ක්‍රීඩා ඇමති­තු­මනි, අය­න්නෙන්ම අර­ඹමු | සිළුමිණ

ක්‍රීඩා ඇමති­තු­මනි, අය­න්නෙන්ම අර­ඹමු

අව­සන් වසර පහක කාලය තුළ මෙරට ක්‍රීඩා අමා­ත්‍ය­වරු ආව ගිය වේගය ඔවු­න්වත් දන්නවා දැයි නොද­නිමු. සිය­ලුම දෙනාගේ මුවඟ රැඳුණු එකම කතාව වූයේ ක්‍රීඩා පනත වෙනස් කරන බවය. වෙනස් වූයේ කුමක්ද? වෙනස් කළේ මොන­වාද? යන්නත් දන්නේ මෙයට වලි කෑ අමා­ත්‍ය­ව­රුම පමණි. ලාංකේය ක්‍රීඩාව මේ තියෙන අඩි­යෙන් තව අඩි­යක් හෝ ඉහ­ළට ගැනී­මට නම්, මුලින් ක්‍රීඩා අමා­ත්‍යාංශ බල­තල දෙප­යින් සිටු­විය යුතුය. එමෙන්ම මොනම හේතු­වක් නිසා­වත් ක්‍රීඩා සංගම් - සම්මේ­ලන හෝ ඔලි­ම්පික් කමි­ටුවේ පද­ව­ලට නටන ආය­ත­න­යක් නොවිය යුතුය. ක්‍රීඩා අමා­ත්‍ය­ව­රයා ද මේවායේ නිල­ධා­රින්ට ඕනෑ ආකා­ර­යට නට­න්නෙකු නොවිය යුතුය. ඕනෑම අභි­යෝ­ග­ය­කට අභි­යෝග කර­න්නෙකු මිස පලා යන්නෙකු දනො­විය යුතුය.

අනා­ග­ත­යක් නොපෙ­නෙන තර­මට ලාංකේය ක්‍රීඩාව කඩා වැටී ඇති බවත්, කන­ගා­ටු­වට කරුණ වන්නේ ඒ සඳහා ක්‍රීඩා අමා­ත්‍යාං­ශය අසී­මිත විය­ද­මක් දරා තිබි­යදී එම තත්ත්වය උදා වී තිබීම බවත් යහ­පා­ලන රජයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ධූර­යෙන් සමු­ග­නි­මින් පැවැ­සීය.

ක්‍රීඩා­වට ක්‍රීඩා අමා­ත්‍යාං­ශය අසී­මිත විය­ද­මක් දැරු­වත් ක්‍රීඩක ක්‍රීඩි­කා­ව­න්ගෙන් බලා­පො­රොත්තු වන තරම් අපේක්ෂා ඉටු­වීම අවම මට්ට­මක පැවැ­තීම තුළ ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික ජය­ග්‍ර­හ­ණ­යන් මේ වන­විට පද­ක්කම් එක­කට දෙක­කට සීමාවී ඇතැයි ද හිටපු අමා­ත්‍ය­ව­රයා පව­සයි.

තමා අමාත්‍ය ධූර­යෙන් සමු ගැනී­මට දින කිහි­ප­ය­කට පෙර හෝ ක්‍රීඩාව දූෂ­ණ­යෙන් වළක්වා ගැනීමේ පනත පාර්ලි­මේ­න්තුවේ සම්මත කර ගැනී­මට හැකි­වීම පිළි­බඳ වඩාත් සතුටු වන බව ද පව­සයි. එම­ඟින් ඉදි­රි­යේදී මේ රටේ ක්‍රීඩාවේ දූෂ­ණයේ යෙදෙන දූෂි­ත­යන් වන වැරැ­දි­ක­රු­වන්ට දැඩි දඬු­වම් පැමි­ණ­වීමේ අව­ස්ථාව සැලසී ඇතැයි ද පව­සයි.‍

ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මුල් කැබි­නට් මණ්ඩ­ලයේ ක්‍රීඩා, අධ්‍යා­පන සහ තරුණ කට­යුතු අමාත්‍ය ධූරය හිමි වූයේ මාධ්‍ය සග­යකු ද වන ඩලස් අල­හ­ප්පෙ­රු­මට ය. ක්‍රීඩා අමාත්‍ය ධූරය යනු වැඩ­කට නැති අමාත්‍ය ධූර­යක් බව ගෙවී ගිය යහ­පා­ලන රජය මැන­වින් පසක් කළේ ය. යහ­පා­ලන රජයේ පළමු දින සිය­යට නවින්ය. අන­තු­රුව වැඩි කාල­යක් දයා­සිරි ය. ඊට පසු ෆයි­සර් ය. ඊටත් පසුව හරින් ය. පසු­ගිය වසර පහ ගෙවී යන්න­ටත් මත්තෙන් ක්‍රීඩා අමා­ත්‍ය­වරු පස් දෙනකි. එකී පස් දෙනාගේ ම ප්‍රග­තිය පිළි­බඳ සාරාංශ ගත­වන විට ඉතිරි වන්නේ අනා­ග­ත­යක් නොපෙ­නෙන තර­මට ලාංකේය ක්‍රීඩාව කඩා වැටී ඇති බව නම් වත්මන් ක්‍රීඩා අමා­ත්‍ය­ව­ර­යාට අය­න්නෙන් ම පටන් ගත යුතුව තිබෙන බව පැහැ­දි­ලියි.

වර්ත­මාන ලෝකයේ බොහෝ රට­වල් ඔවුන්ගේ රටේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා බොහෝ දෑ සිදු කර­මින් පව­තියි. හොඳ ක්‍රීඩා තර­ගා­වලි සංවි­ධා­නය කර­මින්, ක්‍රීඩක - ක්‍රීඩි­කා­වන්ට ප්‍රති­පා­දන ලබා­දෙ­මින්, ක්‍රීඩාං­ගණ ඇතුළු අනි­කුත් පහ­සු­කම් ලබා­දෙ­මින්, ඒවා වැඩි දියුණු කර­මින්, වඩාත් හොඳ පුහු­ණු­ක­රු­වන්ගේ සේවය ලබා ගනි­මින්, රටේ ජන­තාව එකී තර­ගා­වලි නැර­ඹීම සඳහා උනන්දු කිරී­මට විවිධ ආක­ර්ෂ­ණීය වැඩ­ස­ට­හන් ඉදි­රි­පත් කර­මින්, එකී තර­ගා­වලි විකා­ශ­නය කර­මින්, හොඳ අනු­ග්‍රා­හ­ක­යන් සොයා ගනි­මින් අති­වි­ශාල කාර්යය භාර­යක් ලෝකය වටා ම සිදු­වෙ­මින් පව­තියි. නමුත් අප රටේ වැඩ­ස­ට­හන් ගැන මීට වඩා ගැඹු­රින් කල්පනා කළ යුත්තේ මෙවන් පසු­බි­මක ය. ලෝකය ඉදි­රි­යට ගමන් කරන විට අප ගමන් කරන්නේ පසු පස්සට නම්, ගල් යුග­ය­කට නම් මෙයට දැන්වත් තිත තැබිය යුතු ය. එම­ඟින් අප රටෙහි ක්‍රීඩාවේ වර්ධ­නය වීමක් සිදු නොවන අතර, දිනෙන් දින ම ක්‍රීඩාව කඩා වැටෙන බව පම­ණක් පැහැ­දිලි ය. පද­ක්කම් රහිත ක්‍රීඩා තර­ගා­වලි හරහා තහ­වුරු වන්නේ අප රටෙහි වැඩ­පි­ළි­වෙ­ළක් නැති­කමේ ආදී­න­ව­යන් ය.

ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ රට නගන පෙර දැක්ම ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ 26 වැනි පරි­ච්ඡේ­දය වන්නේ ජව­ස­ම්පන්න තාරු­ණ්‍ය­යට ක්‍රීඩාවේ සවි බලය යන්නයි. ක්‍රීඩාව යනු තරුණ පර­පුරේ භාෂාව වන අතර ක්‍රීඩාව තාරු­ණ්‍යය අවදි කර­න්නට හේතුවේ.‍ ජව සම්පන්න නිරෝ­ගි­මත් සහ විනය ගරුක සමා­ජ­යක් බිහි කිරීම සඳහා ක්‍රීඩා­ශීලී ජීවන රටා­ව­කින් යුත් පර­පු‍රක් නිර්මා­ණය කිරීම අපේ අපේ­ක්ෂාව ය. ගම රට නඟන පෙර දැක්මේ ක්‍රීඩාව පිළි­බඳ දැක්මයි.

නව රජයේ ක්‍රීඩා සහ තරුණ කට­යුතු අමාත්‍ය ධුරය හිමි වූයේ ක්‍රීඩ­ක­යකු - නාය­ක­යකු වූ නාමල් රාජ­ප­ක්ෂ­ටය. ලාංකේය ක්‍රීඩාව අමාත්‍ය නාමල් රාජ­ප­ක්ෂට අය­න්නෙන් ම පටන් ගැනි­මට සිදුව තිබෙන බව සක්සු­දක් සේ පැහැ­දිලි ය. මන්ද යත් ඒ තර­ම­ටම ලාංකේය ක්‍රීඩාව වළ පල්ල­ටම ගොස් ඇති බැවිනි. ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ රජය යටතේ ලාංකේය ක්‍රීඩාව හෙට දවසේ කවර දිශා­වක් කරා ගමන් කර­යිද යන්න කීමට කල් වැඩිය‍‍.

රටක ක්‍රීඩාව මෙන් ම තරුණ කට­යුතු ද එක සමා­නව ගොඩ නැඟිය යුතු අංශ දෙකකි.‍ මේ දෙක­ටම තැබිය යුත්තේ එක හා සමාන බරකි. ක්‍රීඩාව මෙන් ම තරුණ කට­යුතු ද වැඩි දියුණු කිරී­මට දියුණු වැඩ­පි­ළි­වෙ­ළක් ඇවැ­සිය. ලාංකේය ක්‍රීඩාවේ තිඹි­රි­ගෙය පාස­ලය. එසේ නම් පාසල මෙන් ම ක්‍රීඩාව ද ගමන් කළ යුතු වන්නේ සමා­න්තර රේඛා මත ය. පාසල් ක්‍රීඩා තවාන් තුළ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් බිහි නොවී, මෙරටේ අනා­ගත ක්‍රීඩා­වන් පැවැ­තිය නොහැකි ය. කල­කට පසු මෙරටේ අමා­ත්‍යාංශ බෙදා වෙන් කිරී­මේදී ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ රජයේ නිවැ­රැදි ම අමා­ත්‍යාංශ බෙදා වෙන් කිරී­මක් ලෙස ක්‍රීඩා සහ තරුණ කට­යුතු එක් අමා­ත්‍ය­ව­ර­යකු යට­තට පත් කර තිබීම විශේ­ෂ­ත්ව­යකි.

මෙරට බොහෝ ක්‍රීඩා අමා­ත්‍ය­ව­රුන් ධූර බාර ගනි­මින් ලාංකේය ක්‍රීඩාව ජය ටැඹක් කරා ගෙන යාමට සිහින දැක්කද? වැඩි­කල් නොගොස්ම අව­දි­වී­මට සිදු වීය. ක්‍රීඩාව රට­කට අත්‍යා­වශ්‍ය සාධ­ක­යක් නොවන කලෙක එය අයාලේ යාම ගැන පුදුම විය යුතුද නොවේ. පසු­ගිය කාලයේ රජ­යන් මෙරට ක්‍රීඩාව වළ­ප­ල්ලට ගෙන යාමට ඇවැසි පිඹු­රු­පත් සකස් කළ අතර යහ­පා­ල­නය රජය එයට ඇවැසි මල්ව­ඩම්, ගොක්කොළ, සුදු කොඩි එකතු කර­මින් සිටියේ යැයි ප්‍රවී­ණයෝ ප්‍රකාශ කළේ කට­ක­හ­න­වට නොවිය යුතුය.

දශක හතක පමණ ඉති­හා­ස­ය­කට උරු­ම­කම් කියන ආසි­යානු ක්‍රීඩා උලළේ සිවු­වැනි වර­ටත් හිස් අතින්ම පැමි­ණී­මට ලාංකේ­යන්ට සිදු­වුයේ පසු­ගිය වස­රේ­දීය. මීට පෙර අඛ­ණ්ඩව 1982 සහ 1986 මේ ඉර­ණ­මට ගොදු­රු­වී­මට ශ්‍රී ලංකා­වට සිදුවූ අතර, ඉන්පසු 2010 දී සහ මෙවර ද එකී ඉර­ණම වෙනස් නොවීය.

කිසිම ක්‍රීඩා­වක අන්ත­ර්ජා­තික ජය­ග්‍ර­හ­ණ­යක් හුදු ෂෝට්කට් හරහා වැටී ඇතැයි සිතීම මුලා­වකි. විචා­ර­යට පෙර හැදෑ­රීමේ වැද­ග­ත්කම අන්ත­ර්ජා­ති­කව පවා පිළි­ගත් මුඛ්‍ය සාධ­ක­ය­ක්වන විට එය අම­තක කර හෝ නොස­ලකා කට­යුතු කිරීම තුළම ප්‍රද­ර්ශ­ණය වන්නේ තම හිස්කම පමණි. ඉන්දු­නී­සි­යාවේ පැවැති 18 වැනි ආසි­යානු ක්‍රීඩා උ‍ලෙළට ඉති­හා­සයේ වැඩිම පිරිස එවර එක්වූ අතර ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්, නිල­ධා­රින් පුහු­ණු­ක­රු­වන් සහ සෙසු ආව­තේ­ව­ක­රු­වන් ද එක් වූ කළ මේ නඩය අවම 275 දෙනකු ඉක්මවා යාමකි. ක්‍රීඩා අමා­ත්‍යං­ශය මිලි­යන 25 ක් මේ සඳහා යට­කර ඇති අතර ඔලි­ම්පික් කමි­ටුව යෙදූ මුදල පිළි­බඳ සද්ද­යක් නැත. කෙසේ වෙතත් එකී මුදල ද මිලි­යන 25 කට වැඩි මිසක් අඩු නැත. ඒ අනුව මිලි­යන 50 කට අධික මුද­ලක් ඉන්දු­නී­සි­යානු වන්ද­නා­වට විය පැහැ­දම් කළ ද, ලෝකඩ පද­ක්ක­මක් දිනා ගැනී­මට නොහැකි තර­මට ම මෙරට ක්‍රීඩාව බිමට සම­තලා වී ගොස් තිබේ.

ශ්‍රී ලංකාව ද ඇතුළු පසු­ගිය ආසි­යානු ක්‍රීඩා උලෙළේ දී කිසිදු පද­ක්ක­ම­ක්වත් ජය­ග්‍ර­හ­ණය නොකළ රට­වල් 9 කි. එම රට­වල් 9 අත­රින් ද වැඩිම ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් සංඛ්‍යා­වක් ආසි­යානු ක්‍රීඩා උ‍ලෙළට ඉදි­රි­පත් කළ රට වූයේ ද ශ්‍රී ලංකා­වයි.ඒ අනුව කිසිදු පද­ක්ක­මක් දිනා ගැනී­මට ශ්‍රී ලංකා­වට නොහැකි වූවද අප රටේ නම මේ ආකා­ර­යෙන් හෝ එම නිල වාර්තා අතර සට­හන් වීම පිළි­බඳ ශ්‍රී ලංකාවේ බල­ධා­රීන් සතුටු වනු ඇත. ශ්‍රී ලංකාව දහ අට­වැනි ආසි­යානු ක්‍රීඩා උලෙ­ළට පෙර ගිය වසරේ මලල ක්‍රීඩා ලෝක ශූර­තා­ව­ලි­යට සහ ආසි­යානු මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට එක් විය.

ලන්ඩ­නයේ පැවැති දහ­ස­ය­වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී විදේශ රට­වල සිට ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කළ මැර­තන්, ක්‍රීඩක ක්‍රීඩිකා දෙප­ලට තර­ග­යක් අහ­වර කර­ගැ­නී­මට තර­ම්වත් ශක්ති­යක් නැත. මේ අතර ඇසෙන්නේ පරණ කුණු­ක­න්දල් පමණි. ඒවා සිය­ල්ලක්ම අව­සන් වන්නේ විකට සිදු­වී­ම්ව­ලින්ය. අව­සා­නයේ බඩ­වල් කට­වල් අල්ලා­ගෙන සිය­ල්ලට සිනාසී සතු­ටින් විසිර යාමට හැකිය. දහ­ස­ය­වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තර­ගා­වලි වුවද, බෝල්ට්ගේ අව­සන් තරග දෙක හැර අපට අප ගැන­වත් වගේ වග­ක්වත් නැත. 1948 - 2000 ඔලි­ම්පික් මෙන්ම 1997 - 2007 මලල ක්‍රීඩා ලෝක ශූර­තා­වලි හැර ඉතිරි සියල්ල හුදෙක් විනෝද චාරි­කා­ව­ලට පම­ණක් සීමා වූ බව සැබෑය.

අන්ත­ර්ජා­තික තරග වරම් දිනා ගන්නත් (ඔලි­ම්පික්, ලෝක ශූර­තා­වලි) ලොකු කැප කිරී­මක් කරන්න ඕනෑ. හැබැයි අපේ අය එසේ කරන පාටක් පේන්න­වත් නෑ. අපි ඉස්සෙල්ලා දකුණු ආසි­යාව ජය ගන්න බලන්න ඕනෑ. ඒක නැතුව එතැ­නින් එහාට කිසිම දෙයක් ගැන හිත­ල­වත් වැඩක් නෑ.

මේ මීට වසර පහ­කට පෙර යෝගා­නන්ද විජේ­සු­න්ද­ර­යන් කළ ප්‍රකා­ශ­යකි. ලාංකේය ක්‍රීඩාවේ සිදු­වන සිදු­වීම් දෙස විම­සි­ලි­මත් වන විට තව වසර 25 කටත් මේ ප්‍රකා­ශය වලං­ගු­වන බව නම් සහ­ති­කය. මන්ද යත් සියලු දෙනා අත­රම ඇත්තේ කතා පමණි. අතී­තයේ ලාංකේ­යන්ට උරුම සිටියේ එක් අන්දරේ කෙනෙකි. එකී අන්දරේ අද සිටියා නම් ඔහුත් මේ අන්ද­රේ­ලාට පරා­ජය වනු නිසැ­කය. ඒ අප ලාංකේය ක්‍රීඩාවේ සංව­ර්ධ­න­යක් බලා­පො­රොත්තු වෙන්නේ කයි­වාරු අන්ද­රේ­ලා­ගෙන් මිසක් වැඩ­කා­ර­යන් ගෙන් නොවන බැවිනි. ක්‍රීඩා අමා­ත්‍ය­ව­ර­යාට පවා අත­පය දිග හැර වැඩක් කිරී­මට නම් සිටිය යුත්තේ වැඩ­කා­ර­යන් මිසක් අඳ­ගොලු බිහි­රන් නොවේ. 1997 ග්‍රීසියේ ඇතැ­න්ස්හිදී සුස­න්තිකා මීටර් 200 ඉසව්ව, තත්. 22.39 කට රිදී සහ 2007 දී ජපා­නයේ ඔසා­කා­හිදී මීටර් 200 ඉසව්ව තත්. 22.63 කට ලෝකඩ පද­ක්කම් දෙක දිනා නොග­න්නට මලල ක්‍රීඩා ලෝක ශූර­තා­ව­ලි­යේද ශ්‍රී ලංකාව පද­ක්ක­මක් අහිමි රට­වල් අතර තවත් එක් රටක් වනු ඇත.

ලාංකේය මලල ක්‍රීඩාව මෙකී තර­ගා­ව­ලි­යේදී අත්ප­ත්ක­ර­ගත් ජය­ග්‍ර­හ­ණය පිළි­බඳ කප්ප­රක් කයි­වාරු ඇද­බා­න­වාද? නැත්නම් අඩු­පාඩු සකසා ගෙන හෙට දවස සැල­සුම් කර­න­වාද යන්න සිහි­බු­ද්ධි­යෙන් කල්පනා කිරී­මට මෙකී තර­ගා­ව­ලිය උප­යෝගි කර­ග­න්න­වාද? නැද්ද? යන්න තීර­ණය නොකි­රීම එදා වැර­දුනු තැනය. සෝඩා බෝත­ලය කැඩුවා සේ සෑහී­මට පත්වන සිංහ­ලයෝ කෙන්ද පවා මහා ලොකු­වට හිස් මුදුනේ තබා ගෙන වන්ද­නා­මාන කිරී­මට පුරු­දුව සිටිති. මේ නිසාම කෙන්ද පවා කන්ද කිරීමේ හරි අපූර්ව හැකි­යා­වක්ද ජන්ම­යෙන් ම ලැබී තිබේ.

අද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සිම්බාබ්වේ - බංග්ලා­දේ­ශය ඉදි­රියේ පරා­ජය වුවද, ක්‍රිකට් ලෝක කුස­ලා­න­යක් හෝ පන්දු­වාර විස්සයි විස්ස ලෝක කුස­ලානයක් අභි­මුව අප රොද බැඳ­ගත යුත්තේ එකී විජ­ය­ග්‍ර­හණ නැවත අත්පත් කර ගැනී­ම­ටය. එකී ලක්ෂණ සැබැ­වින්ම ක්‍රීඩා මාන­සි­කත්ව ලක්ෂණ විය යුතුය. ඔලි­ම්පික් පද­ක්කම් දෙකක් පවා දිනා ගෙන සිටින අප දැන් සතුටු වනුයේ, උදම් අන­නුයේ සාග් පද­ක්ක­ම­කට නම් එය ලාංකේය ක්‍රීඩාවේ කරු­ම­යක් මිස වෙ‍නෙකක් නොවේ.

එස්. බී. දිසා­නා­යක - සුනිල් ගුණ­ව­ර්ධන යුග­යෙන් පසු අපේ රටේ ක්‍රීඩාව ජරා­ජීර්ණ තත්ත්ව­යට පත්වූයේ මෙයට අත ගැසූ නික­මුන් මෙය තනි­ක­රම බඩ­ගෝ­ස්ත­ර­වා­ද­යක් කර­ගත් බැවිනි. 2000 න් පසු සියල්ල කණ­පිට පෙර­ළ­මින් සිදු වූයේ ක්‍රීඩාව ජීවත් කර­ව­න්නන් අකා­මකා දම­මින් ක්‍රීඩා­වෙන් ජීව­ත්වෙන පර­පෝ­ෂි­ත­යන් කොට­සක් බිහි­වී­මය. මේ ආකල්ප සිය­ල්ල­ටම නැව­තීමේ තිත තැබිය යුතුය. අපේ රටේ සමස්ත ක්‍රීඩාව ම ජාත්‍ය­න්ත­රය දක්වා වර්ධ­නය කර­ගත යුතුය. මේ සඳහා මුලින් ම රජ­යක් තීන්දු තීරණ කළ යුත්තේ රටක පැවැ­ත්මට නිරෝගි ජන කොට­සක් ඇවැසි යැයිද, එහිදී අනි­වා­ර්යෙන්ම රජ­යක් ක්‍රීඩාව සඳහා වැඩි බරක් තැබිය යුතුය. වැඩි කැප­කි­රී­මක් කළ යුතුය. එහි ප්‍රති­ඵ­ලය රටක ක්‍රීඩා ජාත්‍ය­න්ත­ර­ක­ර­ණය වීමය.

ක්‍රීඩාවේ අක්මුල් විහිදූ කීර්ති­මත් ඉති­හා­ස­ය­කට උරු­ම­කම් කී අප අද පය ගසා ගෙන සිටින්නේ කොතැ­න­දැයි සිහි­බු­ද්ධි­යෙන් විමසා බැලිය යුතුය. කාල­යෙන් කාල­යට පත්වන ක්‍රීඩා ඇමැ­ති­ව­රයා කව­රෙක්ද, හෙතෙම මෙතෙක් කර ඇත්තේ නික­මුන් විසින් එහාට මෙහාට පෙරළා දෙන ජරා­ගොඩ පාට පාටින් අයිසිං කිරීම පමණි.

Comments