ඉකුත් මැතිවරණයෙන් මන්ත්‍රීන් අසූ එකක් මැති සබයෙන් සමුගත් වගයි | සිළුමිණ

ඉකුත් මැතිවරණයෙන් මන්ත්‍රීන් අසූ එකක් මැති සබයෙන් සමුගත් වගයි

මෙවර පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණය පැවැ­තියේ යම් යම් පාර්ශ්ව­යන්හි විරෝ­ධතා මධ්‍යයේ වුවද එය වඩාත් සාර්ථක ලෙස පැවැ­ත්වී­මට රජය සමත් විය. මෙම මැති­ව­ර­ණය ලාංකේය දේශ­පා­ලන භූමි­කාව උඩු­ය­ටි­කුරු කිරී­මට සමත් වූවක් ලෙස හැඳි­න්විය හැකිය. ඊට හේතුව වන්නේ මෙරට තනි දේශ­පා­ලන පක්ෂ­යක් ලෙසින් බලය අල්ලා ගැනී­මට සමත්ව සිටි එජා­පය ට ජාතික ලැයි­ස්තුවේ මන්ත්‍රී ආස­නය හැර ඡන්ද සට­නින් එකදු හෝ ආස­න­යක් දිනා ගැනී­මට මෙවර මැති­ව­ර­ණ­යේදී අව­ස්ථා­වක් නොලැ­බී­මයි. කෙසේ වෙතත් ඒ සම­ඟම එතෙක් මෙතෙක් දේශ­පා­ලන පොර පිටියේ සිටි ප්‍රධාන පෙළේ චරිත කිහි­ප­ය­ක­ටම පාර්ලි­මේන්තු පැමි­ණීමේ අව­ස්ථාව ද අහිමි විය.

 

2020 පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණයේ මුල්ම ඡන්ද ප්‍රති­ඵල නිකුත් වූයේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රි­ක්ක­යෙනි. නිර­න්ත­ර­යෙන් වාමාං­ශික කඳ­වු­රක් ලෙසින් ප්‍රච­ලිත ගාල්ල දිස්ත්‍රික්කය ජය­ග්‍ර­හ­ණය කර­න්නට සමත් වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණයි. ගාල්ල දිස්ත්‍රි­ක්කයේ එජාප පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන වජිර අබේ­වර්ධන, විජේ­පාල හෙට්ටි­ආ­රච්චි, බන්දු­ලාල් බණ්ඩා­රි­ගොඩ යන අය පරා­ජ­යට පත් විය. කලක් තිස්සේ වජිර අබේ­ව­ර්ධන තම පාර්ලි­මේන්තු ආස­නය රැක­ගෙන සිටි­යද එජා­පය බිඳ­වැ­ටීම තුළ මෙවර ඔහුට ද පාර්ලි­මේ­න්තු­වට යෑමේ වරම් අහිමි විය. අනෙ­කුත් විශේ­ෂිත දිස්ත්‍රි­ක්ක­යක් ලෙස සඳ­හන් කළ හැක්කේ හම්බ­න්තොට දිස්ත්‍රි­ක්ක­යයි. ජනතා විමුක්ති පෙර­මුණ නොක­ඩවා ආස­න­යක් ජය­ග්‍ර­හ­ණය කළ දිස්ත්‍රි­ක්කය වන්නේ හම්බ­න්තො­ටයි. නමුත් මාලි­මාව ලකු­ණින් මෙවර ජාතික ජන බල­වේ­ග­යෙන් තරග කළ නිහාල් ගල­ප්පත්ති මහ­තාට පාර්ලි­මේන්තු යෑමේ වරම් අහිමි වූයේ මෙවර ඔහු ද පරා­ජ­යට පත් වූ නිසා­වෙනි.

ගිය­වර ජනතා විමුක්ති පෙර­මුණේ ජාතික ලැයි­ස්තු­වෙන් පාර්ලි­මේ­න්තු­වට පැමිණි සුනිල් හඳු­න්නෙත්ති මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූයේ මාතර දිස්ත්‍රි­ක්ක­යෙනි. නමුත් පැවති මැති­ව­ර­ණ­යේදී හඳු­න්නෙ­ත්තිට ජය­ග්‍ර­හ­ණය කිරී­මට නොහැකි විය. එමෙන්ම ගිය­වර ජාතික ලැයි­ස්තු­වෙන් පාර් ලිමේ­න්තු­වට පැමිණි ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන ද ගිය­වර මාත­රින් වැඩිම මනා­ප­ගත් නිරෝ­ෂන් ප්‍රේම­රත්න හා මනෝජ් සිරි­සේ­නට ද තම දිස්ත්‍රි­ක්කය තුළින් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කිරී­මට තිබූ අව­ස්ථාව අහිමි විය. ඔවුන් ලබා­ගත් මනාප චන්ද පිලි­වෙ­ලින් මෙසේය 71,106, 57,686 ක් හා 15,996ක් ලෙසිනි.

ලාංකේය දේශ­පා­ල­නයේ වැද­ගත් හැර­වුම් ලක්ෂ­යක් වන දිස්ත්‍රි­ක්කය වන්නේ ගම්ප­හයි. මන්ද ගම්පහ දිස්ත්‍රි­ක්කය තුළ පම­ණක් ඡන්ද­දා­ය­ක­යන් ලක්ෂ දාහ­ත­කට වඩා සිටින බැවිනි. මෙවර මැති­ව­ර­ණ­යේදී ඡන්ද පද­නම මත ගම්පහ දිස්ත්‍රි­ක්කය ජය­ග්‍ර­හ­ණය කරනු ලැබූයේ ආසන දහ­තු­නක් ලබා­ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ පාර්ලි­මේන්තු නියෝ­ජි­ත­යන් කිහිප දෙනෙ­කු­ටම මන්ත්‍රී වරම අහිමි විය.

මෙහිදී මොන­රා­ග­ලින් ගම්ප­හට පැමිණ සමගි ජන බල­වේ­ග­යෙන් මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ විජිත් විජි­ත­මුණි සොයිසා ද පරා­ජ­යට පත් වුයේ මනාප 35,989ක් ලබා ගනි­මිනි. ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන්ම පාර්ලි‍මේ­න්තුව නියෝ­ජ­නය කළ අජිත් කුමාර මාන්න­ප්පෙ­රුම ද පරා­ජ­යට පත් අතර ඔහු මනාප 47,212ක් ලබා­ග­න්නට සමත් විය. එජා­පය නියෝ­ජ­නය කළ අර්ජුණ රණ­තුං­ගලාට සිදු­වූයේ ද රණ­තුං­ග­ලට හුරු පුරුදු පිටි­යේ­දීම පරා­ජය වන්න­ටය.

එමෙන්ම පියාගේ ආභා­ස­යෙන් දේශ­පා­ල­න­යට පිවිසි චතුර සේනා­ර­ත්නට ද සිදු­වූයේ ඔහු ලබා­ගත් මනාප 21,846ත් සමග මෙවර පාර්ලි­මේන්තු සිහි­නය බොඳ කර ගැනී­මය. ඩුලිප් විජේ­සේ­ක­ර­ටද තම පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුරය අහෝසි විය. ඔහු පොදු­ජන පෙර­මු­ණෙන් මැති­ව­ර­ණ­යට ඉදි­ර­පත් වූ අතර ඔහුට මනාප චන්ද වශ­යෙන් මනාප 54,558ක් ලැබී තිබුණි. ගම්පහ දිස්ත්‍රි­ක්කය වෙනු­වෙන් මෙවර මැති­ව­ර­ණ­යේදී අතු­ර­ලියේ රතන හිමි ඉදි­රි­පත් වූවේ ජන­බල පක්ෂ­යෙනි. උන්ව­හ­න්සේට ද මන්ත්‍රී ධූර­යක් හිමි වූයේ නැත. විශේ­ෂි­තම සිදු­වීම වූයේ සමාජ ජාල අතර පවා බෙහෙ­වින් කතා­බ­හට ලක්වූ රන්ජන් රාම­නා­ය­කට මනාප ඡන්ද ලක්ෂ­ය­කට වඩා ලබා­ගැ­නී­මට හැකි­වී­මය. සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ ඔහුට මනාප 103,992ක් ලබා­ගැ­නී­මට හැකි විය.

අලු­වි­හාරේ පර­පුර මාතලේ දිස්ත්‍රි­ක්කය ඔවු­නගේ ග්‍රහ­ණය තුළ තබා ගැනී­මට සමත් වූ පවු­ලකි. නමුත් මෙවර මැති­ව­ර­ණ­යේදී ඔවු­නට තම පුර­ව­රය ග්‍රහ­ණ­යෙන් මිදී­යාම හේතු­වෙන් 2020 පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණ­යේදී රංජිත් අලු­වි­හාරේ සහ වසන්ත අලු­වි­හා­රේට ද සිදු­වූයේ මනාප 27,171ක් සහ 25,989ක් ලබා­ග­නි­මින් තම මන්ත්‍රී අසුන තවත් අයෙකු වෙනු­වෙන් පූජා කිරී­ම­ටය. ඔවුන් මැතිවරණයට ඉදිරිපත් වූයේ සමගි ජන බලවේගයෙනි. එප­ම­ණක් නොව තවත් වැද­ගත්ම චරි­ත­යක් වූ ලක්ෂ්මන් වසන්ත පෙරේ­රාට සිදු වූයේ ද පාර්ලි­මේන්තු සිහි­නය බොඳ කර ගැනී­ම­ටය. නමුත් ඔහු මනාප 44,194ක් ලබා­ග­නි­මින් පරා­ජිත ලයි­ස්තුවේ පළ­මු­වැ­නියා ලෙසින් පත් විය. එමෙන්ම පුත්ත­ලමේ ආන්දෝලනාත්මක චරි­ත­යක් වූ පාලිත රංගේ­බ­ණ්ඩාර ද මෙවර මැති­ව­ර­ණ­යේදී ඔහුගේ දේශ­පා­ලන ගම­න්මග අඩාල වී තම පාර් ලිමේ­න්තු­වෙන් එළි­යට විසි­විය. එම දිස්ත්‍රි­ක්ක­යෙන් පාර්ලි­මේන්තු මන්ත්‍රී ධූරය අහිමි වූ අනෙක් අපේ­ක්ෂ­කයා වන්නේ හේමන්ත සිසිර කුමා­රයි.

කොළඹ දිස්ත්‍රි­ක්කය යනු කව­දත් එජාප බල­කො­ටු­වකි. එහි වෙනස් වීමක් සිදු වූවා නම් සිදු­වූයේ එහෙ­මත් වෙලා­ව­කය. නමුත් වසර 50කටත් වඩා ඉති­හා­ස­යක් ඇති එජා­ප­යට ලක්ෂ දාහ­ත­කට වැඩි ලියා­ප­දිංචි ඡන්ද සංඛ්‍යා­වක් ඇති කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් මෙවර ලබා­ගත හැකි වූයේ ඡන්ද 30,875ක් පමණි. මේ සම­ගම එජා­පයේ මහා බල කණු ද ඇද වැටීම සිදු­විය. එහිදී වඩාත් කතා­බහ කළ යුතු චරි­ත­යක් වන්නේ රවි කරු­ණා­නා­ය­කයි. එජාප උප නාය­කයා මෙන්ම හිටපු අමා­ත්‍ය­ව­ර­ය­කුද වූ රවි කරු­ණා­නා­ය­කට සිදු­වූයේ එජා­පයේ අන්ත පරා­ජ­යක් සමඟ පාර්ලි­මේ­න්තු­වට යනවා වෙනු­වට ගෙදර යන්න­ටය.

දිගා­ම­ඩු­ල්ලෙන් මෙතෙක් ඡන්ද සටන මෙහෙය වූ දයා ගමගේ මෙවර කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් ඡන්ද­යට ඉදි­රි­පත් වූ මුල්ම අව­ස්ථා­වේ­දීම පරා­ජ­යට පත්වූයේ මන්ත්‍රී අසුන ද අහි­මි­කර ගනි­මිනි. සමගි ජන­බ­ල­වේ­ග­යෙන් මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූයේ දෙහි­වල ආස­න­යෙනි. තම ආස­නය ජය­ග්‍ර­හ­ණය කිරී­මට ඇය සමත් වුවද ඇයට පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කිරීමේ වරම් අහිමි විය. ඇයට හිමිවූ මනාප සංඛ්‍යාව වුයේ මනාප 44,489කි. යහ­පා­ලන ආණ්ඩුව සමයේ අධි­ක­රණ රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා ලෙස කට­යුතු කළ සුජීව සේන­සිංහ ද මනාප 30,572 ක් ලබා­ග­නි­මින් මෙවර මැති­ව­ර­ණ­යෙන් තම පාර්ලි­මේන්තු මන්ත්‍රී අසුන අහිමි කර­ග­ත්තේය.

කාල­යක් තිස්සේ පාර්ලි­මේන්තු මන්ත්‍රී ධූරය දැරූ ඒ. එච්. එම්. ෆවුසි මහ­තාට සිදු­වූයේ ද තම මන්ත්‍රී අසුන අහිමි කර ගැනී­ම­ටය. පරා­ජිත මන්ත්‍රී­ව­රුන් අත­රින් මනාප 48,683ක් ලබා­ග­නි­මින් ඔහු එම ලයි­ස්තුවේ පල­මු­වැන්නා විය. ගිය­වර පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී පරා­ජය වුවද මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පිහි­ටෙන් ජාතික ලැයි­ස්තු­වෙන් පාර්ලි­මේ­න්තු­වට ගිය තිලංග සුම­ති­පා­ලට ද මෙවර කොළ­ඹින් පරා­ජ­යට පත් වන්නට සිදු­විය. පොදුජන පෙරමුණෙන් මනාප 36,697ක් ලබා­ගත් ඔහු පරා­ජි­ත­යන් අතර අට­වැන්නා විය

මෙවර මැති­ව­ර­ණ­යේදී වැද­ගත්ම දිස්ත්‍රි­ක්ක­යක් ලෙස සඳ­හන් කළ­හැක්කේ කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යයි. මන්ද එතෙක් මෙතෙක් ලාංකේය දේශ­පා­ලන ඉති­හා­සයේ වැඩිම මනාප ප්‍රමා­ණ­යක් ගත් අපේ­ක්ෂ­කයා වශ­යෙන් මහින්ද රාජ­පක්ෂ අග­මැ­ති­ව­රයා තේරී පත් වීමය. කෙසේ වෙතත් කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ එජාප මහ­ලේ­ක­ම්ව­රයා වූ අකිල විරාජ් කාරි­ය­ව­සම් මහ­තාට ද තම මන්ත්‍රී ආස­නය අහිමි විය. එජා­ප­යෙන් පක්ෂ මාරු කොට සමගි බල­වේ­ග­යෙන් ඉදි­රි­පත් වූ ඉන්දික බණ්ඩා­ර­නා­ය­කට සිදු­වූයේ ද තම පක්ෂයේ පරා­ජ­යත් සමග මන්ත්‍රී ධූරය අහිමි කර ගැනී­ම­ටය. එමෙන්ම හිටපු ඇම­ති­ව­ර­යකු වූ ටී.බී. ඒක­නා­යක මෙන්ම තාරා­නාත් බස්නා­ය­කට ද මන්ත්‍රී ආස­නය අහිමි වීමේ ගැට­ලු­වට මුහුණ දෙන්නට සිදු­විය. ටී.බී. ඒක­නා­යක මනාප 43,123ක් ලබා­ගත් අතර තාරා­නාත් බස්නා­ය­කට ලබා­ගත හැකි­වුයේ මනාප 31,014ක් පමණි. ඔවුන් දෙදෙනාම මැතිවරණයට ඉදිරිපත් වූයේ පොදුජන පෙරමුණෙනි.

කෙසේ වෙතත් කළු­තර දිස්ත්‍රි­ක්ක­යෙන් බොහෝ දෙනෙක් පරා­ජය වෙතැයි අපේක්ෂා කළ රාජිත සේනා­රත්න සමගි ජන බල­වේ­ග­යෙන් ජය­ග්‍ර­හ­ණය කළේ මනාප ඡන්ද 77,476ක් ලබ­මිනි. නමුත් සිය­ල්ලන්ගේ හොඳ හිත දිනා සිටි මන්ත්‍රී­ව­ර­යකු වූ එජාපයේ පාලිත තෙව­ර­ප්පෙ­රු­මට මෙවර පාර්ලි­මේ­න්තුවේ දොර වසා දැමී­මට කළු­තර ජන­තාව කට­යුතු කළහ. එසේම අජිත් පී. පෙරේ­රාට ද මෙවර සිදු­වූයේ පාර්ලි­මේන්තු සිහි­නය බොඳ කර ගැනී­ම­ටය. අජිත් පී. පෙරේරා ලබා­ගත් මනාප සංක්‍යාව වුයේ මනාප 54,060කි. ඔහු පරා­ජිත මන්ත්‍රී­ව­රුන් අතර දෙවැන්නා විය. එමෙන්ම ලක්ෂ්මන් විජේ­මා­න්න­ටත් තමන් සතු මන්ත්‍රී අසුන අහිමි කර ගැනී­මට සිදු­විය. කළු­ත­රින් පරා­ජය වූ අනිත් අපේ­ක්ෂ­කයා වන්නේ ජාතික ජන බල­වේ­ග­යෙන් තරග කළ වෛද්‍ය නලින්ද ජය­ති­ස්සයි.

නුව­ර­එ­ළිය යනු කව­දත් එජා­ප­යට වාසි ගෙන දුන් දේශ­පා­ලන පිටි­යකි. නමුත් මෙවර නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්ක­යෙන් එජා­ප­යට ලබා­ගත හැකි වූයේ ඡන්ද 13,000 කට ආසන්න ප්‍රමා­ණ­යක් පමණි. එජා­පයේ මීළඟ නාය­කත්ව සිහි­නය සිතේ රඳවා ගෙන සිටි නවින් දිසා­නා­ය­කට ද අව­සන සිදු­වූයේ තම මන්ත්‍රී ධුරය අහිමි කර ගැනී­ම­ටය. එමෙන්ම එජා­පයේ කේ. කේ. පිය­දා­සද ලංකා කම්කරු කොංග්‍ර­සයේ මුත්තු සිව­ලිං­ගම් ද පරා­ජ­යට පත්විය.

මෙවර මහ මැති­ව­ර­ණ­යේදී අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ බල­කණු කිහි­ප­ය­කම ඇද­වැ­ටීම සිදු­විය. ඒ අත­රින් චන්ද්‍රානි බණ්ඩාර, පී.හැරි­සන් මෙන්ම ශ්‍රීල­නිප මාධ්‍ය ප්‍රකා­ශක වීර­කු­මාර දිසා­නා­ය­කට ද සිදු­වූයේ පාර්ලි­මේන්තු අසුන අත්හැර දැමී­ම­ටය. වීර­කු­මාර ට ලබා­ගැ­නී­මට හැකි­වුයේ 18,123ක මනාප සංක්ඛ්‍යා­වක් පමණි. චන්ද්‍රානි බණ්ඩාරනායක සමගි ජන බල වේගයෙන් ඉදිරිපත් වී මනාප 34,215ක් ලබාගනිද්දී හැරිසන්ටට ලබාගත හැකිවූයේ මනාප 30,900ක් පමණි. මේ අත­රම චන්දිම ගමගේ සහ එන්. සී. මුතු­කු­මා­රණ ද පාර්ලි­මේන්තු මන්ත්‍රී සිහි­නය බොඳ වූ ලැයි­ස්තු­වට එක්විය. පොළො­න්න­රුව පිළි­බඳ වඩාත් කතා­බ­හක් ඇති වූයේ හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මෙවර මැති­ව­ර­ණයේ ඡන්ද අපේ­ක්ෂ­ක­යකු වූ නිසාය. කෙසේ වෙතත් එම දිස්ත්‍රි­ක්කයේ නාලක කොලොන්න මෙන්ම සිඩ්නි ජය­රත්න ට ද මන්ත්‍රී අසුන අහිමි වන විට සුසන්ත පුංචි­නි­ල­මේට මෙන්ම අබ්දුල්ලා මහ­රුෆ් ද පරා­ජය වීමෙන් මන්ත්‍රී අසුන් අහිමි වූයේ ත්‍රිකු­ණා­මල දිස්ත්‍රි­ක්ක­යෙනි. සමගි ජන­බල වේගයේ අබ්දුල්ලා මහ­රුෆ් මනාප 36,647ක් ලබා­ග­නි­මින් පරා­ජිත ලයි­ස්තුවේ පල­මු­වැන්නා වූ අතර මනාප 25,957ක් ලබා­ග­නි­මින් පොදු ජන පෙර­මුණේ සුසන්ත පුංචි­නි­ලමේ දෙවැන්නා විය.

මොණ­රා­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් මීට පෙර මන්ත්‍රී ධූර දැරූ සුමේධා පී. ජය­සේන, උද­ය­ශා­න්තට හා ආනන්ද කුමා­ර­සි­රිට සිදු­වූයේ ද පාර්ලි­මේන්තු මන්ත්‍රී­කම නොමැ­තිව දේශ­පා­ල­නයේ නිරත වන්න­ටය. ඇම­ති­ව­රි­යක් වූ සුමේධා ජී.ජය­සේන මනාප 24,032ක් ලබා­ග­නි­මින් පරා­ජි­ත­යන් අතර තුන්වැන්නා විය. උදය ශාන්ත ගුණ­සේ­කර මනාප 41,740ක් ලබා ගනි­මින් දෙවැන්නා විය. එමෙන්ම අමාත්‍ය ධුර පවා දැරූ ලක්ෂ්මන් සෙනෙ­වි­ර­ත්නට ද බදු­ල්ලෙන් මන්ත්‍රී අසුන අහිමි වන විට එකී දිස්ත්‍රි­ක්ක­යෙන් ආස­නය අහිමි වූ අනෙක් අපේ­ක්ෂ­කයා වන්නේ රවින්ද්‍ර සම­ර­වීර ය.

රත්න­පුර දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කළ දුනේෂ් ගන්කන්ද මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූයේ පොදු ජන පෙර­මු­ණෙනි. ඔහු එහි දී පරා­ජ­යට පත් විය. ඒ සම­ඟම මන්ත්‍රී ධුර අහිමි වූ අනිත් දෙදෙනා වන්නේ කරු පර­ණ­වි­තාන හා ඒ.ඒ.විජේ­තුං­ගයි. සබ­ර­ග­මු­වට අයත් අනෙක් දිස්ත්‍රි­ක්කය වන කෑගල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් චම්පිකා ප්‍රේම­දාස, සන්දිත් සම­ර­සිංහ, වෛද්‍ය තුසිතා විජ­ය­මාන්න පරා­ජ­යට පත්වී­මෙන් ඔවුන්ට ද මන්ත්‍රී­ධූර අහිමි විය.

මීට පෙර ජාතික ලැයි­ස්තු­වෙන් පත් වූ කරුණා අම්මාන් මෙන්ම අනෝමා ගම­ගේට ද අම්පාර දිස්ත්‍රික් පරා­ජ­යත් සමඟ මන්ත්‍රී සිහි­නය බොදව ගිය අතර ශ්‍රියානි විජේ­වි­ක්‍රම මෙන්ම කවී­න්ද්‍රන් කෝඩී­ෂ්ව­රන් ද එම පරා­ජිත ලැයි­ස්තු­වට ඇතු­ළත් විය. පොදු­ජන පෙර­මු­ණෙන් මැති­ව­ර­ණ­යට ඉදි­ර­පත් වූ ශ්‍රියානි විජේ­වි­ක්‍රමට මනාප 31,339ක් ලැබී තිබුණි.

මඩ­ක­ලපුව දිස්ත්‍රි­ක්කය වෙනු­වෙන් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කළ මන්ත්‍රීන් සිවු­දෙ­නෙ­කු­ටම මෙවර තම අසුන් අහිමි වූ අතර මුස්ලිම් කොංග්‍ර­සයේ අලි සහීර් මවු­ලානා ඇතු­ළුව අමිර් අලි, ජී.ශ්‍රී . නේෂන් යන අයට 2020 පාර්ලිමේ­න්තුවේ මන්ත්‍රී­ව­රුන් ලෙස එක් වීමට අපො­හො­සත් විය. යාප­නය දිස්ත්‍රි­ක්ක­යෙන් හා වන්නි දිස්ත්‍රි­ක්ක­යෙන් පිළි­වෙ­ලින් විජ­ය­කලා මහේ­ෂ්ව­රන්, මාවෝ සේනා­ධි­රාජා හා සර­ව­න­ප­වන් මෙන්ම දෙමළ ජාතික සන්ධා­නයේ සිව­මෝ­හන්, සිව­ශක්ති ආන­න්දන්, ශාන්ත ශ්‍රී ස්කන්ධ­රාජා හා අන්න මලෛ නඩෙ­සුට මන්ත්‍රී වරම් අහිමි විය. 2015 වසරේ පැවැති මහ මැති­ව­ර­ණ­යේදී මහනුවරින් එක්සත් ජාතික පක්ෂ­යෙන් පාර් ලිමේ­න්තු­වට පත්ව පැමිණි මන්ත්‍රී­වරු දෙ‍දෙනකු වූ ආනන්ද අලු­ත්ග­මගේ සහ ලකී ජය­ව­ර්ධ­නට ද ‍මෙවර එම අව­ස්ථාව අහිමි විය.

ආනන්ද අලු­ත්ග­මගේ පොදු­ජන පෙර­මු­ණෙන් මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී පරා­ජය ලැබී­මෙන් මන්ත්‍රී ධූරය අහිමි වූ අතර ලකී ජය­ව­ර්ධන සමගි ජන­බ­ල­වේ­ගයෙන් මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී පරා­ජ­යට පත්විය. ආනන්ද අලුත්ගමගේ ට මනාප 23116ක්ද ලකී ජයවර්ධන මනාප 25,966ක්ද ලැබිණි.

සම­ස්ත­යක් ලෙසින් ගත් කළ 2020 පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණ­යේදී පාර් ලිමේන්තු මන්ත්‍රීධූර අහිමි වූ හිටපු මන්ත්‍රීන් සංඛ්‍යාව 81 එකකි. මෙවර මැති­ව­ර­ණ­යේදී හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර, චන්ද්‍රානි බණ්ඩා­ර­නා­යක, සුමේධා ජී. ජය­සේන, අනෝමා ගමගේ හා වෛද්‍ය තුසිතා විජේ­මාන්න, ශ්‍රියානි විජේ­වි­ක්‍රම, විජ­ය­කලා මහේ­ෂ්ව­රන් යන කාන්තා මන්ත්‍රී­ව­රි­යන් හත් දෙනෙ­කුට මන්ත්‍රී සිහි­නය බොඳ කර ගැනී­මට සිදු­විය.

මෙවර මැති­ව­ර­ණ­යේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දාය­ක­යන් එක්කෝටි හැට දෙලක්ෂ හැට­තුන් දහස් අට­සිය අසූ­පස් දෙනෙකු සුදු­සු­කම් ලබා තිබුණ ද ඡන්දය භාවිත කොට තිබුණේ එක් කෝටි විසි­තුන් ලක්ෂ හත­ලිස් තුන්ද­හස් තුන්සිය නව­දෙ­නෙකු පමණි. ඒ අනුව මැති­ව­ර­ණ­යේදී ඡන්දය භාවිතා නොකළ පිරිස තිස් නව­ලක්ෂ විසි­ද­හස් පන්සිය විසි­තු­නක් විය. මේ අනුව බැලූ­කල සමස්ත ඡන්ද­දා­ය­ක­ය­න්ගෙන් ඡන්දය භාවිතා කොට තිබුණේ සිය­යට 75.89ක් වුවද එයින් 4.58ක් ප්‍රති­ක්ෂේප විය.

 

Comments