රත්නපුරේ මුල්තැන පවිත්‍රාට | සිළුමිණ

රත්නපුරේ මුල්තැන පවිත්‍රාට

ත්නපුර දිස්ත්‍රික්කයේ මහ මැතිවරණය වෙනුවෙන් මෙවර ලක්ෂ 877,582 ක් වු ඡන්ද දායකයින්ගේ ඡන්දය භවිතා කළ අතර පිළිගත් දේශපාලන පක්ෂ විසි දෙකකින් හා ස්වාධීන කණ්ඩායම් දහ හතරකින් අපේක්ෂකයෝ තිස් අටක් ඡන්ද සටනට එක්ව සිටියහ. දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස අටක් නියෝජනය වන මන්ත්‍රීවරුන් එකොළහක් තෝරාපත් කර ගත යුතුව තිබුණි.

පසුගිය මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විපක්ෂය වු පොදූජන එක්සත් පෙරමුණෙන් මන්ත්‍රීවරුන් හයක් පත්වුවත් ආණ්ඩු පක්ෂය වු එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වුයේ පහක් පමණි.

කොරෝනා වසංගතය වළකන්නට රෑ දවල් නොලබා දේශපාලන නියාමනයෙන් කටයුතු මෙහෙය වු පාවිත්‍රි දේවී වන්නිආරචිචි මැතිණිය මේ මැතිවරණයේ දී මනාප දෙලක්ෂ නවසිය හැත්තෑ හතක් ලබමින් ශ්‍රී ලංකා පොදූ ජන පෙරමුණ ලැයිස්තුවේ ඉහළින්ම නම තියා ගත්තේ ඉතිහාස ගත වෙමිනි. ඒ මෙතෙක් මහ මැතිවරණයක දී රත්නපුර දිස්ත්‍රීක්කය නියෝජනය කළ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ලෙස මැතිවරණ ඉතිහාසයට එක්වෙමිනි.

මෙවර මහා මැතිවරණය රත්නපුර දිස්ත්‍රික්කයට සුවිශේෂ වන්නේ මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්ව සිටි ප්‍රේමලාල් ජයසේකර මහතා මිනි මැරුම් චෝදනාවකට වරදකරු වී මරණ දණ්ඩනය නියමවී සිටීමයි. මැතිවරණ දිනට ඔන්න මෙන්න කියා ලැබුණ මෙම තීන්දූවෙන් අපේක්ෂකයා මෙන්ම ආධාරකරුවෝද විපක්ෂිත වුහ. අධිකරණ තීන්දූවට හිස නැමුවත් ආධාරකරුවෝ සිටියේ දැඩි කම්පාවකිනි. ඔවුන් නිහඬව තම ආවේගය පලකළේ ඔහු වෙනුවෙන් මනාප ඡන්ද 104 237 වෙනුවෙන් කතිරය ගසා ඔහු මනාප ලැයිස්තුවේ දෙවැනියා බවට පත්කරමිනි. එමෙන්ම අගමැති මහින්ද ව යළි කරළියට ගෙන ඒමට මුලින්ම මැද මුලනට ගිය පළමු නඩයේ සිටි ජානක වක්කුඹුරද මනාප ලැයිස්තුවේ තුන්වැනියා ලෙස ඉහළටම පැමිණ ඇත්තේ මනාප ඡන්ද 101, 225 ලබමිනි. ජනතාව අතර වඩාත් ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින ජානක වක්කුඹුර තම සටන් සගයා වු රංජිත් සොයිසා වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට පසු බට වුයේ නැත. රංජිත් සොයිසා මහතාගේ බිරිද වු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය කරළියට ගෙන ඒ මේ සටනේ දී ඔහු ඉදිරියෙන් ම සිට්යේය.

රජයේ හිටපු ඇමැතිවරුන් වු ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා තේරීපත් වු අපේක්ෂකයන් අතර අන්තිමට සඳහන් වුයේ තරුණ අපේක්ෂකයන් කිහිපදෙනෙකු ඊට ඉහලින් ඡන්ද ගනිද්දීය. විමල් වීරවංශ මහතාගේ කණ්ඩායම වෙනුවෙන් නම් දූන් ගාමිණි වලේබොඩ මහතා 85 840 ලබා ගත් අතර තරුණ අකිල එල්ලාවල මනාප 71 179 ලබා දෙමින් නන්ද එල්ලාවල සහ මොහාන් එල්ලාවල රත්නපුරට සිදූකළ මෙහෙවර ඉදිරියට ගෙන යාමට පාර කපා දූන්නේය. මෙවර මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයට නම් දූන් හිටපු පළාත් සභා අමාත්‍ය අතුල කුමාර රහුබද්ධට සහ මියුරු භාෂිත ලියනගේ යන අයටද පාර්ලිමේන්තු යන්නට වරම් ලැබුණේ නැත. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු දූනේෂ් ගන්කන්ද මහතාට සහ හිටපු පළාත් සභා අමාත්‍ය රංජිත් බණ්ඩාර මහතාට අත්වුයේ ඒ ඉරණමමය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වුණු හේෂා විතානගේ ඒම ලැයිස්තුවේ ඉහළින්ම සිටියේ 60 426 ලබමිනි. එම ලැයිස්තුවේ දෙවැනියා වු වරුණ ලියනගේ ගැන ද විශේෂයෙන් සටහන් කළ යුතුව ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් යටතේ ඇමැතිකම්ද දෑරු හීන් මහත්මයා ලියනගේ ඔහුගේ පියාය. මෙවර මහා මැතිවරණයේ දී සමගි ජන බල වේගයෙන් තරග වැදූණු වරුණ ලියනගේ මනාප ඡන්ද 47 494 ක් ලබා ගත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ පක්ෂ නායිකා හිටපු ඇමතිනි තලතා අතුකෝරළ ද අභිබවා යමිනි. කලින් මැතිවරණවලට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදී මනාප ඡන්ද ලක්ෂය ඉක්මවා ලැබු ඇය මෙවර හිමි කර ගත්තේ මනාප 45 105 වීමද විශේෂයකි. හිටපු නියෝජ්‍ය අමත්‍යවරයෙකු වූ කරුණාරත්න පරණවිතානට සහ පැවැති පාර්ලිමේන්තුව නියෝජනය කල ඒ. ඒ. විජේතුංගට ද මන්ත්‍රී පදිවිය අහිමි විය.

මැතිවරණයේ දී භාවිතා කළ ඡන්ද සංඛ්‍යාවෙන් 30 489 ම ප්‍රතික්ෂේප ඡන්ද ගණයට වැටි තිබිණි. දැනගන්නට ලැබුණු අයුරු නම් එම ඡන්ද පත්‍රිකා වලින් වැඩි ප්‍රමාණයක් හිතාමතා ම කුරුටුගා තිබුණු බවය. ශ්‍රී ලංකා පොදූ ජන පෙරමුණ තවත් ඡන්ද 10 000 එක් වුවා නම් ඡන්ද ප්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තිබුණු බවද ප්‍රකාශ විය.

Comments