අලුතින් හොයාගත් බව කී බුදුපටුන්ගල ප්‍රතිමාවල සත්‍ය කතාව | සිළුමිණ

අලුතින් හොයාගත් බව කී බුදුපටුන්ගල ප්‍රතිමාවල සත්‍ය කතාව

මහාචාර්ය රාජ් සෝමදේව
මහාචාර්ය රාජ් සෝමදේව

බිනර පොහොය යෙදී තිබුණු පසු­ගිය අඟ­හ­රු­වාදා ප්‍රධාන රූප­වා­හිනී මාධ්‍යය කීප­යක් ස්වකීය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ කාල­යෙන් සැල­කිය යුතු ඉඩක් වෙන් කර අපූරු පුව­තක් පළ කළේය. ඒ නැගෙ­න­හිර පළාතේ කුඩු­ම්බි­ගල අභ­ය­භූ­මියේ උතුරු සීමා­වට වන්නට ඇති දැවැන්ත වන පියස මධ්‍යයේ පිහිටි මර­නම් ඓති­හා­සික ප්‍රතිමා වහන්සේ තුන් නමක් සහිත පුරා විද්‍යා භූමි­යක් කැලණි විශ්වි­ද්‍යා­ලයේ පුරා­වි­ද්‍යාව පිළි­බඳ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය රාජ් සෝම­දේව සහ කැල­ණිය පශ්චාත් උපාධි ආය­ත­නයේ විද්‍යා­ර්ථ­යින් පිරි­සක් විසින් ගවේ­ෂ­ණ­ය­කින් අන­තු­රුව සොයා ගැනී­මක් පිළි­බ­ඳ­වය.

එය උත්ක­ර්ෂ­වත් රූප රාමු පෙළ­කින් යුක්ත දර්ශ­න­යක් විය. මහා­චා­ර්ය­ව­රයා ඇතුළු විද්‍යා­ර්ථයෝ කැලෑව මැදින් එති. දුර්ග ගමන කෙළ­වර මේ විශිෂ්ට ප්‍රතිමා වහ­න්සේලා දකිති. මහා සංඝයා වහ­න්සේත් කණ්ඩා­යම සමග වැඩම කරනු පෙනේ. අන­තු­රුව ප්‍රතිමා වහ­න්සේලා අසල ආග­මික පූජා පව­ත්වති. මහැ­දුරු සෝම­දේ­වයෝ අන­තු­රුව ප්‍රතිමා වහ­න්සේලා පිළි­බ­ඳව අර්ථ පූර්ණ හැඳි­න්වී­මක් කරති.

ප්‍රවෘ­ත්තිය පෙළ ගැසෙන්නේ වන දහන මැද හුද­ක­ලාව අත්හැරී ලෝක­යෙන් මග හැරුණු, විරල කලා­කෘති බඳු ප්‍රති­මා­ව­හ­න්සේලා තෙන­මක් සහිත ඓති­හා­සික පුද­බි­මක් අනා­ව­ර­ණය කර­ගැ­නීමේ උත්ක­ර්ෂ­වත් අව­ස්ථා­වක් රටට දක්ව­මිනි. දැන් අප ඉදි­රියේ ඇත්තේ හුදු මේ රට තුළ සිදු­වන ගවේ­ෂ­ණ­යක්ම නොවේ. ලෝක අව­ධා­න­යට යොමු­වන අති­ශය අපූර්ව ශාස්ත්‍රීය අනා­ව­ර­ණ­යකි.

පිපිරී යෑම

එහෙත් මේ ගවේ­ෂණ කණ්ඩා­යම සොයා ගත්තේ බුදු පටු­න්ගල නැමැති ඓති­හා­සික ස්ථානය බව ඒ මාධ්‍යය තුළම වාර්තා­වත්ම ශාස්ත්‍රීය ලෝකය මවි­ත­යට පත් වුණේය.

1985 දී ප්‍රතිමා පැවති ආකාරය

මුල්ම ප්‍රති­චා­රය ලැබුණේ ජපා­නයේ හොසෙයි සර­වියේ ටොකයි අධ්‍යා­පන පර්යේ­ෂණ ආත­ය­නයේ ජ්‍යෙෂ්ඨ ගවේ­ෂ­ක­යෙක් වූ තකාෂි ඔක­මු­රා­ගෙනි. ඔහු සමාජ මාධ්‍යය ඔස්සේ මහා­චාර්ය රාජ් සෝම­දේව විමසා සිටි­යේය. එහි මෙසේ සඳ­හන්ව තිබිණි.

“ශ්‍රී ලංකාවේ මිතු­රන්ට... වර්ෂ 1985 දී අපි විසින් සොයා ගන්නා ලද සහ වර්ෂ 1993 දී නැවත සොයා­ගත් නට­බුන් පිළි­බඳ දැන් ගැට­ලු­වක් තිබේ ද?. වර්ෂ 1993 දී ආචාර්ය සෙන­රත දිසා­නා­යක මා සමග සිටි­යේය. මහා­චාර්ය රාජ් සෝම­දේව මෑතක දී මෙය සොයා­ගත් බව ප්‍රකාශ කළා ද? එසේ නම් එය වැරැ­ද්දකි. අපට දැන­ගැ­නී­මට අව­ශ්‍යයි.“

ඔහු මේ සට­හන එවා තිබුණේ අලු­තින් සොයා ගත් බව කී බුදු පටුන සම්බ­න්ධව වර්ෂ 1990, වර්ෂ 1999 හා වර්ෂ 2015 දී පළ කළ පර්යේ­ෂණ පත්‍ර­කා­වල උදෘත දක්ව­මිනි.

මේ අතර ජපන් ගවේ­ෂ­ක­යන් වසර තිස්ප­හ­කට පෙර කුඹු­ක්කන් ඔය නිම්නයේ කළ ගවේ­ෂ­ණයේ ශාස්ත්‍රීය විපු­ල­ත්වය සම්න්ධව ක්ෂේත්‍රයේ ප්‍රමා­ණි­කයෝ සංවා­ද­යට එක් වූහ. වර්ෂ 1985 ගවේ­ෂ­ණයේ දී එම ප්‍රතිමා සම්බන්ධ නිවැ­රදි මිනුම් සහි­තව වාර්තා කර තිබූ පූර්ණ ආකා­රය, පසුව සිදු­වන ප්‍රතිමා විනා­ශ­යෙන් අන­තු­රුව ප්‍රතිමා සම්බන්ධ අද­හ­සක් ලබා ගැනී­මට එම වාර්තා­ක­ර­ණය ඉව­හල් වූ ආකා­රය ඉන් කියැ­විණි.

අයෙක් ඒ දුෂ්කර ගමනේ මත­ක­යන් ලීවේය. මීට වසර තිස් පහ­කට පෙර මේ ගවේ­ෂ­ණ­යට එක් වූ, බුදු­ප­ටු­න්ග­ලට කිලෝ­මී­ටර 15ක් එපි­ටින් පැවති ආස­න්නම ගම වන කොටි­යා­ගල වැසි­යන්ගේ කෘත­වේදී මතක ගැන අයෙක් සිහි කළේය.

මේ අතර අතී­තය සිහි­ක­ර­මින් ජපන් ගවේ­ෂක තකාෂි ඔක­මුරා තැබූ සට­හන සංවේදි එකක් විය.

“ වර්ෂ 1985 දි අපි මේ පුරා­විද්‍යා භූමිය සොයා­ගෙන ඒ සම්බ­න්ධව පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­වට වාර්තා කර නැවත ජපා­න­යට ආවා. පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව අපගේ සොයා­ගැ­නීම් නිවේ­ද­නය කළා. පසුව ඒ ගවේ­ෂණ දත්ත සනාථ කර­ගැ­නීම සඳහා පර්යේ­ෂණ කර­ගෙන ගියා. කෙසේ වෙතත් අවස්ථා ගණ­නා­වක දී ගවේ­ෂණ කණ්ඩා­යම් යළි යොමු කළ නමුත් ඔවුන්ට නට­බුන් සොයා­ගත නොහැකි වුණා.

ඒ නිසා අවු­රුදු අට­කට පසු නට­බුන් යළි සොයා ගැනීම සඳහා එකා­බද්ධ පරී­ක්ෂ­ණ­යක් යෝජනා කළා. ඒ අනුව අප එකට ගොස් නැවත නට­බුන් සහිත භූමිය සොයා ගත්තා. ඒ වන­විට නට­බුන් විනාශ වී ගොස් තිබුණා. ඒ වසර අට තුළ සිවිල් යුද්ධය පැතිරී ගිහින්. කොටි­යා­ගල ගම එල්.ටී.ටී.ඊ ඉල­ක්ක­යක් වෙලා. පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­වට පර්යේ­ෂණ කට­යුතු සඳහා මුද­ලක් වෙන් වෙලා නැහැ. “. ජපන් ගවේ­ෂ­කයෝ උක්ත ගවේ­ෂණ කාර්යයේ යෙදී තිබුණු ගර්හිත වට­පි­ටාව අපට සිහි කැඳ­වූහ.

බුදුපටුන්ගල සම්බන්ධව පල වූ දෙස් විදෙස් මාධ්‍ය වාර්තා

බැලූ බැල්ම­ටම පෙළ ගැසෙ­මින් තිබුණේ ශාස්ත්‍රීය ලෝකය තුළ පූර්ණ ගර්හා­වට ලක්වන අක­ට­යු­ත්තකි. ගැට­ලුව තිබුණේ එය මාධ්‍යය විසින් වාර්තා කළ ආක­ර­යේය. මාධ්‍ය අනුව බුදු පටු­න්ගල පසු­ගිය දා සොයා ගන්නේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය රාජ් සෝම­දේව ප්‍රමුඛ කැලණි සර­ස­වියේ පශ්චාත් උපාධි අපේ­ක්ෂක විද්‍යා­ර්ථීන්ය.

අක­ට­යුත්ත

එහෙත් ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය රාජ් සෝම­දේ­ව­යන් ප්‍රමුඛ විද්‍යා­ර්ථීන් කණ්ඩා­යම සොයා ගත් බවට මාධ්‍ය වාර්තා කළ බුදු පටු­න්ගල පුද බිම වර්ෂ 1985 දී හොසෙයි සර­ස­වියේ ගවේ­ෂණ කණ්ඩා­ය­මක් විසින් සොයා­ගෙන, වර්ෂ 1993 දී නැවත ස්ථානීය ගවේ­ෂ­ණ­ය­කට පූර්ණ ගවේ­ෂණ වාර්තා­වක් සකස් කර පර්යේ­ෂණ පත්‍රිකා තුනක් ප්‍රකා­ශ­යට පත් කළ පුරා­විද්‍යා ස්ථාන­යක් විය.

මුලින්ම මේ පුරා­වස්තු සංහා­රය පිළි­බඳ ප්‍රවෘ­ත්තිය සිංහල පුවත් පතක පළ­වන්නේ 1993 අගෝස්තු මස 23 දිනය. ඒ ලංකා­දීප පුව­ත්ප­තේය. ජපන් පුරා­වි­ද්‍යා­ඥ­යන් සොයා­ගත් ඉපැ­රණි බුදු පිළිම නිදන් හොරු වනසා දමලා“ ලෙස එම වාර්තාව සකසා තිබුණේ රත්න­පුරේ ජයන්ත විජේ­රත්න බණ්ඩා­රය. අන­තු­රුව ඔහු මේ සම්බ­න්ධව විස්ත­ර­තා­මක පුව­ත්පත් වාර්තා­වක් පුරා­වස්තු සංහා­ර­ක­යන් විසින් ව්‍යස­න­යට ලක් කරන ලද ප්‍රති­මා­වන්හි ඡායා රූප ද සහි­තව “ හඬා වැටෙති කඳුළු සලා බුදු රූ වන අරණේ“ නමින් වර්ෂ 1993 සැප්තැ­ම්බර් 23 වැනිදා එම පුව­ත්ප­ත­ටම සකස් කර­න්නේය.

පසු­වත් අවස්ථා ගණ­නක දී මෙම ස්ථානය සම්බ­න්ධව අව­ධා­නය යොමු­වන වාර්තා­ක­ර­ණ­යන් සිදු වන්නේය.

සෝම­දේව මාධ්‍ය­යට කී කතාව

වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ගවේෂණ කණ්ඩායම සමග... (ජපන් ජාතිකයන් දෙදෙනා මැද වාඩිවී)

රාජ් සෝම­දේව ජ්‍යෙෂ්ඨ මහා­චා­ර්ය­ව­රයා මේ ඉති­හා­සය මැන­වින් දන්නේය. ඔහු මේ ගමන සංවි­ධා­නය කරන්නේ ඒ පූර්ව දැනු­වත් බවිනි. තමන් මේ භූමිය සොයා­ගත් බව ඔහු කිසි­වි­ටෙ­කත් කියන්නේ නැත. ඔහු කියන්නේ මීට පෙර අවස්ථා කීප­යක දී උනන්දු සහ­ගත ගවේ­ෂ­ක­යන් විසින් මේ ස්ථානය ඉතා කෙටි­යෙන් වාර්තා කර තිබුණු බවය. ඌව වෙල්ලස්ස සංස­දය මගින් සංවි­ධා­නය කළ ගවේ­ෂණ මාලාවේ ප්‍රති­ඵ­ල­යක් ලෙස මේ ස්ථානය නර­ඹන්න පැමිණි බවය.

එහෙත් මහා­චාර්ය සෝම­දේව හැරුණු විට ක්ෂේත්‍ර පුරා­වි­ද්‍යාවේ ප්‍රාමා­ණි­කයෝ තවත් වෙති. ඔවුහු සෝම­දේ­ව­යන් හා එකඟ නොවෙති. ඔවුන්ට අනුව ජපන් පර්යේ­ක්ෂ­ක­යන්ගේ වාර්තා­ක­ර­ණය ශාස්ත්‍රී­යව ගුණා­ත්මක එකකි. මෙවැනි තත්ත්ව­යන් තුළ මහැ­දුරු සෝම­දේ­ව­ය­න්ගෙන් විදග්ධ ශාස්ත්‍රීය හැසි­රී­මක් සමා­ජය ලෝකය අපේක්ෂා කරයි. අනුන්ගේ පර්යේ­ෂණ දත්ත ඔවුන්ට ලැබිය යුතු ගෞර­ව­නීය අයි­තිය නොදී උදුරා ගැනීම ශාස්ත්‍රීය සම්ප්‍ර­දාය නොවේ. ජපන් ගවේ­ෂණ කණ්ඩා­යම ඔහු කරන ප්‍රකාශ සම්බ­න්ධව යළි යළිත් විම­ස­මින් ඉතා උනන්දු සහ­ගත වන්නේ එබැ­විනි.

ගැට­ලුව වන්නේ ඒ සම්බ­න්ධව සෑහී­ම­ක­ටක පත්විය හැකි ප්‍රති­චා­ර­යක් තව­මත් ඔහු­ගෙන් නොලැ­බී­මය.

 

Comments