එජාප දෙගොල්ලම එක්ක­රන තැතක් | සිළුමිණ

එජාප දෙගොල්ලම එක්ක­රන තැතක්

පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණය නිම වී ප්‍රති­ඵල නිකුත් කරන තුරු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් ගේ කාල සට­හ­නද දින දෙකක් පමණ නිල රාජ­කා­රි­ව­ලින් හිස්ව පැවැ­තිණ. මැති­ව­රණ ප්‍රති­ඵල අනුව තම සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කීරි­මට ජනතා වර­මක් ලැබී අැති බව අව­බෝධ කර ගත් ජනා­ධි­ප­ති­ව­රයා ඉකුත් 8 දා සිටම කාර්ය බහුල විය. ජනා­ධි­පති ලේකම් පී. බී. ජය­සු­න්දර හා ජනා­ධි­ප­ති­ව­රයා ගේ විද්වත් උප­දේ­ශ­ක­යන් කාර්යා­ල­යට ගෙන්වා ගත් ජනා­ධි­ප­ති­ව­රයා "සෞභා­ග්‍යයේ දැක්ම ක්‍රියා­වට නංවා කෙටි කල­කින් ප්‍රති­ඵල ලබා ගන්න පුළු­වන් විදි­යට අපි අමාත්‍ය මණ්ඩ­ලයේ වග­කීම් බෙදලා දෙන්න ඕනෑ. "ජනා­ධි­ප­ති­ව­රයා සිය නිල­ධා­රීන්ට කීවේය."සර් අපි කලින් දළ වශ­යෙන් හදා ගත් සැලැස්මේ කළ යුතු වෙන­ස්කම් කරලා මේකම ෆයි­නල් කරමු. "ජනා­ධි­පති උප­දේ­ශ­ක­යකු සඳ­හන් කෙළේය. ඒ අනුව 8 දා මධ්‍යම රාත්‍රි­යද පසු­වන තුරු අමාත්‍ය මණ්ඩ­ලයේ විෂ­ය­යන් බෙදා සකස් කළ ලේඛ­නය තෙව­රක්ම නැවත නැවත පරික්ෂා කර අව­සාන ලේඛනය ගැසට් මඟින් ප්‍රකා­ශ­යට පත් කර­න්නට ජනා­පති අනු­මැ­තිය ලබා දුන්නේය. මෙරට දේශ­පා­ලන ඉති­හා­සයේ අමාත්‍ය මණ්ඩ­ලය දිවු­රුම් දීමට ප්‍රථම මෙවැනි ලේඛ­න­යක් ගැසට් කළ පළමු අව­ස්ථාව ලෙස මේ ගැසට් නිවේ­ද­නය ‍ඓතිහා­සික ලිය­වි­ල්ලක් වනු ඇත.

ජනා­ධි­පති සිය ධූරයේ දිවු­රුම් දීම අනු­රා­ධ­පුර රුව­න්වැලි සෑ ඉදිරිපිටදී සිදු කළාක් මෙන් අග­මැති දිවු­රුම් දීම ⁣ඓති­හා­සික කැල­ණිය රජ­මහා විහාර පරි­ශ්‍ර­යේදී සිදු කර­න්නට කට­යුතු සංවි­ධා­නය වුයේ ජනා­ධි­පති කාර්යා­ල­යෙනි. ඉකුත් 9 වැනිදා මහින්ද රාජ­පක්ෂ සිය බාල සොයුරු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ ඉදි­රියේ දවු­රුම් දුන්නද ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ නිල දිවු­රුම අව­සන් වු සැණින් තම වැඩි­ම­හල් සොයුරු මහින්ද රාජ­ප­ක්ෂ­යන් අභි­මු­වට ගොස් හිස පහත් කර සහෝ­දර සෙනෙ­හ­සින් ආශි­ර්වා­දය ලබා ගනු දුටු­වන් ගේ ඇසට කඳුළු ඉනුවේ රජ­ක­මට වඩා සහෝ­ද­ර­ක­මට රටේ රාජ්‍ය නාය­කයා ගේ ඇති බැඳිම දැකී­මෙනි.

නව වන පාර්ලි­මේ­න්තුවේ අභි­නව අග්‍රා­මා­ත්‍ය­ව­රයා වශ­යෙන් මහින්ද රාජ­ප­ක්ෂ­යන් කැලණි රජ­මහා විහා­ර­ස්ථා­න­යේදී දිවු­රුම් දුන් උත්ස­වය බෞද්ධා­ග­මික වත්පි­ළි­වෙත් වලට මුල්තැන දෙමින් සුදා­නම් කර තිබිණ. මේ උත්ස­ව­යට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණෙන් පාර්ලි­මේ­න්තු­වට තේරී­පත් වූ මන්ත්‍රී­ව­රුන් සියලු දෙනා සහ­භාගි වූහ. දිවු­රුම් දීමෙන් අන­තු­රුව අග­මැ­ති­ව­රයා සුපු­රුදු පරිදි මහා සංඝ­ර­ත්නයේ ආශි­ර්වාද ලබා ගැනී­මට අම­තක නොක­ළේය.

අභි­නව අග්‍රා­මා­ත්‍ය­ව­රයා පළ­මු­වෙන්ම ගියේ පෑළි­ය­ගොඩ විද්‍යා­ලං­කාර පිරි­වෙ­න­ටයි. පළ­මුව විද්‍යා­ලං­කාර පිරි­වෙනේ පරි­වෙ­ණා­ධි­පති, කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ කුල­පති කොළඹ හලා­වත දෙදි­සාවේ ප්‍රධාන සංඝ­නා­යක, ත්‍රිපි­ටක වාගී­ශ්ව­රා­චාර්ය අති­පූජ්‍ය ආචාර්ය වැලි­මි­ටි­යාවේ කුස­ල­ධම්ම නා හිමි බැහැ­දැක ආශි­ර්වාද ලබා ගත් අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාට සුබ පත­මින් වැලි­මි­ටි­යාවේ කුස­ල­ධම්ම නාහි­මි­යන් පිරිත් නූලක් අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාට දුන්නේය.

"පිරිත් නූල මහා බල සම්ප­න්නයි." කිය­මින් අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ අතේ පිරිත් නූලක් බදින අතරේ තවත් පිරිත් නූල් කැබලි කිහි­ප­යක් අග­මැ­ති­ව­රයා දෙසට දිගු කර­මින් "ඔබ­තු­මාගේ සාක්කුවේ මේ නූල් ටික තියා­ගන්න." කුස­ල­ධම්ම නාහා­මියෝ පැව­සූහ. අග්‍රා­මා­ත්‍ය­ව­රයා නාහි­මි­යන් ඉදි­රි­පි­ට­දීම උඩු සාක්කුවේ පිරිත් නූල් රඳවා ගත්තේය.

මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද නාහි­මි­යන් බැහැ­දැක ආශි­ර්වාද ලබා ගැනී­මට ගිය අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාට නාහි­මි­යන් අව­වා­ද­යක්ද කෙළේය.

"එදා ඔබ­තු­මාව මාධ්‍ය සාක­ච්ඡා­ව­කට ගෙන්ව ගන්න සම­හරු බිය­වුණු කාල­යක් තිබුණා. අද ඕන තරම් ඔබේ පිටු­ප­ස්සෙන් එන්න කට්ටිය ඉන්නවා. මේ අය­ගෙන් ඔබ­තුමා ප්‍රවේ­සම් වෙන්න ඕනේ. " නාහ­මි­යන් කීහ.

කෙත­රම් කාර්ය­බ­හුල තත්ත්ව­යක සිටි­යද, හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලි­මේන්තු මන්ත්‍රී රෝසි සේනා­න­යක මහ­ත්මි­යගේ ස්වාමියා වූ අතුල සේනා­නා­ය­කගේ දේහ­යට අව­සන් ගෞරව දැක්වී­ම­ටද අග්‍රා­මා­ත්‍ය­ව­රයා එක්විය.

නව රජයේ අමාත්‍ය මණ්ඩ­ලය දිවු­රු­ම්දීමේ උත්ස­වය ඉකුත් බදාදා පැවැ­ත්වුණේ මහ­නු­වර මඟුල් මඩු­වේ­දීය. සිංහල රජ සම­යෙන් පසුව මහ­නු­වර මඟුල් මඩු­වේදී අමාත්‍ය මණ්ඩ­ලය දිවු­රුම් දුන් ප්‍රථම අව­ස්ථාව ලෙස මෙය සැල­කෙයි.

"වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රව­ර්ධන රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා වශ­යෙන් ප්‍රසන්න රණ­විර ඇමැ­ති­ව­රයා දිවු­රුම් දෙන අව­ස්ථාවේ අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ මුහු­ණට එක්ව­රම සින­හ­වක් ආවේය. දිවු­රුම් දීමෙන් අන­තු­රුව ප්‍රසන්න රණ­වීර රාජ්‍ය ඇමැ­ති­ව­රයා මන්ත්‍රී­ව­රුන් සිටි ස්ථාන­යට යන විට සම­හර මන්ත්‍රී­ව­රුන් සුබ පැතුවේ "ජනා­ධි­ප­ති­තුමා හොඳට කල්පනා කරලා බලලා සුදු­සුම ඇමැ­ති­කම දීලා " යි කිය­මිනි.

දිවු­රුම් දීමේ උත්ස­ව­යෙන් අන­තු­රුව ජනා­ධි­ප­ති­ව­රයා සහ අග්‍රා­මා­ත්‍ය­ව­රයා දළදා වහන්සේ වැඳ පුදා ගැනී­ම­ටද එක්විණි. එහිදී ජනා­ධි­ප­ති­ව­රයා ඉදි­රි­යෙන් ගමන් කර­මින් සිටි­යේය. ජනා­ධි­පති මාධ්‍ය අංශයේ කැමරා ශිල්පීන් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ හොඳම පින්තූ­ර­යක් සිය කැමරා කාචයේ සට­හන් කර ගැනී­මට උත්සාහ ගන්නා අතරේ ජනා­ධි­ප­ති­ව­ර­යාට පිටු­ප­සින් පැමිණි අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ හොඳම ජායා­රූ­ප­යක් සිය කැමරා කාචයේ සට­හන් කර­ගැ­නී­මට අග්‍රා­මාත්‍ය මාධ්‍ය අංශයේ කැමරා ශිල්පීන් ද දැඩි උත්සා­හ­යක යෙදිණි. ජනා­ධි­ප­ති­ව­රයා මාළි­ගාවේ පිය­ගැට පෙලක් නැග තවත් පිය­ගැට පෙලක් බැස­යා­මට සූදා­නම් වන අතරේ කිසි­යම් පුද්ග­ල­යෙක් ඇද වැටෙන ශබ්ද­යක් ඇසිණි. ජනා­ධි­ප­ති­ව­රයා ක්ෂණ­යෙන් හැරී "තුවාල වුණාද" යි කිය­මින් වැටුණු පුද්ග­ල­යන් ඔස­ව­න්නට යත්ම අසල සිටි අයෙක් ඔහුව නැගි­ට­වූ­වේය. වැටී සිටියේ අග්‍රා­මාත්‍ය මාධ්‍ය අංශයේ ඡායා­රූප ශිල්පි­යෙකි.

මැති­ව­රණ ප්‍රති­ඵල නිකුත් වීමත් සමඟ බත්ත­ර­මුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පක්ෂ කාර්යා­ල­යද කඩි­ගු­ලක් ඇවි­ස්සු­නාක් මෙන් කාර්ය­බ­හුල තත්ත්ව­ය­කට පත්ව තිබිණි. මහ මැති­ව­ර­ණ­යෙන් තේරී­පත්වූ මන්ත්‍රි­ව­රුන්ගේ සතුට මෙන්ම තේරී­පත් නොවූ මන්ත්‍රී­ව­රුන්ගේ දුක බෙදා­ගන්නා ස්ථානය බවට පත්ව තිබුණේ පක්ෂ කාර්යා­ල­යයි. පක්ෂ කාර්යා­ල­යට පැමි­ණෙන බොහෝ දෙනෙක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජ­ප­ක්ෂ­යන් හමුවී සුබ පැතුවේ නව පක්ෂ­යක් නිර්මා­ණය කර කෙටි කල­කින් තුනෙන් දෙකක බල­යක් සහිත ආණ්ඩු­වක් පිහි­ටු­වී­මට හැකි­වූයේ බැසිල් රාජ­ප­ක්ෂ­යන්ගේ උත්සා­හය හා කැප­වීම නිසා යැයි කිය­මින්ය.

මහ මැති­ව­ර­ණ­යෙන් දෙවැනි තැනට ජය­ගත් සමඟි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දා­ස­ටද දිව­යිනේ නන්දෙ­සින් දුර­ක­ථන ඇම­තුම් පැමිණි අතර බොහෝ දෙනෙක් සඳ­හන් කළේ මේ තරම් කෙටි කල­කදී සමගි ජන බල­වේ­ගය ලබා­ගත් ජය­ග්‍ර­හ­ණය ගැන සතුටු විය හැකි බවය.

සඳුදා උදෑ­සන සමගි ජන බල­වේ­ගයේ පක්ෂ නායක රැස්වී­මක් කැඳවා තිබු­ණේය. ඒ මැති­ව­ර­ණ­යෙන් පසුව ඉදි­රි­යේදී ගන්නා පිය­වර ගැන අව­ධා­නය යොමු කිරී­ම­ටය. රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර, තිස්ස අත්ත­නා­යක, පාඨලී චම්පික රණ­වක, මනෝ ගනේ­ෂන්, දිග­ම්බ­රන්, රවුෆ් හකීම් ඇතුළු පක්ෂ නාය­කයෝ මේ සඳහා එක්ව සිටි­යහ. සමගි ජන බල­වේ­ග­යට හිමිව තිබූ ජාතික ලයිස්තු අපේ­ක්ෂ­කත්ව ලබා­දීම පිළි­බඳ මෙහිදී අව­ධා­නය යොමු වුණේය.

"නිසි කලට සියල්ල වෙයි.ඒත් පරා­ජය වූ කිසි­කෙ­නෙක් ලයි­ස්තු­වෙන් ගන්නෙ නෑ. අපි එකට එකතු වෙච්ච බල­වේ­ග­යක්. අපි සම­ගිව තීන්දු ගන්න ඕන. ජාතික ලයිස්තු මන්ත්‍රී­ධූර ලබා­දීම සංවේදී කරු­ණක්. සමගි ජන බල­වේ­ගයේ පක්ෂ යාන්ත්‍ර­ණය ක්‍රියා­ත්මක කර­වී­මට රට පුරා යන්න අපේ නාය­ක­යින් කීප දෙනෙක්ට ඡන්දය ඉල්ලන්න එපා කියලා මම කිව්වා. ඒ අයට අව­ස්ථා­වක් දෙන්න ඕන. ඒ වගේම අනෙක් පක්ෂ­වල ඉල්ලීම් ගැනත් අව­ධා­නය යොමු කරලා අපි හරිම තීන්දු­වක් සම­ගිව අර­ග­නිමු" සජිත් යෝජනා කළේය.

"අපිත් සමගි ජන බල­වේ­ගය සමඟ සහ­යෝ­ග­යෙන් වැඩ කළා. මේ ගැනත් සලකා බලන්න" සුළු පක්ෂද සිය මතය කීවේය.

කෙසේ වෙතත් එදින පක්ෂ නායක රැස්වීම අව­ස­න්වූයේ ජාතික ලයි­ස්තු­වට ඇතු­ළත් කරන මන්ත්‍රී­ව­රුන් සම්බ­න්ධ­යෙන් අව­සන් එක­ඟ­තා­වක් නොමැ­ති­වය.

අඟ­හ­රු­වාදා උදෑ­සන නැවත වරක් සමගි ජන බල­වේ­ගයේ නාය­ක­යන් හමු­වූයේ , ජාතික ලයිස්තු මන්ත්‍රි­ධූර ලබා­දීම ගැන කතා කිරී­ම­ටය. සජිත් සමඟ රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර, තිස්ස අත්ත­නා­යක, ඉමි­ටි­යාස් බකීර් මාකර්, එරාන් වික්‍ර­ම­රත්න, තලතා අතු­කෝ­රල, කබීර් හෂීම් ඇතුළු ජ්‍යෙෂ්ඨ­යන් මේ සඳහා එක්වූහ. පක්ෂ­යක් ලෙස ආණ්ඩු බලය ලබා­ගැ­නීම සඳහා ඉදි­රි­යේදී කට­යුතු කළ යුතු ආකා­රය ගැන මෙන්ම පාර්ලි­මේ­න්තු­වේදී විප­ක්ෂ­යක් ලෙස කට­යුතු කළ යුතු ආකා­රය ගැන එහිදී දීර්ඝ ලෙස අද­හස් හුව­මාරු කර­ග­ත්තේය.

බදාදා උදෑ­සන සජිත් යළි සමගි ජන­බ­ල­වේ­ගය සමග සිටින අනෙ­කුත් පක්ෂ නාය­ක­යන් හමු­වූයේ ජාතික ලයිස්තු මන්ත්‍රී­ධූ­ර­ව­ලට පත් කිරීම පිළි­බද සාකච්ඡා කිරී­ම­ටය. මනෝ, රිෂාඩ්, හකීම්, දිග­ම්බ­රන් ඇතුළු පක්ෂ නාය­ක­යින් සමඟ සජිත් සෘජු­වම සාක­ච්ඡාව ආරම්භ කළේය.

"අනෙ­කුත් පක්ෂ­ව­ලට ජාතික ලයි­ස්තුවේ අවස්ථා ලබා­දෙන්න මම එක­ඟයි. අපිට ජාතික ලයි­ස්තු­වෙන් මන්ත්‍රී­ධූර දහ­යක් විතර ලැබුණා නම් අපිට මේ විදි­යට අනෙක් පක්ෂ­ව­ලට අව­ස්ථාව ලබා­දෙන්න තිබුණා. දැන් අපිට ලැබිලා තියෙන මන්ත්‍රී­ධූර සංඛ්‍යාව එක්ක බල­න­කොට ජාතික ලයි­ස්තු­වෙන් මන්ත්‍රී­ධූර හත­රක් අනෙක් පක්ෂ­ව­ලට ලබා­දු­න්නොත් ඒක ගැට­ලු­වක් වෙනවා. සජිත් කීවේය.

"අපි නාය­ක­තු­මාව බිත්ති­යට හේත්තු කරලා මස් රාත්ත­ලම ඉල්ලන්න අපි ලෑස්ති නෑ" මනෝ කීවේය .

"අපි අපේ අද­හස ඉදි­රි­පත් කරලා තියෙ­නවා. ඔබ­තුමා පක්ෂ නාය­කයා විදි­යට සුදුසු තීර­ණ­යක් ගන්න" මනෝ, රිෂාඩ්, සහ හකීම් සජිත් කැමැ­ත්තට සහය දැක්වූ­වේය.

"සියලු දෙනා­ගේම ඉල්ලීම් ගැන සල­කලා මට නාය­ක­යෙක් විදි­යට හැමෝ­ටම සාධා­ර­ණ­ය­ක්‌ ­වෙන තීන්දු­වක් ගන්න වෙනවා"සජිත් සෘජුව ප්‍රකාශ කළේය.

"අපිට සිය­ල්ලට වඩා සමගි ජන­බ­ල­වේ­ගය වටි­නවා" සෙසු පක්ෂ අව­සා­න­යේදී සජිත්ගේ තීර­ණය පිළි­ග­ත්තේය.

එජාප කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලය ඉකුත්දා රැස්විය. එහිදී පක්ෂ නාය­ක­ත්වය පිළි­බ­ඳව ද අද­හස් මතුවූ විට තිලක් මාර­පන විම­සූවේ එ.ජා.ප නාය­කයා ඉවත් වන්නේ නම් නාය­ක­ත්වය සඳහා ඉදි­රි­පත් වන අය අත් ඔස­වන ලෙසය.

එහිදි රවී, දයා ගමගේ හා වජිර ක්ෂණි­ක­වම අත් එසවූ අතර අව­සාන වශ­යෙන් අකිල ද ඊට එක් විය. අන­තු­රුව පිට­තට පැමිණි අකිල ප්‍රමුඛ පිරිස් මාධ්‍ය­යට කියා සිටියේ එ.ජා.ප නාය­කයා ඉව­ත්වීමේ තීන්දුව ගෙන ඇති බවය. නව නාය­කයා පත් කිරීමේ සාක­ච්ඡාව බ්‍රහ­ස්ප­ති­න්දාට යෙදී ඇති බවත් ඒ සඳහා නම් 4 ක්ද එහිදි රට හමුවේ තැබීය.

එ.ජා.ප ය තුළ බෝම්බ­යක් පුපුරා ගියේ ඉන් අන­තු­රු­වය. මේ ගැන විම­ස­මින් එ.ජා.ප නාය­කයා වෙත ඇම­තුම් රැසක් ලැබුණු අතර එහිදි ඔහු කියා සිටියේ අමු­තුම කතා­වකි.

"මම වහාම නාය­ක­ත්ව­යෙන් ඉවත් වෙන­වායි කිව්වේ නෑ. නමුත් පක්ෂය තරුණ නාය­ක­යෙක් අතට පත් කිරීමේ අව­ශ්‍ය­තා­වයි මම මතු කළේ... ඒක මම හැම­දාම කියා­ගෙන ආපු දෙයක්. ජන­මා­ධ්‍ය­ව­ලට ගියපු ප්‍රකා­ශයේ යම් විකෘ­ති­තා­වක් තිබෙන බවයි පේන්නේ." එ.ජා.ප නාය­කයා කීවේය.

ඉන් අන­තු­රු­වද එ.ජා.ප ය තුළ විවිධ සාකච්ඡා රැසක් පැවැ­ත්විණි. එහිදී නාය­ක­ත්වය පිළි­බ­දව මෙන්ම සමගි ජන බල­වේ­ගය සමඟ එකතු වෙන­වාද නැතිද යන්න මෙන්ම පක්ෂය විසු­රුවා හරි­නවා ද යන්න ගැන පවා සම­හරු අද­හස් දක්ව­න්නට විය.

අග­හ­රු­වාදා සිරි­කොතේ දි තවත් තීර­ණා­ත්මක හමු­වක් සුදා­නම් කොට තිබුණ ද පසුව එය අව­ලංගු කළ නාය­කයා.

"ඔයාලා කතා කරලා තීන්දු­වක් අරන් මට කියන්න." යැයි කියා තිබුණි.

එහෙත් රවි, වජිර, නවීන්, අකිල, රුවන්, අර්ජුන, සාගල, රංගේ බණ්ඩාර ඇතුළු පිරි­සක් නාය­ක­යාගේ පස්වෙනි පටු­මග නිව­සට පැමි­ණියේ නාය­කයා නොමැ­තිව කරනු ලබන සාක­ච්ඡා­වක් අර්ථ­වත් නොවන බව පව­ස­මිනි. එහිදි විශේ­ෂ­ත්වය වූයේ රවී ගේ යෝජ­නා­වක් මත නාය­කත්ව සට­නට අර්ජුන මෙන්ම රුවන් විජ­ය­ව­ර්ධන ද ඇතු­ළත් වීමය. අන­තු­රුව එම ලැයි­ස්තු­වට රංගේ බණ්ඩාර හා සාග­ලගේ නම් ද එක් වූ අතර ඒ අනුව එ. ජා. ප නාය­ක­ත්වය සඳහා අට දෙනෙ­කු­ගෙන් යුත් දේශ­පා­ලන පොර­යක් නිර්මා­ණය වී තිබේ.

නව රජයේ සංචා­රක ඇම­ති­ව­රයා ලෙස පත්වූයේ ප්‍රසන්න රණ­තුං­ගය. ඔහුගේ රාජ්‍ය ඇම­ති­ව­රයා වූයේ ඩී. වී. චාන­කය. ඇම­ති­ව­රුන්ට සඳු­දාට පෙර වැඩ බාර­ගන්නා ලෙස ජනා­ධි­ප­ති­ව­රයා උප­දෙස් දී තිබිණි.

මේ අනුව කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය 13 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ බාරගත් අතර, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ හිතවතුන් බොහෝ පිරිසක් ඊට ආශිර්වාද කිරීමට එක්ව සිටියහ.

"මල්ලි මම හෙට උදේ 6.30ට වැඩ බාර­ග­න්නවා. ඔයත් වෙලා­වක් බලලා වැඩ බාර­ගමු හෙටම. ඊට පස්සේ ආය­තන ප්‍රධා­නීන් හමු­වෙමු" ප්‍රසන්න කීවේය.

කියූ ලෙස ප්‍රසන්න බ්‍රහ­ස්ප­තින්දා උදෑ­සන 6.30ට වැඩ බාර­ගත්තේ සංචා­රක කැබි­නට් ඇම­ති­ව­රයා ලෙසය. ඔහුගේ රාජ්‍ය ඇම­ති­ව­රයා වූ ඩී. වී. ගේ වැඩ බාර­ගැ­නීම යෙදී තිබුණේ එදි­නම (බ්‍රහ­ස්ප­තින්දා) උදේ 9.00ටය. ප්‍රසන්න ඩී. වී. ගේ වැඩ බාර­ගැ­නීමේ උත්ස­වය ගැනද සොයා බැලු­වේය. "ඩී. වී. ඇම­ති­තුමා අලුත් කෙනෙක් අපි එයාට උදව් කරන්න ඕනෑ. ඒ නිසා හැම­දේම මටත් වඩා හොඳට ලෑස්ති කරන්න " ප්‍රසන්න අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යාට මෙන්ම සිය පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ල­ය­ටද කීවේය.

වැඩ බාර­ගැ­නිම අව­සන් වන විටම ඇමති ප්‍රස­න්නට දුර­ක­ථන ඇම­තු­මක් ආවේය. ඒ අග­මැති මහි­න්ද­ගෙනි.

"ප්‍රසන්න උදේම වැඩ බාර­ගත්තා කියලා ආරං­චියි. මම මේ සුබ පත­න්නයි ගත්තේ." මහින්ද කීවේය.

"ඔව් සර්. මම උදේ 6.30ට වැඩ බාර­ගත්තා." ප්‍රසන්න කීවේය.

"ආ... ඒ කියන්නේ කුකු­ලත් අතේ අරන්ම ඇවිත් වැඩ බාර අරන්... " මහින්ද කීවේ සිනා­සෙ­මිනි.

"අපිට හොඳ ආණ්ඩු­වක් හදා­ගන්න පුළු­වන් වුණා. දැන් ඉතින් අපි ඒ ජන­ම­තය රැක ගන්න කට­යුතු කරන්න ඕනෑ" මහින්ද කිවේය.

"ඒක ඇත්ත සර්. මිනිස්සු අපි ගැන ලොකු විශ්වා­ස­යක් තියලා තියෙන්නේ. විශේ­ෂ­යෙන්ම ජනා­ධි­ප­ති­තු­මයි ඔබ­තු­මයි ගැන. ඒ විශ්වා­සය රැක­ගන්න එක අපේ වග­කීම" ප්‍රස­න්නද උත්තර දුන්නේය.

Comments