කඩා වැටුණු සංචා­රක ක්ෂේත්‍ර­යට නව මාන­යක් ගෙනෙන Insel | සිළුමිණ

කඩා වැටුණු සංචා­රක ක්ෂේත්‍ර­යට නව මාන­යක් ගෙනෙන Insel

ලොව ප්‍රථම වතා­වට සංචා­රක මඟ පෙන්ව­න්නන් හට, සිය රැකි­යාවේ සබ­ඳතා ප්‍රයෝ­ජ­න­යට ගනි­මින් නව රැකියා අව­ස්ථා­වක් හඳුන්වා දීම, පසු­ගි­යදා මොර­ටුවේ Infinity Global Ventures පුද්ග­ලික සමා­ගමේ දී සිදු විය. 

ඒ අනුව එහි පළමු අදි­යර ලෙස, Insel නව වෙළෙඳ සන්නා­මය යටතේ, ශ්‍රී ලංකාවේ ඉහ­ළම තත්ව­යෙන් යුතු, BOPf තේ සහ කුළු බඩු අලෙවි නියෝ­ජි­ත­යන් ලෙස, එම සමා­ගමේ මෙතෙක් සේවය කළ සංචා­රක මඟ පෙන්ව­න්නන් පනස් දෙනකු අත­රින් විසි දෙනකු පත් කෙරිණි. සංචා­රක සමා­ගම් හිමි­ක­රු­වන් සතුව බොහෝ විකල්ප ව්‍යාපාර ඇතත්, එවැනි සමා­ග­මක සේවය කරන මඟ පෙන්ව­න්නන්,සිය විකල්ප ව්‍යාපා­ර­වල කොට­ස්ක­රු­වන් ලෙස යොදා ගත් පළමු අව­ස්ථාව ලෙස මෙය වාර්තා වේ.  

 තේ කොළ හැරුණු කොට කුළු­බඩු සියල්ල මිලදී ගන්නේ අනු­රා­ධ­පුර , පොළො­න්න­රුව, ඇඹි­ලි­පි­ටිය සහ තණ­ම­ල්විල වැනි ඈත පළා­ත්ව­ලිනි. ඒ ගම්මා­න­වල ගොවී­න්ගෙන් අස්වනු සෘජු­වම මිලදී ගන්නා නිසා, අත­ර­මැ­දි­යන්ට යන මුදල් ඉතිරි වේ. ඒ හැම වාසි­යක්ම අප ලබා දෙන්නේ ගොවි­යාගේ සහ ගමේ ආර්ථි­කය නංව­න්න­ටයි. දැන් ඔවුන්, සිය අස්වනු දෙන්න කෙනෙක් ඉන්න නිසා, සැක­ය­කින් තොරව, අප වෙනු­වෙන්ම වගා කරයි. මේ ගම්මා­න­වල මෝල්ව­ලම, අපේ අධී­ක්ෂ­ණය යටතේ මේවා ඇඹ­රීම සිදු කෙරේ.

Comments