ඩ්‍රයි­ව්ග්‍රීන් දුම් පරී­ක්ෂණ සේවා­වට ඉහළ පාරි­භෝ­ගික ප්‍රති­චාර | සිළුමිණ

ඩ්‍රයි­ව්ග්‍රීන් දුම් පරී­ක්ෂණ සේවා­වට ඉහළ පාරි­භෝ­ගික ප්‍රති­චාර

“මුලින්ම කිව යුතුයි, වාහන දුම් පරී­ක්ෂාව කියන්නේ ඉතාම අගය කළ යුතු වැඩක්. ඩ්‍රයි­ව්ග්‍රීන් ආය­ත­නයේ මේ වැඩ­පි­ළි­වෙල ඉතාම හොඳයි. හැම වාහ­න­යක්ම දැන් දුම් පරී­ක්ෂණ ක්‍රියා­ව­ලි­යට යටත් නිසා වායු­ගෝ­ලීය ගුණා­ත්ම­ක­භා­වය සෑහෙන දුර­කට දියුණු වෙලා කියලා මම හිත­නවා. ඉස්සර නම් පාරෙ යන්න බැරි තරම් පාර පුරාම වාහන දුම. දැන් නම් එහෙම තත්ත්ව­යක් නැහැ” එම සමී­ක්ෂ­ණ­යට සහ­භාගී වූ මාව­ත­ගම පදිංචි පළ­පු­රුදු රියැ­දු­රකු වන එස්. එම්. එස්. සෙනෙ­වි­රත්න (51) පැව­සීය.  

මෙරට වාහන දුම් පරී­ක්ෂණ ක්‍රියා­ව­ලියේ මූලික අර­මුණ වන්නේ වායු දූෂ­ණය අවම කර­ගැ­නී­මට දායක වීම ය. එහෙත් ඒ හරහා වාහන නඩ­ත්තුව සම්බන්ධ වැද­ගත් තොර­තුරු රැසක් ද පාරි­භෝ­ගි­ක­යන්ට හිමි­වන බව ඩ්‍රයි­ව්ග්‍රීන් සිදු කළ මෙම පාරි­භෝ­ගික ප්‍රති­චාර සමී­ක්ෂ­ණ­යේදී හෙළිවී තිබේ. 

මර­දාන ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­යකු වන තස්නීම් කියාඩ්  (32) පෙන්වා දෙන ආකා­ර­යට ඩ්‍රයි­ව්ග්‍රීන් දුම් පරී­ක්ෂා­ව­කින් අන­තු­රුව හිමි­වන වාර්තාව මගින් වාහ­නයේ අත්‍ය­වශ්‍ය නඩත්තු කට­යුතු සිදු­කි­රීම සහ ඉන්ධන අපතේ යාම අවම කර­ගැ­නීම පිළි­බඳ අගනා මාර්ගෝ­ප­දේ­ශ­න­යක් හිමි වේ. 

“ඩ්‍රයි­ව්ග්‍රීන් හරහා දුම් පරී­ක්ෂාව සිදු කළ විට ලැබෙන වාර්තාව ඔස්සේ වාහ­නයේ යම් නඩත්තු අව­ශ්‍ය­තා­වක් පව­ති­නවා නම් ඒ දේ වහාම කර­ගත හැකියි. මගේ වාහ­නය එක පාරක් දුම් පරී­ක්ෂ­ණය අස­මත් වුණා. මට ලැබුණු උප­දෙස් අනුව මම වාහ­නයේ අලු‍ත්වැ­ඩියා සහ සීරු­මාරු කට­යුතු කර­ගත්තා. ඉන්පසු පරී­ක්ෂ­ණය සම­ත්වුණා විත­රක් නෙමෙයි මගේ වාහ­නයේ ඉන්ධන කාර්ය­ක්ෂ­ම­තා­වත් වැඩි­වුණා. ” ඔහු ප්‍රකාශ කළේය. දිව­යිනේ සුප්‍ර­කට සුපිරි වෙළෙ­ඳ­සැල් ජාල­ය­කට අනු­යු­ක්තව සේවය කරන, ගාල්ල ප්‍රදේ­ශයේ පදිංචි ජේ.ඒ.ආර්.එන්. පෙරේරා (56) ද ඩ්‍රයි­ව්ග්‍රීන් ආය­ත­නයේ සේවාව පිළි­බඳ මෙම සමී­ක්ෂ­ණ­යට එක්විය. 

“ඩ්‍රයි­ව්ග්‍රීන් ආය­ත­නයේ සෑම ශාඛා­ව­කින්ම පාහේ අපට එක හා සමාන සේවා­වක් ලබා­දෙ­නවා. වායු දූෂ­ණය වැළැ­ක්වීම සඳහා ඩ්‍රයි­ව්ග්‍රීන් ආය­ත­නය ගෙන­යන මේ වැඩ­පි­ළි­වෙල ඉතාම ප්‍රශංසා කට­යු­තුයි” ඔහු විස්තර කළේය. 

2008 වර්ෂ­යේදී ආරම්භ වූ ඩ්‍රයි­ව්ග්‍රීන් ආය­ත­නයේ කළ­ම­නා­කා­රී­ත්වය භාරව CleanCo Lanka සමා­ගම කට­යුතු කරන අතර, අති නවීන උප­ක­රණ, අන්ත­ර්ජා­තික සහ­තික මෙන්ම දක්ෂ, කැප­වුණු සහ සුහ­ද­ශීලී කාර්ය මණ්ඩ­ල­යක් ද සම­ඟින් පාරි­භෝ­ගි­ක­යන්ට උසස් සේවා­වක් ලබා­දී­මට ඩ්‍රයි­ව්ග්‍රීන් සූදා­න­මින් සිටී. 

Comments