හතර වටෙන් ඇහෙන කතා | Page 2 | සිළුමිණ

හතර වටෙන් ඇහෙන කතා

දෙදෙනාම එකට ඇතැයි සිතමි...

අන්කිතා ලෝකාන්ඩේ කියන්නෙ පසුගියදා මියගිය සුශාන්ත් සිං ගේ හිටපු පෙම්වතිය. ඇය මේ දිනවල සමාජ ජාලාවල වැඩිපුර කතාබහට ලක් වෙන චරිතයක්. සුශාන්ත් මිය ගියත් ඇය ඔහුව තවමත් ආදරණීය ලෙස සිහිකරමින් සිටීම එයට හේතුවක්. පසුගියදා ඇය සුශාන්ත්ගේ මවගේ පින්තූරයක් ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කර තිබුණා. ඒ 'ඔබ දෙදෙනාම එකට ඇතැයි සිතමි' යනුවෙන් සංවේදී සටහනක් ද තබමින්.

************

කෑගහපු හැටි මතක් වුණා...

සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ළඟදි ඇගේ සුන්දර මතක ආවර්ජනයක් මාධ්‍යයට හෙලි කළා. ඒ ඇගේ සැමියා නික් ජෝනාස් ඇයට විවාහ යෝජනාව ඉදිරිපත් කළ හැටි සහ, ඇය ඒ වෙලාවෙදි ඔහුට හිතාගන්නවත් බැරි විදියට හැසිරුණු හැටි. නික් ප්‍රියංකාට විවාහ යෝජනාව ගෙනත් තිබුණේ 2018 වසරේ ඇගේ උපන්දිනේට පසු දිනයේදී. ඉතින් ප්‍රියංකා කිව්වෙ ඒ යෝජනාව ඔහු ප්‍රසිද්ධියේ කළත්, ඇය හැසිරුණේ අසාමාන්‍ය විදියට කියලයි. “මම පුදුමයෙන් බලන් ඉඳල, හයියෙන් කෑගහල එකඟයි කිව්වා“. ඉතින් මේ සිදුවීම ආදරයටත් වඩා හාස්‍යය මුසු වෙච්ච මොහොතක් විදියටයි ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තිබුණේ.

****************

අහංකාර කෙල්ලෙක් ගැනයි කියන්නේ...

සංගීතේ ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයන් හඳුනා ගත් ලවන් අභිෂේක්ගේ අලුත්ම සින්දුවක් ළඟදිම එන්න සූදානම්ලූ. “කොරෝනා එක්ක හැම දේම ටිකක් පස්සට ගියා නමුත් දැන් ආයිත් වැඩ පටන් ගන්න කාලේ හරි “. යැයි ලවන් අපිට කිව්වා. ඉතින් මේ සින්දුව අහංකාර කෙල්ලෙක් ගැනලු. ඒ වගේම තවත් අලුත්, වෙනස් වැඩ කිහිපයකින්ම ළඟදිම ප්‍රේක්ෂකයන් අතරට වෙනස් විදියකින් එන්නයි ලවන් ගේ බලාපොරොත්තුව.

***************

බරටම වැඩ...

ජනප්‍රිය නිළි බුවිනි දියලගොඩ මේ දවස් වල පේන්න නැත්තෙ ඇයි කියල අපි ටිකක හොයලා බැලුවා. මෙන්න බුවිනි බරටම වැඩ. බුවිනි මෙච්චර කාර්යබහුල වෙලා ඉන්නේ සැමියා ගේ ව්‍යාපාර කටයුතු එක්ක. පසුගියදා දෙන්නා එකතු වෙලා එයාලගේ ව්‍යාපාරයට අයත් අලුත් ශාඛාවකුත් විවෘත කළාලු. ඉතින් විවාහයෙන් පස්සෙ කලාවෙන් ටිකක් ඈත් වෙලා මේ බිස්නස් වැඩ එක්ක එකතු වුණා කියලයි බුවිනි අපිට කිව්වේ. හැබැයි ඉතින් මේ දවස්වල ව්‍යාපාර එක්ක හිටියට නුදුරේදීම රිදී තිරයෙන් ප්‍රේක්ෂකයන් අතරට එනවා කියලත් ඇය අපිට කිව්වා.

 

***************

ෆොටෝ ෂූට් එකක් විතරයි...

නර්මදා ජයමහ හුඟ දෙනෙක් දන්නේ ට්‍රැවල් ගර්ල් විදියට. ඉතින් බෑග් එකකුත් කරේ දාගේන රට වටේ ට්‍රැවල් කරන නර්මදා පසුගිය දවසක කාටත් නොකියා මනාලියක් වුණාදෝ හැමෝම හොයන්න ගත්තා. මේ කසු කුසුවට හේතු වුණේ නර්මදා සුන්දර මනාලියක් ලෙස හැඩවෙලා කඩවසම් මනාලයකුත් එක්ක ගත්තු ඡායාරූප පෙළක්. “අනේ ඒක 'ෆොටෝ ෂූට්' එකක් විතරයි. තවම විවාහ වෙන්න බලාපොරොත්තුවක් නැහැ.“ අපිටත් එහෙම කිව්ව නර්මදාට මේ දවස් වල එන ඇමතුම් ගොන්නට උත්තර දීලම මහන්සිලු. නොසිතපු ප්‍රතිචාර ලැබුණු මේ ඡායාරූප පෙළ ඉල්ලීමකට අනුව එක් වූ ඡායාරූපගත කිරීමක් කියලත් ඇය අපට කිව්වා.

 

[email protected]

Comments