සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සුමීර අත්අඩංගුවට | සිළුමිණ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සුමීර අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුමීර මධුසංඛ කොටහේන ප්‍රදේශයේ  දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
 
කොටහේන පොලීසිය සිදුකළ විශේෂ විමර්ශනයක දී සුමීර මධුසංඛ නොහොත් සුමීර හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 200ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන්වේ.
 
ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ආමි සම්පත්ගේ ගෝලයෙකු බවට තොරතුරු හෙළිව ඇත. 
 
සැකකරු අද (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොටහේන පොලීසිය සඳහන් කළේය.

Comments