දකුණේ වැඩිම මනාප ගාල්ලේ රමේෂ්ට | සිළුමිණ

දකුණේ වැඩිම මනාප ගාල්ලේ රමේෂ්ට

ගාල්ල දිස්ත්‍රික්කය වු කලි ශ්‍රි ලාංකිය ඉතිහාසයේ අමරණිය මෙහෙවරක් ඉටුකළ විර සෙන්පතියන්ටද, රජදරුවන්ටද, ජනතා නායකයින්ටද, තොතැන්නක්වු භුමියකි. එදා 17 වසරක එජාප පාලනය පෙරලා දැමිම සඳහා පළමු වෙඩිමුරය පත්තු කරණු ලැබුවේ දකුණේ ජනතාවයි. එදා දකුණ වමට හරවා අමරසිරි දොඩංගොඩ මහ ඇමැති කිරිමට මුලිකත්වය ගනු ලැබුවේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ, රිචඩ් පතිරණ යන නායකයින්ය. සැබැවින්ම මෙවර පර්ලිමේන්තු මහ මැතිවරණයේ දි ගාල්ලේ ජනතාව වත්මන් ආණ්ඩුව ඉහළින් ඔසවා තැබුවේ දකුණු පළාතෙන් තුනෙන් දෙකකටත් වඩා වැඩි බලයක් ලබාදෙමනි.

ගාල්ල දිස්ත්‍රික්කය ආසන 09කින් සමන්විත වේ. ගාල්ල දිස්ත්‍රික්කය තුළ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ඡන්ද 430334ක් ලබාගෙන සියයට 70.54ක ප්‍රතිශතයක් හිමිකරගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් හිමකරගනු ලැබිය. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රිධුර 09න් මන්ත්‍රිධුර 07ක් හිමිකරගෙන වාර්තාගත ජයග්‍රහණයක් හිමිකරගනු ලැබිය. සමගි ජන බලවේගය 1.15456ක් හිමිකරගත් අතර ලබාගත් මන්ත්‍රිධුර සංඛ්‍යාව 02කි.ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ සියයට 18.93කි. ජාතික ජන බලවේගය ඡන්ද29963ක් ලබා ගත්තද මන්ත්‍රිධුරයක් හිමිකරගැනිමට එම ඡන්ද සංඛ්‍යාව ප්‍රමාණවත් නොවිය. මෙවර මැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කයේ දි සමගිජන බලවේගය මෙන්ම එජාපයද දැඩි සෝදාපාළුවකට ලක්ව තිබේ.2 015 මහ මැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කයෙන් එ.ජ.නි.සන්ධානය ඡන්ද 3.12518ක් ලබාගෙන සියයට 50.07ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර මෙවර එමඡන්ද ප්‍රතිශතය සියයට 20කින් වැඩිකරගෙන ඇත. 2015 මහ මැතිවරණයේ දි එ.ජ.නි.සන්ධානයට මන්ත්‍රිධුර 06ක් හිමිවු අතර මෙවර මන්ත්‍රිධුර 07ක් හිමිකරගනු ලැබිය. 2015 මහමැතිවරණයේ දි එජාපය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 2.65180ක් ලබාගෙන මන්ත්‍රිධුර 04 හිමිකරගත් අතර මෙවර එම මන්ත්‍රිධුර සංඛ්‍යාව 02ක දක්වා අඩුවි ඇත.2015 මහ මැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කයේ තෝරාපත්කරගතයුතු මන්ත්‍රිධුර සංඛ්‍යාව 10කින් සමන්විත වු අතර මෙවර එක් මන්ත්‍රිධුරයක් අඩුවිය. 2015 මහ මැතිවරණය හා සංසන්දනය කිරිමේ දි ජාතික ජනබලවේගයේ ඡන්ද සංඛ්‍යාව ද 8000කින් පමණ අඩුවි ඇත.

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේ මනාප ප්‍රථිපල අනුව ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක දොස්තර රමේෂ් පතිරණ වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබාගෙන දිස්ත්‍රික්කයේ පමණක් නොව දකුණු පළාතේ පළමු ස්ථානයට පත්විය. රමේෂ් පතිරණ විසින් ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 2.05814කි. නවක අපේක්ෂකයකු වු දකුණු පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මනාප ඡන්ද1.28.331ක් ලබාගෙන දෙවැනි ස්ථානයට පත්විය.

හිටපු රාජ්‍ය ඇමැති මොහාන් පිද සිල්වා මනාප ලක්ෂපතියකු බවට පත්වෙමින් මනාප ඡන්ද1.11.626ක් ලබාගනු ලැබිය.නවක අපෙක්ෂකයින් ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර දියවන්නාව තරණය කිරිමට සම්පත් අතුකොරල, දිවංගත හිටපු ඇමැති අමරසිරි දොඩංගොඩයන්ගේ පුත් ඉසුරු දොඩංගොඩ (මනාප 71.266) දකුණු පළාතේ හිටපු ප්‍රධාන ඇමැතිවරයකු වන ෂාන් විජේලාල් ද සිල්වා (67.793) යන අය සමත්ව ඇත. දකුණු පළාතෙන් පත්ව ඇති එකම කාන්තා මන්ත්‍රිවරිය වන්නේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රිනි ගිතා සමන්මලි කුමාරසිංහය (63357) හිටපු ඇමැතිවරයකු වු චන්දිම විරක්කොඩි ද මනාප ඡන්ද84 984ක් ලබාගෙන තේරී පත්වි ඇත.

කෙසේවුවද මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ දිල්ෂාන් විදානගමගේ ට දියවන්නාව තරණය කිරිමට නොහැකි වුවද ගාල්ල දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 56484ක් ලබාගෙන 08 වැනි ස්ථානයට පත්ව තිබේ.09වැනි ස්ථානයට පත්ව ඇති හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි චන්න සාලිය මෙන්ඩිස් මනාප ඡන්ද 53 370ක් ලබාගෙන ඇත.10වැනි ස්ථානයට පත්ව ඇති මුණුගොඩ අමරවංශ මනාප ඡන්ද 45325ක් ලබාගෙන ඇත්තේය. පුෂ්පලාල්කුමරසිංහ මනාප ඡන්ද39478ක් හා බද්දේගම සමිතහිමියන් මනාප ඡන්ද38831 ලබාගනු ලැබිය. වසර21කට පසු මෙවර අම්බලන්ගොඩ ආසනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු පත්ව තිබේ.ඒ දකුණු පළාත් හිටපු මහ ඇමැති ෂාන් විජේලාල් ද සිල්වාය.

සමගි ජන බලවේගයෙන් තරග කළ ගයන්ත කරුණාතිලක හා මනුෂ නානායක්කාර යන හිටපු මන්ත්‍රිවරු මෙවරද සිය මන්ත්‍රිධුර රැක ගැනිමට සමත්වුහ. ගයන්ත කරුණාතිලක මනාප50097ක් ලබාගත් අතර මනුෂ නානයක්කාර මනාප ඡන්ද 47 399ක් ලබා ගනු ලැබිය. .දියවන්නවා තරණය කිරිමට නොහැකිවුවද සමගිජන බලවේගයේ 03වැනි ස්ථානයට පත්ව ඇත්තේ බන්දුලාල් බණ්ඩාරිගොඩ ය ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව34 897කි. 04 වැනිස්ථානයට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී පියසේන ගමගේ පත්ව ඇති අතර ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව30027කි. තාරක නානායක්කාර මනාප ඡන්ද16.562ක් ලබාගෙන තිබේ. හුසෙන් කියාස් මනාප ඡණ්ද 15946ක් විජේපාල හෙට්ටිආරච්චි 15.188 ජයන්ත ජයවිර මනාප ඡන්ද 14904ක් පුෂ්පකුමාර ද සොයිසා මනාප ඡණ්ද 8700ක් ලබාගනු ලැබිය.

ගියවර පාර්ලිමෙන්තුව නියෝජනය කළ හිටපු ඇමැතිවරයකු වන එජාප ගාල්ල දිස්ත්‍රික් නායක වජිර අබේවර්ධන, සමගිජන බලවෙගයෙන් තරග කළ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්වන පියසේන ගමගේ, බන්දුලාල් බණ්ඩාරිගොඩ, හා විජේපාල හෙට්ටිආරච්චි යන අය මෙවර සිය මන්ත්‍රිධුර රැක ගැනිමට නොහැකිවිය.

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෝ 312කු තරග කළහ. පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ 156 දෙනකු හා ස්වාධින කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 156 දෙනකු තරග කළහ. එහෙත් මනාප ප්‍රථිපලවලට අනුව ඉන් අපේක්ෂකයින් 303 දෙනකු පරාජයට පත්වුහ.

එමෙන්ම මෙවර මැතිවරණයේ දි මුල්ම ඡන්ද ප්‍රථිපලය නිකුත් කිරිමට හැකිවුයේ ද ගාල්ල දිස්ත්‍රික්කයෙනි. මෙහිදි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සොමරත්න විදානපතිරණ මහතා ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් කළ විශිෂ්ට සේවාවද අගය කළ යුතුය.

 

Comments