යළි නිපැ­ද­වෙන වාල­ච්චේන කඩ­දාසි | සිළුමිණ

යළි නිපැ­ද­වෙන වාල­ච්චේන කඩ­දාසි

කාලයේ වැලි­ත­ලා­වෙන් වැසී­ගිය කඩ­දාසි නග­රය පිළි­බඳ මත­කය නැවත යාව­ත්කා­ලීන වීමට පටන් ගත්තේ වත්මන් ජන­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂයන්ගේ “සෞභා­ග්‍යයේ දැක්ම” ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය අනුව යමින් ඊට යළි පණ දීමට ගත් උත්සා­හය නිසාය. අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­ප­ක්ෂ­යන් ප්‍රමුඛ ආණ්ඩුව මෙකී ප්‍රති­පත්ති අනුව යමින් දේශීය කර්මාන්ත නඟා සිටු­වීමේ වැඩ­පි­ළි­වෙළ යටතේ වාල­ච්චේන ජාතික කඩ­දාසි කර්මාන්ත ශාලාව යළි ගොඩ­නැ­ඟී­මට පිය­වර ගත්තේය.   

මෙකී භාර­දූර කට­යුත්ත යථා­ර්ථ­යක් කිරී­මට බාර වූයේ හිටපු කර්මාන්ත හා සැප­යුම් කළ­ම­නා­ක­රණ,  කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යාපාර සහ ව්‍යව­සාය සංව­ර්ධන අමාත්‍ය විමල් වීර­වං­ශට ය. ඕනෑම අභි­යෝ­ග­යක් නොබි­යව නොපැ­කි­ලව බාර ගන්නා අමාත්‍ය වීර­වංශ එම අභි­යෝ­ගය යථා­ර්ථ­යක් කිරී­මට පිය­වර ගත්තේය. පසු­ගි­යදා (02) ‘ශ්‍රීපත් - යළි පණ ගැන්වූ වාල­ච්චේන කඩ­දාසි’ යන සන්නා­මය යටතේ ටොන් 40කින් යුත් ප්‍රථම කඩ­දාසි තොගය වෙළ­ඳ­පො­ළට මුදා හැරිණි. එය සංකේතව­ත්‌ ­ක­ර­මින් විශේෂ සමරු ඵල­ක­යන් ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක ලලිත් වීර­තුංග සහ අග්‍රා­මාත්‍ය ලේකම් ගාමිණී සෙන­රත් යන මහ­ත්ව­රුන්ට පිළි­ගැ­න්වීම ජාතික කඩ­දාසි සමා­ගමේ සභා­පති විමල් රූප­සිංහ මහතා අතින් සිදු කෙරිණි.   

මෙහි දී පේපර් කොම් ට්‍රේඩින් කොම්පැනි සමා­ගමේ සභා­පති සාකීර් කබු­ර්දීන්,  රන්පත් පේපර් (පුද්) සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ නිරූන් බුද්ධ­සිරි,  ආනන්ද ට්‍රේඩින් කම්පැනි සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ජාන­මුත්තු ආන­න්දන්,  කැමි­ලස් පබ්ලි­කේ­ෂන් සමා­ගමේ කළ­ම­නා­ක­රණ අධ්‍යක්ෂ ගයාන් පෙරේරා යන අය මෙම විශේෂ සමරු ඵලක ලබා ගත්හ. මෙම අව­ස්ථාව සඳහා පුරා­විද්‍යා මහා­චාර්ය රාජ්සෝ­ම­දේව,  ශ්‍රී ලංකා මුද්‍ර­ණ­ක­රු­වන්ගේ සංග­මය වෙනු­වෙන් එහි සභා­පති දිලාන් පෙරේරා,  අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජික අනිල් කාරි­ය­ව­සම්,  රාජ්‍ය මුද්‍රණ නීති­ගත සංස්ථාවේ සභා­පති ඉංජි­නේරු ජනක රත්න­කු­මාර යන අයද පැමිණ සිටි­යහ.   

මෙහි දී ලලිත් වීර­තුංග උත්සව සභාව අම­ත­මින් මෙසේ කියා සිටි­යේය.   

 ‘අපිට පුළු­වන් දේවල් නිප­ද­වන්න අව­ශ්‍යයි’ කියන යුගයේ තමා අපි රාජ්‍ය සේව­යට ආවේ. එතැන් සිට දශක ගණ­නා­වක් පසු කරලා නොයෙ­කුත් දේවල් පිට­ර­ටින් ගෙනෙන කාල­යක් පසු කර­මින් ආපු මට අද ජාතික කඩ­දාසි සමා­ගම නැවත පණ ගන්වලා,  එහි පළමු නිෂ්පා­දන දකින්න ලැබී­මම එක්තරා විදි­හක සිහි­න­යක් සැබෑ වීමක්. අමා­ත්‍ය­තු­මනි,  ඒ ගෞර­වය ඔබට ලැබෙ­න්නම අව­ශ්‍යයි”   

වාල­ච්චේන කඩ­දාසි කර්මාන්ත ශාලාවේ ඉති­හා­සය පිරික්ෂා බලන විට මෙම කඩ­දාසි නිෂ්පා­දන යන්ත්‍ර සූත්‍ර නැගෙ­න­හිර ජර්මානු පරි­ත්‍යා­ග­යක් යටතේ 1952 වර්ෂ­යේ දී මෙර­ටට ලැබු­ණකි. එවක කර්මාන්ත අමා­ත්‍ය­ව­ර­යාව සිටි ජී. ජී පොන්න­ම්බ­ලම් මීට මුල්ගල තබා වැඩ ආරම්භ කර තිබුණි. 1957 වර්ෂයේ  දී නැගෙ­න­හිර කඩ­දාසි සංයුක්ත මණ්ඩ­ලය නමින් ස්ථාපි­තව මෙහි නිෂ්පා­දන කට­යුතු ආරම්භ කෙරිණි. එකළ කඩ­දාසි නිෂ්­පා­ද­නය සඳහා අවශ්‍ය පිදුරු ඔට්ට­මා­වඩි,  ඔළු­විල්,  අක්ක­රෙ­යි­පත්තු,  සම­න්තුරේ,  අම්පාර,  තොප්පි­ගල ආදී ස්ථාන­වල පිහි­ටුවා තිබූ මධ්‍ය­ස්ථා­න­ව­ලින් රැස් කර ඇත. මීට අම­ත­රව පොළො­න්න­රුව,  ත්‍රිකු­ණා­ම­ලය ආදී ප්‍රදේ­ශ­වල ගොවි බිම්ව­ලින්ද මේ සඳහා අවශ්‍ය පිදුරු ස්වෙච්ඡා­වෙන් ගොවි­යන් විසින් සපයා ඇත. එකල එක් යන්ත්‍ර­යක කඩ­දාසි නිෂ්පා­දන ධාරි­තාව දින­කට මෙට්‍රි­ක්ටොන් 12.5කි. 1962 වන විට මෙම අගය මෙට්‍රික් ටොන් 35ක් දක්වා වර්ධ­නය වී තිබුණි. 1972 වර්ෂයේ  දී ඝන කඩ­දාසි යන්ත්‍රය මෙම කර්මාන්ත ශාලා­වට ගෙනැ­විත් ක්‍රියා­ත්මක කර ඇත. එහි ධාරි­තාව දින­කට මෙට්‍රි­ක්ටොන් 40කි. එවක මෙම යන්ත්‍ර දෙකම එක­වර ක්‍රියා­ත්මක කර දින­කට කඩ­දාසි මෙට්‍රික් ටොන් 60ක් පමණ නිෂ්පා­ද­නය කර ඇත. ඒ අනුව බලන කල මස­කට නිෂ්පා­ද­නය කර ඇති කඩ­දාසි ප්‍රමා­ණය මෙට්‍රික් ටොන් 1800කි.   

1976 වර්ෂ­යේ දී කඩ­දාසි සංයුක්ත මණ්ඩ­ලය ජාතික කඩ­දාසි සංස්ථාව බවට පත් විය. පසුව 1992 වර්ෂ­යේ දී රජය සතු සමා­ග­මක් ලෙස ජාතික කඩ­දාසි සිමා­ස­හිත සමා­ගම (National Paper Company Limited) බවට පත් වූ අතර,  උප­රිම ලාබ ල‍බමින් 1993 වර්ෂයේ  දී ඵදා­යිතා සම්මා­නය ද දිනා­ග­ත්තේය. මෙහි ස්වර්ණ­මය යුගය ලෙස සැල­කෙන 1990 -94 කාලය තුළ සේව­ක­යන් 3500ක් පමණ සේවයේ නියුතු විය. එකළ දුම්රිය සේවා­වක් සහ බස් සේවා­වක් මේ සේව­ක­යන් සඳ­හාම වෙන් වී තිබුණි. 1977  දී ජේ.ආර් ජය­ව­ර්ධන විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රති­ප­ත්තිය සමඟ ක්‍රම­යෙන් මෙයට තිබූ වෙළෙඳ ඒකා­ධි­කා­රය බිඳ වැටිණි. ආන­ය­නික කඩ­දාසි ඉතා අඩු මිලට වෙළෙ­ඳ­පො­ළට පැමි­ණී­මත් සමඟ තර­ග­කාරී මාව­ත­කට පිවි­සී­මට ඊට බල කෙරිණි. ආන­ය­නික ක‍ඩදාසි මිල ඉතා අඩු වූ හෙයින් මෙහි නිෂ්පා­දන අලෙ­විය පහත වැටිණි. මේ සඳහා කෙටි­කා­ලීන උප­ක්‍ර­ම­යක් ලෙස ආන­ය­නික කඩ­දාසි සඳහා 35% බද්දක් අය කිරී­මට එවක රජය පිය­වර ගත්තේය. නමුත් 1994  දී ඉන්දීය රජය සමඟ අත්සන් කළ වෙළෙඳ ගිවි­සුම නිසා මෙම බදු මුදල 5% දක්වා පහත හෙළිණි. දේශ­පා­ල­නික හා ව්‍යාපා­රික වුව­මනා වෙනු­වෙන් මෙලෙස තීරු බදු පහත හෙළීම හේතු­වෙන් ආන­ය­නික කඩ­දාසි මෙරට වෙළෙ­ඳ­පොළ ආක්‍ර­ම­ණය කළේය. මේ හේතු­වෙන් ඇඹි­ලි­පි­ටිය කඩ­දාසි කම්හලේ 20%ක්ව පැවැති සැප­යුම ද 5% දක්වා පහත වැටිණ. මේ ගැට­ලු­වට මුහුණ දීම සඳහා කඩ­දාසි කර්මාන්ත ශාලා නවී­ක­ර­ණය කිරීම අත්‍යා­වශ්‍ය සාධ­ක­යක් විය.   

මහින්ද රාජ­පක්ෂ ආණ්ඩුව ත්‍රස්ත­වා­දය මුළු­ම­නින්ම පරා­ජය කිරී­මත් සමඟ ත්‍රස්ත­වා­ද­යෙන් විනා­ශව ගිය ජන­ජී­වි­තය නඟා සිටු­වී­මට කට­යුතු කළේය. ඒ අනුව ආරම්භ කළ නැඟෙ­න­හිර නවෝ­ද­යට සම­ගා­මීව ගෙන ගිය දැවැන්ත සංව­ර්ධන ක්‍රියා­න්වි­තය හේතු­වෙන් දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පිබි­දී­මක් ඇති විය. දැනුම කුස­ලතා,  නිර්මා­ණ­ශීලී හැකි­යාව ඇති පුද්ග­ල­යන් දැයට ශක්ති­යක්,  සම්ප­තක් ලෙස සල­ක­මින් මහා පරි­මාණ වර්ධ­න­යක් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇති විය. ඊට සම­ගා­මීව පාඩු ලබන ආය­තන ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීම ද ඇරැ­ඹිණ. ඒ අනුව 2012 අප්‍රේල් මාස­යේ දී කඩ­දාසි සංස්ථාව නිසි බල­ධා­රි­යකු යට­තට පත් කර එය නැවත ගොඩ­නැ­ඟීමේ කටුතු ආරම්භ කෙරිණි. 2013 වසර වන විට එහි සුබ නිමිති දිස් වුවද මහින්ද රාජ­පක්ෂ රජය 2015 බිඳ­වැ­ටී­මත් සමඟ සියලු සංව­ර්ධන කට­යුතු අඩ­පණ විය. බල­යට පැමිණි යහ­පා­ලන රජය ආර්ථි­කය ගොඩ­න­ඟ­නවා යැයි කටින් බතල සිටෙව්වා මිස ඊට අදා­ළව නිෂ්පා­දන කර්මා­න්තය ගොඩ­නැ­ඟීම ගැන උන­න්දු­වක් නොති­බුණි.   

2020 ජන­වාරී මාසයේ  දී අමාත්‍ය විමල් වීර­වංශ මෙහි කළ නිරී­ක්ෂණ චාරි­කා­වෙන් අන­තු­රුව කඩ­දාසි කම්හල ප්‍රති­ව්‍යු­හ­ගත කිරී­මට කැබි­නට් අනු­මැ­තිය ඉල්ලා සිටි­යේය. ඒ අනුව රුපි­යල් මිලි­යන 800ක ණය මුද­ලක් යටතේ බහු­විධ සංව­ර්ධන ව්‍යාපෘ­ති­යක් ලෙස මෙය නැවත ආරම්භ කිරී­මට අමා­ත්‍ය­ව­රයා කට­යුතු කළේය. ඉල්ලුම් කළ ණය මුදල ලබා ගැනී­මට නම් කම්හල නැවත නැඟී සිටිය හැකි බව පෙන්වා දිය යුතු බැවින් ඉතා අඩු විය­ද­මින් මෙහි කට­යුතු ආරම්භ කිරී­මට ඇමැ­ති­ව­රයා ඇතුළු බල­ධා­රීහු විධි­වි­ධාන යෙදූහ. ඒ අනුව විවිධ අර­මු­දල් යොදා ගනි­මින් යුද හමු­දාව,  නාවික හමු­දාව සහ විදුලි,  ජල ඇතුළු අංශ­වල දාය­ක­ත්වය ලබා ගනි­මින් ඉතා අවම පහ­සු­කම් යටතේ මේ කඩ­දාසි සමා­ගම ගොඩ­නැ­ඟීමේ කට­යුතු ආරම්භ විය.   

අප එහි යන­විට වාල­ච්චේන කඩ­දාසි කර්මාන්ත ශාලාව සතුව පැවැති අක්කර 500කට වැඩි භූමි භාගය වැට මායිම් ඉවත්ව ප්‍රදේ­ශ­වා­සීන්ගේ භූක්ති­යට ගෙන තිබුණි. අද එහි ඉති­රිව ඇතිතේ අක්කර 350ක වප­ස­රි­යක් පමණි. මෙහි අක්කර 100ක පමණ භූමි ප්‍රදේ­ශ­යක ඉදි­කර ඇති ගොඩ­නැ­ඟිලි සංඛ්‍යාව 85 කි. නිෂ්පා­දන කට­යුතු ඇණ හිටීම නිසා මෙහි ගොඩ­නැ­ඟිලි බොහො­ම­යක් මේ වන­වි­ටත් ගරා වැටී ඇති අතර,  අබිලි යකඩ තැන­තැන දිරාපත් වෙමින් තිබුණි. මින් කඩ­දාසි නිෂ්පා­ද­නය සඳහා අවශ්‍ය ප්‍රධාන යන්ත්‍රය දෙක සවි කර තිබෙන ගොඩ­නැ­ඟිලි දෙක ඇතුළු,  ගබඩා කාමර,  ඇසු­රුම් අංශය,  සේවක නිවාස (25ක්),  බොයි­ලේ­රුව පිහිටි ගොඩ­නැ­ගිල්ල,  ආපන ශාලාව සහ ප්‍රධාන කාර්යා­ලය ඇතුළු තෝරා­ගත් ගොඩ­නැ­ගිලි කිහි­ප­යක් ප්‍රති­සං­ස්ක­රණ කිරීම මූලික අදි­යර යටතේ ආරම්භ කෙරිණි.   

සභා­පති විමල් රූප­සිංහ කඩ­දාසි යන්ත්‍ර පිළි­බ­ඳව හසල දැනු­මක් ඇති ඉන්දි­යානු විශේ­ෂ­ඥ­යෙක් සහ ඉන්ජි­නේ­රු­වන් පිරි­සක් මෙර­ටට ගෙන්වා ගත්තේය. අන­තු­රුව මෙරට ඉන්ජි­නේ­රු­වන්ද සහ­භාගි කර ගනි­මින් මුදල් ප්‍රති­පා­දන නොමැති නිසා අවම මුද­ලක් වැය කර මෙය ගොඩ­ගන්නේ කෙසේ­දැයි සාකච්ඡා ආරම්භ විය. සම්පූර්ණ මැෂිම ම අලු­ත්වැ­ඩියා නොකර මෙහි අඩු විය­ද­ම­කින් ක්‍රියා­ත්මක කළ හැකි කොටස මුලින්ම පණ­ග­න්වන්න ඔවුන් තීර­ණය කළේ ඒ අනු­වය. අද එය යථා­ර්ථ­යක් වී තිබේ.   

පත්වීම් ලිපිය සිය­තට පැමි­ණී­ම­ටත් ප්‍රථම මෙම ස්ථාන­යට පැමිණ සිය කාර්ය භාර්ය හා වග­කීම නොපි­රි­හෙලා ඉටු කළ සභා­පති විමල් රූප­සිං­හට මෙහි දී විශේෂ ස්තූතිය පුද කළ යුතුය. එසේම මෙම මහඟු කාර්ය­යේ දී ඔහු හා අත්වැල් බැඳ­ගත් නාවික හමු­දාවේ,  යුද හමු­දාවේ සහ රාජ්‍ය ඉන්ජි­නේරු සංස්ථාවේ ඉංජි­නේ­රු­වන්ට ද එකී විශේෂ ස්තූතිය හිමිවේ. සෞභාග්‍ය කරා පිය­න­ඟන සාර්ථක පෞඪ රාජ්‍ය­යක් බවට අද මෙරට පත්වෙ­මින් තිබේ. ඒ සඳහා අවැසි නාය­ක­ත්වය අද අපට ලැබී තිබේ.  

Comments