ව්‍යව­සාය පෙර පෝෂණ ක්‍රියා­දා­ම­යක අව­ශ්‍ය­තාව | සිළුමිණ

ව්‍යව­සාය පෙර පෝෂණ ක්‍රියා­දා­ම­යක අව­ශ්‍ය­තාව

නිපු­ණතා සංව­ර්ධන අර­මු­දල මඟින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් නඟා සිටු­වී­මට විශාල කාර්ය­භා­ර­යක් ඉටු කරයි. ඒ අනුව ඔවුන් ඉලක්ක කර­ගෙන වැඩ­ස­ට­හන් රාශි­යක් මේ වන විටත් ක්‍රියා­ත්මක කර ඇත. එම වැඩ­ස­ට­හන් මාලාවේ තවත් වටිනා පිය­ව­රක් ලෙස නිපු­ණතා සංව­ර්ධන අර­මු­දල ලංකා ඉම්පැක්ට් ඉන්වෙ­ස්ටින් නෙට්වර්ක් ආය­ත­නය සමඟ එක්ව ව්‍යව­සාය පෙර පෝෂ­ණය  (Incubation)  වැඩ­ස­ට­හ­නක් ආරම්භ කිරී­මට සැල­සුම් කර ඇත. 

මේ පිළි­බඳ විශේෂ සාක­ච්ඡා­මය වැඩ­ස­ට­හ­නක් පසු­ගි­යදා (14දා) අමා­ත්‍යංශ ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැ­ත්විණි. නිපු­ණතා සංව­ර්ධන අර­මු­දලේ සභා­පති ආචාර්ය ඉංජි­නේරු ලය­නල් පින්ටු, නිපු­ණතා සංව­ර්ධන අර­මු­දලේ සමා­න්‍යා­ධි­කාරි සද්නා ගුණ­ව­ර්ධන ඇතුළු  නිපු­ණතා සංව­ර්ධන අර­මු­දලේ වෙළෙඳ මණ්ඩ­ලයේ නිල­ධා­රින්, ලංකා ඉම්පැක්ට් ඉන්වෙ­ස්ටින් නෙට්වර්ක් ආය­ත­නයේ සභා­පති චන්දුල අබේ­වි­ක්‍රම ඇතුළු එම ජාලයේ නිල­ධා­රීහු පිරි­සක් මේ සඳහා සහ­භාගි වූහ. 

ව්‍යවා­සා­ය­ක­යන් බිහි­වන්නේ යම් ව්‍යාපා­රික අද­හ­සක් ක්‍රියා­වට නැංවී­මෙන්ය. නමුත් අද­හ­සක් පම­ණක් තිබීම ඊට ප්‍රමා­ණ­වත් නොවේ. ව්‍යාපා­ර­යක් ආරම්භ කර ඉහළ නැංවීම සඳ­හාත් එය ව්‍යුහ­ගත කිරී­ම­ටත් ව්‍යාපා­රික සැල­ස්මක් නිර්මා­ණය කිරීම අත්‍ය­වශ්‍ය වේ.  ව්‍යව­සාය පෙර පෝෂ­ණය (Incubation) හරහා ඊට අවශ්‍ය මූලික සහාය ලබා­දෙයි. සැබැ­වින්ම ව්‍යව­සා­ය­ක­යාට ජීව­යක් ලබා දෙන්නේ මෙම ක්‍රියා­දා­මය හර­හායි. නිපු­ණතා සංව­ර්ධන අර­මු­දල, ලංකා ඉම්පැක්ට් ඉන්වෙ­ස්ටින් නෙට්වර්ක් ආය­තන සමඟ එක්ව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් වෙනු­වෙන් එවැනි වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­වට නැංවී­මට සැල­සුම් කර ඇත්තේ එම අව­ශ්‍යතා හඳු­නා­ගත් නිසාය. ආය­ත­නය හරහා ව්‍යව­සාය පෙර පෝෂ­ණය වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක වන්නේ අදි­යර 4ක් ඔස්සේයි. 

ප්‍රථ­ම­යෙන් අයැ­දු­ම්පත් සකස් කර එම අයැ­දු­ම්පත් හරහා සම්මුඛ පරී­ක්ෂ­ණ­ය­කට භාජ­නය කොට සුදුසු ව්‍යව­සා­ය­ක­යන් තෝරා ගනු ලැබේ. එම සම්මුඛ පරී­ක්ෂ­ණ­යෙන් තෝරා­ගන්නා ව්‍යව­සා­ය­ක­යන් මාස 3ක උප­රිම පුහුණු ක්‍රියා­ව­ලි­ය­කට යොමු කරයි. මෙහිදී එක් එක් පුද්ග­ල­යාගේ දැනුම හා කුස­ල­තාව මත පුහුණු අව­ශ්‍යතා කාලය වෙනස් විය හැකිය. 

ව්‍යව­සාය පෙර පෝෂණ ක්‍රියා­ව­ලියේ වටි­නාම අංග­යක් වන්නේ මේ අයු­රින් ස්වයංව නැඟී සිටිය හැකි තත්ව­යට පැමි­ණෙන තෙක් ව්‍යව­සා­ය­ක­යන් විශේෂ අව­ධා­න­ය­කට හා සැළ­කි­ල්ල­කට බඳුන් කර­ලීම හරහා සිදු­වන ක්‍රියා­දා­ම­යයි. එහිදී පෞද්ග­ලික අංශයේ පිළි­ගත් ආය­තන සමඟ ජාල­ගත වී ව්‍යාපාර සිහින සැබෑ කර ගනි­මින් රටේ ආර්ථික සංව­ර්ධ­නයේ හිමි­ක­රු­වන් බවට පත්වී­මට අවැසි අභි­මා­න­වත් ව්‍යව­සා­ය­ක­යන් පිරි­සක් බිහි කිරීම නිපු­ණතා සංව­ර්ධන අර­මු­දලේ තවත් එක් අර­මු­ණකි. 

Comments