විදේශ සංචා­ර­ක­යන්ට ශ්‍රී ලංකාව දැන් ආර­ක්ෂි­තයි! | Page 2 | සිළුමිණ

විදේශ සංචා­ර­ක­යන්ට ශ්‍රී ලංකාව දැන් ආර­ක්ෂි­තයි!

දේශීය හා විදේ­ශීය සංචා­ර­ක­යින්ගේ ආර­ක්ෂාව සහ­තික කිරී­මට ශ්‍රී ලංකා රජය විසින් සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය හරහා ගෙන ඇති ක්‍රියා­මාර්ග හමුවේ සංචා­ර­ක­යින්ට ආර­ක්ෂි­තව ගමන් කළ හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරී­මට ලෝක සංචා­රක හා සංචා­රක කවු­න්සි­ලය (WTTC) නිර්දේශ කර තිබේ. පසු­ගිය අගෝස්තු 8 වැනිදා කළ ඒ නිර්දේ­ශය හමුවේ මේ වන විට ශ්‍රී ලංකාව කෙරෙහි සංචා­ර­ක­යින්ගේ අව­ධා­නය වැඩි වී තිබෙන අතර දකුණේ සම්ප්‍ර­දා­යික ගැමි ධීවර

සංස්කෘ­තියේ ජීව­මාන අංග­යක් වූ රිටි පන්නය කෙරෙහි සංචා­රක අව­ධා­නය යොමුව තිබේ. මේ පන්න ධීවර ක්‍රමය නර­ඹ­න්නට, එහි ක්‍රියා­ශීලී වන්නට, ඒ ඇසු­රෙහි සමරු සට­හන් ගොනු කර­ග­න්නට බොහෝ විදේ­ශි­කයෝ රුචි වෙති. කොග්ගල වෙරළ තීරය ආශ්‍රිත නොගැ­ඹුරු මුහුදේ රිටි­ප­න්න­යෙහි යෙදෙන ධීව­ර­යන් දකිනු රිසිව පැමි­ණෙන මේ විදේ­ශි­ක­යින් නොමැ­කෙන මතක සම­ගින් ලෝක­යට රැගෙන යන්නේ ලාංකේය ජීවිත

විචි­ත්‍ර­ත්වයේ මන­රම් සල­කු­ණුය.

(සට­හන - ලලිත් චාමින්ද)

Comments