ලොව පුරා කොරෝනා රෝගී මිලියන 12.8 කට සුවය | Page 2 | සිළුමිණ

ලොව පුරා කොරෝනා රෝගී මිලියන 12.8 කට සුවය

ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට මිලියන 20.7 ඉක්මවා ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය සදහන් කරයි. 
 
රෝගීන් මිලියන 12.8 කට වැඩි පිරිසක් සුවය ලබා ඇති අතර 751,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
 
මේ අතර ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසන්නේ ඉදිරි මාසවලදී COVID-19 එන්නත ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
 
එසේම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවන්නේ කොරොන වයිරස් වසංගතය දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම හා සාමය ගොඩනැගීම සඳහා වන ක්‍රියාදාමයන්ට තර්ජනය කරනවා පමණක් නොව, පැරණි ගැටුම් උග්‍ර කිරීමට හා නව ඒවා ඇති කිරීමට අවදානමක් ඇති බවය.
 

Comments