එජාප නායකත්වයට කරු - රුවන් තරගයක් | සිළුමිණ

එජාප නායකත්වයට කරු - රුවන් තරගයක්

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සම්බන්ධයෙන් පාර්ශ්වයන් දෙකක් තරග වදින බවට පක්ෂයේ අභ්‍යන්තර තොරතුරුවලින් අනාවරණය වේ.

හිටපු කථානායකවරයකු වන කරු ජයසූරිය මහතා සහ හිටපු ඇමැතිවරයකු වන රුවන් විජයවර්ධන මහතා අතර නව නායකත්වය වෙනුවෙන් කණ්ඩායම් දෙකක් ලෙස තරග කරන අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක්ම මෙම පාර්ශ්වයන් දෙකට සම්බන්ධ වී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු ‘සිළුමිණ’ ට පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව අවසන් තීන්දුව හෙට (14) ගැනීමට එම පක්ෂය බලාපොරොත්තු වන බව පැවසේ. මේ වනවිට මෙම පාර්ශ්වයන් දෙක අතර සාකච්ඡා වට කිහිපයක් ම පවත්වා ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Comments