උතුරේ ජන­තාව ජාති­වා­ද­යට පයින් ගසති | සිළුමිණ

උතුරේ ජන­තාව ජාති­වා­ද­යට පයින් ගසති

ශ්‍රී ලංකාවේ මැති­ව­ර­ණ­යන්හි, විශේ­ෂ­යෙන්ම ජනා­ධි­ප­ති­ව­ර­ණයේ තීර­ණ­යන් වෙනස් වන්නේ උතුරු හා නැඟෙ­න­හිර ජන­තා­වගේ ඡන්ද ලබා දීම මතය. අතී­තයේ සිටම විවිධ කේවල් කිරීම් හරහා එම පක්ෂ තම ශක්තිය විද­හා­ලූහ. බල­යට පත් වූ ප්‍රධාන ප්‍රවා­හයේ දේශ­පා­ලන පක්ෂද තම බලය රැක ගැනීම උදෙසා එම කේවල් කිරීම් හමුවේ නිහඬ වූහ.

තිස් වස­රක යුද්ධ­යෙන් පසුව උතුරේ දේශ­පා­ලන ක්‍රියා­කා­රී­ත්වය වෙනස් වූ අතර පසු­ගිය 2015 මහ මැති­ව­ර­ණ­යේදී ආසන 16ක් හිමි කර ගැනී­මට දෙමළ ජාතික සන්ධා­නය සමත් විය. එය ආණ්ඩු­ව­කට විශාල බල­පෑ­මක් කළ හැකි මන්ත්‍රී කණ්ඩා­ය­මක් වූ අතර බල­යට පත් වීමට පෙර සිටම මෙම සන්ධා­න­ගත මන්ත්‍රී කණ්ඩා­යම උතුරේ හා නැඟෙ­න­හිර ජන­තා­වට විශාල පොරොන්දු ලබා දුන් අතර ඒ ඔස්සේ තම ජීවන රටාව විශාල ලෙස වෙනස් කර ගැන්මට හැකි­වනු ඇතැයි ජන­තාව සිතූහ.

දෙමළ ජාතික සන්ධා­නය සම­න්විත වූයේ පක්ෂ කිහි­ප­යක එක­තු­ව­කිනි. ඒ අතර ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට්, හා ටෙලෝ ඇතුළු සංවි­ධාන කිහි­ප­යක්ම මේ සිටි අතර ඔවුන් උතුරේ ජන­තා­වට ලබා දුන් පොරොන්දු මැති­ව­ර­ණ­යෙන් පසුව ක්‍රම­යෙන් අම­තක වූ බවක්ද දක්නට ලැබුණි.

පාර්ලි­මේ­න්තුවේ විප­ක්ෂයේ කට­යුතු කළද ඔවුන් එක්සත් ජාතික පක්ෂය හා එක­තුව කට­යුතු කළ බවට දේශ­පා­ලන විචා­ර­කයෝ පැව­සූහ.

ඒ බව හොඳින්ම තහ­වුරු වූයේ (‘යහ­පා­ලන‘ රජය සමයේ) 2018 වසරේ ඔක්තෝ­බර් 26 වැනිදා මහින්ද රාජ­පක්ෂ මහතා අග­මැ­ති­ව­රයා ලෙස දිවු­රුම් දීමෙන් පසුව ඇති වූ අර්බු­ද­කාරී දේශ­පා­ලන අව­ස්ථා­වේදී දෙමළ ජාතික සන්ධා­නය ඉදි­රි­පත්ව එක්සත් ජාතික පක්ෂය යළිත් බල­යට පැමි­ණී­මට අව­ස්ථාව ලබා දීම හර­හාය.

ඒ හරහා ඇති වුණු මත ගැටුම් හමුවේ මෙවර මහ මැති­ව­ර­ණ­යට පෙර සිටම දෙමළ ජාතික සන්ධා­නයේ විවිධ අර්බුද ඇති විය.

එම අර්බුද හමුවේ ඊපී­ආ­ර්එ­ල්එෆ් සංවි­ධා­නය සන්ධා­න­යෙන් අස්වූ අතර ටෙලෝ සංවි­ධා­නයේ සාමා­ජි­ක­යින් කිහිප දෙනෙ­කුද ඉවත් ව ගොස් ඇත. දෙමළ ජාතික සන්ධා­නයේ ප්‍රබල ක්‍රියා­කා­රීන් වූ සී.වී. විග්නේ­ෂ්ව­රන්, සිවා­ජි­ලිං­ගම්, ශෂි­ධ­රන්, හා ශ්‍රී කාන්තා වැනි ප්‍රබ­ල­යින් සන්ධා­න­යෙන් ඉව­ත්වීම තුළ සන්ධා­නයේ බලය හීන විය. මේ ඉව­ත්වී­ම්ව­ලට තවත් විවිධ හේතු බල­පෑ­වේය.

මේ අර්බු­දය කෙත­රම් උඩු දුවන ලද්දේ­දැයි කියන්නේ නම් විග්නේ­ෂ්ව­රන් මෙවර මැති­ව­ර­ණ­යට වෙනම තරග කෙළේය. පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර දෙමළ සන්ධා­නය විසින් යෝජනා මාලා­වක් ඉදි­රි­පත් කර පව­සන ලද්දේ එම යෝජනා මාලාව පිළි­ගන්නා ඕනෑම අපේ­ක්ෂ­ක­ය­කුට සහාය දෙන බවයි.

එම යෝජනා අතර,

නව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වක් යටතේ ඒකීය රාජ්‍ය සංක­ල්පය ඉවත් කර දෙමළ ජන­තා­වගේ නිජ­බිම සහ ස්වාධි­ප­ත්‍යය පිළි ගැනීම.

අන්ත­ර්ජා­තික නීති­යට අනුව දෙමළ ජන­තා­වගේ ස්වයං නිර්ණ අයි­තිය ලබා දීම සහ ෆෙඩ­රල් ක්‍රම­යක් යටතේ ඔවුන්ගේ ගැට­ලු­ව­ලට විස­දුම් ලබා දීම.

යුද අප­රාධ සම්බ­න්ධ­යෙන් අන්ත­ර්ජා­තික යන්ත්‍ර­ණ­යක් යටතේ ස්වාධීන පරී­ක්ෂ­ණ­යක් සිදු කිරී­ම.­

ත්‍ර­ස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත අහෝසි කිරීම

දෙමළ දේශ­පා­ලන සිර­ක­රු­වන් නිද­හස් කිරීම,

වැනි බර­ප­තළ කරු­ණුද විය. ඒ සම්බ­න්ධ­යෙන් ඉලං­ගෙයි තමිල් අරිසු කච්චි නායක මාවෙයි සේනා­ධි­රාජා හා දෙමළ ජාතික සන්ධා­නයේ නායක ආර්. සම්බ­න්ධන් ඇතුළු නියෝ­ජි­ත­යින් කිහිප දෙනකු පසු­ගිය වසරේ නොවැ­ම්බර් 3 වැනිදා වවු­නි­යා­වේදී සාකච්ඡා කරන ලදී. එහෙත් එම සාකච්ඡා ස්ථාන­යට පැමිණි පිරිස් දැඩි සේ ඔවුන්ට දෝෂා­රෝ­ප­ණය කළහ. ඒ විරෝ­ධ­තා­ක­රු­වන් විම­සුවේ වසර 5ක් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් 16 නියෝ­ජ­නය කර­මින් දෙමළ ජන­තා­වට ලබා දුන්නේ මොන­වාද යන්නයි.

දෙමළ ජාතික සන්ධා­නය දෙමළ පක්ෂ කිහි­ප­යක් එක­තු­වෙන් ස්ථාපිත දේශ­පා­ලන සන්ධා­න­යක් වූ අතර එහි නාය­ක­ත්වය ලබා දෙන ලද්දේ ජ්‍යෙෂ්ඨ දේශ­පා­ල­ඥ­යකු මෙන්ම එල්ටී­ටීඊ ක්‍රියා­කා­ර­කම් හා ජනතා අව­ශ්‍යතා මෙන්ම රජය සමඟ සමී­පම සබ­ඳතා තිබූ සම්බ­න්ධන් මහ­තා­ටය. ඔහු ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කර­න්නකු වූ අතර සන්ධා­නයේ ප්‍රධාන කාර්යා­ලය පේදු­රු­තු­ඩුවේ ස්ථාපිත කරන ලද්දේ උතුරේ ජන­තා­වගේ වැඩි පහ­සුව පිණි­සය. එහෙත් දෙමළ ජාතික සන්ධා­නය හරහා ජන­තා­වට වූ සෙතක් නොමැති බව උතුරේ අනෙක් දේශ­පා­ලන සංවි­ධාන පෙන්වා දෙන ලදී.

2015 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය ජය ගත් පසු සන්ධා­නය විසින් උතුරේ ජන­තා­වට ස්තුති කර­මින් පැව­සුවේ උතුරේ ජන­තා­වගේ සියලු ගැටලු මීළඟ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර විසඳා දෙන බවයි. එහෙත් මන්ත්‍රී ධුර 16ක් තිබු­ණද උතුරේ ජන­තා­වගේ කිසිදු ගැට­ලු­වක් විසඳාලන්නට දෙමළ ජාතික සන්ධා­නය කට­යුතු කෙරේ නැත. මන්ත්‍රී ධුර 16ක් ඔවුන් ලබා ගත්තේ උතුරේ ජන­තා­වගේ රැකියා ගැට­ලු­වට විස­ඳු­මක් ලබා දෙන බවත් පැව­සු­වත් එවැ­න්නක් ඉටු වූයේ නැත. දෙමළ ජන­තා­වගේ ඉඩම් ගැටලු විසඳා දුන්නේද නැත. ගංව­තුර වැනි ආපදා අව­ස්ථා­ව­ලදී ඔවුන්ගේ පිහි­ටට ආවේ යුද හමු­දාව පමණි. ව්‍යව­සථා සංශෝ­ධ­නය කිරී­මට කට­යුතු කරන බව පැව­සු­වද එවැ­න්නක් සම්බ­න්ධව රජය සමඟ සාකච්ඡා කර­න්නට ඔවු­නට හැකි වූයේ නැත. අව­සා­නයේ සුම­න්ති­රන් විසින් එල්ටී­ටීඊ සංවි­ධා­නය විවේ­ච­නය කිරීම හමු­වේද මත ගැටුම් හට ගත්තේය. මෙහිදී සන්ධා­නය දෙදරා ගිය අතර ජන­තාව තේරුම් ගත්තේ දෙමළ ජන­තා­වගේ සුබ­සි­ද්ධිය පිණිස කට­යුතු කරන බව පෙන්වා දුන්නද මේ පිරිස් අතර පවා ගැටුම් තිබෙන බවත් කිසිදු ආකා­ර­යක උතුරේ ජන­තා­වට සහ­න­යක් ලබා දෙන්නට ඔවුන් අස­මත් බවයි.

පාස­ලක උත්ස­ව­ය­කට පවා මේ දේශ­පා­ල­ක­යින් ගෙන්වා ගැනී­මට නොහැකි විය. පාස­ලක සුළු කාර්ය­යක් පවා කර ගත නොහැකි විය. පුන­රීන්හි පාස­ලක් ජලය නොමැ­තිව වැසෙ­න්නට ගිය විට යුද හමු­දාව විසින් එම පාස­ලට ජලය සල­යන ලදී. එමෙන්ම පුත්තූර්හි මඩිහේ පඤ්ඤා­සීහ විද්‍යා­ල­යට අවශ්‍ය පුස්ත­කාල පහ­සු­කම් පවා ලබා දුන්නේ යුද හමු­දාව විසිනි. වන්දනා ගමන් යන්නට පාසල් දරු­වන්ට අවශ්‍ය ප්‍රවා­හන පහ­සු­කම් පවා යුද හමු­දාව විසින් ලබා දුන් අතර මේ සන්ධා­නයේ එකම මතය වූයේ ‘උතු­රින් හමු­දාව ඉවත් විය යුතුයි‘ යන්න පමණි.

එහෙත් එය උතුරේ ජන­තා­වගේ මතය නොවූ අතර ජන­තා­වට අවශ්‍ය වූයේ ඔවුන්ගේ පාර­ම්ප­රික ඉඩම් ලබා ගැනීම හා ධීවර කට­යුතු සිදු කර ගැන්මට අවශ්‍ය පහ­සු­කම් ලබා ගැනීම පම­ණකි.

දෙමළ ජාතික සන්ධා­නයේ මත ගැටුම් සිදු­වෙද්දී උතුරේ ජන­තා­වට කිසිදු ආකා­ර­යක සහ­න­යක් ලබා දෙන්නට දෙමළ ජාතික සන්ධා­නය දෙන්නට අස­මත් බව සම්බ­න්ධව උතුරේ පුව­ත්ප­ත්වල මෙන්ම ඉන්දීය දෙමළ මාධ්‍ය ඔස්සේ ප්‍රචා­රය වීමත් යන කරුණු මත උතුරේ ජන­තා­වගේ දේශ­පා­ලන මතයේ විශාල පෙර­ළි­යක් ඇති විය. එක්ව ප්‍රශ්න විස­ඳා­ල­න්නට නොහැකි දේශ­පා­ල­ඥ­යන් වෙන්ව කෙසේ ප්‍රශ්න විස­දා­ල­න්නේ­දැයි තවත් අය සිතූහ. තරුණ ඡන්ද තවත් ආකා­ර­ය­කට සංස­ර­ණය විය. ඔවුන් පැරැණි හණ­මිටි අද­හස් ඇති අය කෙරෙහි නැඹුරු නොවූහ.

එමෙන්ම නැව් පවා හිමි­කා­ර­ත්ව­යක් ඇති දේශ­පා­ල­ඥ­යන් මුද­ල්ව­ල­ටද යම් ආකා­ර­යෙන් ජන­තාව තම පැත්තට හරවා ගන්නට සමත් විය. දෙමළ ජාතික සන්ධා­නය 2015 මහ මැකි­ව­ර­ණ­යට පෙර උතුරේ ජන­තා­වට පොරොන්දු වූ කිසිදු සහ­න­යක් ලැබුණේ නැත. මේ කරුණු හමුවේ ජන­තා­වට මැති­ව­ර­ණය යන්න අන­වශ්‍ය දෙයක් බව­ටද පත් විය.

මහින්ද රාජ­පක්ෂ මහතා හෝ ඔහු සම්බන්ධ පක්ෂ­යක් ඉදි­රි­යට ඒම වැළැ­ක්වීම හැර වෙනත් කිසිදු ආකා­ර­යක දේශ­පා­ලන න්‍යායක් ගෙන එන්නට දෙමළ ජාතික සන්ධා­නය කට­යුතු නොකළ බව ජන­තා­වට ඒත්තු විය.

අවම වශ­යෙන් අතු­රු­දන් වූවන් වෙනු­වෙන් හෝ සාධා­ර­ණ­යක් ලබා දෙන ලෙස මේ පිරිස් ඉල්ලා සිටි­යහ. එය­ටද විස­ඳු­මක් ලැබුණේ නැත.

එවන් පසු­බි­මක මෙවර මැති­ව­ර­ණ­යට දෙමළ ජාතික සන්ධා­නය ඉදි­රි­පත් වූයේ තම සන්ධා­න­යට ආසන 20ක් ලබා දෙන ලෙස උතුරේ ජන­තා­ව­ගෙන් ඉල්ල­මිනි. ආසන 16 වැඩි­කර ගැනීම වෙනු­වෙන් සිදු කළ ඒ ඉල්ලී­මට ලැබුණු ජනතා ප්‍රති­චාර යහ­පත් වූයේ නැත. උතුරේ ජන­තාව විමසා සිටියේ ආසන 16ක් ලබා දී නොකළ ජනතා සේවාව හා වග­කීම් ආසන 20ක් ලබා දුන් පසු කරන අයුරු පෙන්වා දෙන ලෙසයි. ජන­තා­වට දෙන්නට සන්ධා­න­යට පිළි­තුරු නැති විය. 2015 වසරේ දෙමළ ජාතික සන්ධා­න­යට ඡන්ද 515,963ක් ලැබුණු අතර එය සමස්ත මැති­ව­ර­ණයේ ජන­තාව ලබා දුන් ඡන්ද ප්‍රති­ශ­තා­ත්ම­කව 4.62%කි. ඔවු­නට හිමිවූ මන්ත්‍රී ආසන 14ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 2 සම­ඟින් මන්ත්‍රී­ධුර 16ක් ලැබුණු නමුත් මෙවර 2020 මහ මැති­ව­ර­ණ­යේදී දෙමළ ජාතික සන්ධා­න­යට ලැබුණේ ඡන්ද 327,168ක් පමණි. එය සමස්ත ඡන්ද­ව­ලින් ප්‍රති­ශ­තා­ත්ම­කව 2.82%ක ප්‍රති­ශ­ත­යකි. මන්ත්‍රී ආසන 9ක් හා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර­යත් සම­ඟින් මන්ත්‍රී ධුර 10ක් එම සන්ධා­න­යට හිමිව ඇති අතර මෙවර ලැබුණු ඡන්ද සංඛ්‍යාව හා බලන කළ දෙමළ ජාතික සන්ධා­නය විශාල පසු­බැ­ස්මක් සිදුව ඇත. පසු­ගිය 2015 මහ මැති­ව­ර­ණ­යට වඩා ඔවුන්ට ඡන්ද 188,795ක් අහි­මිව ඇත. එම සංඛ්‍යාව පසු­ගිය 2015 මැති­ව­ර­ණය හා සස­දන 36.59%ක විශාල අඩු­වී­මකි.

2015 වසරේ ඔවුන්ට යාප­නය දිස්ත්‍රි­ක්ක­යෙන් ඡන්ද 207,577ක් ලබා ගන්නට හැකි වූ අතර මන්ත්‍රී ආසන 5ක් හිමි විය. එහෙත් මෙවර මැති­ව­ර­ණ­යේදී ඔවුන්ට ලබා­ගත හැකි වූයේ ඡන්ද 112,967ක් පමණි. ඔවුන්ට හිමි­වූයේ මන්ත්‍රී ධුර 3ක් පමණි. ඔවුන්ට පෙර මැති­ව­ර­ණ­යට වඩා ඡන්ද 94,610ක් අඩු­විය. එය 45.58%ක දැවැන්ත අඩු­වී­මකි.

එහෙත් ඩග්ලස් දේවා­න­න්දගේ නාය­ක­ත්ව­යෙන් යුත් ඊපී­ඩීපී සංවි­ධා­නය මේ මැති­ව­ර­ණ­යේදී ඉදි­රි­යට ආවේය. ඊපී­ඩීපී සංවි­ධා­න­යට 2015 වසරේ යාප­න­යෙන් හිමි­වූයේ ඡන්ද 30,232ක් වන අතර මෙවර එම සංඛ්‍යාව 45,797ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ 51.48%ක දැවැන්ත වැඩි­වී­මක් පෙන්නුම් කර­මිනි. උතුරේ වැඩිම මනාප ලබා ගත්තේ අංග­ජන් රාම­නා­දන්ය ඔහු ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් ඉදි­රි­පත්ව මනාප 36,365ක් ලබා ගත්තේය.

මේ වසරේ යාප­නය දිස්ත්‍රි­ක්කයේ ලියා­ප­දිංචි ඡන්ද දාය­ක­යන් සංඛ්‍යාව 571,848ක් වූ නමුත් ඡන්දය ලබා දී තිබුණේ 394, 130කි. එයින්ද වලංගු ඡන්ද තිබුණේ 359,130ක් පමණි. ඒ අනුව 177,718 ක් මෙවර ඡන්දය ලබා දීමෙන් වැළකී ඇත. වන්නි දිස්ත්‍රි­ක්කයේ මේ අයු­රින් ජන­තාව ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි අතර රිෂාඩ් බද්යු­ද්දීන් විසින් සිදු කළ ප්‍රචා­රය හමුවේ ඔහුට ඡන්දය ලබා දෙන්නට මන්නා­රමේ ජන­තාව පෙළ­ඹීම නිසා මන්නා­රමේ වැඩි පිරි­සක් ඡන්දය ලබා දීම මත වුවත් ලියා­ප­දිංචි ඡන්ද 287,024න් ඡන්දය ලබා දී තිබුණේ 224, 856ක පිරි­සක් පමණි.

උතුරේ ජනතා දේශ­පා­ල­නයේ මෙවර කැපී පෙනුණු වෙනස වූයේ ජාති­වාදී දේශ­පා­ල­ක­යන්ට වැඩි මනා­ප­යක් නොලැ­බී­මයි. විශේ­ෂ­යෙන්ම යාප­නයේ මේ තත්ත්වය කැපී පෙනුණු අතර අංග­ජන් රාම­නා­දන් හා ඩග්ලස් දේවා­නන්දා විසින් වැඩි මනාප ලබා ගැනීම මත මේ තත්ත්වය කැපී පෙනුණි.

උතුරේ ජන­තා­වෝද ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අගය කර­න්නෝය. ඔවු­න­ටද අවශ්‍ය වන්නේ තම අව­ශ්‍යතා සපුරා ගෙන සතු­ටින් දිවි ගෙව­න්න­ටය. ඒ සඳහා මහ­ජන නියෝ­ජි­ත­යින් නිසි ලෙසින් කට­යුතු නොක­රන්නේ නම් නිසි ප්‍රති­චාර දක්ව­න්නට ඔවුන් වුවද මැලි නොවන බව උතුරේ මෙවර මැති­ව­රණ ප්‍රති­ඵල මනාව පසක් කරයි.

 

Comments