සනුජගේ සුන්දර ලොව නිමේෂයකින් වැනසූ කරුමක්කාරයෝ | සිළුමිණ

සනුජගේ සුන්දර ලොව නිමේෂයකින් වැනසූ කරුමක්කාරයෝ

විශේෂ අප­රාධ කොට්ඨා­ශයේ හා ගලේ­වෙල පොලිස් නිල­ධා­රීන් සිද්ධිය වූ ස්ථානයේ විම­ර්ශන කට­යුතු සිදු­ක­රන අයුරු.

ලෝකය සුන්දර කරන්නේ අනාගතය බාර ගැනීමට සිටින දරු පරපුරය. එහෙත් ඒ දරු පරපුර විනාශ කිරීමට තරම් අද සමාජය කුරිරු වී ඇත. වර්තමානය වන විට ළමා හිංසනය, ළමා ලිංගික අපචාර හා ළමා ඝාතනයන් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. ළමා හිංසනය මෙන්ම ළමා අයිතිවාසිකම් අහිමි කිරීම, වැඩිහිටියන් විසින් සිදු කරනු ලබන ලිංගික හිංසනයන් දිනෙන් දින උත්සන්න වෙමින් පවතී.

කොටදෙනියාවේ සේයා, යාපනය විද්‍යා ඉතාමත් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඝාතනය කළ දරුවන්ය. එමෙන්ම වයස අවුරුදු එක හමාරක කිරි දරුවෙකු, අවුරුදු දහයක හා දාහතක දැරියන් දෙදෙනකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් වල උණුසුම මැකී යාමට මත්තෙන් ගලේවෙල,පත්කොලගොල්ල ගම්මානයෙන්ද වර්තා වුයේ තවත් එවන් පුවතකි.

දෙමව්පිය අසමගිය හමුවේ මෙලොව එළිය දුටු සනුජ පෙරේරා දරුවට යාන්තම් වයස අවුරුදු තුන සපිරෙන විට සනුජගේ මව ඔවුන් අතහැර ගියාය. එතැන් පටන් සනුජ හැදුණේ වැඩුණේ පියාගේ මවගේ නැගණියගේ නිවසේය. සනුජගේ අම්මා ඇය විය.

සනුජගේ පියා වසර කීපයක සිට මතට ඇබ්බැහි වූ අතර අවස්ථා ගණනාවකදී බන්ධනාගාර ගතව සිට ඇත. සනුජ පාසැල් ගියේ ගලේවෙල බම්බාව පාසලටය. බම්බාව පාසැලේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විෂය පරිබාහිර ක්‍රියකාරකම් වලදී ඔහු කැපී පෙනෙන චරිතයක් විය.

දිනය ජුලි මAාසයේ 31 වෙනිදාය. දහවල් කාලයේ රූපවාහිනියේ කාටුන් බලමින් සිටි සනුජට දිවා ආහාරය ගන්නා ලෙස පුංචි අම්මා ඇවටිලි කළත් අසල කඩයකට දිවගිය සනුජ කඩල පැකට් දෙකක් මිලදී ගෙන රූපවාහිනිය බලන්නට විය. මේ අතර පුංචි අම්මා දියනෑමට ගොස් පැමිණ විපරම් කරද්දී කුඩා සනුජ සාලයේ සිටියේ නැත.

සනුජගේ පියාද වහා පැමිණ ආගිය තැන් සොයා බැලීය. දරුවා වෙනදා සෙල්ලම් කිරීමට යන අසල්වැසි නිවසේ නැති බව දැනගත් සනුජගේ පිය ඇතුළු පිරිස සනුජගේ නිවසට මීටර් 100 ක් පමණ දුරින් පිහිටි ඇල මාර්ගයක් පරික්ෂා කර ඇත. එහිදී ඇළෙහි පිහිටි ගලක් මත වකුටු වී සිටි සනුජ හමු වුවද ඒ වනවිටත් ඔහු මෙලොව හැරගොස් සිටියේය.

සනුජගේ යහළුවන් අතර එළු රංචුවක් විය. සනුජගේ දින චරියාවේ එක් අංගයක් වුයේ එළුවන් බැලීමට යෑමය. ඔහු ජුලි මස මස 31 වෙනිදාද සුපුරුදු පරිදි පස්වරු 3.00 ට එළුවන් බැලීමට ගොස් ඇත. එදා ඔහුගේ පාපැදිය කැඩී තිබීම නිසා ගොස් ඇත්තේ පා ගමනිනි. වෙල් යායට ගොඩවීමට පෙර ජලය නැති ඇල මාර්ගයෙන් ගොඩවිය යුතු වුවද, එම ඇල අඩි දහයක් දොළහක් පමණ ගැඹුරුය.

සනුජ කාමතුරයකු අතින් අපයෝජනයට ලක්ව සිහිසුන් වන්නේ එම ඇල මාර්ගයේදීය.

ගලේවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්ෂාන් පෙරේරා සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර දඹුල්ල අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු වූ අතර එහිදි අනාවරණය වන්නේ සනුජ මියයෑමට පෙර ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවකි.

ඒ අනුව මාතලේ විශේෂ අපරාධ කොට්ටාශය හා දඹුල්ල පොලිසියේ නිල සුනඛ අංශයේ සහාය ලබාගෙන සනුජගේ ඝාතකයා සෙවීම ඊට පසුදිනම ආරම්භ කෙරිණි. ඒ අනුව සනුජ මියගොස් සිටි ස්ථානයේ තිබී හමු වූ පාවහන් යුගලක් හා රෙදි කැබැල්ලක් ඔස්සේ ඉව අල්ලමින් නිල සුනඛ “බෙල්ජි “ විසින් සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් හයසියයක් පමණ දුරින් පිහිටි නිවෙසක් අසල නතර විය. ඒ අනුව එම නිවසේ හිමිකරු වන 59 හැවිරිදි දෙදරු පියකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. එම සැකකරු මිට පෙර අවස්ථා කීපයකදී ළමා අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි. මේ සැකකරු මියගිය සනුජ සුරතල් කිරීම, වඩා ගෙන සිටීම, තෑගී බෝග ගෙනවිත් දීම ආදිය මීට පෙර සිදුකර ඇති බවටද තොරතුරු වාර්තා විය.

මෙම සැකකරු පිළිබඳ ඩී. එන්. ඒ පරීක්ෂණයක් කිරීමට නියමිත අතර දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Comments