Litro වෙතින් PickMe App ඔස්සේ VISA කාඩ්පත් සඳහා වට්ටම් | සිළුමිණ

Litro වෙතින් PickMe App ඔස්සේ VISA කාඩ්පත් සඳහා වට්ටම්

මෙරට වෙළඳපොළේ LP ගෑස් ප්‍රමුඛතම සමාගම වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම, PickMe සමඟ විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. ඒ අනුව PickMe app ඔස්සේ Litro ගෑස් සිලින්ඩර් ප්‍රථම වරට මිලදී ගැනීම හෝ නැවත- පිරවීම සිදුකරන සෑම අවස්ථාවකදීම පාරිභෝගිකයන්ට රු. 250 ක වට්ටමක් හිමි වේ. මෙම දීමනාව 2020 අගෝස්තු 08 වැනි දින සිට 2020 සැප්තැම්බර් 21 දක්වා ක්‍රියාත්මක වනු ඇත. 

ශ්‍රී ලංකාවේදී නිකුත් කරන ලද සියලු‍ම VISA කාඩ්පත් (ඩෙබිට්, ක්‍රෙඩිට් හා පෙරගෙවුම් කාඩ්පත්) සඳහා මෙම දීමනාව වලංගු වේ. එය ලබාගැනීම සඳහා ප්‍රවර්ධන කේතයක් (Promo Code) භාවිත කිරීම අවශ්‍ය නොවන අතර, මිලදී ගැනීමේදී වට්ටම ස්වයංක්‍රීයවම අඩු වනු ඇත.

අනිල් කොස්වත්ත මේ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

‘PickMe සමඟ එක්වී Litro ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයන් වෙතටම ගෙනගොස් බාරදීමේ සේවාව අප ආරම්භ කළේ CoVid-19 නිසා ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේදීයි. එම සේවාව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අතිශයින් ජනප්‍රිය වුණා. මෙම දීමනා වැඩසටහනත් සමඟ පිට පළාත්වල පාරිභෝගිකයන්ද මේ විශ්වාසනීය හා පහසු සේවාව භාවිත කිරීමට යොමුවේවි කියා අප සිතනවා. දැනටමත් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ සියල්ලම පාහේ ආවරණය කිරීමට අප සමත් වී ඇති නමුත්, කිසිදු බාධාවකින් තොරව සියලු‍ම දෙනාට Litro ගෑස් සිලින්ඩර ලබාගැනීමේ හැකියාව සහතික කිරීමට අපට තවදුරටත් අවශ්‍යයි. මේ දක්වා අපට පාරිභෝගිකයන් වෙතින් මේ සඳහා ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. මේ වනවිට අප PickMe සහ ලංකා සතොස සමඟ ඇතිකරගෙන ඇති ආකාරයේ අර්ථවත් හවුල්කාරීත්වයන් තවතවත් ගොඩනංවා ගනිමින්, රටේ වැඩි දෙනෙකුට Litroගෑස් සිලින්ඩර මිලදී ගැනීමේ අවස්ථාව සලසා දෙමින්, වෙළඳපොළේ අප සතු අංක එකේ ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීම අපගේ අපේක්ෂාවයි.”

PickMe සතු තාක්ෂණය හා පහසුකම් භාවිත කිරීමෙන්, පැයක් හෝ ඊට අඩු කාලයක් ඇතුළත ගෑස් සිලින්ඩර ගෙනගොස් බාරදීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම කටයුතු කරයි. එමෙන්ම එම සමාගම, Covid-19 වසංගතය හමුවේ දිවයින පුරා ඇඳිරිනීතිය පනවන ලද අවස්ථාවේදීද, ජනතාවට බාධාවකින් තොරව LP ගෑස් ලබාගැනීමේ හැකියාව තහවුරු කිරීම සඳහා, නව තාක්ෂණික විසඳුම් ක්‍රියාවට නැංවීමට සක්‍රීය ලෙස ආයෝජන සිදුකළ ප්‍රථම ශ්‍රී ලාංකික ගෑස් සැපයුම් හා බෙදාහැරීම් සමාගමද වේ.

Comments