සියලු රාජ්‍ය ආය­තන රජයේ ගොඩ­නැ­ගි­ලි­ව­ලට | සිළුමිණ

සියලු රාජ්‍ය ආය­තන රජයේ ගොඩ­නැ­ගි­ලි­ව­ලට

පෞද්ග­ලික ගොඩ­නැ­ගි­ලි­වල පව­ත්වා­ගෙන යන අමා­ත්‍යාංශ හා රාජ්‍ය ආය­තන රජයේ ගොඩ­නැ­ගි­ලි­වල පව­ත්වා­ගෙන යෑමට පිය­වර ගත යුතු බව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා උප­දෙස් දී තිබේ. මෙම­ගින් වස­ර­කට රුපි­යල් කෝටි දහ­සක අධික මුද­ලක් ඉති­රි­කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.

මේ අනුව නව රජයේ අමා­ත්‍යාංශ හා රාජ්‍ය අමා­ත්‍යාංශ මෙන් ම රාජ්‍ය ආය­තන ද රජ­යට අයත් ගොඩ­නැ­ගි­ලි­වල ස්ථාපිත කිරී­මට පිය­වර ගෙන ඇත. ඉකුත් යහ­පා­ලන රජය විසින් කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය සඳහා ලබා­ගෙන තිබූ පෞද්ග­ලික ගොඩ­නැ­ගිල්ල වෙනු­වට කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය සඳ­හාම ඉදි­කර තිබූ ගොවි­ජන මන්දි­ර­යට කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය ගෙන යෑමට පිය­වර ගනු ලැබුවේ ද ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මැදි­හ­ත්වී­මෙනි.

මේ ආකා­ර­යෙන් මේ වන­වි­ටත් පෞද්ග­ලික ගොඩ­නැ­ගි­ලි­වල පව­ත්වා­ගෙන ගිය රාජ්‍ය අමා­ත්‍යාංශ හා ආය­තන 30 ක් පමණ රජයේ ගොඩ­නැ­ගි­ලි­ව­ලට රැගෙන ගොස් ඇති අතර මේ වසර අව­සාන වීමට පෙර පෞද්ග­ලික ගොඩ­නැ­ගි­ලි­වල පවත්වා ගෙන යන සියලු රාජ්‍ය ආය­තන රජ­යට අයත් ගොඩ­නැ­ගි­ලි­ව­ලට රැගෙන යාමට පිය­වර ගෙන තිබේ.

Comments