සිරස තේරූ ලංකාවේ තරුණ හඬ ශෂේන් | සිළුමිණ

සිරස තේරූ ලංකාවේ තරුණ හඬ ශෂේන්

John De Mol විසින් හඳුන්වාදුන් ජාත්‍යන්තර මට්ටමේ තරු බිහි කරන " The Voice " හී ශ්‍රී ලාංකේය රියැලිටි තරගාවලිය The Voice of Teen මෙරට ටෙලිවිෂන් රසිකයන් ඉමහත් ආදරයෙන් වැලඳගත් ටෙලිවිෂන් වැඩසටහන් ලෙස නම් කළ හැකිය. මාස පහකට අධික කාලයක් පැවැත්වුණු මෙම රියැලිටි තරගාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අවුරුදු 13 ත් 19 ත් අතර තරගකරුවන් රැසක ගේ සහභාගීත්වයෙන් ජනප්‍රිය ගායික ගායිකාවන් වන අශාන්ති ද අල්විස් , දුමාල් වර්ණකුලසූරිය , රයිනි ගුණතිලක , සනුක වික්‍රමසිංහ යන විනිසුරුවරු සිවු දෙනකුගෙන් යුතු විනිසුරු මඬුල්ලකින් යුතුව තරග වට කිහිපයක් පැවැත්විණි.

එහිදී Blind Audition, Battle Round, Knock Outs සහ Live Semi Finals යන තරග වටවලින් අනතුරුව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ තරගකරුවන් අට දෙනෙකි. ජනතාවගේ SMS මනාපයෙන් කණ්ඩායමකින් එක් අයකු බැගින් අවසන් මහා තරගයට තෝරා පත්කර ගනු ලැබූ අතර එයින් දුමාල් වර්ණකුලසූරියගේ කණ්ඩායමෙන් එරන්දි හේෂානී, අශාන්ති ද අල්විස්ගේ කණ්ඩායමෙන් මාධුවී වෛතියලිංගම්, රයිනි ගුණතිලකගේ කණ්ඩායමෙන් ඉෂිතා ප්‍රේමනාත් සහ සනුක වික්‍රමසිංහගේ කණ්ඩායමෙන් හශේන් දුලංජන නමැති තරග කරුවන් සිවුදෙනා අවසන් මහ තරගය සඳහා තේරි පත් විණි.

පසුගියදා රත්මලාන ස්ටයින් මැදිරි සංකිර්ණයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැති අවසන් මහා තරගයේදී සුකුමාල ලෙසින් නිවේදන කටයුතු මෙහෙයවූ ස්ටෙෆනි සිරිවර්ධනගේ කතා විලාසය, එකිනෙකා පරයා නැඟුණු තරගකරුවන් ගේ තියුණු හඬ සහ විවිධ නර්තනාංග වලින්ද ඒ සැඳැව විචිත්‍රවත් විය.

අවසන් මහා තරගයේ දී එකසේ දස්කම් පෑ තරගකරුවන් හතරදෙනාගෙන් ඉතා තියුණු තරගයකින් අනතුරුව The Voice Teen Sri Lanka කිරුළ ජනතා මනාපයෙන් හිමිකර ගැනීමට සමත් වුෙය් සනුක වික්‍රමසිංහගේ කණ්ඩායම නියෝජනය කළ හශේන් දුලංජන සිල්වා යි. සීදූව රද්දොලුව ප්‍රදේශයේ ජීවත්වන හශේන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. The Voice Teen Sri Lanka ඒ වර්ණවත් රාත්‍රියේ හශේන් The Voice Teen Sri Lanka ලෙස කුසලානය ලබා ගන්නේ මහරාජා සමූහ ව්‍යාපාරයේ විද්‍යුත් මාධ්‍ය පිළිබඳ විධායක අධ්‍යක්ෂ නීඩ්‍රා වීරසිංහ මහත්මිය අතිනි.

ඡායාරූප - සවීන් උදයංග

[email protected]

 

Comments