නැවත නැවත ඔප මට්ටම් කිරීම | සිළුමිණ

නැවත නැවත ඔප මට්ටම් කිරීම

ලේඛ­නයේ රන්සුනු සොය­මින් යන අපට ප්‍රති­භාව ගැන වන යම් යම් මත­වාද ප්‍රති­ක්ෂේප කළ නොහැක්කේ නිර්මා­ණ­ක­ර­ණයේ වන මූලික ම පාදම සැක­සෙන්නේ එන­යින් නිසා ය.

ගසක මල් පිපෙයි; කොළ දලු හැදෙයි. ඒ කොළ දලු හැලී දිනක පිපුණු මල් ද පරව යයි. ගස එසේ එක්ව­රක් කර නතර වන්නේ ද? නැත. නැවත නැව­තත් ඒ ක්‍රියා­දා­මය ම සිදු වෙයි. කහ පැහැති පත්‍ර හැලෙයි; අංකුර එයි; ඒ අංකුර ළා දලු වෙයි; ක්‍රම­යෙන් මෝරා කොළ පැහැති වෙයි; අගිස්සේ මල් පොහො­ට්ටු­වක් මෝදු වෙයි; තවත් සුන්දර මලක් පිපෙයි. ගහ මල්, කොළ වරන දා තෙක් නැවත නැවත සිදු වන්නේ ද එයයි. එහෙත් කෙනෙක් කිව්වෙත් මෙවර පිපු­ණෙත් ගිය වර පිපුණු මල ම යැයි කියා. කුමක්ද ඔබ ඒ ගැන සිතන්නේ. දෙවැනි වර පිපෙන්නේ පළමු වර පිපි මල ම ද? එක ම සමාන, වර්ණ, ගන්ධ සහිත වූවත් ඒ, පෙර පිපි මල නම් නොවෙයි. හරි­යට එය බෝත­ලය පරණ වුවත් ඉවර වෙන වාර­යක් පාසා අලුත් වතුර පුර­ව­න­වාක් වැනි ය.

ලෝකයේ කිසිඳු දෙයක් අලු­තින් ම උත්පා­ද­නය වන්නේ නැත. කිසිදු නව දෙයක් නිර්මා­ණ­ක­ර­ණ­යේදී නව දෙයක් නොවන්නේ ඒ නිසා ය. පරණ බෝත­ල­යට ම වුව අලුත් වතුර පිර­වීම ද සැමට ම කළ හැකි කාර්ය­යක් නොවේ. ප්‍රති­භා­වෙන් තොර වූවෝ පැරණි දෙයෙහි ම අනු­ක­ර­ණය නිප­ද­වති. ප්‍රති­භා­ස­ම්පන්න නිර්මා­ණ­ක­රු­ව­කුට පැරණි දේ නව හා වෙනස් අරු­ත­කින් පෙනෙ­න්නට පටන් ගනී. 

ඔවුහු ඒ සියල්ලේ ම නව්‍ය­ත්ව­යක් දකිති. නිර්මා­ණයේ උත්ප­ත්තිය ප්‍රති­භා­වෙන් අලං­කෘත වූවක් වන්නේ ඒ නිසා ය. අර්ථ, රස, භාව නුසුන් නොකොට එකට කලතා අප හමු­වෙහි නිර්මා­ණ­ක­රුවා තබන්නේ පෙර නොවූ විරූ දෙයක් සේ ය. එහෙත් සත්‍ය නම් ඒ දෙය පැවැති දෙයක් ම ය; ප්‍රති­භා­වෙන් එය නවමු කිරීම ප්‍රති­භා­න්විත නිර්මා­ණ­ක­රු­ව­කුට සුළු දෙයකි. ඔහුට මාතෘකා, තේමා, වස්තු විෂය ආදී කිසි­වක් හිඟ නොවෙයි. නිර්මා­ණ­ක­රු­වාගේ ශක්තිය මහා බ්‍රහ්ම­යාගේ මැවීමේ ශක්ති­යට ආන­න්ද­ව­ර්ධ­න­යන් සම කරන්නේ එබැ­විනි.

අප මේ පව­සන ප්‍රති­භාව කෙන­කු­ගෙන් තවත් කෙන­කුට වෙනස් ය. අනෙක් සියලු දෑ මෙන් ම ප්‍රති­භාව ද එක් එක් අයට පිහි­ටන්නේ එක එක විදි­යට ය. සම­හ­රුන්ට එය කුඩා අව­දියේ ම පිහි­ටයි; ඒ ප්‍රති­භාව අන් අයට හඳු­නා­ගැ­නී­මට ද හැකි­වෙයි. සම­හ­රුන්ට එය පිහි­ටන්නේ හෝ ඉස්මතු වන්නේ තරුණ අව­දියේ ය. සාටෝ­ප­යෙන් බර තරුණ විය එහිම කලතා නව නිර්මාණ බිහි­ක­රන අංකුර නිර්මා­ණ­ක­රු­වන් අපි දැක ඇත්තෙමු. 

මෙහිම තවත් වෙසක් තිබේ. සම­හ­රුන්ගේ ප්‍රති­භාව මතු­වන්නේ වෙන අය නිසා ය; නැති­නම් වෙන අය­කුගේ ක්‍රියා­කා­ර­කම්, වද­නක් නිසා ප්‍රති­භාව මතු වෙයි. ඒවා අළු යට ගිනි පුපුරු සේ වැළලී තිබෙන ඒවා ය. එක්ව­රම මතු­වන එවැනි නිර්මා­ණ­ක­රු­වන් අන­න්ත­වත් සිටිති. සම­හ­රුන්ට කාව්‍ය සංක­ල්පනා පහළ වන්නේ යුව­ති­ය­කගේ නෝක්කාඩු බැල්මට ය; තවත් සම­හ­ර­කට පාරේ ඇවිද යන කුඩා දරු­වකු , එසේත් නැති­නම් ගහක කොළ­යක වන පිනි බිංඳු­වක් දැකී­මෙන් ආදී ඕනෑම දෙය­කින් නිර්මා­ණ­වේ­ශය ඇවි­ළෙ­න්නට හැකිය. සම­හ­රුන්ගේ ප්‍රති­භාව දැල්වෙන්නේ වෙන කිසි­වකු හෝ කළ වැඩ­මු­ළු­ව­කින් විය හැකිය. එවිට සිදු­වන්නේ තමා ඇතු­ළත එතෙක් සැඟවී තිබුණු ශක්ති­යට නව මාන­යක්, නැගි­ටී­මක් එක් වීම ය. එනිසා වැඩ­මුළු, කතිකා, පාඨ­මාලා ආදිය නිර­ර්ථක යැයි අපට තර්ක කළ නොහැ­කිය. මෙහිදී අප සඳ­හන් කරන කරුණ වන්නේ ඒවා මඟින් නිර්මා­ණ­ක­රු­වකු බිහි කළ නොහැකි බවයි; එහෙත් ඒවායේ මතු වෙන යම් යම් කරුණු නිසා සැඟවී තිබුණු ප්‍රති­භා­වක් මතු­ව­න්නට හැකි ය.

මේ දෙක පැහැ­දිලි ව තේරුම් ගන්නා මෙන් උදක් ම ඔබෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසා ය. එමෙන්ම කෙන­කුට නිර්මා­ණ­යක් කර­න්නට අධික ආශා­වක් තිබෙ­න්නට හැකි ය. එහෙත් ඒ ආශාව ප්‍රති­භාව මේ නොවේ. ආශාව ඇති කර ගත හැකිය; ප්‍රති­භාව ඇති විය යුතු ය. නිර්මා­ණ­යක් කිරී­මෙන් ලැබෙන ප්‍රශං­සාව, කීර්තිය, ධනය ආදිය නිසා ආශාව වර්ධ­නය විය හැකි ය. එහෙත් සහ­ජ­යෙන් උපන් ප්‍රති­භාව වැඩෙන්නේ සත­තා­භ්‍යා­සය හා ව්‍යුත්ප­ත්තිය හේතු කර ගෙන ය.

නිර්මා­ණ­ක­ර­ණයේ රන්සුනු සොයා යන අප මුලින් ම අව­බෝධ කර ගත යුතු වන්නේ ඔබට ප්‍රති­භා­වක් තිබේ ද යන්න ය. සිතා බලන්න, කුමක් හෝ නිර්මා­ණ­යක් කරද්දී ඔබ එය එක්ව­රක් ලියූ හෝ නිර්මා­ණය කළ පම­ණින් තෘප්ති­මත් වන්නේ ද කියා. ප්‍රති­භා­න්විත ලේඛ­ක­යකු කෙදි­න­ක­වත් තමා කළ නිර්මා­ණය ගැන අඩු වැඩි වශ­යෙන් සෑහී­ම­කට පත්වන්නේ නැත. වර­දවා වටහා නොගන්න. 

ප්‍රති­භාව කියන්නේ අතෘ­ප්තිය කියා නොවේ මේ පව­සන්නේ. මැණි­කක් වුව ද ඔප වැටෙන්නේ එය ඔප දමනා තර­මට ය. නිර්මා­ණ­යත් එසේ ය. එය එක්ව­රම එක ම තාන­ය­කට ලියැ­වෙන්නේ නැත. එයට වරි­න්වර විවිධ දෑ එකතු වේ. ඒවා කප­මින් කොට­මින් සංස්ක­ර­ණය කර­මින් අප නිර්මා­ණය වඩාත් ඔප­ම­ට්ටම් කර ගැනී­මට වෑයම් කර­න්නෙමු. ගෙයක් සාදන පෙද­රේ­රු­වකු ඒ සඳහා අව­ශ්‍ය­යෙන් ම අදාළ භාණ්ඩ යොදා ගෙය සාදයි. 

වඩුවා සිය වඩු කර්මා­න්තය කරන්නේ ද එසේ ම ය. අනෙක් බොහෝ වෘත්තීන් ද එප­රිදි ය. එහෙත් නිර්මා­ණ­ක­රු­ව­කුට එසේ අදාළ ම කියා දේවල් නැත. ඔහු අත්දැ­කීම් නමැති සාග­රය කලතා එයින් ගන්නා විවිධ විවිධ දෑ යොදා නිර්මා­ණය කරයි. එනිසා කලා කෘති­යක් කෙදි­න­ක­වත් එක්ව­රම නිර්මා­ණය කර ගත නොහැකි ය. ඔබට, ඔබ ගැන මැන ගන්නට තිබෙන ලොකු ම හා විශ්ව­ස­නීය ම සාධ­කය එය ය. කෙත­රම් කපා කොටා සංස්ක­ර­ණය කළ ද නිර්මා­ණ­ය­කට එසේ ඔප මට්ටම් කිරීම නැව­තීමේ දව­සක් ද එයි. නැති­නම් එය සදා­කා­ලික නිම නොවන කලා කෘති­යක් වනු ඇත.

[email protected]       

Comments