මහා පැර­කු­ම්බා­වන්ගේ සීත මාලි­ගයේ දී මැවෙන දෙව් ලොවක අසි­රිය | සිළුමිණ

මහා පැර­කු­ම්බා­වන්ගේ සීත මාලි­ගයේ දී මැවෙන දෙව් ලොවක අසි­රිය

මධ්‍ය­තන ලංකාවේ මහා අරු­මය මා නෙත් මානයේ ය. තව්තිසා දෙව්ලොව පිළි­බඳ විභූ­ෂිත සංක­ල්පය වියළි කලා­පයේ රළු පොළව මත ගොඩ නන්වා ශක්‍ර දේවේ­න්ද්‍රයා සේ වැඩ වාසය කළ මහා පැර­කු­ම්බා­වන්ගේ පෞරු­ෂය තව­මත් ජීව­මාන කරන පරා­ක්‍රම සමු­ද්‍රයේ සිහිල් දිය­වර තරඟ නග­මින් වෑකන්ද සිප­ගන්නා අයුරු විඳ­ගත් දෙනෙ­තින් බලා හිඳිමි. ඒ දිය දහ­රින් ආර්ද්‍ර සිහිල් සුළං රැළි රජ­රට දවන දාහය  නිවා­ලයි.  

වෑ කන්ද ඉදි­රියේ සිට බලන විට දිය­වර සීමා­වන් ඈත ක්ෂිතිජ මායිම කොළ පැහැති වන රේඛා­ව­කින් සල­කුණු වනු පෙනේ.  

“ ඒ අංගම් මැඩිල්ල කැලෑව... අර වම් පැත්තෙන් පේන්ෙන් කඳු පේළිය සුදු කන්ද කියන කඳු වැටිය....“ මා ගමන් සගයා මට බොහෝ දේ කියා දෙමින් හිඳී. වස්ග­මුව වන දහන තුළ මතු­වන සුදු කන්ද ගැන අසා ඇත්තෙමි. මගේ දකුණු පස කෙළ­වර යටත් විජිත සමයේ ඉදි­වුණු පොලො­න්න­රුව තානා­යම පෙනේ. එතැ­නින් පහ­ළට බැස සමු­ද්‍රයේ දිය­වර බෙදා හරින ඇළ මඟ තර­ණය කළ විට පුරාණ දීප උය­නට පිවි­සිය හැකිය.  

මධ්‍ය­තන රාජ­ධා­නියේ ප්‍රභාව ගැන කියන විභූ­ති­මත් රජ­ව­රුන් දෙප­ළ­වන මහා පැරු­කු­ම්බා­වන් හා නිශ්ශංක මල්ල­යන් විසින් කළ විශිෂ්ට සිහි­ව­ටන දකි­මින් ඉදි­රි­යට ගමන් කර­මින් සිටිමු. වෑකන්ද පසෙක පුරාණ නිශ්ශංක රාජ සභා මණ්ඩ­පය පෙනේ. එතැන සිට වෑ දිය­වර දෙස බැලූ විට වැව මැද පෙනෙන චතු­ර­ශ්‍රා­කාර ගොඩැල්ල කුහුල දන­වන සුලුය.  

“ ඒ තමයි පරා­ක්‍ර­ම­බාහු රජ­තු­මාගෙ ගිම්හාන මාලි­ගාව. සීත ­මා­ලි­ගාව කියලා තමයි කියන්නෙ. වතුර අඩු කාල­යට පයින් ඔතෙන්ට යන්න පුළු­වන්... දැන් නම් ඉතින් යන්න වෙන්නෙ ඔරු­වක...“  

“ ඉතින් යමුකො...“   මට කියැ­වෙන්නෙ නිතැ­තිනි.  

“ පොඩි ගානක් යයි. ඉන්න මම කතා කරලා බල­න්නම්.“ මා ගමන් සගයා අසල මසුන් සොය­මින් යන ධීවර බෝට්ටු­ව­කට හඬ ගසා විම­සනු ඇසේ. ගමන සූදා­නම්ය. කොල්ලෑව සහිත කුඩා ඔරු­වට ගොඩ වුණෙමි. මා සගයා පිටු­ප­සිනි. අතෝ­රක් නැති කතා කිය­මින් ඒ කෙටි දුර අපව රැගෙන යන ධීවර මිතු­රාට මා සවන් යොමු වන්නේ නැත. මගේ මුළු අව­ධා­න­යම නතු කර­ගෙන ඇත්තේ ඉදි­රි­ප­සින් දකින දිය දහර මැද නැගී සිටින නට­බුන් ගොඩැ­ල්ලය.  

එය මනා­කොට තහ­වුරු කළ කළු ගල් පාද­මක් මත ඉහ­ළට ඔසවා තනන ලද මන­රම් පීඨි­කා­වක ඉදිවූ මන්දි­ර­යක නට­බුන් සැකි­ල්ලකි. මනා­කොට සුමට කළ ගල් පුව­රු­ව­ලින් කළ පාදම ගොඩ­නැ­ගිල්ල ජල තලයේ මට්ට­මට ඔසවා තබයි. එම ගල් පුවරු රළ­ප­නා­වක් ලෙස යෙදවී ඇති අයුරු පෙනේ.  

ගල් පුවරු සහිත ඔසවා තැබූ පාදම මත ගඩොල් බැමි වලින් වට­කොට චතු­ර­ශ්‍රා­කාර මලු­වක් තනා තිබේ. එය මීටර පන­හක් පමණ දිග පළ­ලින් යුතුව ඇතැයි සිතේ. මන්දි­රය ඉදි­වන්නේ ඒ මලුව මතය. ගොඩ­නැ­ගිල්ල ඉදි­වන්නේ මලුවේ බිමට සාපේ­ක්ෂව මීට­ර­යක් පමණ උසිනි.  

ගොඩ­නැ­ගිල්ලේ බිත්ති­යට යාව පිය­ගැට සහිත ප්‍රවේ­ශ­ය­කින් නට­බුන් මන්දි­රය වෙත පිවි­සිය හැකිය. මන්දි­රයේ නැගෙ­න­හිර දෙසින් වූ ප්‍රවේශ දොර­ටු­වක සල­කුණු පෙනේ. එය ප්‍රධාන ප්‍රවේ­ශය ලෙස සැල­කිය හැක්කේ බට­හි­රෙන් ද කුඩා දොර­ටු­වක ‍සලකුණු පෙනෙන බැවිනි.  

ගල් පුවරු මත පා තබා මන්දිර ගොඩැ­ල්ලට ගොඩ වූ සැණින් පෙනෙන්නේ තව­මත් ශේෂ වී ඇති පුරාණ වාස්තු කර්ම­යන්හි අව­ශේෂ පෙන්වා දෙන අතීත ඉදි­කි­රී­මක කලා­ත්මක ගැඹු­රය. මේ වාස්තු ශිල්පියා මොන­ත­රම් ව්‍යක්ත නිමැ­වුම් කරු­වෙක් වන­වා­දැයි සිත­න­වා­ටත් වඩා ඔහු මොන­ත­රම් විශිෂ්ට සෞන්ද­ර්ය­වා­දි­යෙක් දැයි සිතේ.  

තව­මත් ශේෂ වී ඇති මහා පැර­කු­ම්බා­වන් සමයේ ඉදිවූ පුරාණ බිත්ති සහිත කොටස තහ­වුරු කර ඇති ආකා­ර­යෙන් මන්දි­රයේ බිම් සැලැස්ම පැහැ­දි­ලිව හඳුනා ගත හැකිය. වසර දහස් ගණ­නක් පැරණි බදාම තලයේ කොටස් ද තව­මත් නිරු­ප­ද්‍රි­තය. එම බදාම තලය වර්ණ ගැන්වූ අයුරු පෙන්වන දුඹුරු වර්ණ රේඛා­වල කොටස් ශේෂව තිබේ.  

මේ බිම් සැලැස්ම මහා පැර­කු­ම්බා­වන්ගේ රාජ­භ­වන වූ සත්බු­ඹු­පායේ අනු­රු­වක් විය නොහැ­කි­දැයි සිතෙන තර­මට සාම්‍ය­යක් පෙනේ. උස් පටු කුටි, උස් ජනෙල් කවුළු සහිත මේ වාස්තු විද්‍යා­ත්මක සැල­සුම මොන­ත­රම් අපූරු දැයි සිතෙන්නේ ඒ පටු කවු­ළු­වක් අස­ලින් හිඳ ගත් පසුය. ඒ මොහොතේ දකින්නේ ඇස් මට්ට­මින් දිවෙන පාරා­ක්‍රම සමු­ද්‍රයේ දැවැන්ත දිය තලය ය.  

මේ මන්දි­රය පූර්ණව පැවති සමයේ කවු­ළු­ව­කින් මේ දිය­ත­ලය දෙස බලා­හුන් මහා පැර­කු­ම්බා­වන් පත් ආන­න්ද­යෙන් එක් අංශු­වක් විඳි­මින් හිඳිමි. ඒ චිත්ත රූප තුළ සැරි සැරීම අපූර්ව චම­ත්කා­ර­යක් උප­ද­වයි.   

මේ චම­ත්කා­රය විඳිය හැකි අය පම­ණක් මේ බිමට පැමි­ණිය යුතු යැයි සිතේ. එසේ සිත­න්නට අප පොල­ඹ­වන්නේ විටින් විට මේ පුරාණ ස්මාර­ක­යට සිදු වූ බව පෙනෙන ව්‍යස­න­යන්හි ප්‍රමා­ණය නිසාය.  

අසං­වේදී මිනිස්සු මීට වසර කිහි­ප­ය­කට පෙර පැවති නියං සම­යක දී මේ නට­බුන් අතර වැවී වියළී ගිය තෘණ පඳු­රු­ව­ලට ගිනි තබා මහා ව්‍යස­න­යක් කළහ. ඒ ගිනි රස්න­යට නට­බු­න්වල තිබූ පුරාණ බදාම තල පිපිරී ගිය අයුරු වාර්තා විය. තවත් වරෙක නිදන් හා­රන්නෝ මේ නට­බුන් ගොඩැල්ලේ තැන තැන කැණ ව්‍යස­න­යට ලක් කළෝය.  

ඊටත් වඩා විශා­ලම හානිය සිදු­කර තිබුණේ තමන් පැමිණ සිටින්නේ කොතැ­න­ට­දැයි නොදත් මිනි­සුන් පිරි­සකි. ඔවුන් මේ පුරාණ බදාම තල මත ලැකර් භාවිත කර සිතු­වම් ඇඳ තිබිණි. වින්ද­නය කළ හැකි අසී­මිත අව­කා­ශ­යක් තුළ මෙවැනි ව්‍යස­න­යන් කිරී­මට සිත් වදින්නේ කෙසේ දැයි නොහැඟේ.  

“ යමු නේද... අපේ ධීවර මිත්‍ර­යට පරක්කු වෙනවා...“  

මගේ ගමන් සගයා මා අම­තයි. දැන් යායු­තුව ඇත. නැව­තත් පරා­ක්‍රම සමු­ද්‍රයේ සොඳුරු දිය තලය දෙස බලමි. එය රන්වන් පැහැ­යෙන් බැබ­ළෙ­මින් ඇත. සිය­වස් ගණ­නා­ව­කට පෙර මැවුණා සේම මැවෙන ඒ අසි­රි­මත් දැකු­මින් නෙත් මුදා­ගෙන කුඩා ඔරු­වට ගොඩ­වෙමි.   සිඟිති පෙණ බුබුළු මතු­ක­ර­මින් හබ­ලින් දිය දහර බිඳෙන හඬ දැන් අප සන­සනු ඇත 

Comments