සිලෝන් ටීවල දසාව හොඳ කළ තේ වෙන්දේ­සිය | සිළුමිණ

සිලෝන් ටීවල දසාව හොඳ කළ තේ වෙන්දේ­සිය

සිලෝන් ටී ගැන කියු විට ලෝකයේ නොදන්නා රටක් නොමැති තරම් ය. කොටින්ම කිව­හොත් සිලෝන් ටිවල රස­යට විදේ­ශි­ක­යන් වහ වැටුණේ අතී­තයේ සිටම ය. අපේ රටේ තේවල රසය, ප්‍රමි­තිය මෙන්ම ගුණා­ත්මක බව නිසාම තේ සඳහා වර්ත­මා­න­යේද ඇත්තේ ඉහළ ඉල්ලු­මකි. තේ දලු කිලෝ­වක් සඳ­හාද වෙනත් කිසිදු කාල­යක නොලැබු මිලක් තේ වතු­හි­මි­යන්ට ලැබි ඇත. එප­ම­ණක් නොව ලංකා තේ වෙන්දේ­සි­යේදී ඉහළ මිල ගණ­න්ව­ලට අලෙවි වන්නේය. කොටින්ම කිව­හොත් තේ කර්මා­න්ත­යට හිමිවි ඇත්තේ හොඳ කළ දසා­වකි. අපි මේ කිය­න්නට යන්නේ සිලොන් ටී නාමය ලෝකයා ඉදි­රියේ බැබ­ළ­වීම සඳහා කට­යුතු කරන තේ කම්හල් හිමි­යකු ගැනය. ඔහු අනුර අතු­කෝ­රල ය. අනුර අතු­කෝ­රල පිටි­ගල අතු­කෝ­රල සමුහ ව්‍යාපා­ර­යට අයත් අතු­කෝ­රල තේ කර්මාන්ත ශාලාවේ කළ­ම­නා­ක­රණ අධ්‍ය­ක්ෂ­ව­ර­යාය.

අගෝස්තු මස 26 වැනි දින කොළඹ පැවති තේ වෙන්දේ­සි­යේදී අතු­කෝ­රල ගෘප් සුපර් වෙළෙඳ නාමය යටතේ OPA තේ කිලෝ­වක් සඳහා රුපි­යල් 920ක උප­රිම මිලක් වාර්තා කිරී­මට අතු­කෝ­රල තේ කාර්මාන්ත ශාලා­වට හැකි­විය.

ප්‍රමි­ති­යෙන් හා ගුණා­ත්මක බවින් යුතු තේ නිෂ්පා­ද­නය කිරීම සම්බ­න්ධ­යෙන් අතු­කෝ­රල තේ කර්මාන්ත ශාලාව සඳහා සුවි­ශේෂි සම්මාන රැසක් හිමිවි ඇත. එප­ම­ණක් නොව ජාත්‍ය­න්තර තේ අලෙ­වියේ ජය­ග්‍ර­හණ රැසක්ද හිමි­ක­ර­ගෙන ඇත. අයි.එස්. ඕ. 22000,2005 එච්.ඒ.සී.සී.පි යන ජාත්‍ය­න්තර තත්ත්ව සහ­ති­ක­යන්ට අනු­කූ­ලව පව­ත්වා­ගෙන යන මෙම තේ කර්මාන්ත ශාලාවේ තේ වර්ග ගණ­නා­වක් නිෂ්පා­ද­නය කරනු ලබයි.

කළ­ම­නා­ක­රණ අධ්‍ය­ක්ෂ­
අනුර අතු­කෝ­රල

මෙරට පහ­ත­රට තේ නිෂ්පා­ද­න­යෙන් සිය­යට 40ක් පමණ නිෂ්පා­ද­නය කරනු ලබන්නේ OPA ශ්‍රේණියේ තේ ය. මේ නිසා මෙකී තේ කිලෝ­වක් සඳහා තේ වෙන්දේ­සි­යේදී උප­රිම මිලක් ලැබීම පහ­ත­රට තේ නිෂ්පා­ද­ක­යන් ලැබු ජය­ග්‍ර­හ­ණ­යකි. එමෙන්ම මෙය රටේ විදේශ විනි­මය වැඩි­වී­ම­ටද හේතු­වකි. පසු­ගිය කාලයේ OPA ශ්‍රේණියේ තේ කිලෝ­වක් සඳහා තේ වෙන්දේ­සි­යේදී ලබා ගැනී­මට හැකි වූයේ රුපි­යල් 500ක 600ක මුද­ලකි. එහෙත් අනුර අතු­කෝ­රල වැනි තේ කම්හල් හිමි­යන් නිසා මෙකී තේ වර්ග­යට තේ වෙන්දේ­සි­යේදී උප­රිම මිලක් ලැබී ඇත. එය අහඹු සිදු­වී­මක්ද නොවේ.

නිය­මිත ප්‍රමි­තිය හා ගුණා­ත්මක බවින් යුතුව තේ නිෂ්පා­ද­නය කිරීම ඊට හේතු­වයි.

අනුර අතු­කෝ­රල මහතා සිය නිෂ්පා­දන කට­යුතු කර­ගෙන යන්නේ තේ ටුව­රි­සම් නැමති සංක­ල්පය යට­තේය. කොටින්ම කිව­හොත් අතු­කෝ­රල තේ කර්මාන්ත ශාලාව තේ සම්බන්ධ විවිධ පර්යේ­ෂ­ණය කරන පුද්ග­ල­යන්ට විශ්ව­වි­ද්‍යා­ල­යක් වැනිය. මෙකී තේ කම්හල් පරි­ශ්‍රය තේ පැළ තවා­නක්, තේ වත්තක්, තේ කර්මා­න්ත­ශා­ලා­වක් හා තේ අලෙවි මධ්‍ය­ස්ථා­න­ය­කින් සම­න්විත වේ.

තේ අලෙවි මධ්‍ය­ස්ථා­නය විදේ­ශීය සංචා­ර­ක­යන්ගේ ආක­ර්ෂ­ණය දිනා­ගත් ස්ථාන­යකි. කොරෝනා වසං­ග­ත­යට පෙර එනම් මෙකී වර්ෂයේ මාර්තු 17 වැනි දින වන­තෙක්ම විදේ­ශීය සංචා­ර­ක­යන් පිටි­ගල පිහිටි මෙකී තේ අලෙවි මධ්‍ය­ස්ථා­නය වෙත පැමි­ණි­යහ. විශේ­ෂ­යෙන්ම අතු­කෝ­රල තේ කම්හලේ තේ නිෂ්පා­ද­න­වල ප්‍රමි­තිය මෙන්ම අගය එක­තු­කළ තේ වෙන්දේ­සිය තේ නිෂ්පා­දන නිසා උප­රිම මිලක් ලැබි ඇත.

අතු­කෝ­රල තේ කර්මාන්ත ශාලාවේ කළ­ම­නා­ක­රණ අධ්‍ය­ක්ෂක අනුර අතු­කෝ­රල මහතා ඒ පිළි­බඳ මෙසේ අද­හස් දැක්වීය.

“තේ නිෂ්පා­ද­නය සඳහා අපි යොදා ගන්නේ ගුණා­ත්මක බවින් උසස් අමු තේ දලු. අපේ වතු­ව­ලින් සිය­යට 20ක් විතර අමු තේ දලු සපයා ගන්නවා. ඉතිරි සිය­යට 80 පිටි­ගල අවට පෞද්ග­ලික වතු­ව­ලින් සපයා ගන්නවා. අපේ කම්හ­ලට තේ දලු සප­යන පුද්ග­ල­යන් 1200ක් විතර ඉන්නවා. තේව­ලට දැන් හොඳ ඉල්ලු­මක් ඇති­වෙලා තියෙ­නවා. පසු­ගිය කාලයේ නොයෙ­කුත් හේතු නිසා සිලොන් ටී නාම­යට කැළ­ලක් ඇති­වෙලා තිබුණා. නමුත් මගේ බලා­පො­රො­ත්තුව වුණේ තේ නිෂ්පා­ද­න­යේදී ප්‍රමි­තිය වැඩි දියුණු කර­ගැ­නී­මයි. එහිදී විශේ­ෂ­යෙන් අගය එක­තු­කළ තේ නිෂ්පා­ද­නය කිරීම සඳහා කුරුඳු

ඉඟුරු, දොඩම් ආදිය අපේ වතු­වල වගා කර­නවා. ඒ නිසා ඒවායේ ප්‍රමි­තිය ගැන ගැට­ලු­වක් නැහැ. කාබ­නික තේ, නිෂ්පා­ද­නය කර­නවා. තේවල ප්‍රමි­තිය හා ගුණා­ත්මක භාවය තමයි තේ වෙන්දේ­සි­යේදී ගැනු­ම්ක­රු­වන් සලකා බලන්නේ. ඒ නිසා තමයි මෙවර තේ වෙන්දෙ­්සි­යේදී OPA ශ්‍රේණියේ තේ වර්ගය සඳහා උප­රිම මිලක් ලැබුණේ”

තේ මිල වැඩි වීම සඳහා කොරෝනා සමයේ හඳුන්වා දුන් ඔන්ල­යින් තේ වෙන්දේ­සි­යද රුකු­ලක් වී තිබේ. මේ නිසා විදේ­ශි­ක­යන්ට පවා තේ මිලදී ගැනී­මට හැකිවී ඇත.

පහත රට තේ කම්හල් හිමි­යන් විසින් ග්‍රේණි 18කට අයත් තේ නිෂ්පා­ද­නය කරනු ලබන අතර අතු­කෝ­රල තේ කර්මාන්ත ශාලාව මඟින් මාස­ය­කට තේ කිලෝ 50000ක් 60000ක් නිෂ්පා­ද­නය කරයි. අනුර අතු­කෝ­රල තේ කර්මා­න්ත­යට යොමු වී ඇත්තේ රබර් වගාව අත්හැ­රී­මෙනි. ඒ ගැන ඔහු මෙසේ කීවේය.

“ ඒ කාලයේ අපි රබර් වගාව තමයි කළේ. රබර් මිල අඩු­වී­මත් සමඟ මේ ප්‍රදේ­ශයේ ගොඩක් අය රබර් ගල­වලා තේ වගාව සඳහා යොමු වුණා. මීට වසර 30කට කලින් තමයි නවීන පන්නයේ තේ කර්මා­න්ත­ශා­ලා­වක් අපි පිටි­ගල ආරම්භ කළේ. ඒක තමයි අපේ ව්‍යාපා­ර­වල හැර­වුම් ලක්ෂය වුණේ. මගේ තාත්තා ඩී. ඩබ්ලිව් අතු­කෝ­රල. තාත්තා සහ මම එක­තු­වෙලා තේ කර්මා­න්ත­ශා­ලව ආරම්භ කළා. මීට වසර 09කට පෙර තාත්තා අභා­ව­ප්‍රාප්ත වුණා. මට අවශ්‍ය වුණේ අපේ කම්හලේ තේ නිෂ්පා­දන ජාත්‍ය­න්ත­ර­යට ගෙනි­ය­න්නයි. අපේ තේවල රසය ලෝකයා ඉදි­රි­යට ගෙනි­ය­න්නයි. ඒ වෙනු­වෙන් මම කැප වුණා. පසුව අපේ තේ නිෂ්පා­දන සෘජුව අප සමා­ගම විසින්ම අප­න­ය­නය කිරී­මට කට­යුතු කළා. දැනට අප කම්හලේ තේ නිෂ්පා­දන චෙක් ජන­ර­ජය, මැලේ­සි­යාව, චීනය, ජපා­නය යන රට­ව­ල්ව­ලට අප­න­ය­නය කර­නවා. අගය එකතු කළ තේ වර්ග සඳහා හොඳ මිලක් මෙන්ම ඉල්ලු­මක්ද තියෙ­නවා. ඒ විත­රක් නෙවෙයි අපේ තේ අලෙවි මධ්‍ය­ස්ථා­න­යට පැමි­ණෙන විදේ­ශි­ක­යන් සිය රට­ව­ලට ගොස් ඔන්ල­යින් මඟින් අපේ තේ නිෂ්පා­දන මිලදී ගැනි­මට කට­යුතු කර­නවා ”

අතු­කෝ­රල තේ කර්මාන්ත ශාලාව ඔවුන්ගේ තේ නිෂ්පා­දන වෙනු­වෙන් ලබා තිබෙන විවිධ තත්ත්ව සම්මාන සහ සහ­ති­ක­ව­ලට එම තේ ප්‍රමි­ති­යෙන් හා උසස් ගුණා­ත්මක බවෙන් යුතු වීමයි.

ශ්‍රී ලංකා තේ මණ්ඩ­ලය මඟින් ලබා දෙන C.Q.C. තනි තරුව තත්ත්ව සහ­ති­කය, මතු­ගම කලා­පයේ හොඳම තේ කර්මාන්ත ශාලාව, දකුණු පළාතේ විශාල ව්‍යාපාර අංශයේ රන් සම්මා­නය, ජාතික මට්ටමේ නිෂ්පා­දන සඳහා ලෝකඩ හා කුස­ලතා සම්මාන, ජාතික පල­දා­යිතා විශේෂ කුස­ලතා සම්මා­නය, කම්කරු දෙපා­ර්ත­මේ­න්තුවේ සමාජ කථි­කා­වත විශි­ෂ්ටතා රන් සම්මා­නය යන සම්මාන හා තත්ත්ව සහ­තික අතු­කෝ­රල තේ කර්මාන්ත ශාලාව වෙත පසු­ගිය කාල­යේදී හිමි විය. එප­ම­ණක් නොව මෙකී තේ කර්මාන්ත ශාලාව ගාල්ල දිස්ත්‍රි­ක්කයේ ආද­ර්ශ­මත් තේ කම්හල ලෙස තේ මණ්ඩ­ලය විසින් තෝරා­ගෙන තිබේ. “ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් පාර්ලි­මේ­න්තුවේ 9 වැනි සැසි­වා­රය විවෘත කර­මින් පැවැත්වූ කතා­වේ­දීද සිලොන් ටී නාමය රැක­ගෙන නිෂ්පා­දන කට­යුතු කළ යුතු බව පැව­සුවා.

අපි මුල සිටම ප්‍රමි­ති­යෙන් ගුණා­ත්මක භාව­යෙන් යුතුව තේ නිෂ්පා­ද­නය කළා. ඒ නිසා අපේ රටේ තේව­ලට ඉහළ මිලක් ලැබී තිබෙ­නවා.

දැන් ඇමෙ­රි­කා­වෙන් කතා කරලා අපේ තේ මිලදී ගන්නා තත්ත්ව­යක් ඇති­වෙලා තියෙ­නවා. වත්මන් රජයේ ජනා­ධි­ප­ති­තුමා, අග­මැ­ති­තුමා, වැවිලි කර්මාන්ත ඇමති දොස්තර රමේෂ් පති­රණ යන මහ­ත්වරු තේ කර්මා­න්තය සඳහා රජයේ විශේෂ අනු­ග්‍ර­හය ලබාදී තිබෙ­නවා.තේ කර්මා­න්තයේ දියු­ණු­වට රජය විශාල කාර්ය­භා­ර­යක් කර­නවා. ඔන්ල­යින් තේ වෙන්දේ­සිය ඉතා සාර්ථක වීමට එයත් හේතු­වක්” අනුර අතු­කො­රල වැඩි­දු­ර­ටත් එසේද පැව­සීය

Comments