මැතිවරණ ජය සැමරුමට ලේක්හවුසියත් එක්වෙයි | සිළුමිණ

මැතිවරණ ජය සැමරුමට ලේක්හවුසියත් එක්වෙයි

ජන­මාධ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල වැඩ බාර­ගත් අව­ස්ථාවේ ලේක්හ­වුස් ප්‍රග­ති­ශීලී සේවක සංග­මයේ සභා­පති චන්දන බණ්ඩාර විසින් මල් මාල­යක් දමා ඇමැ­ති­ව­රයා පිළි­ගත් අව­ස්ථාව.
ජන­මාධ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල වැඩ බාර­ගත් අව­ස්ථාවේ ලේක්හ­වුස් ප්‍රග­ති­ශීලී සේවක සංග­මයේ සභා­පති චන්දන බණ්ඩාර විසින් මල් මාල­යක් දමා ඇමැ­ති­ව­රයා පිළි­ගත් අව­ස්ථාව.

ටක දියු­ණුව රඳා පව­තින්නේ පෞද්ග­ලික අර­මුණු මුදුන් පත් කර ගැනී­මට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනී­මෙන් නොව පොදු අර­මු­ණක් ඔස්සේ කට­යුතු කිරී­මෙන් පමණි. පෞද්ග­ලික අර­මුණු මුදුන් පත් කර ගැනී­මට කට­යුතු කිරී­මෙන් සිදු වන්නේ එක් පාර්ශ්ව­යක අව­ශ්‍යතා පම­ණක් ඉටු වී පොදු අර­මුණු කරා යන ගමන මෙන්ම සමා­ජයේ දියු­ණුව කරා යා හැකි මංපෙ­ත්ව­ලට බාධා එල්ල වීමය.

ආය­ත­න­යක දියු­ණුව හෝ පරි­හා­නිය පවා රඳා පව­ති­න්නේද ඒ අනු­වය. මේ කරුණ වඩාත් පසක් කෙළේ ප්‍රවා­හන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහ­තාය. ඒ ලේක්හ­වුස් ආය­ත­නයේ පසු­ගිය 10 වැනිදා අඟ­හ­රු­වාදා පැවැති ප්‍රිය සාද­ය­ක­දීය. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට අනු­බද්ධ ලේක්හ­වුස් ප්‍රග­ති­ශීලී සේවක සංග­මය විසින් මේ ප්‍රිය සාදය සංවි­ධා­නය කර තිබුණේ මහින්ද රාජ­පක්ෂ මහතා අග­මැති ධුරයේ දිවු­රුම් දීම හා ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ විසින් ලබා­ගත් විශිෂ්ට ජය­ග්‍ර­හ­ණය සැම­රීම පිණි­සය.

ලොකුගේ මහතා මෙහිදී පෙන්වා දුන්නේ රාජ්‍ය මාධ්‍ය ආය­ත­න­යක් විසින් රජයේ පණි­වු­ඩය ජන­තා­වට ලබා දෙන අතරේ පාඨ­කයා බලා­පො­රොත්තු වන දේ පුව­ත්පත මඟින් ලබා දිය යුතු බවයි. එහිදී පක්ෂ විපක්ෂ භේද­ය­කින් තොරව මාධ්‍ය හැසි­ර­වීම මාධ්‍ය ආය­ත­න­යක වග­කීම බවද ඔහු පෙන්වා දුන්නේය. තිස්ව­ස­රක් පැවැති කුරිරු යුද්ධය මෙන්ම, රටේ ආර්ථි­කය අගා­ධ­යට ඇද දැමූ කොරෝනා වසං­ග­තය හමුවේ ජය ගන්නට හැකි වූයේ අභීත නාය­ක­ත්වය නිසා බවද ඔහු පෙන්වා දුන්නේය.

 විජ­ය­ග්‍ර­හ­ණයේ සැම­රුම වෙනු­වෙන් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට අනු­බද්ධ ලේක්හ­වුස් ප්‍රග­ති­ශීලී සේවක සංග­මයේ සභා­පති චන්දන බණ්ඩා­රගේ ආරා­ධ­න­යෙන් ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා විසින් සමරු කේක් ගෙඩිය කැපූ අව­ස්ථාව. මේ අව­ස්ථා­වට ලේක්හ­වුස් ආයතනයේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩ­ලය ඇතුළු සේවක පිරිසක් සහභාගි වූහ.

‘‘තුනෙන් දෙකක බල­යක් ලබා­ගෙන මහින්ද රාජ­පක්ෂ මහතා නැව­තත් රටේ අග­මැ­ති­ව­රයා ලෙස පත්වුණා. ආණ්ඩුව පිහි­ටු­වන්න ලේක්හ­වුස් ආය­ත­නයේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට අනු­බද්ධ ලේක්හ­වුස් ප්‍රග­ති­ශීලී සේවක සංග­මය විසින් ලබා දුන් දාය­ක­ත්වය ඉතා ඉහ­ළයි‘‘ යනු­වෙන් එතුමා එම සේවාව මහත් සේ අගය කෙළේය. විශේ­ෂ­යෙන්ම තැපැල් ඡන්ද සම්බන්ධ මෙහෙ­යුම ඉහළ මට්ට­ම­කින් සිදු කර ගැන්මට හැකි වූයේ වෘත්තීය සමි­තිය විසින් සිදු කළ මෙහෙය නිසා බවද ඔහු පෙන්වා දුන්නේය. සාම්ප්‍ර­දා­යික වෘත්තීය සමිති ක්‍රියා­දා­ම­යෙන් ඉවත්ව ජනතා හිත­වාදී වෘත්තීය සමි­ති­යක් ලෙසින් වෘත්තීය සමිති ඉදි­රි­යට යා යුතු බවත් ලේක්හ­වුස් ප්‍රග­ති­ශීලී සේවක සංග­මය එය සිදු කරනු ලබන වෘත්තීය සමි­ති­යක් බව පෙන්වා දුන් ලොකුගේ මහතා එම වෘත්තීය සමි­ති­ය­ටත් ලේක්හ­වුස් ආය­ත­නයේ ඉදිරි ගම­න­ටත් සුබ පතන ලදී.

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජය­ග්‍ර­හ­ණය උදෙසා කට­යුතු කළ බොහෝ දෙනෙක් මේ අව­ස්ථා­වට පැමිණ සිටි අතර එහිදී විශේෂ අද­හස් පළ කෙළේ අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ මාධ්‍ය ප්‍රකා­ශක හා මෙවර ප්‍රථම වරට ජනතා ඡන්ද­යෙන් පාර්ලි­මේ­න්තු­වට තේරී පත් වූ නීතිඥ ප්‍රේම­නාත් සී. දොල­වත්ත මහතා ය. ඔහු පෙන්වා දුන්නේ පහු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වෙනු­වෙන් රාජ්‍ය මාධ්‍ය ඉඩ ලබා දුන්නේ 11%ක් 12%ක් පමණ ඉතා සුළු ප්‍රති­ශ­ත­යක් බවයි. එසේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ අපේ­ක්ෂ­කයා වූ සජිත් ප්‍රේම­දාස මහතා වෙනු­වෙන් 84%ක පමණ ඉඩක් ලේක්හ­වුස් ප්‍රකා­ශ­න­වල වෙන් කර තිබූ බවත් තමා නිර­තු­රු­වම ඒ සම්බ­න්ධව අධී­ක්ෂ­ණය කර මැති­ව­රණ කොමි­සම වෙත දැනුම් දුන් බවත් ඔහු පෙන්වා දුන්නේය.

රාජ්‍ය මාධ්‍ය, රජයේ හොර­ණෑ­වක් බවට පත් විය යුතු නැති බවත් අවම වශ­යෙන් විප­ක්ෂ­යට ලබා දෙන ප්‍රති­ශ­තය 40%ක් දක්වා­වත් ඉහළ මට්ට­ම­කට සිදු කරන්නේ නම් ජන­තාව අත­රට මාධ්‍ය ගෙන යාම සිදු කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

ලේක්හ­වුස් ඉති­හා­සය පුරා දේශ­පා­ලන පෙරළි සිදු­වන විට සෑම විටම කළු පැල්ලම් සිදුව ඇති බවත් විරුද්ධ පාක්ෂි­ක­යන්ට පහර දීම්, තීන්ත­ව­ලින් නැහැ­වීම් වැනි ක්‍රියා­වන් සිදු කළ බවත් එය සදා­චා­ර­වත් සමා­ජ­ය­කට සුදුසු නොවන බවත් පෙන්වා දුන් දොල­වත්ත මහතා මෙවර එයින් මිදී ප්‍රති­වා­දීන්ට පවා සුහ­දව සල­කනු ලබන සංස්කෘ­ති­යක් ඇති කළ යුතු බව පෙන්වා දුන්නේය. ඒ තත්ත්ව­යෙන් රට ගොඩ ගැනීම සදහා වෙනස් දේශ­පා­ලන ක්‍රම­වේ­ද­ය­කට යා යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

2015 වසරේ මහින්ද රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පරා­ජ­යට පත් වුවද එදා සිටම ජය­ග්‍ර­හ­ණය කරා යන ගමන් මඟ ආරම්භ කළ බව ලේක්හ­වුස් ආය­ත­නයේ සභා­පති ජනා­ධි­පති නීතිඥ ඩබ්ලිව්. දයා­රත්න මහතා පෙන්වා දුන්නේය. ලේක්හ­වුස් ආය­ත­නයේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට අනු­බද්ධ ලේක්හ­වුස් ප්‍රග­ති­ශීලී සේවක සංග­මය ආය­ත­නයේ පරි­පා­ල­න­මය කට­යුතු උදෙසා විශාල සහා­යක් ලබා­දෙන බවත් සෙසු වෘත්තීය සමිති වන ජාතික සේවක සංග­මය, නිද­හස් සේවක සංග­මය, ලේක්හ­වුස් සේවක සංග­මය ඇතුළු සේවක සංගම් හා එක්ව ආය­ත­නය මේ අව­ස්ථාවේ මුහුණ දී ඇති තත්ත්වය හමුවේ සේව­ක­යන් සමග ඉදිරි ගම­නට ආය­ත­නය රැක ගෙන යාම අවශ්‍ය බව සභා­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

එසේම ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පත්වී­මෙන් පසුව සිය­ලුම පක්ෂ­ව­ලට ආය­ත­නයේ පුව­ත්පත්හි ඉඩ­කඩ වෙන් කළ බවද සභා­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

වෘත්තීය සමි­ති­යක් ලෙස වෙනත් වෘත්තීය සමි­ති­යක් නොකළ විශාල සේවා­වක් තම සේවක සංග­මය විසින් සිදු කරනු ලබන බව ලංකා බැංකු සේවක සංග­මයේ හිටපු සභා­පති වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රග­ති­ශීලී සේවක සංග­මයේ ජ්‍යෙෂ්ඨ උප සභා­පති, රාජ්‍ය වාණිජ විවිධ නීති­ගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජික අම­ර­පාල ගමගේ මහතා කීවේය. තම සංගමය වාණිජ ආය­තන සිය ගණ­නක් හා සම්මේ­ලන 6ක් එක­තු­වෙන් සම­න්විත දැවැන්ත වෘත්තීය සමිති ව්‍යාපා­ර­යක් බවත් මේ වන විට එක්ලක්ෂ පන­ස්ද­හ­ස­කට අධික පිරි­සක් එහි සාමා­ජි­ක­ත්වය දරන බවද ඔහු පෙන්වා දුන්නේය. වෘත්තීය සමි­ති­යක් ආය­ත­නයේ පැවැත්ම හා සේව­ක­යන් මෙන්ම රටේ අනා­ග­තය ගැන කැප­වෙන පිරි­සක් බවද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට අනු­බද්ධ ලේක්හ­වුස් ප්‍රග­ති­ශීලී සේවක සංග­මයේ සභා­පති චන්දන බණ්ඩාර මහතා සියලු දෙනා පිළි­ගත් අතර ඔහු පෙන්වා දුන්නේ වෘත්තිය සමි­ති­යක් ලෙස සෑම අව­ස්ථා­ව­ක­දීම පෙර­මුණ ගෙන ක්‍රියා කරන බවයි. පොදු ජන පෙර­මුණ ආරම්භ කිරී­ම­ටත් පෙර සිට බැසිල් රාජ­පක්ෂ මහතා විසින් මේ වෘත්තීය සමිති ව්‍යාපා­රය ආරම්භ කළ බවත් ඒ සදහා ගාමිණී ලොකුගේ මහතා විසින් පූර්ණ දාය­ක­ත්වය ලබා දුන් බවත් ඔහු පෙන්වා දුන්නේය. මහින්ද රාජ­පක්ෂ මහ­තාට ආද­රය කරනු ලබන අය ඔහු අත් නොහැර ගිය බවත් ‘මහින්ද සුළඟ‘ හා එක්ව පළාත් පාලන මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කළ බවත් ඒ ඔස්සේ මේ සියලු ජය­ග්‍ර­හණ දක්වා ඒමට හැකි වූ බවද ඔහු පෙන්වා දුන්නේය. සාම්ප්‍ර­දා­යික වෘත්තීය සමිති ක්‍රම­ව­ලින් ඔබ්බට ගිය තම වෘත්තීය සමි­තිය පාල­ක­යින් වෙනු­වෙන්ම නොව සේව­ක­යින් වෙනු­වෙන් පෙනී සිටින වෘත්තිය සමි­ති­යක් බවද ඔහු පෙන්වා දුන්නේය. නිර­තු­රු­වම සේව­ක­යින් වෙනු­වෙන් පෙනී සිටින ලෙස බැසිල් රාජ­පක්ෂ මහතා උප­දෙස් ලබා දී ඇති බවද ඔහු පැව­සු­වේය.

මේ අව­ස්ථා­වට අග්‍රා­මාත්‍ය සම්බ­න්ධී­ක­රණ ලේකම් රුසි­යාවේ හිටපු ශ්‍රී ලංකා තානා­පති උද­යංග විර­තුංග, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රග­ති­ශීලී සේවක සංග­මයේ පාලන ලේකම් ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්ෂ සුදත් අබේ­ව­ර්ධන, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රග­ති­ශීලී සේවක සංග­මයේ භාණ්ඩා­ගා­රික ලංකා විදුලි පුද්ග­ලික සමා­ගමේ පොදු­ජන පෙර­මුණ වෘත්තිය සමි­තියේ සභා­පති වසන්ත ගාමිණී, ලේක්හ­වුස් ආය­ත­නයේ මෙහෙ­යුම් අධ්‍යක්ෂ කනිෂ්ක විතා­රණ, ලේක්හ­වුස් ආය­ත­නයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරි­ය­ව­සම්, නීති හා පරි­පා­ලන අධ්‍යක්ෂ රඛිත අබේ­ගු­ණ­ව­ර්ධන මූල්‍ය අධ්‍යක්ෂ ජනක රණ­තුංග ඇතුළු දෙපා­ර්ත­මේන්තු ප්‍රධා­නීන් පුව­ත්පත් කර්තෘ­ව­රුන් ඇතුළු මහත්ම මහ­ත්මීහු රැසක් සහ­භාගි වූහ.

ආය­ත­නයේ සිය­ලුම සේවක සේවි­කා­වන්ට මේ සුහද හමු­වට ආර­ධනා කර තිබූ අතර ඔවුන් වෙනු­වෙන් සංග්‍ර­හ­යක්ද පව­ත්වන ලද අතර එයින් පසුව ආය­ත­නය ඉදි­රි­පි­ටදී ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් රතිඤ්ඤා දල්වා ප්‍රීතිය සම­රන ලදී.

මේ සැම­රු­මෙන් පසුව ජන­මාධ්‍ය සම්බ­න්ධව වැද­ගත්ම සිදු­වීම වූයේ ජන­මාධ්‍ය ඇමැ­ති­ව­රයා ලෙස ආචාර්ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා පත්වී­මය. එතුමා සිය ධුරයේ වැඩ බාර­ගත්තේ පසු­ගිය 13 වැනිදා කිරු­ළ­පන පිහිටි සිය අමා­ත්‍යාං­ශ­යේ­දීය. ‘මාධ්‍ය මර්ද­නය‘ යන වදන දෙක සමා­ජයේ කතා නොක­රන තත්ත්ව­යක් කරා මාධ්‍ය ගෙන යාමට අවශ්‍ය බව එතුමා මෙහිදී පෙන්වා දුන්නේය. ලේක්හ­වුස් ප්‍රග­ති­ශීලී සේවක සංග­මයේ සභා­පති චන්දන බණ්ඩාරද එහිදී ඇමැ­ති­ව­රයා උණු­සුම් ලෙසින් පිළි ගන්නා ලදී.

සේයාරූ - තුෂාර ප්‍රනාන්දු, රංජිත් අසංක

 

Comments