බදුල්ලෙන් නිමල් සිරිපාල මුල් තැනට | Page 2 | සිළුමිණ

බදුල්ලෙන් නිමල් සිරිපාල මුල් තැනට

පෙර පැවැති මැතිවරණවලට වඩා මෙවර මැතිවරණයක් සුවිශේෂි එකක් විය. එය එසේ වූයේ මුළු ලොවම ආක්‍රමණය කළ කොවිඩ් 19 වයිරසය තිබියදීත් අපේ රටේදී අනුමත සෞඛ්‍ය උපදෙස් පිළිදිමින් මැතිවරණය පැවැත්වීමය.

කෙසේ වෙතත් මේ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලඥයින් සුළු සුළු සිදුවීම් කීපයක් හැරුණු විට පෙර මැතිවරණ වඩා සාමකාමී ලෙසින් සෞඛ්‍ය නීතිරීති අකුරටම පිළිපදිමින් ජනතාව ඡන්දය පැවැත්විණි.

අංක 19 දරණ බදුල්ල මැතිවරණ කොට්ඨාසය ( බදුල්ල දිස්ත්‍රික්කය) ඡන්ද බල ප්‍රදේශ 09 කින් සමන්විතය. ඉන් වැඩිම ලියාපදිංචි ඡන්ද හිමියන් පිරිසක් සහිත ඡන්ද බල ප්‍රදේශය මහියංගනයයි. එහි ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව105150 දෙනෙකි. බණ්ඩාරවෙල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද හිමියන් 89861 ක්, වැලිමඩ - 80482 ක්, හාලිඇල - 73785 ක්, හපුතලේ - 70066 ක්, පස්සර - 67196 ක්, ඌව පරණගම - 66278 ක්, බදුල්ල - 59353 දෙනෙක් සහ වියළුව 54995 දෙනෙක්ද වශයෙන් ඡන්ද හිමියන් ලියාපදිංචි වී සිටී. ඒ අනුව 6,68,166 ක් වූ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්දදායකයන්ගෙන් සියයට හැත්තෑපහක පමණ පිරිසක් මෙම මැතිවරණයේදී සිය ඡන්දය භාවිතා කළහ. 2015 මහ මැතිවරණයේදී එවකට ලියාපදිංචි ඡන්දදායකයින් ගණන වූ 6,20,488 දෙනාගෙන් සියයට අසූවක් ඡන්දය භාවිතා කර තිබිණි. ඒ අනුව මෙවර සමස්ථ ඡන්දදායකයන්ගෙන් සියයට විසිපහක් මෙන්ම ඉකුත් මහ මැතිවරණයේදී ඡන්දය දුන් අයගෙන් සියයට දහයක්ද ඡන්ද පොලට ගොස් නැත. ඒ කොවිඩ් 19 ගැටළුව මත ඡන්දය දැමීමට වැඩිපුර පැයක්ද ලබාදී තිබූ තත්වයක් තුළය.

මෙවර මැතිවරණයට අදාළ වූ 2019 වසරේ ඡන්ද හිමි නාමලේඛනයේ 2018 ඡන්ද හිමි නාමලේඛනයට වඩා දිස්ත්‍රික්කයේ ඡන්ද හිමියන් 10400 ක වැඩිවීමක්ද ඇත.

Comments