පාර්ලි­මේන්තු ක්‍රියා­න්වි­තයේ ඇතු­ළා­න්තය මෙන්න | සිළුමිණ

පාර්ලි­මේන්තු ක්‍රියා­න්වි­තයේ ඇතු­ළා­න්තය මෙන්න

ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු සැසි වාරය එළ­ඹෙන අගෝස්තු මස 20 වැනිදා ආරම්භ වෙයි. පසු­ගි­යදා පැවැති මහා මැති­ව­ර­ණ­යෙන් තරග වැද ජය­ග්‍ර­හ­ණය කළ හිටපු හා නව­තම මන්ත්‍රී මුහුණු රැස­කින් මෙදා මැති සබයේ අලුත් ආර­ම්භය සට­හන් කර­න්නේය. කථානා­ය­ක­ව­රයා සමඟ නව පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් 225 දෙනෙක් මෙදා පාර්ලි­මේ­න්තු­වට පැමි­ණී­මට නිය­මිත අතර එයින් 12 දෙනෙක් කාන්තා­වන් වෙති. පළමු සැසි වාරයේ පළමු දින පාර්ලි­මේන්තු ඉති­හා­ස­යට සුවි­ශේෂි දින­යක් වන්නේ විශේෂ රාජ­කාරි කට­යුතු රැසක් එදි­නට සිදු කිරී­මට නිය­මි­තව ඇති හෙයිනි.

පාර්ලි­මේ­තුවේ පළමු දින සභා ගර්භයේ රාජ­කාරී වලින් වැඩි­ම­නත් කොට­සක් පැව­රෙන්නේ පාර්ලි­මේන්තු මහ ලේක­ම්ව­ර­යා­ටය. වෙනදා මෙන් පාර්ලි­මේන්තු ආර­ම්භක දින මන්ත්‍රි­ව­රුන්ට අසුන් පැන­වී­මේදි විශේ­ෂ­ත්ව­යක් නොක­රන අතර එය නව කථා­නා­ය­ක­ව­රයා පත් වීමෙන් අන­තු­රුව විධි­මත්ව සැක­සෙන තෙක් පාර්ලි­මේන්තු මන්ත්‍රි­ව­රුන්ට එදින රිසි සේ වාඩී වි සිටීමේ හැකි­යාව උදා වෙයි.

එදින පාර්ලි­මේන්තු රැස්වීම සාමාන්‍ය රැස්වීම් ක්‍රම­යට පව­ත්වන බැවින් ගණ පූර්ණ සීනුව නාද කරන්නේ විනාඩි පහෙන් පහ­ටය. ඉන් අන­තු­රුව කතා­නා­යක තේරී­මට ප්‍රථම පාර්ලි­මේන්තු වේත්‍ර­ධාරී විසින් සෙංකෝ­ලය සබා ගැබට රැගෙන ගොස් තැන්පත් කරන්නේ පහළ ආධා­ර­ක­යේය. ඉන් අන­තු­රුව පාර්ලි­මේන්තු මහ ලේකම් විසින් ගැසට් පත්‍රය කිය­වනු ලබයි. පාර්ලි­මේන්තු ස්ථාවර නියෝග යටතේ පාර්ලි­මේන්තු මහ ලේක­ම්ව­ර­යාගේ අධී­ක්ෂ­ණය යටතේ පළමු රාජ­කා­රිය වන්නේ නව කතා­නා­ය­ක­ව­රයා පත් කර ගැනීමේ කට­යු­තුය. මෙහිදි එක් අය­කුගේ නම පම­ණක් යෝජනා වී ඇත්තේ නම් ඡන්ද විම­සී­මක් නොක­රන අතර කිහිප දෙනෙ­කුගේ නම් යෝජනා වී ඇත්නම් රහස් ඡන්ද විම­සී­ම­කට යෑමට සිදු වෙයි. යම් කෙනෙ­කුගේ නම කතා­නා­ය­ක­ව­රයා ලෙස යෝජනා වීමට නම් ඊට පෙර ඔහුගේ කැමැත්ත විමසා තිබීම අනි­වාර්ය වෙයි. බොහෝ­විට තෝරා­ගත් කතා­නා­ය­ක­ව­රයා සිය අසුන වෙත ගෙන එන්නේ ඔහුව යෝජනා කළ හා ස්ථීර කළ අය විසින් දෙඅ­තින් අල්ලා­ගෙන ඇද ගෙන යෑම අනු­ක­ර­ණය කර­මිනි. අතීත බ්‍රිතාන්‍ය පාර්ලි­මේන්තු ක්‍රමය තුළ කතා­නා­යක තන­තුර එත­රම් සිත් ගන්නා සුලු තන­තු­රක් නොවීම නිසා මේ දර්ශ­නය අද­ටත් දිස් වන්නේ එම මන්ත්‍රී­ව­රයා අක­මැ­ත්තෙන් අසුන වෙත ඇඳ ගෙන ­යන දර්ශ­න­ය­කිනි. අන­තු­රුව කතා­නා­ය­ව­රයා විසින් සිය නිල ප්‍රති­ඥාව ලබා දෙයි.

කතා­නා­යක තේරීමේ පළමු රාජ­කා­රිය අව­සන් වු පසු කතා­නා­ය­ක­ව­රයා සිය නිල අසුනේ වාඩී වීමෙන් අන­තු­රුව පාර්ලි­මේන්තු වේත්‍ර­ධාරී විසින් පහළ ආධා­ර­කයේ ඇති සෙංකෝ­ලය ඉහළ ආධා­ර­කයේ තැන්පත් කරයි. ඉන් අන­තු­රුව නව කතා­නා­ය­කව­රයා හා පාර්ලි­මේන්තු මහ ලේකම් ඉදි­රියේ සියලු පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු සිය නිල ප්‍රති­ඥාව ලබා දෙති. ඉන් අන­ත­රුව නියෝජ්‍ය කතා­නා­යක නියෝජ්‍ය කාරක සභා සභා­පති පත් කිරීම සිදු­වෙයි.

ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ වේත්‍ර­ධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු

පාර්ලි­මේ­න්තුවේ ආසන වෙන් කිරී­මද සුවි­ශේෂි කට­යු­ත්තකි. මෙය සිදු වන්නේ කතා­නා­ය­ක­ව­ර­යාගේ අභි­ම­තය පරිදිය. මේ වන විට කැබි­නට් මණ්ඩ­ලය පත් කර තිබුණේ නම් නිල නොවන මට්ට­මින් මුල් පේළි දෙකක් ඔවුන් සඳහා වෙන්වෙයි. පාර්ලි­මේ­න්තුවේ දකු­ණු­පස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී­වරු වාඩි වන අතර එයින් 8 වැනි අසුන ජනා­ධි­ප­ති­ව­ර­යා­ටත්, 7 වන අසුන අග­මැ­ති­ව­ර­යා­ටත් වෙන් වෙයි. 5 වැනි හා 6 වැනි ආසන පිළි­වෙළින් සභා­නා­ය­ක­ටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­ය­ක­ටත් වෙන් වෙයි. ඉන්පසු කැබි­නට් ඇමැ­ති­ව­රුන්ගේ ජ්‍යෙෂ්ඨ­තාව අනුව ආසන වෙන් වෙයි. පසුව කැබි­නට් නොවන ඇමැ­ති­ව­රුන්ට, නියෝජ්‍ය ඇමැ­ති­ව­රුන්ට හා මන්ත්‍රී­ව­රුන්ට ආසන හිමි වෙති. පාර්ලි­මේ­න්තුවේ එක් පසෙක ආසන ඇත්තේ 116 කි. මෙවර විශේ­ෂ­ත්ව­යක් වන්නේ ආණ්ඩු පක්ෂ­යට මෙවර මැති­ව­ර­ණ­යෙන් ආසන 145 ක් හිමි වීමය. මේ නිසා එක් පසෙක ආසන හිඟ­විම නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී­වරු 30 කට ආසන්න පිරි­සක් විරුද්ධ පක්ෂයේ අසුන් ගැන්වී­මට සිදු වෙයි.

විරුද්ධ පක්ෂයේ 8 වැනි ආස­නය වෙන් වන්නේ විපක්ෂ නාය­ක­ව­ර­යා­ටය. එම පක්ෂ­යෙන්ම විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක පත්වේ නම් 7 වැනි අසුන වෙන් කිරී­මක් කෙරෙයි. පක්ෂ නාය­ක­යන්ට ඉදි­රි­පෙළ අසු­න­කට හිමි­කම් කියයි. ආණ්ඩු පක්ෂ­යෙන් නියෝජ්‍ය කතා­නා­යක පත් වුව­හොත් 21 වැනි ආස­නය ඔහු වෙනු­වෙන් වෙන් වෙයි. නියෝජ්‍ය කාරක සභා සභා­පති ආණ්ඩු පක්ෂ­යෙන්ම පත් වුව­හොත් ආසන අංක 41 ඔහුට හිමි වෙයි. විප­ක්ෂයේ පත්වු­වද ආසන වෙන්වීම ඒ ආකා­ර­යෙන්ම සිදු වෙයි. ආණ්ඩු පක්ෂයේ හා විප­ක්ෂයේ ප්‍රධාන සංවි­ධා­ය­ක­ටත් කතා­නා­ය­කට අසුන් පිළි­බඳ යම් යම් ඉල්ලිම් කළ හැකියි. සබා ගැබේ අසුන් පැන්වීමේ නිසි බල­ධා­රීයා වන්නේ කතා­නා­ය­ක­ව­ර­යාය. කතා­නා­ය­ක­ව­රයා හැරුණු විට සබා ගැබේ මන්ත්‍රි­ව­රුන්ට ආසන අවශ්‍ය වන්නේ 224 ක් පමණි.

පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වන සියලු මන්ත්‍රි­ව­රුන් සිය පළමු දින­යේ­දිම අත්සන් තැබීමේ ලේඛ­නයේ අත්සන් තැබිය යුතුයි. මෙහිදි මුලින්ම අත්සන් තබන්නේ කතා­නා­ය­ක­ව­රයා වන අතර සම්ප්‍ර­දා­යා­නූ­කූ­ලව අග­මැ­ති­ව­රයා අත්සන් කිරී­මෙන් අන­තු­රුව අනි­කුත් මන්ත්‍රි­වරු අත්සන් තැබීම සිදු කරති. මෙම අත්සන් ලේඛ­නය ඉතා සුර­ක්ෂිත ලේඛ­න­යක් ලෙස පසුව ආර­ක්ෂි­තව තබා ගනියි.

කොවිඩ් වසං­ග­ත­යෙන් අන­තු­රුව පාර්ලි­මේ­න්තුව නැව­තත් ආරම්භ වන්නේ එළ­ඹෙන අගෝස්තු 20 වැනි­දාය. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමා­ත්‍යාං­ශය විසින් කොවිඩ් 19 මාර්ගෝ­ප­දේශ සියලු මන්ත්‍රි­ව­රුන්ගේ දැන ගැනිම පිණිස නිකුත් කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු සැසි වාරය පැවැ­ත්වෙන දින සියලු පාර්ලි­මේන්තු මන්ත්‍රි­ව­රුන් සභා ගර්භ­යට පැමි­ණී­මට පෙර දෑත් පිරි­සුදු කරන ද්‍රව්‍ය භාවිත කළ යුතුය. එසේම තම අසුනේ වාඩී වි නොසි­ටින සෑම අව­ස්ථා­ව­ක­දිම එකි­නෙකා අතරේ මීට­ර­යක දුර­ස්ත­තාව තබා ගනි­මින් කට­යුතු කළ යුතුව ඇත. පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් සියලු දෙනා මුඛ ආව­රණ පැලඳ සිටිය යුතු අතර පාර්ලි­මේ­න්තුව අම­තන විටද මන්ත්‍රී­වරු මුඛ ආව­රණ ඉවත් කිරීම හෝ පහ­ත් කිරීම නොකළ යුතු බව දක්වා ඇත. එසේම සැම මන්ත්‍රි­ව­ර­ය­කුම මැති සබයේ තමන්ට හිමි ආසන වලට වාඩී වි සිටී­මට වග බලා ගත යුතු බව සඳ­හන් කර ඇත. අතට අත දීම, වැලඳ ගැනීම වැනි සමා­චාර කිරී­මෙන් වැළ­කිය යුතු බව සඳ­හන් කර ඇති අතර ඒ සඳහා ස්පර්ශ නොවන වෙනත් ක්‍රම භවිතා කළ යුතු වෙයි. ජංගම දුර­ක­තන, හෙඩ් ෆෝන් එකි­නෙකා අතර හුව­මාරු නොකළ යුතු අතර සබා ගැබ තුළ එහා මෙහා යෑමද අවම කළ යුතු බව සඳ­හන් කර ඇත.

පාර්ලි­මේ­න්තුවේ ගැල­රිය භාවිත කිරී­මේ­දීද එවැ­නිම ක්‍රම­වේද ඇති අතර නැවත දැනුම් දෙන තුරු ගැල­රියේ අමු­ත්තන් සඳහා අව­සර ලබා නොදී­මට තීර­ණය කර ඇත. මන්ත්‍රි­ව­රුන්ගේ පවුලේ සමී­ප­ත­ම­යන්ට පම­ණක් අව­සර ඇති අතර එහි­දීද කොවිඩ් නිරෝ­ධා­යන නීති අනු­ග­ම­නය කළ යුතුව ඇත. මීට අම­ත­රව පාර්ලි­මේන්තු ආලි­න්ද­යේද අවම වශ­යෙන් මීට­ර­යක දුර­ස්ත­තාව තබා ගත යුතු අතර එහිදි පොදු උප­ක­රණ වන පොදු දුර­ක­තන, ෆැක්ස් යන්ත්‍ර ආදිය භාවි­තය අවම කළ යුතුය. භාවිත කරන්නේ නම් එවැනි උප­ක­රණ භාවිත කිරී­මට පෙර හා පසු දෑත් පිරි­සිදු කිරීම කළ යුතු බව සඳ­හන් කර ඇත.

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ගේ පැල­ඳුම් කාමර භාවිත කිරී­මේ­දීද මන්ත්‍රී­ව­රුන්ට යම් කොවිඩ් නීති මාලා­වක් ඇතු­ළත් කර ඇත. වෙනත් අය භාවිත කළ තුවා, සනී­පා­ර­ක්ෂක ද්‍රව්‍ය, හා වෙනත් නාන අයි­තම භාවිත කිරී­මෙන් වැළ­කිය යුතු අතර අවම වශ­යෙන් මීට­ර­යක දුර­ස්ත­තාව ලබා ගත යුතුය. එසේම හාන්සි පුටු භාවිත කිරී­මෙන් හැකි­තාක් වැළ­කෙන ලෙස අව­වාද කර ඇත. පාර්ලි­මේන්තු කාරක සභා කාමර භාවි­ත­යේ­දීද එවැ­නිම නීති මාලා­වක් ඇතු­ළත් කර ඇත. කාරක සභා අම­තන විට සෑම මන්ත්‍රි­ව­ර­ය­කුම මුව ආව­රණ පැලඳ සිටිය යුතු අතර එකි­නෙක් අතර මීට­ර­යක දුර­ස්ත­තාව තබා ගත යුතුය. එසේම කාරක සභා කාම­රය තුළ ඔබ මොබ ගමන් කිරී­මෙන් වැළ­කිය යුතුයි. මීට අම­ත­රව සිය­ලූම පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් පාර්ලි­මේ­න්තු­වට පිවි­සී­මට පෙර උෂ්ණ­ත්වය මැන බැලී­මට සහය දැක්විය යුතු වෙයි.

මේ නිසා පාර්ලි­මේන්තු ඉති­හා­සයේ එළ­ඹෙන නව පාර්ලි­මේන්තු සැසි වාරය වඩාත් සුවි­ශේෂී දින­යක් වනු ඇත.

 

 

Comments