තවත් 16 දෙනෙකුට කොවිඩ් සුවයි | Page 2 | සිළුමිණ

තවත් 16 දෙනෙකුට කොවිඩ් සුවයි

කොවිඩ් - 19 ආසාදිත වී  ප්‍රතිකාර ලබමින් සිටි 16 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.
 
ජාතික බෝනොවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි පස් දෙනෙකු ද වැලිකන්ද සහ මිනුවන්ගොඩ මූලික රෝහල්වලින් දස දෙනෙකු සහ ඉරණවිල රෝහලෙන් එක් අයෙකු ද සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් ක‍ර ඇත
 
ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2638 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
 
තවත් රෝගීන් 231දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් ක‍ළේය.
 
 

Comments