හතර වටේ ගොසිප් | සිළුමිණ

හතර වටේ ගොසිප්

මනාප නැතිව ගෙදර යන්න බැරිලු

 

දිය­ව­න්නා­වට පැන ගන්න නොයෙක් වෙර වීරිය දාපු ඇත්තන් අතර නොයෙක් නොයෙක් රස කතා බොහො­ම­යක්ලු.

ගාල්ලේ මනාප පොරය නිසා රතු පාටිය නිල් පාටිය පොහොට්ටු පාටිය කොළ පාටිය මෙන් ම පුතා­ණෝගේ පාටියේ ඇත්තන් නොයෙක් නොයෙක් විජ්ජා­වන් පෙන්නුවා කිය­ලත් ආරං­චියි.

ඡන්ද ගණන් කරන ස්ථාන­යට පැමිණි ගාල්ලේ දිය­වන්නා අපේ­ක්ෂ­ක­යකු තම පාටිය මෙන්ම තමන් පරා­ජය වූ බව පිළි­ග­න්නට කිසි­සේත්ම කැම­ති­වෙලා නැහැ කියන්නේ.

කොළ පාටියේ සාමා­ජි­ක­යකු වූ මොහු දිය­ව­න්නාව නියෝ­ජ­නය කරපු තානා­න්තර කිහි­ප­යක් ම උසු­ලපු අයෙක්ලු.

ඡන්ද ගන්න තැනට ගොස් කිහි­ප­ව­තා­වක් ම තමන්ගේ පාටියේ සහ මනාප තව කිහි­ප­ව­රක් ම ගනින්න ඕන බව ළඟින් ම හිටපු පාක්ෂි­ක­යන්ට බැණ වදි­මින් කිහිප සැර­යක්ම ප්‍රකාශ කරයි කිය­ලයි ආරං­චිය.

 

මනාප මදිව යකා නටන කැල­ණියේ නළුවා

 

කැල­ණියේ වැඩ දාන දේශ­පා­ල­ඥ­යන් රැසක් පිළි­බ­ඳව ඉති­හා­සය පුරා­ව­ටම රට වැසියා හොඳින් දන්නා කරු­ණකි.

කාලෙන් කාලෙට කැල­ණිය පුර­ව­ර­යට නොයෙක් පාටි­ව­ලින් මේ ආකා­ර­යට වැඩ්ඩන් පැමිණ යන බව කැල­ණියේ නගර වැසි­යන් කියති.

එක් කාල­යක දකුණේ වීර­ව­ර­යකු බව කිය­මින් දුටු­ගැ­මුණු චරි­තය රඟ­පාන නිල් පාටියේ හාද­යකු කැල­ණිය පුර­ව­රය පුරා සැරි­සැ­රු­වේය.

ඉන්ප­සුව කොළ පාටිය නියෝ­ජ­නය කර­මින් ආර­ක්ෂක අංශ ලොක්කකු කැල­ණිය පුර­ව­රයේ පිස්සු නැටූ බව ගම්මු කියති.

අලු­තෙන් ම රඟ­පාන දේශ­පා­ලන නළුවා පොහොට්ටු පාටියේ නියෝ­ජි­ත­යෙක් කිය­ලයි කියන්නේ.

මෙවර දිය­වන්නා සට­නට එක්වූ ඔහු දිය­ව­න්නාව තර­ණය කිරී­මට සමත් වූ ඇත්තෙක්ලු.

තමන්ට මනාප අඩු­වෙන් ලැබුණා කියල ඔහු තම­න්ගේම පාක්ෂි­ක­යන්ට හරි හරි­යට බැණ වදි­නවා කිය­ලයි ආරං­චිය.

 

කොළ පාටියේ ලොක්කා ටයි කෝට් කාරයා පන්නා ගත්තාලු

 

රතු­පා­ටිය, කොළ පාටිය ඇතුළු තවත් පාටි කිහි­ප­යක් ම මෙවර මහ මැති­ව­ර­ණ­යේදී අන්ත පරා­ජ­ය­කට ලක්විය.

රතු පාටියේ මෙන්ම කොළ පාටියේ නාය­ක­යින් දැන් දැන් අමුතු අමුතු කතා කිය­නව කිය­ලයි කියන්නේ.

ප්‍රති­ඵල බොහො­ම­යක් ජන­මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වී තිබි­ය­දීත් කොළ පාටියේ නාය­කයා ළඟට වෙලා ඉන්න ටයි කෝට් ඇඳ­ගත්ත හාද­යෙක් දිගින් දිග­ටම කිය­න­වලු කොළ පාටියේ දස දෙනෙ­කු­වත් මෙවර දිය­ව­න්නා­වට තෝරා­පත් වන බව.

අව­සන් ප්‍රති­ඵල කිය­වෙද්දී කෝට් ඇඳ­ගත්ත කොළ පාටියේ නාය­ක­තු­මන්ගේ ළඟ­ටම වී සිටි හාද­යාට කොළ පාටියේ නාය­ක­තු­මන් හොඳ­ටම බැණ වැදුණා කිය­ලයි ආරං­චිය.

 

හිටපු රජු පුල­ති­සි­පුර  පාටි­යක්ලු

 

පුල­ති­සි­පුර හිටපු රජුන්ට දිය­වන්නා සට­නේදී නොයෙක් නොයෙක් කතා රැසක්ම කිය­වුණි.

පොහොට්ටු පාටි­යෙන් දිගින් දිග­ටම නොයෙක් ප්‍රහාර එල්ල කිරී­මට දිය­වන්නා සට­නට එක්වුණු චණ්ඩි හාද­යන් කිහි­ප­දෙ­නෙක් ම ක්‍රියා කළාලු.

මේ කිසිම දෙය­කින් තමන්ට හානි­යක් නොවන බවත් තමන් මහ මැති­ව­ර­ණ­යෙන් අංක එකට එන බව පුල­ති­සි­පුර හිටපු රජුන් නිතර නිතර කිව්ව කිය­ලයි ආරං­චිය.

මේ නිසාම පුල­ති­සි­පු­ර­ව­රයේ මැති­ව­රණ රැලි බොහො­ම­යක් තනි­වම පැවැ­ත්වී­මට හිටපු රජුන් කට­යුතු කරයි කිය­ලයි කියන්නේ.

මහ මැති­ව­ර­ණයේ ප්‍රති­ඵල එන්නත් කලින් තමන් අංක එක බව කිය­මින් පුල­ති­සි­පුර හිටපු රජුන් සාද­යක් පැවැ­ත්වූවා කිය­ලයි ආරං­චිය.

 

පුතා­ණෝගේ සිහි­න­යට “හලෝ” සුබ පැතුම්

 

රතු පාටි­යයි පුතා­ණෝගේ පාටි­යයි අග­මැති හීන­යක හිටිය කිය­ලයි ආරං­චිය. මැති­ව­ර­ණය පැවැති දිනයේ පුතා­ණෝට දිගින් දිග­ටම දුර­ක­ථන ඇම­තුම් ලැබුණ කියන්නේ. එම ඇම­තුම් බොහො­ම­යක් සුබ පැතුම් එක්ක­ර­මින් අග­මැ­ති­තු­මන්ට ජය­වේවා කියල ප්‍රකාශ කරාලු.

පුතා­ණෝගේ පාටි­යෙන් දිය­ව­න්නා­වට තරග කළ බොහෝ දෙනකු දිගින් දිග­ටම පුත­ණෝට දුර­ක­ථන ඇම­තුම් ලබා දෙමින් තමන්ගේ ඇම­ති­කම ගැන බලා­පො­රොත්තු ටික කිව්ව කිය­ලත් කනින් කොනින් ආරං­චියි.

 

හතේ හත  නාගත්  අපේ­ක්ෂි­කා­වක්

දිය­ව­න්නා­වට පනින සටන වෙනු­වෙන් අපේ­ක්ෂ­ක­යන් විවිධ ආකා­රයේ ක්‍රියා­වන් රැසක්ම සිදු කළ බව සමාජ මාධ්‍යයේ සංස­ර­ණය වනු දැක ගත හැකි විය. බෝධි පූජා දවස් අටක් පැවැත්වූ කොළඹ දිශාවේ පුතා­ණෝගේ පාටියේ හීන්දාරි උස හාද­යකු ගැන දැන­ග­න්නට ලැබිණි.

රත්න­පුර පළාතේ කාන්තා­වක් සිවු­ව­තා­වක්ම කැලෑ­වැ­දුණු බවත් කහ­වත්ත ප්‍රදේ­ශයේ පිහිටා ඇති දේවා­ල­ය­කට ඇය මෙලෙස ගිය බවත් පැවසේ. මේ අතර මැති­ව­ර­ණය පැවැති දිනයේ කහ­ව­තුර, පිච්ච­මල් වතුර ඇතුළු හත් ජාති­ය­කින් හත්ව­තා­වක් නාගත් කාන්තා­වක් ගැන කොළ­ඹින් අස­න්නට ලැබේ. පොහොට්ටු පාටි­යෙන් දිය­ව­න්නා­වට තරග කරපු මේ කාන්තාව මහ නගර සභා­වක නග­රා­ධි­ප­ති­නිය ලෙසත් කට­යුතු කරා කිය­ලයි ආරං­චිය. පූසා­රි­ව­ර­ය­කුගේ උප­දෙස් මත ඡන්දය දැමී­මට පෙර ඇය මෙලෙස හත්ව­තා­වක් නාගත්තා කිය­ලයි කියන්නේ.

Comments