ජාතික බුද්ධි ප්‍රධානීයාගෙන් තෙවන වරටත් සාක්ෂි විමසයි | සිළුමිණ

ජාතික බුද්ධි ප්‍රධානීයාගෙන් තෙවන වරටත් සාක්ෂි විමසයි

ත්‍රස්තවාදී කටයුතු වැළැක්වීම සඳහාම විශේෂයෙන් ස්ථාපිත කරන ලද පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, සහරාන් හෂීම් අත්අඩංගුවට ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වු බවක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන තුරුම ඔවුන් එසේ කිරීමට අසමත් වු බවත් හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා අද (10) පාස්කු ප්‍රහාරය සොයා බැලීමට පත් කළ  ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළේය.
 
විටින් විට සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්  සමාජ මාධ්‍ය හරහා සිදු කළ ක්‍රියාවන් සම්බන්ධයෙන් දැනුවත් වී සිටියදී පියවර නොගත්තේ මන්දැයි රජයේ ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජෙනරාල් වරිය සිසිර මෙන්ඩිස් මහතාගෙන් ප්‍රශ්න කළ අතර සහරාන්ව අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා සිටි බවත් ඔවුන් එසේ නොකළ බවත් ඒ මහතා කියා සිටියේය.
 
සහරාන්ට අදාළව සිදු කරන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවට තමන් දැනුවත්ව සිටියේ ද යන්න නිතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ප්‍රශ්න කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය අසා සිටි අතර තමන් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් වී නොසිටි බව ඒ මහතා කියා සිටියේය.
 
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වු අවස්ථාවේ මෙරට ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ජනාධිපති කොමිසම හමුවේ අද  තෙවන දිනටත් සාක්ෂි ලබාදුන් අවස්ථාවේ දී මේ බව කියා සිටියේය
 
සුභාෂිණී සේනානායක

Comments