LPL ක්‍රිකට් තරගාවලිය විදෙස් ක්‍රීඩකයෝ 190ක් පෝලීමේ | සිළුමිණ

LPL ක්‍රිකට් තරගාවලිය විදෙස් ක්‍රීඩකයෝ 190ක් පෝලීමේ

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) සඳහා නව දිනයන් ප්‍රකාශයට පත් කර ඇති අතර එය නොවැම්බර් 14 සිට දෙසැම්බර් 6 දක්වා පැවැත්වීමට නියමිතය.කෙසේ වෙතත්, ක්‍රීඩකයන්, නිලධාරීන් සහ විකාශන කාර්ය මණ්ඩලය සඳහා කෙටි නිරෝධායන කාලයක් සඳහා රජයේ අනුමැතිය තවමත් ලබාගෙන නොමැත. එල්පීඑල් කල්දැමීමට හේතු වුයේ මෙම බාධකය නිසා මුලින් අගෝස්තු මස අග දී ආරම්භ කිරීමට නියමිතව තිබුණි. මෙම තරගාවලිය සඳහා මෙරටට පැමිණෙන අය සඳහා නිරෝධායන කාලය වර්තමාන දින 14 සිට දින හතක් දක්වා අඩු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නවතම සැලසුම්වලට අනුව තරගවලිය සූරියවැව, පල්ලෙකැලේ සහ දඔුල්ල යන ස්ථාන තුනකදීත්, අවසන් පූර්ව වටය හා අවසන් තරගය පල්ලෙකැලේ දී පැවැත්වේ. ඛෙත්තාරාම ක්‍රීඩාංගණය තවමත් ප්‍රතිසංස්කරණය වෙමින් පවතින බැවින් කොළඹ කිසිදු තරගයක් නොපැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන කාලසටහනට අනුව එල්පීඑල් තරග 23 ක් පැවැත්වෙන අතර, යාවත්කාලීන කරන ලද කාලසටහනෙන් අනුව තරගාවලියට ඊසානදිග මෝසම සමඟ ක්‍රිඩාංගණ තුනටම සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.නමුත් තරගාවලියට වර්ෂාවෙන් බාධා ඇතිවනු ඇතැයි සිතිය හැකි වුවද, මෑත වසරවල දී, මෙම කාලය තුළ සාර්ථක ක්‍රිකට් තරග පැවැත්වීමට හැකි වී තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් 190 දෙනකු කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. මේ අනුව එම ක්‍රීඩකයන් අතර ලොව අංක එකේ ක්‍රීඩකයන්ද සිටින බවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඉන් ක්‍රීඩකයින් 30 දෙනකු පමණක් තොරා ගැනීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් තරග වැදීමට නියමිතය. ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් එක් කණ්ඩායමකට විදේස් ක්‍රීඩකයන් 6 දෙනකු පමණක් ඇතුළත් විය යුතු අතර එක් අවස්ථාවක දී ඉන් ක්‍රීඩා කිරීමට හැකියාව අැත්තේ ක්‍රීඩකයින් 4 දෙනකුට පමණකි.

කෙසේ වෙතත් මේ වන විට එල්පීඑල් ක්‍රීඩා කිරීමට විදෙස් ක්‍රීඩකයන් 190ක් පමණ කැමත්ත ප්‍රකාශ කර ඇති බවත් ඉන් 30 දෙනකු පමණක් තෝරාගෙන මෙම මස අග වෙද් දී අදාළ ක්‍රීඩකයන්ගේ නම් වෙන්දේසිය සඳහා ප්‍රසිද්ධ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි

කණ්ඩායම් 5ක් එක්වන තරගාවලිය දින 15ක කාලයක් පැවැත්වෙන තරගාවලියට තරග 23ක් ඇතුළත් වෙයි. මේ තරගාවලිය කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම සඳහා අයිපීජී (IPG) හෙවත් එනවේටිව් ප්‍රඩක්ෂන් ගෲප් ආයතනය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුමකට එළැඹ සිටීයි.

කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක 5 කේන්ද්‍ර කර ගනිමින් නම් කොට තිබෙන කණ්ඩායම් 5 සියලු තරග රංගිරි දඹුල්ල, හම්බන්තොට සුරියවැව සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයන්හි දී පැවැත්වීමට නියමිතය.

මේ අතර එල්පීඑල් තරගාවලියේ නම් කරන ලද පළමු කණ්ඩායම වන ගෝල් ග්ලැඩියේට්ර් කණ්ඩායම නිල වශයෙන් පසුගිය 02 වැනිදා පාකිස්තානයේ දී එළි දැක්වීය. මෙහිදි ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා ලෙස පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩ් නම් කර තිබේ. එම කණ්ඩායමේ හිමිකාරීත්වය නදීම් ඔමාර් විසින් දරන අතර මොයින් ඛාන් ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරයි.

Comments