මහ­නු­වර භූ කම්පන ලොකු අන­තු­රක සේයා­වක්! | සිළුමිණ

මහ­නු­වර භූ කම්පන ලොකු අන­තු­රක සේයා­වක්!

හ­නු­වර අවට පසු­ගිය සතිය ඇතු­ළත සිදුවූ සුළු භූ කම්පන හතර ප්‍රදේ­ශය ආශ්‍රි­තව සිදු­විය හැකි මීට වඩා විශාල භූ කම්ප­න­යක පෙර නිමි­ත්තක් වීමට ඉඩ ඇති බවත් වික්ටෝ­රියා වේල්ල ආශ්‍රිත භූමි­කම්පා පිළි­බ­ඳව මීට අවු­රුදු 25කට පෙර භූ විද්‍යා මහා­චාර්ය පී. ඩබ්ලිව්. විතා­නගේ මහතා මේ ගැන අන­තුරු ඇඟවූ බවත් අතුල සේනා­රත්න පව­සයි.

වික්ටෝ­රියා වේල්ල හා ජලා­ශය අසල අන­ව­ස­ර­යෙන් හාරන හුණු­ගල් වළ­වල් හා අවට සිදු­වන බෝර දැමීම් හෝ ජලයේ තෙර­පී­මක් මෙම භූ කම්පන හතර සඳහා හේතු­විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව මේ ගැට­ලුව පර්යේ­ෂණ මඟින් නිරා­ක­ර­ණය වන තුරු මහ­නු­වර හා නුව­ර­එ­ළිය ප්‍රදේ­ශයේ මහ­වැලි ජලාශ අසල හුණු­ගල් වළ­වල් කැණීම් හා කළු­ගල් කැඩීම් වහාම නැවැ­ත්වී­මට අදාළ බල­ධා­රින් පිය­වර ගත යුතු බවද මහා­චා­ර්ය­ව­රයා රජ­යට දන්වා සිටී.

Comments