Huawei කුරියර් මඟින් අලුත්වැඩියා කෙරේ | Page 2 | සිළුමිණ

Huawei කුරියර් මඟින් අලුත්වැඩියා කෙරේ

Huawei විසින් සිය පරිශීලකයන්ට උසස් තාක්ෂණික අත්දැකීමක් ලබා දීමේ අරමුණින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. සතියේ ඕනෑම දිනක ලබා ගත හැකි මෙම සේවාව මඟින් පරිශීලකයන්ට සිය ජංගම දුරකථන අලුත්වැඩියා කර ගැනීමට නොමිලයේම උපාංග බාර දීම සහ නැවත පරිශීලකයා වෙත රැගෙන ගෙනවිත් දීමේ සේවා පහසුකම් සපයයි.

මෙම සේවාව මඟින් වගකීම් කාල සීමාව යටතේ ඇති උපාංග (devices under the warranty period) සඳහා නොමිලයේම අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදු කර ගැනීමේ හැකියාව පරිශීලකයන්ට හිමිවන අතර, වගකීම් කාල සීමාව අවසන් වූ උපාංගයන් සඳහා අවම පිරිවැයකින් අලුත්වැඩියා කටයුතු සිදු කර ගැනීමේ අවස්ථාව හිමි වේ.

තවද ඉතාමත් අඩු මිලකට ජංගම දුරකථන සඳහා අවශ්‍ය අමතර උපාංග මිලදී ගැනීමේ හැකියාවද මෙම සේවාව හරහා හිමි වන අතර, අලුත්වැඩියාව සඳහා ලබා දෙන දුරකථනයන්හි තත්ත්වය පිළිබඳ සේවා මධ්‍යස්ථානය විසින් පාරිභෝගිකයා නිරන්තරයෙන් දැනුවත් කරනු ඇත.

පාරිභෝගිකයින්ට අවශ්‍ය ස්ථානයකින් ජංගම උපාංග බාර දීම සඳහා 011-2423017 Huawei ඇමතුම් මධ්‍යස්ථානය අමතා මෙම සේවාව වෙත පිවිසිය හැකිය.

Comments