හෙද විදුහලේ හෙද සිසුන්ට හිස් වැසුම් පැලඳවීමේ උලෙළ අගමැති ප්‍රධානත්වයෙන් | සිළුමිණ

හෙද විදුහලේ හෙද සිසුන්ට හිස් වැසුම් පැලඳවීමේ උලෙළ අගමැති ප්‍රධානත්වයෙන්

කොළඹ හෙද විදුහලේ හෙද සිසුන් 298 දෙනකු සේවයට කැපවීම සහ හිස් වැසුම් පැලඳවීමේ උලෙළ අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 11 සිකුරාදා පැවැත්විණි. රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට රජය කැපවන බව අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය. මේ එහිදී නවක හෙදියන්ට හිස් වැසුම් පැලඳ වූ ආකාරයයි. මෙම අවස්ථාවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, සෞඛ්‍ය ඇමැතිනී නිතීඥ පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තෙ, අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ කොළඹ හෙද විදුහල්පති එස්.ඩබ්ලිව්. පියසේන යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Comments