“වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට සිනමා උළෙලේ හොඳම නළුවා ” ශ්‍යාම් ප්‍රනාන්දු | සිළුමිණ

“වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට සිනමා උළෙලේ හොඳම නළුවා ” ශ්‍යාම් ප්‍රනාන්දු

පළමු වැනි හොලිවුඩ් වීනස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුට හිමි විය.
 
ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘One Blood’ කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන භූමිකාව සඳහාය.
 
රටවල් 100කට අධික තරගකාරී කෙටි චිත්‍රපට 1000 කට ආසන්න ප්‍රමාණයක් අතුරින් ශ්‍යාම්ට මෙම සම්මානය හිමිවිය.
 
කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසර විද්‍යාර්ථියෙකුව සිටිය දී චතුර ප්‍රනාන්දු පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය කළ මෙම කෙටි චිත්‍රපටය පිය පුතු සබඳතාවය පිළිබඳ තමා කළ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක කලාත්මක එළිදැක්වීමක් බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
 
Jaffna international film festival (2019),
 
Agenda 14 film festival (2019),
 
Pinwood Studio London සංවිධානය කරන Lift off global first-time filmmaker session (2019) යන කෙටි චිත්‍රපට උළෙලවල අවසන් වටයේ නිර්මාණ අතරට ද චතුර ප්‍රනාන්දුගේ ‘One Blood’ කෙටි චිත්‍රපටය නිර්දේශ වී ඇත.
‘One Blood’ සඳහා ශ්‍යාම් ප්‍රනාන්දු, චරින්ද්‍ර චන්ද්‍රසේන, චවිරු පෙරේරා රංගනයෙන් ද, සචිත් බුද්ධික මනම්පේරි, විමුක්ති සෝලංගආරච්චි කැමරාකරණයෙන් ද, විමුක්ති සෝලංගආරච්චි සංස්කරණයෙන් ද, හංස ප්‍රනාන්දු සංගීතයෙන් ද, ලක්ෂිත ජයකොඩි අංග රචනයෙන් ද, කසුන් රජීව කලා අධ්‍යක්ෂණයෙන් ද, ඩිනාලි ලියනගේ තේමා ගීත ගායනයෙන් ද, ශෂික අනුෂාන් නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ප්‍රභාත් අගම්පොඩි නිෂ්පාදන අධීක්ෂණයෙන් ද දායක වෙති.
 

Comments