වඳු­රන් සහ රිල­වුන් දඬු­කඳේ ගැසීම නිවැ­රදි ද? | සිළුමිණ

වඳු­රන් සහ රිල­වුන් දඬු­කඳේ ගැසීම නිවැ­රදි ද?

මිනිසා විසින් වනය ආක්‍ර­ම­ණය කරත්ම වන සතුන් ගම් වැදීම චිරා­ත්කා­ල­යක පටන් සිදු­ව­න්නකි. එකල ගොවයෝ ඒ සඳහා කෙම්පන් ක්‍රම භාවිතා කළහ. අදට වඩා වනා­න්තර ආශ්‍රි­ත­වම ගම්මාන පිහි­ටි­යද මෙම­ඟින් වන සතුන් හා කිසි­යම් පයු­රු­පා­ස­න­මක් ඇතිව විසී­මට ගැමි­යාට හැකි විය. අද වන සතුන් සම්බ­න්ධ­යෙන් ලොකු­වට ම කතා කෙරෙන ප්‍රශ්නය වන්නේ ‘අලි-මිනිස් ගැටුම’ ය. මෙනිසා දශක කීප­යක් තිස්සේ මිනි­සුන් හා වන අලින් බොහෝ­ම­යක් මිය ගොස් ඇති අතර දැනුදු මිය යම්න් පවතී. මින් ගොවි­ජ­න­තා­වගේ කෘෂි­කා­ර්මික ජීවන රටාව බර­ප­තළ ලෙස බිඳ­වැටී ඇති අතර, ඉතාම ගැට­ලු­කාරී වාතා­ව­ර­ණ­ය­කට ඔවුන් මුහු­ණදී ඇත.

මේවන විට ලංකාව මුහුණ පා සිටින වන­ස­තුන් - මිනිස් ගැටු­මෙහි අලුත්ම තත්ත්වය වන්නේ වඳු­රන්, රිළ­වුන්, වල් ඌරන්, දඬු ලේනුන්, ඉත්තෑ­වුන් සහ මොන­රුන් ආදී වන සතුන් ගෙන් වන උව­දු­රුය. ග්‍රාමීය පෙදෙ­ස්වල භව භෝග වගා­වන්ට උන් විසින් කරන හානිය සුළු­පටු නොවේ. ඇතැම් ප්‍රදේ­ශ­වල ගම් මට්ටමේ කුඩා වාණිජ ගොවීන්ගේ සියලු අස්වනු මේ සතුන්ට බිලි වන අයුරු දැකිය හැකිය. දැන් දැන් උන් මිනි­සුන් පාරි­භෝ­ජ­නය කරන බව­බෝ­ග­ව­ලට හුරු­වීම ඊට හේතු­වය. මෙනිසා වනයේ අහාර හිඟ වූ සැනින් උන් ගම් වදිති.

පසු­ගිය දා නව වැනි පාර්ලි­මේන්තු සැසි වාරය අම­ත­මින් හිටපු ජනා­ධි­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී මෛත්‍රි­පාල සිරි­සේන විසින් මෙරට ගොවි­යන් මුහුණ දී සිටින මෙකී ගැටලු පිළි­බ­ඳව සිය අව­ධා­නය යොමු කර සිටි­යේය. එහිදී ඔහු කියා සිටියේ “...ගොවියා ගොඩ ගන්නේ කොහො­මද කියන කාර­ණා­වේදී කාගේත් අව­ධා­නය යොමු වී තිබෙන කාර­ණ­යක් තමයි මේ රටේ සතු­න්ගෙන් ආහා­ර­ව­ලට සිද්ධ­වන හානිය. අවු­රුදු පහක් මම කෘෂි­කර්ම ඇමැ­ති­ව­රයා විදි­හට ඉන්න කාලේ අපි ඒවායේ සංඛ්‍යා­ලේ­ඛන ගත්තා. ඒ කියන්නේ 2005-2006-2007 කාලේ. ඒ කාලේ; ලංකාවේ වඳු­රන් හා රිලව් සංඛ්‍යාව ලක්ෂ 11ක් විතර. දැන් ඒක කොච්ච­ර­වෙලා ද කියන්න මම දන්නෙ නැහැ. වඳුරෝ රිලව් එක දව­ස­කට විනාශ කරන පොල් ගෙඩි සංඛ්‍යාව කොච්ච­රද? ගරු කතා­නා­ය­ක­තු­මනි, එක වඳු­රෙක් රිල­වෙක් පොල් ගහ­කට නැග්ග­හම මුළු පොල් වල්ල ම විනාශ කර­නවා.

පොල් ගෙඩි­යක් දෙකක්; ඇට්ටි­යක් දෙකක් කාලා අනිත් ඔක්කොම අත්දෙ­කෙන් හූරලා විසි කර­නවා. මං මේ කියන්නේ අවු­රුදු දහ­ය­කට එහා සංඛ්‍යා­ලේ­ඛන. ඒ විදි­යට වඳු­රෙක් රිල­වෙක් නැඟලා පොල් ගහ­කට එක පොල් වල්ලක් විනාශ කලාම ඒ කාලේ පොල් ලක්ෂ දහ­යක් ඉව­රයි. අද ඒ වගේ වඳු­රන් - රිලව් දෙගුණ වෙලා ඇති; වුන්ගෙන් වන විනා­ශය ලක්ෂ විස්සක් විතර වෙලා ඇති. මේ රටේ පොල් නිෂ්පා­ද­න­යෙදි හොයන්නේ නැති පැති මං මේ කියන්නෙ. අපි බෞද්ධ රටක් විදි­හට මේකට අත තියන්නේ නැහැ. ඒ නිසා අපි පාරේ එහෙ මෙහෙ යන­කොට සුන­ඛයෝ ඉන්නවා; සුන­ඛ­යන්ට අත තියන්නේ නැහැ. සුන­ඛයෝ ආරක්ෂා කරන සුනඛ සංවි­ධා­නත් තියෙ­නවා සභා­නා­ය­ක­තු­මනි. ඉතින් මේ වගේ තත්ත්ව­යක් උඩ අපි අලි මිනිස් ගැටුම ගැනත් දන්නවා. ඊගා­වට මොණරා, ඌරා ඒ වගේ සත්තු රාශි­යක් නිසා මේ රටේ අහිං­සක ගොවීන් රාශි­යක් නිෂ්පා­ද­නය කරන ආහා­ර­ව­ලින් හත­රින් එකක් සත්තු විනාශ කර­නවා. මිනිස්සු බඩ­ගින්නේ ඉඳලා සතුන්ට මිනි­ස්සුන්ගේ ආහාර කන්න දෙන ලෝකෙ එකම රට තමයි ලංකාව. කථා­නා­ය­ක­තු­මනි; ලෝකයේ අනෙක් රට­ව­ල්වල ගැන මම හොඳට හොයලා බැලුවා සත්තු ආහාර විනාශ කර­නවා නම්; සතු­න්ගෙන් මිනි­සුන්ට හානි­යක් තියෙ­නවා නං ඒ සත්තු විනාශ කරලා දානවා. හැබැයි අපි බෞද්ධ රටක් නිසා අපේ බෞද්ධ සංස්කෘ­ති­යත් එක්ක අපි සත්තුන්ට අත තියන්නේ නෑ සභා­නා­ය­ක­තුමා. ඒක නිසා අපේ ආහාර නිෂ්පා­ද­න­යෙන් 4/1ක් වන සත්තු විනාශ කර­නවා. වෙළ­ඳපළේ ආහාර හිඟ­යට මෙයත් එක හේතු­වක්.

අලි මිනිස් ගැටුම සතු­න්ගෙන් වන හානිය ඔබ අපි හැම කෙනෙක්ම මාධ්‍ය තුළ දකි­නවා. ගම්වල මිනිස්සු නිසා අපි දන්නවා. මොණ­රෙක් වෙල­කට ඉගි­ලිලා ආපු­හාම හරි­යට වතුර බට­ය­කින් උරා­ගෙන යනවා වගේ තමයි හොට තියලා හිටං වී බුස­ලක් විතර බඩ ඇතු­ළට දාගෙන තමයි මොණරා ආපහු ඉගි­ල්ලිලා යන්නෙ .

මේ විශාල ආහාර ප්‍රමා­ණය හරි­ය­ටම රටේ ගොවියා නිෂ්පා­ද­නය කරන ආහා­ර­ව­ලින් 4/1ක්. ඉතින් මේකට පිළි­ය­මක් නැහැ. මේවා තමයි ප්‍රශ්න. එන්න එන්න සත්තු වැඩි වෙනවා. අපේ වන­ජීවී ඇමති තුමා මෙතන ඉන්න­වද දන්නෙ නැහැ. ඉතින් සත්තු රකි­න්නත් ඕන. මගේ ප්‍රති­ප­ත්තිය නම් සත්තුන්ට වැඩිය මිනි­සුන්ගේ බඩ­ගින්න ගැන හිතන්න ඕන. මිනි­ස්සුන්ගේ පෝෂ­ණය ගැන හිතන්න ඕන. ”

මෙරට ගොවීන් විසින් වගා කරන බෝග­ව­ලට වන සතු­න්ගෙන් සිදු වන හානිය සුළු­පටු නොවේ. ඔවු­න­තින් විනා­ශ­යට පත්වන බෝග­වල වටි­නා­කම වස­ර­කට රුපි­යල් කෝටි 1800 ඉක්ම­වන බව පසු­ගි­යදා පුව­ත්ප­ත්වල වාර්තා විය.

මීට පිළි­ය­මක් වශ­යෙන් ගෙන ඇති පිය­වර සම්බ­න්ධ­යෙන් ගොවි­ජන සේවා කොම­සා­රිස් කාර්යා­ල­යෙන් අප කළ වීම­සී­මේදී වන සතු­න්ගෙන් වගා­වන්ට සිදු­වන හානි පිළි­බඳ ගොවී­න්ගෙන් තොර­තුරු ලබා­ගැ­නීමේ වැඩ­පි­ළි­වෙළක් මේ වන විට ආරම්භ කර ඇති බවත්, මේව­න­විට දිව­යිනේ සෑම ප්‍රදේ­ශ­ය­කින් ම ගොවීන් විසින් ඔවුන්ට සිදුව ඇති වගා හානි පිළි­බ­ඳව තොර­තුරු කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය වෙත ලබා දෙමින් පව­තින බව පැව­සීය. දැනට ඇති තොර­තුරු අනුව වැඩි ම බෝග හානි­යක් සිදු කරන්නේ, වල් ඌරන්, රිල­වුන් සහ වඳු­රන් මෙන්ම මොන­රුන්, ඉත්තෑ­වුන් හා වන අලීන් ය. පොළො­න්නරු දිස්ත්‍රි­ක්කයේ ඇතැම් ප්‍රදේ­ශ­වල බහුල වශ­යෙන් හම්බා­ව­න්ගෙන් බෝග හානි සිදු­වන බව ගොවීන් විසින් පව­සන බවයි.

හෙක්ටර් කොබ්බෑ­කෙ­ඩුව ගොවි කට­යුතු පර්යේ­ෂණ සහ පුහුණු කිරීමේ ආය­ත­න­යෙන් කළ විම­සී­මේදී ඔවුන් කියා සිටියේ වන සතු­න්ගෙන් සිදු­වන භෝග හානි හේතු­වෙන් වාර්ෂි­කව 40% කට වැඩි ප්‍රමා­ණ­යක් අස්වැන්න රටට අහිමි වන බවය.

වඳු­ර­න්ගෙන් හා රිල­ව්ගෙන් සිදු­වන වගා හානිය සම්බ­න්ධ­යෙන් පර්යේ­ෂ­ණ­යක නිරත වූ මහා­චාර්ය චාමලී නහ­ල්ලගේ පව­සන්නේ, “වන සතු­න්ගෙන් බෝග­ව­ගා­වට හානි සිදු­වන නමුත් එක් සත්ත්ව වර්ග­යක් ඉලක්ක කර­ගෙන චෝදනා නැඟීම නිවැ­රදි නොවන බවයි. වඳු­රන් හා රිල­වුන් ඉලක්ක කර­ගෙන මේ චෝද­නාව එල්ල වුවද? වැඩි වශ­යෙන් හානි සිදු වන්නේ රිල­වු­න්ගෙනි.

එසේ වුවත් ඇතැම් උද­විය සංඛ්‍යා දත්ත මඟින් පෙන්වා­දෙන තරම් මේ සතු­න්ගෙන් හානි­යක් සිදු නොවන බව ඇය කියයි. මන්ද යත් මෙතෙක් මේ සතුන් සම්බ­න්ධ­යෙන් නිවැ­රදි ගණ­නය කිරී­මක් සිදු වී නොමැති බව ඇයි පව­සයි. එය පූර්ණ කාලී­නව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු කළ යුතු දුෂ්කර කාර්ය­යකි. තමන් පර්යේ­ෂණ කට­යුතු සිදු කරන ගලි­ග­මුව හත්ත­පි­ටිය වැනි විශාල ප්‍රදේ­ශ­යක් ගෙන බැලු­වොත් දළ වශ­යෙන් වඳු­රන් සහ රිල­වුන් 2500-3000ත් අතර ප්‍රමා­ණ­යක් සිටින බව ඇය පව­සයි. නමුත් මේ නියැ­දිය ලංකාවේ සෑම තැන­ක­ටම අදාළ නොවේ. එය එහි පව­තින පරි­සර තත්ත්වය අනුව වෙනස් වේ. පොල්ව­ගා­වට වඳු­ර­න්ගෙන් නොව රිල­වුන් හා දඬු­ලේ­නු­න්ගෙන් වැඩි වශ­යෙන් හානි සිදු වුවත් එක් ප්‍රදේ­ශ­යක සිදු­වන හානිය පද­නම් කර­ගෙන මුලු රටේම එවැනි තත්ත්ව­යක් පව­තින බව නිග­ම­නය කිරීම උචිත නොවන බව ඇගේ අද­හ­සය. මුලින් ම කළ යුත්තේ මේ සතුන් ගේ චර්යා රටාව අධ්‍ය­නය කිරී­ම‌ ය.

මෙතු­ව­ක්‌ ­කල් මේ ප්‍රශ්නය මැඩ­පැ­වැ­ත්වී­මට ගත් ක්‍රියා මාර්ග­ව­ලින් නිසි ප්‍රති­ඵ­ල‌ ­අත් නො වුණේ මේකී සත්ත්ව චර්යාව, ආහාර රටා සහ සමාජ සංවි­ධාන රටා සම්බ­න්ධ­යෙන් නිසි අධ්‍යය­න­ය­ක්‌ ­යොමු නොකි­රීම නිසාය. මෙරට ඇතැම් පරි­සර පද්ධති අනුව මේ සතුන්ගේ ආහාර රටාව වෙනස් වේ. එනිසා නිසි අධ්‍ය­න­යක් කර සිදු කර වග­කී­මෙන් යුතුව ප්‍රකාශ නිකුත් කිරීම කළ යුතු බව” ඇගේ අද­හ­සය.

2018 වසර දක්වා ජාතික පසු අස්වනු කළ­ම­නා­ක­රණ ආය­ත­නය මඟින් සිදු කළ අධ්‍ය­ය­නය­න්ගෙන් ලබා­ගත් දත්ත­යන්ට අනුව 2018 වර්ෂය වන විට ප්‍රධාන බෝග­යන් කිහි­ප­යක පසු අස්වනු හානිය පහත පරිදි වේ.(2021 වර්ෂ­යේදී නැවත අධ්‍ය­ය­න­යක් සිදු කිරී­මට අපේ­ක්ෂිත අතර මේ වන­විට ක්ෂේත්‍ර­යට හඳුන්වා දී ඇති/භාවිත වන නිවැ­රදි තාක්ෂ­ණ­යන් අනුව ඇතැම් බෝග­යන්ගේ පසු අස්වනු හානිය මෙයට වඩා අඩු වේ යැයි අපේක්ෂා කෙරේ)

 

Comments