ආන­ය­නය අත්හි­ටු­වී­මෙන් වාහන වෙළෙ­ඳ­පොළ අර්බුදයක | සිළුමිණ

ආන­ය­නය අත්හි­ටු­වී­මෙන් වාහන වෙළෙ­ඳ­පොළ අර්බුදයක

මෝටර් වාහන ආන­ය­නය අත්හි­ටු­වීම සඳහා රජය ගෙන ඇති තීර­ණ­යට අනුව වාහන ආන­ය­නය අත්හි­ටු­වීමේ කාල සීමාව පිළි­බ­ඳව පැහැ­දිලි මග පෙන්වී­මක් ලබා දෙන ලෙසට බල­ය­ලත් දේශීය අලෙවි නියෝ­ජි­ත­ව­රුන් මගින් ජාත්‍ය­න්තර වාහන නිෂ්පා­ද­කයන් හා සෘජු සබ­ඳතා පව­ත්වන ශ්‍රී ලංකාවේ එකම වාහන ව්‍යාපා­රික සංග­මය වන, සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංග­මය (CMTA), විසින් රජ­යෙන් ඉල්ලී­මක් කර තිබේ. එසේම රජයේ රෙගු­ලා­සි­ව­ලට අනු­කූ­ලව, ලියා­ප­දිංචි වාහන ව්‍යාපා­රි­ක­යන් මගින් පම­ණක් වාහන මෙර­ටට ආන­ය­නය කිරීමේ අව­ශ්‍ය­තා­ව­යද එම සංග­මය විසින් අව­ධා­ර­ණය කර ඇත.දිව­යින පුරා 20,000 කට වැඩි පිරි­ස­කට සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමා­ණ­යක් සැපයූ මෝටර් රථ ක්ෂේත්‍රයේ ව්‍යාපා­රික ආය­තන රැසක එක­මු­තු­වක් වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංග­මයේ එකී සාමා­ජි­කයන් අතර ජාත්‍ය­න්තර සන්නා­ම­වල මෝටර් රථ, වෙළෙඳ වාහන, යතුරු පැදි හා ත්‍රිරෝද රථ මෙන්ම ටයර් සහ ලිහිසි තෙල් ආන­ය­නය කරන සහ අලෙවි කරන අලෙවි නියෝ­ජි­ත­ව­රුන් විශාල පිරි­සක් වෙති.

මෙලෙස මෝටර් රථ වාහන ආන­ය­නය අත් හිටු­වීම සඳහා රජය විසින් ගෙන ඇති තීර­ණය සමඟ මෝටර් රථ වාහන අලෙවි ක්ෂේත්‍රය තුළ මේ වන විට මතු වී තිබෙන වාතා­ව­ර­ණය පිළි­බ­දව වාහන අලෙ­වි­ක­රු­වන් මෙන්ම ආන­ය­න­ක­රු­වන්ද දැඩි කන­ස්ස­ල්ලට පත්ව තිබේ. මේ පිළි­බඳව අද­හස් දක්ව­මින් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංග­ම­යෙහි සභා­පති යසේන්ද්‍ර අම­ර­සිංහ මහතා සඳ­හන් කළේ මෙලෙස වාහන ආන­ය­නය අත් හිටු­වීම ශ්‍රී ලාංකි­ක­යන් දහස් ගණ­න­කට අහි­ත­කර ලෙස බල පා ඇති බවයි. වාහන ව්‍යාපා­රි­ක­යන්ට හා ජන­තා­වට තමන්ගේ කට­යුතු කල්තියා සැල­සුම් කළ හැකි පරිදි එම අත්හි­ටු­වීම ඉවත් කරන්නේ කව­දා­දැයි දැනුම් දීම රජයේ වග­කී­මක් හැටි­යට තම සංග­මය විශ්වාස කරන බවද යසේන්ද්‍ර අම­ර­සිංහ සඳ­හන් කළේය.

එප­ම­ණක් නොව දැනට වාහන ආන­ය­නය නොකි­රීම නිසා නොබෝ කල­කින්ම දැනට රට තුළ ඇති වාහන තොග අව­සන් වී වාහන අලෙවි ව්‍යාපා­රි­ක­යන්ට ස්ථිර වශ­යෙන්ම සිය ආදා­යම් මාර්ග අහිමි වී යා හැකි බවද පෙන්වා දෙන අම­ර­සිංහ මහතා ආන­යන අත් හිටු­වීම ඉවත් කිරීම සඳහා මාස කිහි­ප­යක් ගත වන්නේ නම්, ව්‍යාපා­රි­ක­යන් හට සිය සේවක හා නඩත්තු විය­දම් පියවා ගත හැකි පරිදි ප්‍රමා­ණ­වත් සහය ලබා දෙන ලෙස­ටද රජ­යෙන් ඉල්ලී­මක් කළේය.

“සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංග­මය (CMTA) ශ්‍රී ලංකාව සහ ජාත්‍ය­න්ත­රය අතර, වාහන නිෂ්පා­ද­කයන් සම්බන්ධ කරන පාලම ලෙස ක්‍රියා කර­මින් ප්‍රවා­හන ක්ෂේත්‍රයේ වැද­ගත් කාර්ය­භා­ර­යක් ඉටු කර­නවා. 2019 වස­රේදී සංග­මය, ශ්‍රී ලංකාවේ අනා­ගත ප්‍රවා­හන සැලැ­ස්මක් ඇතු­ළත් ප්‍රති­පත්ති නිර්දේශ ලේඛ­න­යක් සකස් කිරීම ඇර­ඹුවා. එය සකස් කිරීම සඳහා අප සංග­මය, ජාත්‍ය­න්තර ව්‍යව­හා­රික පර්යේ­ෂණ ආය­තන සමග කට­යුතු කර­මින් සිටින අතර එය අව­සන් වූ සැණින් රජ­යට ඉදි­රි­පත් කිරීම සංග­මයේ බලා­පො­රො­ත්තු­වයි.

ඒ වගේම වාහන කර්මා­න්තය ඉහළ මට්ට­ම­කට ගෙන යාම සඳහා අවශ්‍ය රෙගු­ලාසි හඳුන්වා දීමට රජය කට­යුතු කළ යුතු බවද මේ වන විටත් අප බල­ධා­රීන් හමුවේ අව­ධා­ර­ණය කර තිබෙ­නවා."

මේ වන විට රටේ ආර්ථි­ක­යට මෙන්ම, විදේ­ශීය සංචිත පවත්වා ගැනී­මට ඇති අභි­යෝග සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංග­මය ඉතා මැන­වින් අව­බෝධ කර ගෙන ඇති අතර ක්ෂේත්‍රය තුළ දැනට මතු වෙමින් තිබෙන අභි­යෝ­ගා­ත්මක වාතා­ව­ර­ණය හමුවේ රැකියා කප්පා­දුව අවම කිරී­මට හා වැටුප් අඩු­කි­රීම් අවම කිරී­මට සංග­මයේ සාමා­ජි­ක­යින් උප­රිම උත්සාහ දර­මින් සිටිති. එහෙත් සංග­මයේ ප්‍රමු­ඛ­තම සාමා­ජි­කයන් පිරි­සක් වන වාහන ව්‍යාපා­රි­කයන් හට සිය වෘත්තීය පැවැත්ම සඳහා ගත හැකි අන් කිසිදු පිය­ව­රක් නොමැති බැවින් ඉදි­රි­යේදී දැඩි ක්‍රියා­මාර්ග රැසක් ගැනී­මට සිදු වනු ඇතැයි මත පළ වී තිබේ.

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංග­මයේ ජ්‍යේෂ්ඨ උප සභා­පති නිරංග පීරිස් මහ­තාද ඇති වී ඇති අර්බු­දය පිළි­බ­දව සිය අද­හස් දැක්වූ අතර වාහන ආන­ය­නය නියා­ම­නය කිරී­මට රජය පිය­වර ගත යුතු බව තම විශ්වා­සය වුවත් වාහන ආන­ය­නය කිරීමේ ගුණා­ත්ම­ක­භා­වය හා ප්‍රමා­ණය පාල­නය කිරීම සඳහා වාහන ව්‍යාපා­රි­කයන් ලියා­ප­දිංචි කිරීමේ ක්‍රම­යක් රජය විසින් ක්‍රියා­ත්මක කළ යුතු බවට ඔහු අව­ධා­ර­ණය කළේය.

වාහන ව්‍යාපා­රි­කයන් ලියා­ප­දිංචි කිරීමේ ක්‍රම­වේ­දය ලොව සෑම රටක්ම පාහේ අනු­ග­ම­නය කරන ක්‍රම­වේ­ද­යක් වන අතර, එම­ගින් පාරි­භෝ­ගි­ක­යන්ට විශ්වා­ස­වන්ත ආය­ත­න­යක් මගින් වාහ­න­යක් මිල දී ගැනී­මට හැකි බවද නිරංග පීරිස් මහතා සඳ­හන් කළ අතර මේ වන විට, වාහන ආන­ය­න­යෙන් 30% ක් පමණ මෙර­ටට ගෙන්වන්නේ ජාත්‍ය­න්තර වාහන නිෂ්පා­දන සමා­ග­ම්වල බල­ය­ලත් දේශීය අලෙවි නියෝ­ජි­ත­ව­රුන් මගින් බවද ඔහු පැව­සීය.. වාහන ආන­යන රෙගු­ලාසි, ක්ෂේත්‍ර­යට හඳුන්වා දීමෙන් ශ්‍රී ලාංකික පාරි­භෝ­ගි­ක­යින් ආරක්ෂා කිරී­ම­ටත් වාහන අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රමි­තීන් වැඩි­දි­යුණු කිරී­ම­ටත් හැකි වන අතර, විදෙස් විනි­මය ගලා යාමද සැල­කිය යුතු ලෙස අවම කිරී­මට රජ­යට හැකි වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

“බල­ය­ලත් නියෝ­ජි­ත­යන් වශ­යෙන් අප සමා­ගම් පිට­ර­ටින් ගෙන්වන්නේ අපේ රටට ගැල­පෙන සුදුසු වාහන පම­ණයි. අලුත් වාහ­න­යක් නිෂ්පා­ද­නය කරන්න මාස 4ක පමණ කාල­යක් වැය වෙනවා. අපේ ඉල්ලුම අනුව විදේ­ශ­යන් විසින් නිෂ්පා­ද­නය කරනු ලබන වාහන නිසි කලට ගෙන්වා ගැනීමේ ගැට­ලුව වාහන ආන­ය­නය අත්හි­ටු­වීම සඳහා රජය ගෙන ඇති තීර­ණය සමඟ දැන් මතුව තිබෙ­නවා. මේ නිසා වාහන රඳවා තබා ගැනීමේ ගාස්තුත් ගෙවන්න සිදු වෙලා.“

වාහන ආන­ය­නය අත් හිටු­වීම සඳහා රජය විසින් ගනු ලැබූ තීර­ණය පිළි­බ­දව තව­දු­ර­ටත් අව­ධා­නය යොමු කර දිගු­කා­ලීන දැක්මක් යටතේ වාහන ආන­ය­නය නියා­ම­නය කිරී­මට අවශ්‍ය කට­යුතු යොදා වාහන ව්‍යාපා­රි­ක­යින් මෙන්ම ආන­ය­න­ක­රු­වන්ද රැක ගැනී­මට බල­ධා­රීන් නොප­මාව කට­යුතු කළ යුතු බවද සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංග­මයේ ජ්‍යේෂ්ඨ උප සභා­පති නිරංග පීරිස් මහතා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේය.

Comments