වැඩිම මනාප ප්‍රතිශතය | Page 2 | සිළුමිණ

වැඩිම මනාප ප්‍රතිශතය

සුගිය වර්ෂවල පැවැති මැතිවරණ ගණනාවකදීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ දිස්ත්‍රික්කයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය පෙන්වා දිය හැකිය.විශේෂයෙන්ම දිස්ත්‍රික්කය තුළ පක්ෂ නායකයින් මෙන්ම දේශපාලන නායකයින් රාශියක් තරග වැදීම එයට හේතුව විය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කය මන්ත්‍රීධූර 07 ක් වෙනුවෙන් ප්‍රධාන පක්ෂ 08ක් හා ස්වාධීන කණ්ඩායම් 11 කින් අපේක්ෂකයන් 190 දෙනකු තරග කෙරුණු අතර ඒ සඳහා මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව 493192කි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ඉතිහාසය තුළ මෑත කාලයේ දී බලය නතු කරගනිමින් අඛණ්ඩව පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ආසන 04ක් පවත්වාගෙන යාමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට හැකි වී ඇත.එහි දී 2004 පාර්ලිමේන්තු මැතිවරණයේ සිට මේ දක්වා අඛණ්ඩව හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහින්ද අමරවීර, නාමල් රාජපක්ෂ, වී.කේ ඉන්දික හා චමල් රාජපක්ෂ යන අය විසින් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබු අතර වී.කේ ඉන්දික ගේ අභාවයෙන් පසු ඩී .වී චානක ද හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.නිරුපමා රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් ලැබූ එකම කාන්තාව වූවාය.

1989 වසරේ දී ප්‍රථම වතාවට 1970 සිට පාර්ලිමේන්තු වරම් හිමිව තිබු මහින්ද රාජපක්ෂ ඇතුළු චමල් රාජපක්ෂ පාර්ලිමේන්තු වරම් ලබන්නේ එම වසරේදීය.එතැන් පටන් පැවැති පාර්ලිමේන්තු මැතිවරණයන් මෙම ප්‍රධාන පක්ෂ දෙක අතර විටින් විට දෝලනය වෙමින් පැවැතිනි. 1994 වසරේ දී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නිහාල් ගලප්පත්ති ට හැකි විය. 2000 වසරේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු බහුතර බලය එක්සත් ජාතික පක්ෂය හොබවමින් මන්ත්‍රී ආසන 04ක් දිනාගැනීමට සමත් වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන 2ක් හා ජනතා විමුක්ති පෙරමුණ එක ආසනයක් හිමිකරගෙන තිබිණි.

2005 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමෙන් පසු 2009 වසරේ දී මෙරට පැවැති තිස් වසරක යුද්ධය නිමා කිරීමත් සමඟ 2010 වසරේ දී පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ඉතා ඉහළින් හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී ඇත. එහි දී එම මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ වෙනුවට නාමල් රාජපක්ෂ 2010 මහ මැතිවරණයට ඉදිරිපත්වූ අතර එම මැතිවරණයේ දී ඔහුට වැඩිම මනාප ගැනීමට හැකිවිය. එය එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන 05 ක් හා එක්සත් ජාතික පක්ෂය ආසන 02ක් වශයෙනි.ඒ එවිට පැවැති ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂ ඡන්ද බොහොමයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත නතු කර ගනිමිනි.

2010 වසර වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 421186 ක් වූ අතර ඉන් ඡන්ද 174808 ක් ලබාගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබේ.එක්සත් ජාතික පක්ෂයට එහි දී දිස්ත්‍රික්කයෙන් ලබාගත හැකි වූයේ ඡන්ද 83027 ක් පමණි.එවර මැතිවරණයේ දී සුවිශේෂී සිදුවීම වන්නේ එතෙක් කාලයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ වෙනුවට ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මැතිවරණයට නවකයකු ලෙස එක්වීමයි.නවකයකු ලෙස මැතිවරණයට එක වූ ඔහු සියලු පක්ෂ අපේක්ෂකයින් අබිබවා එවර මැතිවරණයේ දී 147566 ක වැඩිම මනාප ලබාගනිමින් පාර්ලිමේන්තුවට පත් විය.අනතුරුව මහින්ද අමරවීර 105414 ක්, චමල් රාජපක්ෂ 79648 ක් ලබාගනිද් දී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක වූ සජිත් ප්‍රේමදාසට ලබාගත හැකි වූයේ ඡන්ද 74467 කි.

විශේෂයෙන් 2015 පාර්ලි මේන්තු මැතිවරණයේ දී එක්සත්ජනතා නිදහස් සන්ධානයට හම්බන්තොට සුවිශේෂී ජයක් අත්කරගැනීමට හැකි වූ අතර එහි දී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටත තරග වැදුණු අපේක්ෂකයින් අතරින් ආසන හතරක් අත්පත්කර ගැනීමට හැකිවූ අතර නාමල් රාජපක්ෂ වැඩිම ඡන්ද ලබාගැනීමට හැකිවූ අතර මහින්ද අමරවීර දෙවන ස්ථානයත් චමල් රාජපක්ෂ තෙවන ස්ථානයත් එම මැතිවරණයට ඉදිරිපත්වූ නවක මුහුණක් ලෙස ඩි .වී. චානක හතර වන ස්ථානයත් දිනාගැනීමට සමත් විය. එහි දී එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් තරග වැදුණු සජිත් ප්‍රේමදාස හා දිලිප් වෙදආරච්චි තේරී පත්වන ලදී.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සුවිශේෂී මුහුණුවරක් ගනු ලැබුවේ මෙතෙක් කාලයක් ප්‍රධාන පක්ෂ තුනක් හරහා මනාප දෝලනය වුවත් මෙවර ප්‍රධාන පක්ෂ 04ක් තරග වැදීමයි.මෙතෙක් කාලයක් එක පක්ෂයක් ලෙස තරග වැදුණු එක්සත් ජාතික පක්ෂය වෙනස්කම් රාශියක් සිදුකර නවක මුහුණු සමගින් පක්ෂ දෙකකට බෙදී තරග වදී .එය එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගයයි.හම්බන්තොට කණ්ඩායම් නායක එක්සත් ජාතික පක්ෂයේ කටයුතු කළ සජිත් ප්‍රේමදාස ගේ පක්ෂය සමගි ජනබලවේගය උවද මෙවර මැතිවරණය සඳහා ඔහු හම්බන්තොටින් ඉදිරිපත් නොවීමත් එහි කණ්ඩායම් නායක ලෙස දිලිප් වෙදආරච්චි පත්වීමත් සැම පක්ෂයකටම නවක මුහුණු බොහොමයක් මෙවර හම්බන්තොටින් ඉදිරිපත් වී තිබීමත් වේ.

2020 මහ මැතිවරණයේ දී පක්ෂ දේශපාලනය තුල හබන්තොට දිස්ත්‍රික්කය තුළ එතරම් තරග කාරී බවක් නොතිබූ අතර මෙතෙක් හම්බන්තොට එක්සත්ජාතික පක්ෂයෙන් තරග වැදුණු සජිත් ප්‍රේමදාස එක්සත්ජාතික පක්ෂයෙන් වෙන්වී නව පක්ෂයක් වන සමගි ජනබලවේගය යටතේ ඉදිරිපත්වීමත් සමඟ නව පක්ෂයක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්විය

කෙසේ නමුත් මෙම මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනට විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට හැකිවූ අතර එහිදි මෙතෙක් තිබු තිබු ආසන 4 වෙනුවට ආසන හයක් දිනාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවී තිබේ.

Comments