නවකයන් හතර දෙනෙකු මොනරාගලින් පාර්ලිමේන්තුවට | සිළුමිණ

නවකයන් හතර දෙනෙකු මොනරාගලින් පාර්ලිමේන්තුවට

ශෂීන්ද්‍ර රාජ­පක්ෂ සිය ආධාරකරුවන් සමඟින්

2020 පාර්ලිමේන්තු මැතිවරණය මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වූ නවකයින් සිවු දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති අතර 1989 සිට වසර තිස් එකක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු ඇමතිවරියකවූ සුමේධා ජයසේන මහත්මිය සහ 1986 දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ මොනරාගල දිස්ත්‍රික්කයේ ජේෂ්ඨතම මන්ත්‍රීවරයෙකු වන හිටපු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පරාජයට පත්වී තිබේ.

බහුජන නිදහස් පෙරමුණ නියෝජනය කරමින් මීට පෙර දෙවරක් පාර්ලිමේන්තුවට පත්වූ පද්ම උදය ශාන්ත ගුණසේකර මහතාද පරාජයට පත්වී ඇත. මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවකයන් ලෙස ඉදිරිපත්වූ ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ,ඌව පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකුවූ කුමාරසිරි රත්නායක, වෛද්‍ය ගයාෂාන් නවනන්ද යන මහත්වරු නව පාර්ලිමේන්තුවට තේරීපත් වී ඇත. එමෙන්ම සමඟි ජනබලවේගයෙන් ඉදිරිපත්වූ හිටපු ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ ඩබ්ලිව්.එච්.එම් ධර්මසේන මහතාද පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත.

නවකයින් ලෙස ‍ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපත්වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දෙවරක් ඌව පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා ලෙසද ‍කටයුතු කළේය. ඔහු ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 1,04729 ඌව පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකුවූ කුමාරසිරි රත්නායක මහතා ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 91,530කි. වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතා ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 45,384 කි. සමඟි ජන බලවේගයෙන් තේරී පත්වූ ඩබ්ලිව්.එච්.එම් ධර්මසේන මහතා ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 20,662 කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වී ජයග්‍රහණය කළ ගත් පුෂ්පකුමාර මහතාට සහ වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතාටද එම පක්ෂයේම ප්‍රධාන අපේක්ෂකයෙකුගෙන් විවිධ අභියෝග සහ බාධක ඉදිරිපත්වූ අතර එම බාධා සියල්ල මැඩගෙන ඒදෙදෙනාම පාර්ලිමේන්තුවට තෝරා පත්කැර යැවීමට මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් කටයුතු කිරීම විශේෂ සිද්ධියකි.

මෙවර මහ මැතිවරණයේදි බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 9හිම ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය.

ජන්ද 309538 ක් ලබා ගනිමින් මන්ත්‍රිධුර 6ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය. දෙවනි තැනට පත්වෙමින් ජන්ද 144290 ක් ලබා ගත් සමගි ජන බලවේගයට හිමි වුයේ මන්ත්‍රිධුර 3ක් පමණි.

මෙහිදි ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්විය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අමාත්‍යධුරයන් දැරු රවීන්ද්‍ර සමරවීර සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන අය පරාජයට පත්විය.

එමෙන්ම අගමැති පුද්ගලික ලේකම් උජිත් ලොකු බංඩාර ද පරාජයට පත් විය. විශේෂයෙන්ම රටපුරා කවුරුත් කතාබහ කළ ජනප්‍රිය නිලියක වන නිළියක වන ඹ්ෂධී හේවාමද්දුම පරාජයට පත්විය.

Comments