තැපෑලේ ඩිජිටල් තාක්ෂණය තුළින් නව සේවා රැසක් | සිළුමිණ

තැපෑලේ ඩිජිටල් තාක්ෂණය තුළින් නව සේවා රැසක්

ඉදිරියේ දී තැපෑල තුළට ඩිජිටල් තාක්ෂණය ගෙන එමින් ඒ තුලින් නව සේවාවන් රැසක් හදුන්වා තැපැල ගොඩ නැංවීමට කටයුතු කරන බව තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසයි. 
 
ඇමතිවරයා මේ බව කියා සිටියේ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිරීක්ෂණකට සහභාගී වෙමිනි.
 
“තැපැල් සේවාව යනු ලංකාව පුරාම විහිදුන සේවා ජාලයකින් යුක්ත සේවාවන් සපයන රාජ්‍ය ආයතනයකි.වර්තමාන ලෝකයට ගැලපෙන අයුරින් මෙම සේවාවද වැඩි දියුණු කලයුතු වෙනවා.පසුගියදා රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිතුමා හමූ විටද මා තැපැල් සේවාවේ අඩුපාඩු පිලිබදවත් ජනාධිපතිතුමාව දැනුවත් කලා“ යනුවෙන් අමාත්‍යවරයා එහිදී පැවසීය. 
 
මෙම නිරීක්ෂණය සදහා අමාත්‍යාංශ ලේකම් ඒ. සේනානායක මහතා, තැපැල්පති රංජිත් ආරියරන මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

Comments