5/6 බලයේ සිට එක් අසු­න­කට ආ එජා­පයේ මාර පරා­ජය | Page 2 | සිළුමිණ

5/6 බලයේ සිට එක් අසු­න­කට ආ එජා­පයේ මාර පරා­ජය

‘රටක ශාන්ත දාන්ත­කම හරි­යට අප ආශ්වාස ප්‍රශ්වාස කරන සුළඟ වැනි ය. අප විසින් සුළඟ ආරක්ෂා කර ගැනී­මට උත්සාහ කරන්නේ නැත. නමුත් එය නැති වූ විට එහි ඇති අගය අපට තේරේ. එසේ අගය තේරෙන අව­ස්ථාව පැමිණි විට අප පමා වූවා වැඩි වනු ඇත. අප ඉදි­රියේ තිබෙන්නේ ද මෙවැනි මූලික ප්‍රශ්න­යකි. එක්සත් ජාතික පක්‍ෂය මගින් ලබා දී ඇති දේශ­පා­ලන ස්ථාවර භාවයේ අගය දැන් වටහා නොග­ත­හොත් අන්තිමේ දී අපට සිදු වන්නේ මහත් හානි­යකි‘ මේ 1956 වසරේ අප්‍රේල් මස 2 වැනිදා ජාතික පුව­ත්ප­තක පළ කර තිබූ ප්‍රවෘ­ත්ති­යක කොට­සකි.

එදා ජන­තා­වගේ ප්‍රධාන ජන­මාධ්‍ය වී තිබුණේ පුව­ත්පත් හා ගුවන් විදු­ලිය පම­ණකි. 1956 වසරේ අප්‍රේල් මස පැවැ­ත්වී­මට නිය­මිත වූ මහ මැති­ව­ර­ණය ඉලක්ක කර­ගෙන සියලු ජන­මාධ්‍ය එදා හැසි­ර­වී­මට එක්සත් ජාතික පක්ෂ­යට හැකි විය. එම නිසා ජන­තා­වගේ මතය වෙනස් කිරී­ම­ටද ඔවුන්ට හැකි විය. එහෙත් ඒ ජනතා මතය කෙත­රම් කාල­යක් තමන්ට අවශ්‍ය ලෙසින් වෙනස් කර තබා ගත හැකිද යන්න අපට මොන­වට කියා දෙන්න­ටද එජා­පයේ ඒ ක්‍රියා­දා­මය මේ වන විට සමත්ව ඇත. තේරෙන භාෂා­වෙන්ම කිය­න­වා­නම් ජන­තාව ගොනාට ඇන්ද­විය හැකි ප්‍රමා­ණ­යක් හා කාල­යක් ඇත. ජන­මාධ්‍ය සේවා අඩු මට්ට­ම­කින් පැවැති 60 – 70 දශ­කයේ වුවද එය සැමදා සිදු කළ නොහැකි විය.

එක්සත් ජාතික පක්ෂය බිහි­වීමේ සිට අද දක්වා ආ ගමන දෙස බැලී­මේදී මේ සියලු සිදු­වීම් මාලාව අපට දිග හැර ගත හැකිය.

එක්සත් ජාතික පක්ෂය බිහි කෙළේ නිද­හස් සටනේ පෙර­මුණ ගත් ඩී.එස්. සේනා­නා­යක මහතා විසින් 1946 සැප්තැ­ම්බර් 6 වැනි­දාය. එම පක්ෂය 1947 දී ඩොමි­නි­යන් තත්ත්ව­යක් ලබා ගැනීමේ අර­මුණ යටතේ මැති­ව­ර­ණ­යට තරග කළේය. මන්ත්‍රී­වරු 95 දෙනෙක් ඡන්ද­යෙන්ද ආණ්ඩු­කා­ර­ව­රයා විසින් පත් කරනු ලබන මන්ත්‍රී­ව­රුන් 6 දෙනෙක් සමඟ පාර්ලි­මේ­න්තු­වට තේරී­පත් කර ගන්නා සංඛ්‍යාව 101ක් වූ අතර එක්සත් ජාතික පක්ෂ­යෙන් මන්ත්‍රී­ව­රුන් 42ක් තේරී පත් විය. ලංකා සම­ස­මාජ පක්ෂ­යෙන් 10ක් හා ස්වාධීන මන්ත්‍රී­ව­රුන් 21ක්ද සෙසු පක්ෂ­ව­ලින් මන්ත්‍රී­ව­රුන් 22ක්ද එහිදී තේරී පත් විය. මැති­ව­ර­ණය දින 19ක් පැවැ­ත්වුණි. එක්සත් ජාතික පක්ෂ­යෙන් අත්ත­න­ගල්ල ආස­න­යට තරග කළ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩා­ර­නා­යක මහතා වැඩිම මනාප ප්‍රමා­ණ­යක් ලබා­ගත් අතර එම සංඛ්‍යාව 31,463කි. මීරි­ග­මින් ඩී.එස්. සේනා­නා­යක මහතා ලබා ගත් මනාප සංඛ්‍යාව 26,762කි. බෙලි­අත්ත ආස­න­යෙන් ඩී. ඒ. රාජ­පක්ෂ මහතා මනාප 14,007ක් ලබා ගත්තේය. එහිදී බහු­ත­රය දිනා ගැනී­මට එජා­පය අස­මත් වූ හෙයින් සුළු පක්ෂ හා සන්ධා­න­ගත වන්නට සිදු විය.

· එහෙත් එම පක්ෂයේ බලය 1947 මැති­ව­ර­ණ­යෙන් වසර 4කට පසුව හීන වී ගියේ­යත එයින් පිරි­සක් කැඩී පක්ෂය වෙන්ව ගියේ නිසි ප්‍රති­ප­ත්ති­මය ක්‍රම­වේ­ද­යක් පක්ෂ­යෙන් ඉදි­රි­යට ගෙන යාමට අස­මත් වූ හෙයිනි. එය පුද්ගල කේන්ද්‍රී­යව නොව පක්ෂය හා සම්බන්ධ ගැට­ලු­වක් බව පැහැ­දි­ලි­වම පෙනී ගියේ 1952 වසරේ මැති­ව­ර­ණ­යෙන් අපේ­ක්ෂ­ක­යන්ගේ ජය­ග්‍ර­හණ දෙස බැලී­මෙනි. 1951 වසරේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය පිහි­ටුවා ගත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩා­ර­නා­යක මහතා 1952දී එම පක්ෂ­යෙන් මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් විය.

එක්ස­ත් ජා­තික පක්ෂයේ නායක රනිල් වික්‍ර­ම­සිං­හ­යන් පක්ෂයේ හිටපු මහ­ලේ­කම් 
ගාමිණී අතු­කෝ­රළ ඇතුළු පිරි­සක් සමඟ වප්ම­ඟුල් උලෙ­ළ­කට සහ­භාගි වූ අව­ස්ථා­වක්

එහිදී එක්සත් ජාතික පක්ෂය ආසන 54 ක් ලබා ගත් අතර ස්වාධීන කණ්ඩා­යම් ආසන 12ක්ද ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ආසන 9ක්ද හිමි කර ගන්නා ලදී. ඒ තත්ත්වය මත ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් අත්ත­න­ගල්ල ආස­න­යෙන් හා බෙලි­අත්ත ආස­න­යෙන් තරග කළ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩා­ර­නා­යක හා ඩී. ඒ. රාජ­පක්ෂ මහ­ත්වරු ප්‍රථම ස්ථාන­යට පැමි­ණෙ­න්නට සමත් වූහ. මේ අතර 1952 වස­රේදී ඩී. එස්. සේනා­නා­යක මහතා හදිසි අන­තු­ර­කින් මිය ගිය පසු ඔහුගේ පුත් ඩඩ්ලි සේනා­නා­යක අග­මැති බවට පත්විය.

කෙසේ හෝ බලය රැක­ගෙන සිටි එක්සත් ජාතික පක්ෂය පර­දවා ජය ලබ­න්නට 1956 මැති­ව­ර­ණ­යෙන්දී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය සමත් විය.

1956 අ‍ප්‍රේල් මස 5,7, හා 10 තෙදින පැවැත්වූ එම මැති­ව­ර­ණ­යට එක්සත් ජාතික පක්ෂ­යට එරෙ­හිව මහ­ජන එක්සත් පෙර­මුණ නමින් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය මුල් කර­ගත් පක්ෂ කිහි­ප­යක් එක්ව කට­යුතු කළ අතර එහිදී එක්සත් ජාතික පක්ෂය විශාල පසු­බෑ­ම­කට පත් වූයේ මහ මැති­ව­ර­ණ­යේදී සිවු­වන ස්ථාන­යට පත් වෙමිනි. මහ­ජන එක්සත් පෙර­මුණ ආසන 51ක්ද ලංකා සම­ස­මාජ පක්ෂය ආසන 14ක්ද පෙඩ­රල් පක්ෂය ආසන 10ක්ද ලැබූ අතර එක්සත් ජාතික පක්ෂ­යට ලබා ගන්නට හැකි වූයේ ආසන 8ක් පමණි.

1946 ආරම්භ කළ පක්ෂය වසර 10කට පසුව ඒ අනුව දෙවන වර­ටත් විශාල පසු­බෑ­ම­කට ලක් විය. එයින් පසුව පැවැති 1960 මහ මැති­ව­ර­ණ­යේදී මන්ත්‍රී ආසන සංඛ්‍යාව 151ක් දක්වා වැඩි කර තිබූ අතර එම මැති­ව­ර­ණයේ සිට එක් එක් පක්ෂ­යට හිමි ලකු­ණක් (සංකේ­ත­යක්) ලබා දෙන ලද අතර මැති­ව­ර­ණය එක් දිනක් තුළ පව­ත්වන ලදී. ඒ 1960 මාර්තු 19 වැනි­දාය. එහිදී එක්සත් ජාතික පක්ෂය ආසන 50ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ආසන 46ක්ද පෙඩ­රල් පක්ෂ­යට ආසන 15ක්ද මහ­ජන එක්සත් පෙර­මු­ණට හා ලංකා සම­ස­මාජ පක්ෂ­යට ආසන 10ක්ද හිමි විය.

අස්ථා­වර ආණ්ඩු­වක් වූ එජාප ආණ්ඩුවේ ඊළඟ විශා­ල­තම පරා­ජය ආරම්භ වූයේ ඒ මැති­ව­ර­ණ­යෙන් පසු­වය. රාජා­සන කතාව පරා­ජ­යට පත් වූ නිසා පාර්ලි­මේ­න්තුව විසු­රුවා හරින ලදී. පක්ෂයේ පිරි­හීම එයින් පෙන්නුම් කරන ලදී. ඒ පිරි­හීම වළක්වා ගෙන මහ­ජ­න­තා­වගේ අව­ශ්‍යතා තේරුම් ගෙන පක්ෂයේ අඩු­පාඩු සාදා ගන්නට එජාප නාය­ක­ත්වය කට­යුතු කෙළේ නැත. ඒ වෙනු­වට ඔවුන් සිදු කෙළේ ප්‍රති­ප­ක්ෂයේ අඩු­පාඩු මවා­පා­මින් ඔවුන්ගේ නැති වැරැදි ගෙන හැර දක්ව­මින් සදා­චා­ර­යෙන් තොරව පවා දේශ­පා­ලන කට­යුතු මෙහෙ­ය­වී­මය. විශේ­ෂ­යෙන්ම 1960 පව­ත්වන ලද දෙවන මහ මැති­ව­ර­ණ­යට නාය­ක­ත්වය දුන් සිරි­මාවෝ මැති­නි­යගේ ප්‍රති­රූ­පය විනාශ කර­මින් චරිත ඝාත­නය කර­මින් එජා­පය විසින් කට­යුතු කෙළේ මුද්‍රිත ජන­මාධ්‍ය සියල්ල තමන් යට­තට ගෙනය.

වරෙක එක් ජාතික පුව­ත්ප­තක පළ කර තිබුණේ ‘සිරි­මාවෝ මැති­නිය අග­මැ­ති­ක­මට තරග කිරීම ඇයගේ මිය­ගිය සැමි­යාගේ ඇට­ක­ටු­ව­ලට පවා නින්දා ගෙන දෙන්නක් බවයි‘. කතු­වැකි කාටූන් සියල්ල පළ කෙළේ එක්සත් ජාතික පක්ෂය දින­වීම වෙනු­වෙනි. ‘අග­මැ­ති­කම ස්ත්‍රිය­කට බැහැ‘ යනු­වෙන් කතු­වැ­කි­යක පළ කර තිබුණි. එමෙන්ම තවත් පුව­ත්පත් ආය­ත­න­යක ප්‍රධාන ජාතික පුව­ත්ප­තක පළ කර තිබුණේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ බල­යට පත් වුව­හොත් සිංහ­ලයා සුළු ජාති­යක් වන බවයි.

මේ ලෙසින් ජන­මාධ්‍ය සිය­ල්ලම තමන් නතු කර­ගෙන කට­යුතු කළද 1960 ජූලි 20 වැනිදා දෙවන වර­ටත් එම වසරේ මැති­ව­ර­ණය පව­ත්වන ලද අතර එහිදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ආසන 151න් 75ක්ම දිනා ගැනී­මට සමත් විය. එක්සත් ජාතික පක්ෂය ආසන 30ක් හා පෙඩ­රල් පක්ෂය ආසන 16ක්ද සම­ස­මාජ පක්ෂය ආසන 12ක්ද හිමි කර ගන්නා ලදී. බල­යට පත්වී මාස 10ක් හෝ 12ක් පමණ කාල­ය­කට පසුව පක්ෂ­යක් එපා වන්නට හැකි­වු­වත් මාස 4ක් ඇතු­ළ­තදී පක්ෂ­යක් එවන් තත්ත්ව­ය­කට පිරි­හුණු අව­ස්ථා­වක් දක්නට නැත.

එමෙන්ම 1965 මහ මැති­ව­ර­ණ­ය­ටද එක්සත් ජාතික පක්ෂය මුහුණ දුන්නේ ජන­මාධ්‍ය උප­යෝගී කර­ගෙන විශාල මැති­ව­රණ ව්‍යාපා­ර­යක් හර­හාය. එහිදී සිංහල බෞද්ධ­යන් විසින් කට­යුතු කළ යුතු ආකා­රය ජාතික පුව­ත්පත් සිර­ස්ත­ල­ව­ලින් පවා පළ කර තිබුණේ ‘මේ මැති­ව­ර­ණ­යේදී බෞද්ධ­යන් චංදය දිය යුතු හැටි‘ යනු­වෙනි. එම පුව­ත්ප­තම තවත් විටක තවත් සිර­ස්ත­ල­යක පළ කර තිබුණේ ‘ත්‍රිවිධ රත්න­යට ඔබේ චන්දය පූජා කරන්න‘ යනු­වෙනි.

අද මෙන් නොව එකල පුව­ත්පත කෙරෙහි ජන­තා­වගේ තිබුණු විශ්වා­සය නිසා ඒ සියල්ල විශ්වාස කරන තත්ත්ව­යක් තිබුණි. කුමන අසත්‍ය පුව­තක් හෝ සැබෑ කර පෙන්විය හැකි තත්ත්ව­යක් තිබූ හෙයින් එවර සිදු කළ මේ ජන­මාධ්‍ය හැසි­ර­වීම හමුවේ එක්සත් ජාතික පක්ෂය 1965 මහ මැති­ව­ර­ණ­යෙන් ජය ගත්තේය.

එක්සත් ජාතික පක්ෂ­යට ආසන 66ක් හා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ආසන 41ක්ද පෙඩ­රල් පක්ෂ­යට ආසන 14ක් හා සම­ස­මාජ පක්ෂ­යට ආසන 10ක්ද හිමි වූ අතර සුළු පක්ෂ­වල සහා­යෙන් ආණ­ඩු­වක් පිහි­ටු­වී­මට එක්සත් ජාතික පක්ෂය කට­යුතු කරන ලදී.

එසේ වුවත් පක්ෂයේ එම ප්‍රෝඩාව සැමදා පවත්වා ගත නොහැකි විය. 1970 මහ මැති­ව­ර­ණය වන විට එහි තවත් ගැටලු අර්බුද මතු විය. පක්ෂය හා එක්ව කට­යුතු කළ පෙඩ­රල් පක්ෂය හා ජාතික විමුක්ති පෙර­මුණ එක්සත් ජාතික පක්ෂ­යෙන් ඉව­ත්වීම සිදු­වුණේ එම පක්ෂ හා ඇති කර­ගත් ගිවි­සුම් සම්බ­න්ධව අව­ධා­නය යොමු නොකි­රී­මත් ප්‍රති­පත්ති මත ගැටුම් නිසාය.

· මැති­ව­ර­ණ­යෙන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ආසන 90ක් ලබා ගත් අතර ලංකා සම­ස­මාජ පක්ෂය ආසන 19ක්ද ලබා ගත් අතර අන්ත පරා­ජ­ය­කට පත් වූ එක්සත් ජාතික පක්ෂය තෙවැනි තැනට පත් වූ අතර ඔවුන්ට ලබා ගත හැකි වූයේ ආසන 17ක් පමණි.

එතැන් සිට ජේ. ආර්. ජය­ව­ර්ධන විසින් උප­ක්‍ර­ම­ශී­ලීව සිදු කළ මෙහෙය නිසාත් 1971 වසරේ සිදුවූ ජනතා විමුක්ති පෙර­මුණේ කැරැල්ල හා රජය එයට දැක්වූ වැරැදි ප්‍රති­චාර නිසාත් එක්සත් ජාතික පක්ෂ­යට 1977දී ජය ගැන්මට හැකි විය.

1977 වසර වන විට ආසන සංඛ්‍යාව 168ක් දක්වා ඉහළ දමා තිබුණු අතර එක්සත් ජාතික පක්ෂය ආසන 140ක් ලබා ගත්තේ ජේ.ආර්. ජය­ව­ර්ධන මහ­තාගේ එම උපා­ය­ශීලී ප්‍රති­ප­ත්තිය නිසාය. අමි­ර්ත­ලිං­ගම්ගේ ද්‍රවිඩ එක්සත් විමුන්ති පෙර­මුණ ආසන 18ක් ලැබූ අතර ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට හිමි­වූයේ ආසන 8ක් පමණි. මේ අනුව එක්සත් ජාතික පක්ෂ­යට 5/6ක බල­යක් හිමිවූ අතර ඒ බල­යත් සමඟ විධා­යක ජනා­ධි­පති ක්‍රම­යද ගෙන ඒම­ටද ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා කට­යුතු කෙළේය.

1982 ප්‍රථම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් 52.91%ක් ලබා ජේ.ආර්. ජය­ව­ර්ධ­න­යන් ජය ලැබූ අතර එම විධා­යක ජනා­ධි­ප­ති­ධු­රයේ සිට මහ මැති­ව­ර­ණ­යක් නොප­වත්වා පැව­තුණු ආණ්ඩු­වම තවත් වසර 6කට දීර්ඝ කර ගැනී­මට ජේ.ආර්. ජය­ව­ර්ධන ජනා­ධි­ප­ති­ව­රයා සමත් විය. 1982 ජන­මත විචා­ර­ණය ලාම්පු - කළ­ගෙඩි සෙල්ලම වශ­යෙන් ජන සමා­ජයේ කතා බහට ලක්වුණු අතර එහිදී මහ මැති­ව­ර­ණ­යක් නොප­වත්වා ඉදිරි කාලය පැරැණි පාර්ලි­මේ­න්තු­වම පව­ත්වා­ගෙන යාමට 54.45%කින් තම අද­හස මුදුන් පත් කර ගැන්මට ජේ.ආර් ජය­ව­ර්ධන සමත් විය. එහෙත් එයට විප­ක්ෂව 45.17%ක් ලැබුණි. එය ජනතා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය මුළු­ම­නින්ම උල්ලං­ඝ­ණය කිරී­මක් බව එකල නීති විශා­ර­ද­යන් විසින් පෙන්නුම් කළද ඒ හඬට ඉඩක් නොවුණි.

1988 වසරේ පැවැති දෙවන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ආර්. ප්‍රේම­දාස මහතා ජය­ගත්තේ භීෂ­ණ­කාරී යුග­ය­ක­දීය. ඔහු 50.43%ක ප්‍රති­ශ­ත­යක් ලැබු­වේය.

ඒ අනුව යමින් 1989 වසරේ ආසන 225ක් උදෙසා මෙරට ප්‍රථම සමා­නු­පා­තික ඡන්ද ක්‍රමය පව­ත්වන ලද අතර එහිදී එක්සත් ජාතික පක්ෂය විසින් ආසන 125ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට හිමි­වුණේ ආසන 67කි. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙර­මු­ණට ආසන 10ක් හිමි­වුණු අතර පාර්ලි­මේ­න්තුවේ ධුර කාලය අව­ස­න්වී­මට පෙර ජනා­ධි­ප­තිව සිටි ආර්. ප්‍රේම­දාස මහ­තාගේ අභා­වය සිදු­වීම නිසා ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ඩී.බී. විජේ­තුංග පත් විය.

ඒ වන විට තිබුණු එක්සත් ජාතික පක්ෂ විරෝධී ජන බලය හමුවේ පක්ෂ කිහි­ප­යක් එක­තුව පොදු පෙර­මුණ නමින් මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව 1994 වස­රේදී ආසන 105ක් හිමි කර ගැන්මට සමත් වූ අතර එක්සත් ජාතික පක්ෂ­යට හිමි­වූයේ ආසන 94ක් පමණි.

පොදු පෙර­මුණු රජයේ ගමන් මඟ දෙවන වතා­ව­ටත් අනු­මත කළ ජන­තාව 2000 වසරේ පැවැති මහ මැති­ව­ර­ණ­යේදී පොදු ජන එක්සත් පෙර­මු­ණට ආසන 107ක් ලබා ගන්නා ලදී. එක්සත් ජාතික පක්ෂ­යට එවර ලබා ගැන්මට හැකි­වූයේ ආසන 89ක් පමණි. ජනතා විමුක්ති පෙර­මු­ණද එම මැති­ව­ර­ණ­යට තරග කර­මින් ආසන 10ක් හිමි කර ගන්නට සමත් විය.

එම වස­රේම චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග 62.28%ක ප්‍රති­ශ­ත­ය­කින් ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය ලැබුවේ ශ්‍රීමා දිසා­නා­යක ප්‍රධාන ප්‍රති­ම­ල්ල­වයා පරා­ජ­යට පත් කර­මිනි. ඇය ලැබූ ප්‍රති­ශ­තය 35.91%කි. ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කදී එක්සත් ජාතික පක්ෂය ලැබූ දරු­ණුම පරා­ජය එය විය. 1999 වසරේ පව­ත්වන ලද සිවු­වැනි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේ­දීද එජාප අපේ­ක්ෂක රනිල් වික්‍ර­ම­සිංහ මහතා පරා­ජ­යට පත් වූයේ 42.71%ක ප්‍රති­ශ­ත­යක් පම­ණක් ලබා ගනි­මිනි. චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මිය 57.12%ක් ලබා ගත්තාය. එහෙත් චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මැති­නි­යගේ දුර්ව­ලතා නිසා ආණ්ඩුවේ මැති ඇමැ­ති­ව­රුන් කිහිප දෙනෙක් විප­ක්ෂ­යට යාම නිසා පාර්ලි­මේ­න්තුව විසු­රුවා නව මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට සිදු විය.

ඒ අනුව 2001 වස­රේදී පැවැති එම මැති­ව­ර­ණ­යේ­දීද එක්සත් ජාතික පක්ෂය සූක්ෂ්ම ලෙසින් මන්ත්‍රී­ව­රුන් ඩැහැ ගෙන පාලන බලය අල්ලා ගැනී­මට කට­යුතු කළා විනා ඒ වන විට මුල් බැස­ගෙන තිබුණු ත්‍රස්ත­වා­ද­යට විරු­ද්ධව කට­යුතු කිරී­මට ආණ්ඩු­වට කිසිදු සහා­යක් ලබා දුන්නේ නැත. ඒ වෙනු­වට ඔවුන් සිදු කෙළේ ත්‍රස්ත­වා­දය දුරු කළ හැක්කේ තම පක්ෂ­යට පම­ණක් බව ඒත්තු ගැන්වී­මට උත්සාහ කිරීම පමණි.

2001 වසරේ පැවැති එම මැති­ව­ර­ණ­යේදී එක්සත් ජාතික පක්ෂ­යට ආසන 109ක් හිමි වූ අතර පොදු පෙර­මු­ණට ආසන 77ක්ද ජනතා විමුක්ති පෙර­මු­ණට ආසන 16ක් හා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙර­මු­ණට ආසන 15 ක්ද හිමි විය. එහෙත් වසර 4කදී එක්සත් ජාතික පක්ෂය යළිත් ජන­තා­වට එපා විය. රනිල් වික්‍ර­ම­සිං­හගේ විදේශ ගැති ප්‍රති­ප­ත්තිය හා රාජ්‍ය දේපළ සම්බන්ධ ප්‍රති­පත්ති මෙන්ම අඩ සිය­ව­ස­කට පමණ පෙර පක්ෂය විසින් සිදු කළ බුදු දහ­මට නිගරු කිරීමේ ප්‍රති­ප­ත්තිය යළිත් කර­ළි­යට ආවේය.

2004 දී එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය නමින් මැති­ව­ර­ණ­යට පිවිසි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය මුල් කර­ගත් කණ්ඩා­යම ජය­ග්‍ර­හ­ණය කෙළේ ආසන 105ක් දිනා ගනි­මිනි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රති­ප­ත්ති­ව­ලට එකඟ නොවූ ජන­තාව වසර 3කදී යළිත් පාලන බල­යෙන් ඉවත් කර­න්නට කට­යුතු කෙළේ. එක්සත් ජාතික පක්ෂ­යට ආසන 82ක් ලබා දෙමිනි. දෙමළ ජාතික සන්ධා­න­යට ආසන 22ක් හිමි­විය.

2005 වස­රේදී පව­ත්වන ලද 5 වන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් මහින්ද රාජ­ප­ක්ෂ­යන් බල­යට පත් වුණේ 50.29%ක ප්‍රති­ශ­ත­යක් ලබා­ගන වන අතර ප්‍රධාන ප්‍රති­වා­දියා වූ එජාප නායක රනිල් වික්‍ර­ම­සිංහ එවර පරා­ජ­යට පත් වූයේ 48.43%ක ප්‍රති­ශ­ත­යක් ලබ­මිනි.

2009 වස­රේදී ත්‍රස්ත­වා­දය අව­සන් කළ මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දැක්ම අනු­මත කළ ජන­තාව 2010 වස­රේදී ද ඔහුගේ නාය­ක­ත්ව­යට දිරි දුන්නේය. එහෙත් කෙසේ හෝ බලය අල්ලා ගැනීමේ පිපා­සා­වෙන් පෙළුණු එක්සත් ජාතික පක්ෂ නාය­ක­ත්වය සිදු කෙළේ හිටපු යුද හමු­දා­ප­ති­ව­රයා වීර­යකු කර ජනා­ධි­ප­ති­ව­ර­ය­ණ­යට ඉදි­රි­පත් කිරී­මය. එහෙත් ජනා­ධි­ප­ති­ව­ර­යේදී මහින්ද රාජ­ප­ක්ෂ­යන් ජය ගත්තේ 57.88%ක ප්‍රති­ශ­ත­යක් ලබ­මිනි. එජා­පයේ පරා­ජ­යක් ලෙස සැල­කුණු එම මැති­ව­ර­ණ­යේදී සරත් ෆොන්සේකා මහතා ලබා ගත් ඡන්ද ප්‍රති­ශ­තය වූයේ 40.15%කි.

· 2010 මහ මැති­ව­ර­ණ­යේදී එක්සත් ජාතික පක්ෂය ආසන 60ක් හිමි කර ගෙන තවත් පසු­බෑ­ම­කට ලක් විය. එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය ආසන 144ක් ලබා ගත්තේය. ඒ තුනෙන් දෙකක ආසන්න බල­යක් ලබා­ගෙ­නය.

2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් කෙසේ හෝ ජය ගැනීම උදෙසා මෛත්‍රී­පාල සිරි­සේන මහතා පොදු අපේ­ක්ෂ­කයා ලෙසින් සහ­භාගි කර ගත්තේය. පොළො­න්න­රුවේ එජාප සහ ශ්‍රීල­නිප ජන­තා­වගේ සහාය ඔහුට ලැබී­මත් උතුරු නැඟෙ­න­හිර දෙමළ හා මුස්ලිම් ජන­තා­වගේ ඡන්ද හා උඩ­රට ජන­තා­වගේ ඡන්ද පලනි දිග­ම්බ­රන්ගේ මූලි­ක­ත්ව­යෙන් ලබා ගැනී­මත් නිසා පොදු අපේ­ක්ෂ­කයා ජය­ග්‍ර­හ­ණය කර ගැන්මට ඔවුන්ට හැකි විය.

ඒ ජය­ග්‍ර­හ­ණ­යත් සම­ඟම ජන­තාව තීර­ණය කෙළේ චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක යුගයේ පැවැති තත්ත්වය නැවත ඇති නොව­න්නට ජනා­ධි­ප­ති­ව­රයා සමග යා හැකි එජාප මූලික ආණ්ඩු­වක් සඳහා සහාය ලබා දීම­ටය. ආණ්ඩුව ජන­තා­වට කැරට් අල ලබා දුන්නේ ‘යහ­පා­ලන‘ ආණ්ඩු­වක් රට පාල­නය කරනා බව පෙන්ව­මිනි.

එම මැති­ව­ර­ණ­යේදී ආසන 106ක් ලබා ගෙන එජා­පය යළි බල­යට පැමි­ණි­යේය. එහෙත් යහ­පා­ල­නය හරහා සිදු කළ විවිධ අත්ත­නෝ­ම­තික ක්‍රියා­දා­ම­යන් නිසා එම රජය ක්‍රම­යෙන් ජන­තා­වට එපා වූ අතර යහ­පා­ල­නය‘ වෙනු­වට සිදු­වුණේ රටේ ජාතික සම්පත් විදේ­ශ­යන්ට විකි­ණී­මත් මහ බැංකුවේ බැදු­ම්කර වංචාව වැනි මහා මූල්‍ය වංචා­වන් සිදු­වී­මය.

එසේම එක්සත් ජාතික පක්ෂයේ අභ්‍ය­න්ත­රයේ මතු වූ විරෝ­ධ­තා­වක් වූයේ පක්ෂ නාය­ක­ත්වය වෙනස් විය යුතු බවයි.

ඒ අතර 2018 පළා­ත්පා­ලන මැති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ විශිෂ්ට ජයක් අත් කර ගත් අතර එතැ­නින් එජා­පයේ ගැටුම් තවත් වැඩි වූ අතර මත ගැටුම් නිසා 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කිරීම පවා උග­හට විය.

රනිල් වික්‍ර­ම­සිංහ, කරූ ජය­සූ­රිය මෙන්ම සජිත් ප්‍රේම­දාස තුන් කට්ටු­ව­කගේ නම් කියැ­වුණු අතර ඒ වන විටත් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ යටතේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන බවට ස්ථිර කර තිබුණි.

ගෝඨා­භය මහ­තාගේ පුර­වැ­සි­භා­වය සම්බ­න්ධව සොයා බල­මින් එයට අභි­යෝග කර­මින් සිටියා විනා පක්ෂයේ ප්‍රති­සං­වි­ධා­නය කර ගැනිම ගැක කිසි­වකු හෝ ජන­තාව වෙනු­වෙන් කළ හැකි ප්‍රායෝ­ගික ක්‍රම­වේ­ද­යක් ගැන හෝ කතා කෙළේ නැත. එමෙන්ම ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී තමාගේ කකු­ලෙන් ඇද්ද බව සජිත් ප්‍රේම­දා­ස­යන් ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­සා­නයේ පැව­සීය.

පක්ෂයේ ප්‍රති­සං­වි­ධා­නය නමින් සිදු කළ විවිධ සංශෝ­ධන හරහා රනිල් වික්‍ර­ම­සිං­හ­යන් තමාට පාක්ෂික පිරිස් ඉහළ තලයේ තබා ගැනීම හැරෙ­න්නට සිදු කළ දෙයක් තිබුණේ නැත. ඒ හරහා පාක්ෂි­කයා දිනෙන් දින කල­කි­රුණු අතර ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කයා තේරී­මට පෙර සිරි­කො­තට ගිය පළාත් පාලන මන්ත්‍රී­ව­රුන් හමු­වීම මග හැර ගිය රනිල් වික්‍ර­ම­සිංහ ගැන කළ­කි­රුණු ඔවුහු සජිත් ප්‍රේම­දාස හමුවී සහාය පළ කළහ.

2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් 52.25%ක් ලබා ජය­ග්‍ර­හ­ණය කෙළේ සජිත් ප්‍රේම­දා­ස­යන් (41.99%) පරා­ජ­යට පත් කර­මිනි.

එම පරා­ජ­යෙන් පසුව එක්සත් ජාතික පක්ෂය දරුණු ලෙසින් දෙකඩ වී ජනා­ධි­පති අපේ­ක්ෂක සජිත් වෙනම පක්ෂ­යක් පිහි­ටුවා ගත්තේය. එය පක්ෂයේ විශා­ලම දෙදරා යාම විය. නිසි ප්‍රති­ප­ත්ති­යක් නැති­කම මෙන්ම ජනතා හිත­වාදී නොවීම මත මේ සියලු ගැටුම් ඇති විය. එය පක්ෂයේ විශාල පරා­ජ­යක් බව දේශ­පා­ලන විචා­ර­කයෝ පව­සති. ඒ අනුව ඔවුන් මහ මැති­ව­ර­ණ­යට මුහුණ දුන්නේ පක්ෂ දෙකක් ලෙසිනි. කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂ­යක් ලෙසින් මහ මැති­ව­ර­ණ­යට තරග කෙළේය.

2020 මහ මැති­ව­ර­ණ­යේදී එක්සත් ජාතික පක්ෂ­යට හිමිවූ සම්පූර්ණ ඡන්ද සංඛ්‍යාව 249,435ක් වූ අතර එය ප්‍රති­ශ­ත­යක් ලෙසින් 2.15%කි. පක්ෂයට ලැබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි. 5/6ක බලයේ සිට එක් මන්ත්‍රී ආස­න­යක් දක්වා එක්සත් ජාතික පක්ෂ­යට සිදුවූ මේ ඛේද­නීය ඉර­ණම පසක් කරන්නේ ජන­මාධ්‍ය හරහා කුමන ආකා­රයේ තම බල­පු­ළු­ව­න්කා­ර­කම් සිදු කළද ජන­තාව සත්‍ය නිසි ලෙසින් වටහා ගන්නා දින­යක් පැමි­ණෙන බවයි. 1960 වසරේ මහ මැති­ව­ර­යේදී බණ්ඩා­ර­නා­යක මැති­නි­යට අසභ්‍ය අශ්ලීල ප්‍රකාශ පවා එල්ල කළා මෙන්ම මෙවර ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඇම­රි­කන් පුර­වැ­සි­යකු බව පෙන්ව­මින් සිදු කළ මිථ්‍යා මත සියල්ල පසෙක දමා ජන­තාව පිළි­තුරු ලබා දුන්හ.

අප මේ විග්‍රහ කෙළේ මහ මැති­ව­රණ හා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යන් පමණි පළාත් සභා හා පළාත් පාලන මැති­ව­රණ මෙන්ම අතුරු මැති­ව­රණ (2018 පළාත් පාලන මැති­ව­ර­ණය හැර) සියල්ල විග්‍රහ කෙළේ නම් එජා­පයේ පරා­ජ­යන් මෙන්ම පසු­බෑම් මීට වඩා තුන් හතර ගුණ­යක් වනු ඇත.

අසත්‍ය සැමදා සිදු කළ නොහැකි බව ජන­තාව පෙන්වා දුන්නේ ඒ මාර පරා­ජ­යත් සම­ඟිනි. මෙරට පැරැ­ණි­තම දේශ­පා­ලන පක්ෂ­යක් ඇද වැටුණේ ජන­තාව ගොනාට ඇන්ද­වීමේ මෙන්ම තම වැරැදි සාදා නොගෙ­නීම නිසාය. ඒ මාර පරා­ජ­යෙන් යළි කාලා­න්ත­ර­ය­කට ගොඩ එන්නට එක්සත් ජාතික පක්ෂ­යට හැකි වේ යැයි සිතීම නම් අප­හ­සුය.

Comments