මනින් වාඩාත් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙස තවදුරටත් දැනුම් දෙනු ලැබේ.
 
එසේම ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා මීගමුව දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩි විය හැක.
 
කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල   මුහුදු රළ මීටර් 2.5 සිට 3.0 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී.
 
මෙම කලාපයේ ධිවර සහ නාවුක කටයුතු වල යෙදෙන ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබදව අවධානයෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටී.
 
මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිවේදන පිළිබදන අවධානය යොමු කරන ලෙසත් වැඩි විස්තර දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  117 දුරකථන අංකයට කථා කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Comments