අළුවිහාරේ සොහොයුරන් පරදවා මාතලේ පියපුතු පෙරට | සිළුමිණ

අළුවිහාරේ සොහොයුරන් පරදවා මාතලේ පියපුතු පෙරට

ලංකාවේ පැවැත්වුණු තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් නිමාවට පත්වු අතර මාතලේ දිස්ත්‍රික්කයද විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගැනිමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හැකි විය. පාර්ලිමේන්තු සඳහා මාතලේ දිස්ත්‍රික්කයෙන් නියෝජතයින් පස්දෙනෙකු තෝරා පත් කර ගැනිම සිදු විය.

මහ මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 407569ක් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබු අතර ඒ 2019 වර්ෂයේ ඡන්ද නාම ලේඛනය අනුව මෙවර මහ මැතිවරණය පැවත්විණි.

මෙහිදි මාතලේ දඹුල්ල රත්තොට සහ ලග්ගල ආසන සියල්ලම ජයග්‍රහණය සිදු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 188779ක් ලබා ගත් අතර සමගි ජන බලවේගය ඡන්ද 73955ක් ලබා ගත්හ.

ජාතික ජන බලවේගය ඡන්ද 7542ක් ලබා ගත් අතර ඒක්සත් ජාතික පක්ෂයට හිමි වුයේ සිව්වෙනි ස්ථානය වන අතර ඒ ඡන්ද 6592ක් ලබා ගනිමිනි.

ඒ අනුව මාතලේ අාසනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 33927ක් ලබා ගත් අතර සමගි ජන බලවේගයට ලබා ගැනිමට හැකි වුයේ ඡන්ද 18272ක් පමණි.

රත්තොට ආසනයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ අතර ඒ ඡන්ද 38254ක් ලබා ගනිමිනි. සමගි ජන බලවේගයට ලබා ගත හැකි වුයේ ඡන්ද 19415ක් පමණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 35967ක් ලබා ගත් අතර සමගි ජන බලවේගයට ලබා ගැනිමට හැකි වුයේ ඡන්ද 12529කි.

දඹුල්ල අාසනයද ජයග්‍රහණය කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වන අතර ඔවුන් ඡන්ද 65667ක් ලබා ගත් සමගි ජන බලවේගයට ලබා ගැනිමට හැකි වුයේ ඡන්ද 20344ක ප්‍රමාණයකි.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉතා පහළ මම්ටමක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබුණි.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී වරින් වර දෙපසට දෝලනය වුණු මාතලේ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කරන විට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල මාරුවෙන් මාරුවට පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.

මාතලේ දිස්ත්‍රික්කය පවුල් දේශපාලනයේ ඉහළටම ඇති දිස්ත්‍රික්කයක් වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පිය පුතු ලෙසින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වු අතර අතර වසන්ත අලුවිහාරේ මහතා සහ රංජිත් අලුවිහාරේ මහතා එකම පවුලේ සහෝදරයන් වේ.

ඊට අමතරව සමගි ජන බලවේගයෙන් තරග කළ රෝහිණි කුමාරි විජේරත්න මහත්මියක් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ මානලේ කුමාරි විජේරත්නත් එකම සහෝදරියන් වේ.

හිටපු මන්ත්‍රීවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා වැඩිම මනාප ලෙස මනාප 73296ක් ලබා ගත් අතර සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන රෝහණ දිසානායකද මනාප 50368ක් ලබා ගෙන පාර්ලිමේන්තු අසුනක් ලබා ගැනිමට සමත් විය.

මෙවර නව පාර්ලිමේන්තුව සඳහා මාතලේ දිස්ත්‍රික්කයෙන් නවක මන්ත්‍රීවරුන් දෙදෙනෙකු තේරි පත් විය. ඒ ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් සහ නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ වු අතර ඔහු මනාප 6776ක් ලබා ගත් අතර . නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා වියත්මග නියෝජනය කරමින් මෙවර ඉදිරිපත් වු අතර ඔහු මාතලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුයෙකු ලෙස කටයුතු කරමින් සිටියදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු අතර ඔහු ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වෙමින් මනාප 71404ක් ලබා ගෙන පාර්ලිමේන්තුවට තේරි පත් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලැයිස්තුවේ එකම පවුලේ දෙදෙනෙකු නියෝජනය කරමින් පිය පුතු ලෙස ජනක බණ්ඩාර තෙන්නකොන් සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තේරි පත් විය.

හිටපු මන්ත්‍රීවරයකු වන ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා නියෝජනය කරන අතර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයා වු අතර මෙවර ඔහු පරාජයට පත් විය ඔහුට ලබා ගත හැකි වුයේ මනාප 44194ක් පමණි. ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා 2015 වසරේ මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගනිමින් තේරි පත් විය.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන තිලක් බණ්ඩාර මහතාද මෙවර මැතිවරණයට ඉදිරිපත් වු අතර ඔහුට ලබා ගත හැකි වුයේ මනාප 31191ක් පමණි.

ඊට අමතරව උකුවෙල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා වන සමන්ත ධර්මසේන මහතාද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වු අතර ඔහුද පරාජයට පත් වු අතර ඔහුට ලබා ගත හැකි වුයේ මනාප 34947ක් පමණි.

ඔහු පසුගිය 2010 වසරේද පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වු අතර එහිදිද පරාජයට පත් විය.

මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් සමන් කේ. විජේනායක ද මෙවර ඉදිරිපත් වු අතර මනාප 4678ක් පමණක් ලබා ගැනිමට හැකි විය.

සමගි බලවේගය නියෝජනය කරමින් වසන්ත අලුවිහාරේ සහ රංජිත් අලුවිහාරේ යන එකම පවුලේ අයියා සහ මල්ලි යන දෙ‍ෙදනාම මෙවර ඉදිරිපත් වු අතර මෙවර ඔවුන් දෙදෙනාම පරාජයට පත් විය. රංජිත් අලුවිහාරේ මහතාට ලබා ගැනිමට හැකි වුයේ මනාප 27171ක් පමණක් වන අතර වසන්ත අලුවිහාරේ මහතාට ලබා ගැනිමට හැකි වුයේ මනාප 25989ක් පමණි.

මන්ත්‍රි අසුනක් දිනා ගැනිමට හැකි වුයේ රෝහිණි කුමාරි විජේරත්න මහත්මියට පමණක් වු අතර ඇය මනාප 27587ක් ලබා ගැනිමට හැකි විය.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයකු වන යු.ජි දයා නන්දසිරි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා අපෙක්ෂාවෙන් සිටියත් එය නොලැබ හෙයින් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වු ඔහුට ලබා ගැනීමට හැකි වුයේ මනාප 17216ක් පමණක් වන අතර හිටපු පළාත් සභා මන්ත්‍රි තිස්ස බණ්ඩාර මහතා ට ලබා ගැනිමට හැකි වුයේ මනාප 9224කි. හිටපු අමාත්‍ය නන්දි මිත්‍ර ඒකානායක මහතාගේ සම්බන්ධිකරණ ලේකම් මෛත්‍රි ඩෝසන් මහතා ද සමගි ජන බල වේගයෙන් ඉදිරිපත්වු අතර ඔහුට ලබා ගැනමිට හැකි වුයේ මනාප 5856ක් පමණි.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මාතලේ දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මන්ත්‍රි ගමගෙදර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් ඇතුළු අට දෙනෙකු මෙවර මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.

පසුගිය දශක කිහිපයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වුණු මහජන නියෝජිතයින් වෙතින් දිස්ත්‍රික්යේ ඉදිරි ගමන සඳහා ලැබුණු දායකත්වය අනෙක් දිස්ත්‍රික්ක හා සන්සන්දනය කිරිමේදි ඉතා අවම මට්ටමක පවතින අතර මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරිම සඳහා පස් දෙනෙකුට අවස්ථාව ජනතාව විසින් ලබා දි ඇති අතර එම ප්‍රශ්නවලට විසඳුම් සෙවිටම තේරි පත් වු සැබැ ජනතා නියෝජිතයින්ගේ වගකිම වේ.

Comments