මනාප ඡන්දෙන් මහින්ද වාර්තාවක් පිහිටුවයි | සිළුමිණ

මනාප ඡන්දෙන් මහින්ද වාර්තාවක් පිහිටුවයි

මෙවර මහ මැතිවරණයේදී අගමැති මහින්ද රාජපක්ෂ ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 5,27,364 මෙරට දේශපාලන ඉතිහාසයේ එක් පුද්ගලයකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ලෙස දේශපාලන ඉතිහාසයට එක්ව තිබේ‍. මීට පෙර මෙම වාර්තාව හිමිකර ගෙන තිබුණේ රනිල් වික්‍රමසිංහයන් ය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කර ජයග්‍රහණය කළ අපේක්ෂකයින් 128 දෙනා ගෙන් 47 දෙනෙකුට මනාප ලක්ෂයකට වැඩියෙන් ලබාගත් අයවීම ද විශේෂත්වයකි. එයින් ද මනාප ‍ලක්ෂ තුනක ඉක්මවමින් කොළඹ දිස්ත්‍රික්කයේ සරත් වීරසේකර ගම්පහ දිස්ත්‍රික්කයේ නාලක ගොඩහේවා ප්‍රසන්න රණතුංග ඉදිරියෙන් සිටිති.

මනාප සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවූවන් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ විමල් වීරවංශ ගාල්ල දිස්ත්‍රික්කයේ රමේෂ් පතිරණ රත්නපුර දිස්ත්‍රික්කකයේ පවිත්‍රා දේවි වන්නිආරච්චි දේශපාලන ඉතිහාසයට එක්ව සිටිති. කොළඹින් විජයදාස රාජපක්ෂ, බන්ධුල ගුණවර්ධන ගම්පහින් ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, නිමල් ලන්සා කළුතර දිසාවෙන් විදුර වික්‍රමනායක, රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න, පියල් නිශාන්ත, ජයන්ත සමරවීර මහනුවර දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත, අනුරාධ ජයරත්න, කෙහෙළිය රඹුක්වැල්ල, වසන්ත යාපා බණ්ඩාර ගාල්ල දිසාවේ සම්පත් අතුකෝරාළ, මොහාන් සිල්වා, නුවරඑළියෙන් ජීවන් තොණ්ඩමාන් මාතර දිසාවේ නිපුණ රණවක, කරුණාදාස කොඩිතුවක්කු, ඩලස් අලහප්පෙරුම හම්බන්තොට දිසාවේ නාමල් රාජපක්ෂ, ඩී‍.වී‍‍. චානක, මහින්ද අමරවීර කුරුණෑගල දිසාවේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු ගුණපාල රත්නසේකර, දයාසිරි ජයසේකර, අනුරාධපුරයේ එස්.එම්. චන්ද්‍රසේන, මහාචාර්ය චන්න ජයසුමන, උද්දික ප්‍රේමරත්න, ෂෙහාන් සේමසිංහ, පොළොන්නරුවෙන් මෛත්‍රීපාල සිරිසේන බදුල්ලෙන් නිමල් සිරිපාල ද සිල්වා මොනරාගලින් ශෂින්ද්‍ර රාජපක්ෂ රත්නපුරයෙන් ප්‍රේමලාල් ජයසේකර, ජානක වක්කුඹුර කෑගල්ලෙන් කනක හේරත් රංජිත් සියඹලාපිටිය යන අය මනාප ඡන්ද ලක්ෂය ඉක්මවා ලබාගෙන සිටිති.

Comments