සතියේ කල දවස | Page 2 | සිළුමිණ

සතියේ කල දවස

2020 අගෝස්තු 16 සිට අගෝස්තු 22 දක්වා

 

මේෂ ලග්නය - දේපළ උරු­ම­යක්

මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ආරම්භ වන්නේ කිසි­යම් දේප­ළක උරු­ම­යක් හිමි කර දීමක් සම­ඟිනි. චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍රයේ 03 - 04 - 05 - 06 යන ස්ථාන­වල ගමන් කර­මින් හදිසි ධනය, වාහන ඉඩම් නිවාස මිලදී ගැනීම වැනි භෞතික සම්ප­ත්වල උරු­ම­යන් ද උදා කර දෙයි. දරු­වන් නොමැති අය සඳහා දරු සම්පත් ද උදා­කර දෙන මේ සතියේ වකු­ගඩු සම්බන්ධ රෝග­යක පෙර ලකුණු මතු කර­න්නට ද ඉඩ ඇති බැවිනි.

වෘෂභ ලග්නය - උගුරේ ආසා­ද­න­යක්

වෘෂභ ලග්න­යට අනුව මෙම සතිය ආර­ම්භ­යේ­දීම කිසි­යම් උගුරේ ආසා­ද­න­යක් නිසා පරී­ක්ෂණ වලට භාජ­නය වීමට ද ඉඩ තිබේ. මෙම සතියේ ඔබේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 02 - 03 - 04 - 05 යන ස්ථාන­වල ගමන් කරන බැවින් ඒ සඳහා අන් අයගේ ඇප උප­කාර නොම­ඳව ලැබෙන අතර මිල මුදල් වලින්ද අඩු­වක් නොවේ. ආර්ථික හා භෞතික සම්පත් උදා වන අතර රැකි­යා­ගත යහ­ප­ත්ක­ම­කට ද උරු­මය අත්පත් වන බව පෙනෙ­න්නට තිබේ.

මිථුන ලග්නය - විවා­හ­ය­කට සුදුසු පරි­ස­ර­යක්

මිථුන ලග්නය හිමි ඔබට මෙම සතිය ඉතා වාස­නා­වන්ත සැහැල්ලු මාන­සි­ක­ත්ව­ය­කට හිමි­කම් ලැබේ. මෙතෙක් බාධ­කව පැවති බොහෝ කට­යුතු අතර ප්‍රධාන වන විවා­හය සඳහා සුදුසු කට­යුතු සැලසේ. චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍රයේ 01 - 02 - 03 - 04 යන ස්ථාන­වල ගමන් කිරීම ඊට ප්‍රධා­නම හේතුව වන අතර එඩි­ත­රව තීන්දු තීරණ ගැනීම හා අන් අයට තම අද­හස් උද­හස් පැහැ­දිලි කර­දී­මට සම­ත්කම ලැබේ

කටක ලග්නය - අඹු සැමි­යන් අතර මත­භේද

මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 12 - 01 - 02 - 03 යන ස්ථාන­වල ගමන් කර­මින් ආර­ම්භ­යේ­දීම ඔබට සිත් තැවු­ල­කට කරුණු එළ­ඹෙන නමුදු සතිය මැද භාගයේ සිට ඒ සඳහා සහ­නය ලැබේ. යටි බඩේ දෝෂ, මුත්‍රා දෝෂ වැනි හදිසි ආපදා නිසා පීඩා විඳී­මට සිදු­වනු ඇත. තම සහ­කා­රිය හෝ සහ­ක­රුවා තමා පිළි­බඳ දරන කිසි­යම් වැරදි මත­යක් නිසා කිසි­යම් අස­හ­න­කාරි මාන­සික තත්ත්ව­ය­කට පත්වී­මට බොහෝ දුරට ඉඩ ඇත.

සිංහ ලග්නය - රාජ­තා­න්ත්‍රික පිළි­ගැ­නීම්

සිංහ ලග්නයේ ඔබට මෙම සති­යේදි රවි ග්‍රහයා ලග්න­ගත වීමද චන්ද්‍රයා 11 - 12 - 01 - 02 යන ස්ථාන­වල ගමන් කිරීම නිසාද යහ­පත් ලැබී­මක් මෙන්ම තමාගේ යහ­පත් ක්‍රියා කලා­පය රාජ තාන්ත්‍රික පිළි­ගැ­නී­මක් ලැබී­මට හේතු ඇති­වෙයි. ඔබට දුර බැහැර ගමන් බිමන් බහුල වන නමුදු ප්‍රවේ­ශම් විය යුත්තේ සතුරු කර­ද­ර­ය­කට ද බොහෝ­විට ඉඩ ඇති නිසාය. ඔබගේ සහ­කා­රිය හෝ සහ­ක­රුවා ඔබට වෙන­දා­ටත් වඩා බැඳී­මෙන් ප්‍රසා­ද­යෙන් කට­යුතු කරන සති­යක් ද වෙයි.

කන්‍යා ලග්නය - රැකියා ගැටලු විස‍ඳේ

කන්‍යා ලග්නය හිමි ඔබට මෙම සතිය රැකියා ගැටලු විස­ඳෙන සති­යකි. පිට­රට සිටින අය­කුගේ ඇප උප­කාර ලැබෙන කලක් බලා­පො­රො­ත්තුව සිටි පිට­රට ගම­න­කට හේතු මතු කරයි. තම පාරි­ශු­ද්ධ­ත්වය සමා­ජය තුළ විදහා දැක්වෙන ආකා­රයේ කට­යුතු එළඹේ. දණ­හිස ආශ්‍රිත හදිසි අන­තුරු එළ­ඹිය හැකි නිසා ප්‍රවේ­ශම් වන්න.

තුලා ලග්නය - ආග­මික කට­යුතු රැසක් සමඟ

තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා මෙම සතියේ 09 - 10 - 11 - 12 යන ස්ථාන­වල ගමන් කර­මින් පෙර පිං මහි­මය මතු කර­දෙන සති­යක්ද වෙයි. විශේ­ෂ­යෙන් ආග­මික කට­යුතු රැසක නියැ­ළී­මට වාස­නාව ලැබේ. සතිය අව­සා­නයේ කිසි­යම් කල­කි­රුණු ස්වභා­ව­යෙන් සිටී­මට දෙවැ­න්න­කුගේ නොමනා කල්ක්‍රි­යා­වක් හේතු වන නිසා ඇසුරු කිරී­ම්ව­ලදි කල්ප­නා­කාරි වන්න.

වෘශ්චික ලග්නය - සිත් තැවු­ල­කට කරුණු

වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව සතිය ආර­ම්භය කිසි­යම් සිත් තැවු­ල­කට කරුණු යෙදේ. තමා දුර දිග නොසිතා ගන්නා වැරදි තීන්දු­වක් නිසා මේ තත්ත්වය එළ­ඹිය හැකි නමුදු සතිය මැද භාගයේ සිට එම තත්ත්වය නිවැ­රදි කර­ගෙන ඉදි­රි­යට යාමට හැකිවේ. ඔබගේ යහ­පත පිණිස යෙදෙන බොහෝ කට­යුතු ක්‍රියා­වට නැංවී­මට හැකි වන අතර සතිය මැද භාගයේ සිට බොහෝ දෙනාගේ ප්‍රසං­සාව ඔබට හිමි වනු ඇත.

ධනු ලග්නය - ආද­ර­යට ආල­යට කරුණු

ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා 07 - 08 - 09 - 10 යන ස්ථාන­වල ගමන් කරන නිසා කල්ගිය විවාහ යෝජනා යළි ක්‍රියා­වට නැංවී­මට කරුණු යෙදේ. කලක් ඔබ­ගෙන් ඈත් වී සිටි කෙනෙකු ඔබ කරා එයි. රවි ග්‍රහයා 9 වැන්නේ බල­වත් වෙමින් තමාට කලක් ගැට­ලු­වක්ව පැවති නීති ප්‍රශ්න­යක් ලිහිල්ව කිසි­යම් දේප­ළක හිමි­ක­මක්ද පෙනෙ­න්නට තිබේ. තමා වෙතින් සමා­ජ­යට සිදුවූ සේවා ඇග­යී­මට ලක්වන සති­යකි.

මකර ලග්නය - පසු­බෑමේ ලකුණු

මකර ලග්නය හිමි ඔබට සතිය ආර­ම්භය එත­රම් සතු­ටු­දා­යක නොවේ. විශේ­ෂ­යෙන් ම චන්ද්‍රයා 06 - 07 - 08 - 09 යන ස්ථාන­වල ගමන් කිරී­මේදි විටින් විට චංචල සිතු­විලි සිත තුල ඇති වීමෙන් කිසි­යම් කට­යු­ත්ත­කදී පසු­බෑ­ම­කට ලක්වේ. යටි බඩ මුත්‍රා­ශය ආශ්‍රිත අසා­ත්මි­කතා නිසා පීඩා විඳී­මට සිදු­වන අතර රාජ­නී­තිය ක්‍රියා­ත්මක වීම තුළ ඔබට අප­හාස විඳි­න්නට දේප­ළක් පිළි­බඳ පාඩු විඳි­න්නට සිදුවේ.

කුම්භ ලග්නය - ජලා­ශ්‍රිත කට­යුතු වලින් අසුබ

කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා 05 - 06 - 07 - 08 යන ස්ථාන­වල ගමන් කිරීම නිසා කිසි­යම් ජලා­ශ්‍රිත කට­යුතු කෙරෙන් අසුබ යෙදේ. ඔබ තම යුග දිවිය පිළි­බ­ඳව ගන්නා තද තීන්දු තීරණ ඔබ­ටම පාරා වළ­ල්ලක් සේ යළි තමා කරා එළ­ඹෙනු ඇත. අන් අයට පරි­භව වන ලෙස හැසි­රී­මෙන් එය තමා­ටම අප­හා­ස­යක් වනු ඇත. ආර්ථික පාඩු­ව­කට හේතු වේ. කොයි දේත් සම­බර මාන­සි­ක­ත්ව­යෙන් සිතා කට­යුතු කිරී­මෙන් සහ­නය උදා වේ.

මීන ලග්නය - වාස­නා­වන්ත දරු සම්පත්

මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව සතිය ආර­ම්භයේ ඔබ බලා­පො­රොත්තු වූ පරිදි හදිසි ධන සම්ප­ත­කට හේතු ඇති වේ. චන්ද්‍රයා මේ සතියේ 04 - 05 - 06 - 07 යන ස්ථාන­වල ගමන් කරන නිසා විශේ­ෂ­යෙන් දරු සම්පත් පතන අයට වාස­නා­වන්ත දිය­ණි­යගේ ඵලද සතිය අව­සා­නයේ අවි­වා­හක අයට මංගල සීනු හැඬ­වෙන බවද පෙනෙ­න්නට තිබේ.

Comments