‘රුව­න්පුර’ අධි­වේ­ගය වසර 3කින් නිම කිරී­මට උප­දෙස් | සිළුමිණ

‘රුව­න්පුර’ අධි­වේ­ගය වසර 3කින් නිම කිරී­මට උප­දෙස්

ත්න­පුර දක්වා ඉදි­වන ‘රුව­න්පුර‘ අධි­වේගී මාර්ගයේ වැඩ­ක­ට­යුතු මේ වසර තුළ­දීම ආරම්භ කිරී­ම­ටත් වසර 3ක් ඇතු­ළත මාර්ගයේ වැඩ කට­යුතු නිම කරන ලෙසත් මහා­මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ සියලු නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දී ඇත.

අමා­ත්‍යාං­ශ­යේදී පසු­ගිය 3 වැනිදා සියලු නිල­ධා­රීන් කැඳවා පෙර සැල­සුම් කර තිබූ පරිදි මාර්ගය කඩි­න­මින් ඉදි කරන ලෙස දන්වා ඇත. අදි­යර 3ක් යටතේ ඉදි­වන කොළඹ - පැල්ම­ඬුල්ල ‘රුව­න්පුර‘ අධි­වේගී මාර්ගය, දක්ෂිණ අධි­වේගී මාර්ගයේ කහ­තු­ඩුව අන්තර් හුව­මාරු මධ්‍ය­ස්ථා­නයේ සිට ගමන් අර­ඹනු ඇත.

එහි 1 අදි­යර යටතේ කහ­තු­ඩුව සිට ඉංගි­රිය දක්වා කි.මි. 24.3ක් ඉදි­ක­රනු ලබයි. දෙවන අදි­යර ලෙස ඉංගි­රියේ සිට රත්න­පුර දක්වා කි.මි.21ක් ඉදි­ක­රන අතර රත්න­පුර සිට පැල්ම­ඩුල්ල දක්වා කි.මි.28.6ක් ඉදි­ක­රනු ලබන්නේ ව්‍යාපෘ­තියේ තුන්වන අදි­යර ලෙසය.

සමස්ත මාර්ගය කිලෝ මීටර් 73.9ක් වන අතර පළමු අදි­ය­රට රුපි­යල් බිලි­යන 80ක් වැය වනු ඇත.

Comments