නිශානි දිසානායකගේ 19 වැනි යොවුන් නවකතාව ‘සුදු සපත්තු’ | Page 2 | සිළුමිණ

නිශානි දිසානායකගේ 19 වැනි යොවුන් නවකතාව ‘සුදු සපත්තු’

ප්‍රවීණ මාධ්‍යවේදිනී නිශානි දිසානායක විසින් රචිත ‘සුදු සපත්තු’ නවතම යොවුන් නවකතාව පසුගියදා ප්‍රකාශයට පත් විය. නොයෙල් ස්ට්‍රෙට් ෆීල්ඩ් විසින් රචිත, බ්‍රිතාන්‍ය විසින් පිරිනමන කණාගී සම්මානයෙන්ද පිදුම් ලැබූ "white boots" ඇසුරින් පරිවර්තනය කරන ලද මෙම යොවුන් නවකතාව කතුවරියගේ 19 වැනි යොවුන් නවකතාවයි. කුඩා දැරියන් දෙදෙනකු හා සම්බන්ධ කතාවක් වන එහි කතා නායිකාව වන දැරිය අසනීපයකින් පෙළෙන අතර මවුපියන් අහිමි ඇය රැකබලා ගන්නේ නැන්දනිය විසිනි.

ලේඛිකාව විසින් මීට පෙර රචනා කරන ලද කෘතීන් සියල්ලම පාහේ යොවුන් නවකතා වන අතර ඒ අතර ඉන්දියානු හා වෙනත් ජාතීන්වල කෙටිකතා ඇතුළත් ‘අම්මාගේ ආදරය’ නම් කෙටිකතා සංග්‍රහයට ඉහළ අලෙවියක් ලැබිණ. කතුවරිය විසින් පරිවර්තනය කළ විසිවැනි නවකතාව ඇය මීට පෙර රචනා කළ යොවුන් නවකතාවලට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. එය වැඩිහිටි පරපුර වෙනුවෙන් ලියන ලද්දකි. මේ වන විට මෙරට මෙවැනි පරිවර්තන කෘතීන් වැඩි වශයෙන් ප්‍රකාශයට පත්වන බවත් ඒ සඳහා ඉහළ වටිනාකමක් තිබෙන බවත් කතුවරිය සඳහන් කළාය.

 රජිත බස්නායක

Comments