හතර වටෙන් ඇහෙන කතා | සිළුමිණ

හතර වටෙන් ඇහෙන කතා

තවත් වෙනසක්

රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් විදියටත් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඉන්න මාධව විජේසිංහ ඔන්න අලුත් වැඩකට අතගහලා. වැඩකටයුතු කරගෙන යන ගමන්ම මාධව තමන්ගෙම කියල අලුත් බිස්නස් එකක් පටන් අරන්. ඉතින් මේක ආපන ශාලාවක්. අමුතු අමුතු කෑම ටිකකුත් ති‍යෙනවලු. මේ ආපන ශාලාවේ පළමු පාරිභෝගිකයා වෙලා තිබුණේ ජනප්‍රිය නළු තුමිඳු දොඩන්තැන්නගේ පුංචි පවුල. ‍

මේ වැ‍ඩේ පොඩියට නමුත් ලස්සනට දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනව කියලයි මාධව කියල තිබුණේ.

------------------

හොඳම පස් වසර

අරුණි රාජපක්ෂ කියන්නෙ 2008 වසරේදී ලාං‍කේය රූ රැජිණ කිරුළ දිනාගත් සුරූපිනියක් ‍සේම රංගන ශිල්පිණියක්. හැබැයි විවාහ‍යෙන් පසුව අරුණිව කලා කටයුතුවලින් එතරම්ම් දකින්න ලැබු‍ණේ නැහැ. විවාහ‍යෙන් වසර පහකට පස්සේ පසුගිය දා ඇය සිය විවාහ සංවත්සරය සමරමින් හරි අපූරු සටහනක් තබා තිබුණා. “ම‍ගේ ජීවිතයේ ගත වුණු හොඳම අවුරුදු පහ තමයි පසුගිය පස් වසර“.එ‍හෙම ලියූ අරුණි ඇගේ මංගල දින ඡායාරූප කිහිපයකුත් පළ කර තිබුණා. අරුණි මේ දිනවල ඇගේ පුංචි පවුලත් එක්ක බොහොම නිදහසේ කාලය ගත කරනව කියලයි අපිට දැනගන්න ලැබුණේ.

 

----------------

නීති කඩ කරල නඩු වැටෙන්නත් පුළුවන්

බොලිවුඩයේ සුපිරි නිළි සෝනම් කපූර් මේ දිනවල ලොකු ප්‍රශ්නෙකට මැදි වෙලා. නිරෝධායනය නීති කඩ කිරීමයි මේකට හේතුව. ඇය සැමියා සමඟ පසුගියදා ලන්ඩනයට ගොස් නැවත පැමිණ තිබෙනවා. ඉතින් පිටරට සංචාරය කරන හැමෝම දින 14ක් නිරෝධායනය වෙන්න ඕන වුණත් සෝනම් ඒ කාලය ඇතුළත පිටතට ගිහින් මදිවට ඒ ගමන් බිමන් ගැන සිය ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් ගිණු‍මෙත් පළ කරලා. මේ ගැන ඇගේ රසිකයන් ‍ වගේම ඉන්දීය මාධ්‍යත් අප්‍රසාදාත්මකව දෝෂාරෝපණ එල්ල කරලා තිබුණා. 'Outdoor work with glow'කියල සෝනම් ඒ පළ කළ පින්තූර ගැන ඇය පසුව ට්විටර් හරහා කියල තිබු‍ණේ ඇගේම ‍ගෙමිදුලේ සිට ගත් ඡායාරූප නිසා එයින් කිසිම නීතියක් කඩ වී ‍නොමැති බවයි.

------------------

සින්දු කියන්නත් අමතකයි

සුප්‍රකට ගායක එන්රික් ඉග්ලේෂියස් කියන්නෙ ලංකාවෙත් ගොඩක් දෙනාට ආදරය කරන ව‍ගේම අමතක ‍නොවන චරිතයක්. ඒ 2016 වසරේදී ලංකාවෙත් ඔහු‍ගේ සජීවී ප්‍රසංගයක් පැවැත්වූ නිසා. ඉතින් මේ ලෝක ප්‍රසිද්ධ ගායකයා ඔහු‍‍ගේ නිවුන් දරුවන් දෙදෙනා සමඟ ‍ගෙ‍වෙන කාලය නිසා දැන් ගායනයත් අමතක ‍වේ‍ගෙන යනවා‍දෝ හි‍තෙනවාලු. කොරෝනා කා‍ලේ එන්රික් ට තම දරුවන් සමඟ ගත කරන්න ලැබුණු කාලය තමයි ඔහු ගත කළ සතුටුම දවස් කියලත් එන්රික් කියා තිබුණා. ඔහු දරුවන් සමඟ මිදුල පුරා බඩගාමින් විනෝද වන වීඩි‍යෝවක්ද පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණා. එන්රික් ‍ගේ ප්‍රේක්ෂකයන් කියන්නේ ඔහු හොඳම ගායකයෙක් වගේම හොඳම තාත්තා කෙනෙක්ලු.

-----------------

සතුට ‍බෙදා ගන්න පැරීසියට

ජනප්‍රියම ගායන ශිල්පිනියක වන උමාරියා ‍ගේ අලුත් ගීතයට මාසයක් යන්න කලින් මිලියන 5ක හිතාගන්නවත් බැරි නැරඹුම් වාර ප්‍රමාණයක් ලැබී ති‍යෙනවා.. ඉතින් ඒ ගැන උමාරියා ඇගේ සියලුම ප්‍රේක්ෂකයන්ට ගෞරවයෙන් ස්තූතිවන්ත වන බව පවසා තිබුණා.

ඒ අතර ඉහළින්ම සිටි‍යේ ඇගේ සැමියා. ඉතින් ‍පසුගිය දා ඒ සතුට තම ආදරණීය සැමියා සමඟ සමරන්න උමාරියා පැරීසිය බලා පිටත් වුණා.

--------------

මේ දෙන්නටත් වැඩ වරදීද...

ඉන්දීය සුපිරි තරු ‍මේ දවස්වල ‍නො‍යෙක් කරදරවල වැඩිපුර පැට‍ලෙනවා‍‍දැයි හි‍තෙන්නේ ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිත්, ජනප්‍රිය බොලිවුඩ් සහා ‍ටොලිවූඩ් නිළි තමන්නා ‍මේ දිනවල මුහුණපාමින් සිටින අකරතැබ්බයක් නිසායි. අන්තර්ජාලය ඔස්සේ සිදු වන 'ඔන්ලයින් සූදු' කිහිපයකටම තරුණ තරුණියන් පොළඹවා ගන්න කෝලි සහ තමන්නාවත් ඇමක් කරගෙන තිබුණු නිසයි ඒ දෙන්න මේ ප්‍රශ්නෙට පැටලිලා ති‍යෙන්නේ. හැබැයි එයාල නම් කියල තිබුණෙ මේ ගැන ඔවුන්ට කිසිම අදහසක් නැහැ කියලයි. මේ ‘ඔන්ලයින් සූදුව‘ තහනම් කරන ලෙස චෙන්නායි නීතීඥවරියක් මහාධිකරණයට පෙත්සමක් ගොණු කරලත් තිබුණා. ඉන්දියාවේ තරුණ තරුණියන් සූදුව නිසා සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය පවා මේ වෙනකොට ඉහළ ගිහින්. කෝලි සහ තමන්නා මේ අනවශ්‍ය කරදරේට දැන හෝ නොදැන පැටලුණත් දැන් නීතිමය වශයෙන් ‍මේ ‍දෙන්නට ගැටලු ඇතිවෙන්න පුළුවන් කියලයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Comments