CDB විජයග්‍රාහී ගමනට 25 වසරක් සපිරෙයි | සිළුමිණ

CDB විජයග්‍රාහී ගමනට 25 වසරක් සපිරෙයි

මෙරට විශාලත ම සහ සාර්ථක ම බැංකු නොවන මුල්‍ය ආයතනයක්වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය නව්‍යකරණය සහ තිරසරින් පිරි ශ්‍රී ලංකාවක් බලගැන්වීම සඳහාවන සිය කැපවීමත් සමඟම පසුගියදා 25 වසරක් සැපිරුවේය. CDB ආයතනය 2019 වසරේ බිස්නස් ටුඩේ (Business Today) ප්‍රමුඛ සමාගම් 30 අතරට තේරී පත්වන්නේ, සාර්ථකත්වය සඳහා ඒ ආයතනය දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කරමිනි.

තිරසාරත්වය CDB ආයතනයේ එක් ප්‍රධානතම අංශයක් වන අතර වසර ගණනක පටන් තිරසාරත්ව සංකල්පය යටතේ විවිධ වැඩසටහන් රැසක් දියත්කරමින් ළමා සෞඛ්‍යය සහ අධ්‍යාපනය, සමාජ සවිබලගැන්වීම හා පාරිසරික ඒකාබද්ධතාව පුළුල් කිරීම සඳහා එම ආයතනය කටයුතු කර ඇත. සාම්ප්‍රදායික සමාජීය සුබසාධන කටයුතුවලින් ඔබ්බට යමින් CDB ආයතනය බිම් මට්ටමේ සිට සිය ව්‍යාපාරික ක්‍රමවේදය සැබෑ තිරසාරත්ව සංකල්පයට අනුව හැඩගස්වා ඇත. තිරසාරත්වය වෙනුවෙන් තමන් දක්වන කැපවීම නිසාම ISO 14064-1 කාබන් සත්‍යාපන සහතිකය හිමිකර ගත් දකුණු ආසියාවේ ප්‍රථම මුල්‍ය ආයතනය බවට පත්වීමට ද CDB ආයතනය සමත්විය.

එම ආයතනය දියත්කරන මෙවැනි වැඩසටහන් වෙනුවෙන් ඇගයුම් රැසකට පාත්‍ර වී ඇති අතර 2019 වසරේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරන ලද ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දසදෙනා අතරට පත්වීම ඒ අතරින් කැපී පෙනෙයි.

Comments