ගොවීන් ලක්ෂ 21කට කෝටි 7000ක පොහොර සහනාධාර | Page 2 | සිළුමිණ

ගොවීන් ලක්ෂ 21කට කෝටි 7000ක පොහොර සහනාධාර

මෙවර මහකන්නය සඳහා වී ගොවීන් ලක්ෂ 9 කට සහ වැවිලි බෝග ගොවීන් ලක්ෂ 12කට පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ ලබන මස සිට ආරම්භ කරන බව පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල සිළුමිණට ඊයේ ප්‍රකාශ කළේය. ඒ අනුව ලක්ෂ 9ක් වූ සියලු වී ගොවීන්ට අවශ්‍ය පොහොර සියල්ල නොමිලේ ලබාදෙන බවත් වැවිලි වගාවලට හා එළවළු වගාවන්ට අවශ්‍ය පොහොර හොන්ඩරයක් රුපියල් 1500 බැගින් ලබාදෙනු ඇත.

මේ වසරේ පොහොර ඉල්ලුම වැඩි වීම නිසා රුපියල් කෝටි 7000 ක මුදලක් මෙවර පොහොර සහනාධාරය සඳහා රජය වැය කරනු ඇත.

ඒ අනුව හෙක්ටයාර් ‍2ක් වවන වී ගොවියෙකුට වසරකට රුපියල් 84,000 ක් වටින පොහොර නොමිලේ ලබාදෙනු ලැබේ.

වැවිලි වගාවල හෙක්ටයාර් 2ක් වවන පුද්ගලයකු සඳහා වසරකට රුපියල් 15,000ත් 20,000ත් අතර පොහොර සහනාධාරයත් හිමිවනු ඇත.

පසුගිය වසරට වඩා මේ වස‍‍රේ පොහොර ඉල්ලුම 50%ක් වැඩිවී ඇතැයි පවසන පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා පසුගිය යහපාලන සමයේ රජයේ පොහොර සමාගම්වලට ගෙවීමට තිබූ ණය 90% ක් පමණ ගෙවීමට වත්මන් රජය පියවර ගෙන ඇතැයිද කියා සිටියේය.

 

Comments