රෙදි වෙළෙ­ඳා­මෙන් ජීවි­තය සොයන පමු­ණුවේ මිනි­ස්සු | සිළුමිණ

රෙදි වෙළෙ­ඳා­මෙන් ජීවි­තය සොයන පමු­ණුවේ මිනි­ස්සු

පාන්දර 2.00 ට ඇවිත් උදේ 7.30ට යන්නේ; නිදා ගන්නේ රෑ 10.30ට

සම­හ­ර­දාට 5000ක් උප­ය­නවා; සම­හ­ර­දාට 100ක්වත් නැහැ

පවු­ලම ජීවත් කර­වන්නේ පමු­ණුවේ රෙදි කඩ­ව­ලින්

පමු­ණුවේ ස්ථිර වෙළෙඳ සැල් 500ක් විතර තිබෙනවා

 

මිනිසා මුලින්ම ඇඳුම් අඳි­න්නට පට­න්ගත්තේ සත්ව­යන්ගේ සම් උප­කා­ර­යෙනි. ඇට කැබැ­ල්ල­කින් ඉඳි­ක­ටු­වක් ආකා­ර­යට උල් කටු­වක් සාදා සම් කැබලි දෙකක් එක­තු­කර ඇඳු­මක් නිර්මා­ණය කරන ලදී. ලෝකයේ රට­වල් අත­රින් ඉතා අලං­කා­රව ඇඳුම් අඳින්නේ ඉන්දි­යා­නු­වන් වන අතර ඊට පෙර යුගයේ ජීවත්වූ මිනිස්සු කොළ අතු හා මල්අ­තු­ව­ලින් ඉහ හැඳ­යක් ඉඟ­ටිය වටා ඇන්දහ. දැනට භාවිත කරන ඇඳුම් නිර්මා­ණය වී ඇත්තේ පෘතු­ගීසි ආග­ම­න­යෙන් පසු­වය.

ඇඳුම් යනු ලෝකය පුරා ලොව තිබෙන තුරුම පව­තින කර්මා­න්ත­යක් වන අතර නිරෝ­ගි­තාව රැක­ගෙන ලෙඩ රෝග පළවා හැර සිරුර සුව­පත් කිරී­මට ආධාර වන ආයු­ර්වේද වස්ත්‍ර නම් සංක­ල්ප­යක් ඉන්දි­යාව පුරා පැතිර පවතී.

අනා­දි­මත් කාල­යක සිට ලාංකි­ක­යන් ඇඳුම් පැල­ඳු­ම්ව­ලට හුරු­පු­රුදු වී සිටි­යහ. දේශීය වශ­යෙන් ඒ ඒ සමාජ ස්ථර­වල පුද්ග­ල­යන් රෙදි­පිළි හා නිමි ඇඳුම් මිලදී ගන්නා වෙළ­ඳ­පළ ඔවු­නො­වුන්ගේ වත් පොහො­ස­ත්කම් මත තීර­ණය වෙයි. කෙසේ නමුත් අප රටේ ඇති බහු­තර පිරි­සක් අයත් වන්නේ මධ්‍යම පන්ති­යට වන අතර පහසු මිලට හොඳ නිමා­ව­කින් යුත් කල් පව­තින ඇඳුම් තෝරා ගැනී­මට ඔවුහු උත්සුක වෙති.

ලංකාව පුරා විවිධ පළා­ත්වල අය­ටත් කොළඹ හා තදා­සන්න ප්‍ර‍ෙද්ශ­වල ජන­තා­ව­ටත් සහන මිලට නිමි ඇඳුම් තොග හා සිල්ල­රට ලබා­ගැ­නීමේ මංපෙ­තක් ලෙස මහ­ර­ගම පමු­ණුව රෙදි පොළ දැක්විය හැකිය. සතියේ සෑම දින­කම උදේ පාන්දර 3ට ඇර­ඹෙන පමු­ණුව රෙදි පොළ උදේ 8 පමණ වන­විට අව­සන් වේ. 

තාම බිම් කළු­ව­ර­වත් එහා මෙහා මොදු වී නැත. මහ­ර­ගම දුම්රි­ය­පළ අසල  පදික වේදි­කාවේ කෑල්ල 100, කෑල්ල 100 කෑග­ස­මින් සාය­වල් විකු­ණන ඔහු කේ.එල්. ආනන්ද (60)  අප හා එක්විය. ඔහු දැනට වසර 45 තිස්සේ ඇඳුම් අලෙවි ක්ෂේත්‍රයේ අත්දැ­කීම් ඇත්තෙකි. ඔහු තම අත්දැ­කීම් සිළු­මි­ණට විස්තර කළේ මෙසේය. “මිට අවු­රුදු 45ට කලින් ඉස්කෝලේ ගිහින් ඇවිත් අපි සවස රෙදි විකු­ණ­නවා. පොළ­ව­ල්වල අරන් යන්නේ රෙදි. ඒ කාලේ හයි­ඩ්‍රා­මනී ගාමන්ට් එකේ ඉතුරු වන රෙදි කෑලි වැල්ල­වත්ත දහම් මාවතේ කැලේ ප්‍රදේශ ගොඩ­ක­රන්න ගිහින් දානවා ලොරි­ව­ලින්. කට්ටිය පොර­කාලා හොඳ හොඳ රෙදි කෑලි අහුලා ගන්නවා. ඒවා ගෙනි­හින් කලි­සම් ඇඳුම් මහ­නවා. ස්කර්ට් එකක් රු. 10යි. නයි­ටි­යක් රු. 15යි. ඒ කාලේ දව­ස­කට රු. 5000ක් විතර හොයා­ගන්න හැකි­වුණා. දැන් නම් බැහැ.

මුල් යුගයේ අපි රෙදි පීස් ගෙනත් මහන අයව ගෙදර නතර කර­ගෙන මැහුම් කුලිය දිලා රෙදි­පිළි නිප­ද­වද්දි වැය­වන විය­දම වැඩියි. ලාභය අඩුයි. එම­නිසා දැන් පිටට දීලා කෑලි ගානට මස්ස­නවා. අප යටතේ වැඩ­ක­රන සම­හර මැෂින් නැති අයට අපි මැෂින් පවා දෙනවා. සම­හ­රුන්ට ගෙවීමේ ක්‍රම­යට ලබා දෙනවා. කොහොම වුණත් ඉස්සර වගේ ආදා­ය­මක් දැන් නැහැ. වෙළෙන්දෝ වැඩියි. මෙහෙන් රු 100 සාය­වල් මිලට ගන්න අය පිට පළා­ත්ව­ලට ගිහින් 300 පමණ විකු­ණ­නවා. ඉස්සර ගෙද­රට වෙළෙන්දෝ ආවා. සවස ආවාම උදේ මහලා ඉව­ර­වෙන තුරු ඉන්නවා. නිමි ඇඳුම් ගෙනි­යන්න ඒ තරම් ඉල්ලු­මක් ඒ කාලේ තිබුණේ. දැන් එහෙම නැහැ. පමු­ණුවේ දැන් ස්ථිර වෙළෙඳ සැල් 500 විතර තියෙ­නවා.

පමු­ණුවේ රෙදි හා නිමි ඇඳුම් වෙළ­ඳාමේ යෙදෙන ඩී.එච්.ආර්. මන­තුංග  (66) පැව­සුවේ මෙවැ­න්නක්.

මීට අවු: 40 - 50 ට කලින් මම රෙදි වෙළ­ඳාම පට­න්ගත්තේ. ඒ කාලේ බේබි සූට් එක රු. 12.50, කට්පීස් අරන් මිනිස්සු දම්මලා මස්සන්නේ. කිට් එකක් 170 විකු­ණද්දි අපට රු. 130 විතර විය­දම් යනවා. දව­ස­කට රු. 4000 - 5000 ‍ෙහායන දව­සුත් නැතුවා නෙමෙයි. ඒත් රු. 1000 ත් හොයා ගන්න බැරි දවස් තිය­නවා. මේ කට­යුත්ත පවුලේ සිය­ල්ලන්ම එක­තු­වෙලා කරන දෙයක්.

සම­හර දුර පළා­ත්වල වෙළෙන්දෝ අපෙන් ණයට ඉල්ල­ගෙන ගිහින්. ආපසු නොගෙ­නත් දුන් අවස්ථා තියෙ­නවා. ඒවා අතින් අපි පාඩුව අතින් විඳ දරා ගන්නවා. අප යටතේ රෙදි ප්‍රින්ට් කරන අයත් ඉන්නවා. ඒ පවු­ල්වල ‍3, 4 දෙනා රෙදි print කර­නවා.

ඩී.එච්.ජේ. මන­තුංග (66) වසර 30 තිස්සේ රෙදි වෙළ­ඳාමේ යෙදෙ­න්නෙකි. බේබි සූට් රෙදි අරන් මස්ස­වලා දානවා. නයිට් වල­ටත් රෙදි පීස් අරන්, මස්ස­වලා දානවා. රු. 170 විකු­ණද්දි රු. 130 විතර විය­දම යනවා. දින­කට ලාභය 4000 - 5000 යි. කෑලි­ව­ලින් ලාභ තිය­නවා. මේ දව­ස්වල අඩුයි. කොරෝනා හින්දා. නැත්නම් දෙයි­යනේ කියලා බිස්නස් තිබුණා. උදේ 7.30ට යන්නේ අපි. සේරම එක­තු­වෙලා කරන්නේ. අඩු මිලට අපි රෙදි මිලට ගන්නේ. ලාභ­යක් තියා­ගන විකු­ණන්නේ. හැම­දාම නැගි­ටින්නේ පාන්දර 2ට. නිදා ගන්නේ රාත්‍රී 10ට. මේක අපේ පවුලේ සැම දනාම එක­තුවී කරන බිස්නස් එකක්.

ඕප­නා­යක උඩ­වෙල සිට පැමිණි බී. ලින්ටන් ප්‍රනාන්දු (74 මෙසේ පැව­සීය.

මම 1999 මෙත­නට ආවෙ තොප්පි වෙළ­ඳාම් කරන්න. මුල් කාලේ තොප්පි ගත්තේ අත­මා­රු­වට හා ණයට. දැන් රු. 150 - 350 ලාභ­යක් තිය­නවා. මම මේ රස්සා­වෙන් ළමයි 4 දෙනෙ­කුට උග­න්වලා කසාද බන්දලා දුන්නා. ඒ කාලේ ලාභය රු. 2500, 5000 පමණ වෙනවා. මගෙන් දරු­වන්ට බරක් නැහැ.

පමු­ණුවේ පදිංචි (58) හැවි­රිදි අනුලා ගමගේ  පැව­සුවේ මෙවැ­න්නකි. මේ බිස්නස් එක පටන් අරන් දැන් අවු: 30 විතර වෙනවා. පමු­ණුවේ තට්ටු­ව­ලින් පොඩි පොඩි කෑලි රෙදි අරන් තමයි මහන්න ගන්නේ. ස්ථිර වෙළෙන්දෝ 500 වැඩි මිසක් අඩු නැහැ. මම නැගි­ටින්නේ පාන්දර 2.00ට. නිදා ගන්නේ රාත්‍රී 10.30ට. මෙය පවුලේ අය එක­තුවී කරන සාමූ­හික බිස්නස් එකක්. ඒ වගේම අපෙන් ණයට ඉල්ලා­ගෙන ගිහින් නොදුන් අයත් ඉන්නවා. මෙය පෞද්ග­ලික මට්ට­මින් පව­ත්වා­ගෙන යන්නේ.

මම රස්සාව කරලා තමයි දරු­වන් 4 ‍දෙනාව කසාද බන්දලා දුන්නේ. ඉස්සර හොඳ වෙළෙ­ඳා­මක් තිබුණා. දැන් බිස්නස් අඩුයි. දැන් පුරු­ද්දට කර­ගෙන යනවා.

හෝමා­ගම අසෝක ඇල්වි­ටි­ගම මෙසේ පැව­සීය (62).  “මම කාල­යක් මහ­ර­ග­මින් කට්පස් අරන් ගෙදර රැගෙන ගිහින් මහලා වෙළෙ­ඳ­සැ­ලට දානවා. සුළු ලාභ­යක් පම­ණයි අපි තියා­ගන්නෙ. සාය­වල්, බ්ලවුස්, ටී ෂර්ට් ආදී විවිධ මාදි­ලියේ ඇඳුම් මහ­නවා.”

රෙදි වෙළ­ඳාමේ යෙදෙන අජිත් රවීන්ද්‍ර කුමා­ර­සිංහ (57) ගේ අද­හස මෙසේය.

“මම 2010 පමණ බිස්නස් එක­ක­රලා නව­ත්තලා දැම්මා. නැවත මේ වසරේ ඇරැ­ඹුවා. ඇඳුම් මහන්නේ බිරිඳ. සම­හර දින­ව­ලට කෑලි කීප­යයි විකු­ණ­ගන්න ලැබෙන්නේ. බස්එකේ තමයි අපි රෙදි අරන් එන්නේ. ස්ථිර පදික වේදි­කා­වක් නෑ. වැස්සට තෙමෙ­නවා. අව්වට වේළෙ­නවා.

මේ හැට හැවි­රිදි එච්.ඒ. එදි­රි­සිං­හගේ හඬයි.

“දැන් අවු: 28ක් බිස්නස් එකට. ඒ කාලේ නම් හොඳයි. දැන් බිස්නස් සරු නැහැ. පදිංචි වේදි­කාවේ කඩ­ව­ලුත් දැන් වැඩියි.”

මේ ප්‍රදේ­ශයේ මන්ත්‍රී උපාලි කොඩි­කාර හා කාන්ති කොඩි­කාර දෙපළ පො‍රොන්දු වුණා පමු­ණුව රෙදි වෙළෙ­න්දන්ට වෙළෙ­ඳ­ප­ලක් සකසා දෙනවා කියලා. අපි නම් ණයට වෙළෙ­ඳ­ප­ළෙන් රෙදි මිලට ගන්නෙත් නෑ. රෙදි ණයට විකු­ණ­න්නෙත් නැහැ. අත්පිට මුද­ලට තමයි වෙළ­ඳාම කෙරෙන්නේ. මම මීට අවු: 30 කලින් පත්තර කන්තෝ­රු­වක වැඩ කළා කම්ක­රු­වකු ලෙස. ජනතා පත්ත­රේට  කෙටි­කතා ලීවා.” මහ­ර­ගම පොල්වත්ත ශිරාණි මඬ­වල (55)  සිය හඬ අවදි කළේ මෙහෙ­මයි.

“ඒ කාලේ ෆැක්ටරි වලින් ඉවත දමන රෙදි අපට අඩු­වට දෙනවා වාහ­න­ව­ලට පුර­වලා. අපි ඒවා­යින් පොඩි ඇඳුම් නිර්මා­ණය කර­නවා. දැන් දැන් මාස්ක් නිප­ද­වී­මට යොද­නවා. උදේ 2.00 සිට උදේ 7.30 තුරු අපේ බිස්නස් තියෙන්නේ. ලංකාවෙ සිය­ලුම පළා­ත්ව­ලින් විත­රක් නෙවෙයි ඉන්දි­යා­වෙන් පවා එනවා අපේ රෙදි­පිළි මිලට ගන්න. සම­හ­ර­විට අපි මැලේ­ෂියා, ඉන්දියා රෙදි­පිළි මාකට් එකේ ඇවි­දිද්දි මෙහේ ඇඳුම් එහේ විකු­ණන්න තිය­නවා.”

සම­න්කු­මාර (35) රෙදි­පිළි වෙළ­ඳාම ගැන පැව­සුවේ මෙවැ­න්නකි.

 “මම කලින් පාසල් ගිහින් ඉව­ර­වෙලා රෙදි­පිළි වෙළෙ­ඳා­මට බැස්සේ. රෙදි ගන්නේ කොටු­වෙන්. ලාභ­යක් තියා­ගෙන ඇඳුම් මහලා විකු­ණ­නවා. කොරෝ­නා­ව­ලට කලින් සිංහල අවු­රුදු දව­ස්වල රෙදි කපලා ගෙවල් 10 පමණ බෙදලා දීලා රෙදි මස්ස­නවා. ඒ අයට මැහුම් කුලිය දෙනවා. මේ විදි­හට තමයි නිමි ඇඳුම් නිම කර ගන්නේ. අව­සා­න­යට යන සම්පූර්ණ මුද­ල­ත­මයි කොස්ට් එක වන්නේ.”

රුවන් චමින්ද (42) උද­යංග කුමාර (39) දෙන්නා එක්වී කරන ව්‍යාපා­ර­යට කිහිප දෙනකු සම්බන්ධ වන අතර හවුල් ව්‍යාපා­ර­යක් වශ­යෙන් පව­ත්වා­ගෙන යන සාර්ථක ව්‍යාපා­ර­යක් ලෙස දක්වා­ලිය හැකිය. ජීවි­තය ජීවත් කරන්න රැකි­යා­වක් නොමැති බව  කිය­මින් කන්කෙ­දි­රි­ගා­මින් ජීව­ත්වන අයට වඩා මෙවැනි දිරිය මිනි­සුන් කොත­රම් ආද­ර්ශ­වත්ද?

 

Comments